ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Blogs > dukaa|දුකා
Reload this Page අබිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ . . ! (part 1)
Rate this Entry

අබිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ . . ! (part 1)

Submit "අබිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ . . ! (part 1)" to Digg Submit "අබිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ . . ! (part 1)" to del.icio.us Submit "අබිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ . . ! (part 1)" to StumbleUpon Submit "අබිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ . . ! (part 1)" to Google Submit "අබිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ . . ! (part 1)" to Facebook Submit "අබිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ . . ! (part 1)" to Twitter
Posted 02-28-2010 at 10:46 AM by dukaa|දුකා

අබිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ . . .. (යන්න ගිහින් චා වෙච්චි වගයි . . . හික්ස්)


ලිව්වේ දුකා on Wednesday, February 24, 2010 Labels: මතක මංපෙත, මිතුරු තොමෝ . . / Comments: (34)




මේක කලින් පෝස්ට් කරලා ඇනෝනිමස් කමෙන්ට් එකක් නිසා අයින් කර ගත්තු පෝස්ට් එකක්. ඒත් පස්සේ හිතුනා පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා ආපහු දාන්න ඕන කියලා . .. මොකද මේ කතාවත් මම අත්දැකපු එක්තරා රසබර සිදුවීමක්. . . .

මගේ මුල්ම පිට රට රැකියාව වුනේ මැද පෙරදිග රටක!

මැද පෙරදිග රටක් කිව්වාම තාමත් ගොඩාක් අය හිතන්නේ කාන්තාර වලින් ගහන, ඔටුවෝ පිටේ ගමනාගමනය සිදුවෙන, මත්වෙන ජාතියක් බෙහෙතකට වත් හොයා ගන්න නැති, ආසාවකට ගෑනු පරානයක් දකින්න නැති, දැක්කත් ඇස් දෙක විතරක් ඇරලා මුලු මූනම වහපු, ක්ශෙම භූමි වලින් වලවල් හාරගෙන වතුර බොන්න සිදුවෙන, වැරදි වැඩ කලාම කසපාර ගහන, බෙල්ල කපන, ගල් ගහලා මරන, මහා නොදියුනු රටවල් කියලයි !!!

එහෙම රටවලුත් තියෙනවාද කියලා නම් මම දන්නේ නෑ. නමුත් මම දන්න සමහර මැද පෙරදිග රටවල් තියෙනවා හරියට නිකම් අපි චිත්රපටි වල දැකපු ඇමෙරිකාවේ නගර වගේ. නැති නම් ප්රංශයේ සමහර නගර වගේ . මිනිස්සුත් ඒ වගේ .
පබ්, ක්ලබ්, අඩියෙන් අඩියට!
අරාබීන්ට වැඩිය සුද්දොයි - ආසියානුවොයි හැම තැනම !
සමහර ගෑනු ඇදුම් අඳින්නේ අවශ්යම (උන්ටද අපිටද ???) තැන් විතරක් වැහෙන විදිහට පොඩි රෙදි කෑල්කින්!
බීලා වැනි වැනි ටැක්සි හොයමින් පාරේ යන මිනිස්සු ඕන තරම් !
ඔන්න ඔය වගේ මැද පෙරදිග රට වලුත් තියෙන බව දැන ගන්න ඉතිං ඒවායේ ගිහින්ම බලන්න ඕන . . .

හැබැයි මම කියූ මම මගේ මුල්ම රැකියාවට ගිය රට නම් ඔය තරම්ම නිදහස තිබුනු රටක් නෙමෙයි. නමුත් හොර රහසේ හැම දේමත් තිබුනා. (සෞදි අරාබිය නෙමෙයි හොඳේ )

මගේ ආයතනයේ, මගේ අංශයේ, මා කල රැකියාවට මම යන විට හිටියේ මම විතරයි ! මට කලින් හිටපු එවුන් ඔක්කෝම වලියක් දාගෙන අයින්වෙලා ගිහින්. මාත් ඉතිං ආපු ගොංකමට කියල අවුරුද්දක් විතර තනියෙම බූරුවෙක් වගේ බර ඇදලා බර ඇදලා බැරිම තැන ලොක්කාට කිව්වා මට තව දෙන්නෙක් වත් දීපන් නැත්නම් මම ගෙදර යනවා කියලා . මම ගියොත් ඔක්කොම හබක් කියලා ඌ දන්න හින්දා මගේ මිතුරෝ තුන්දෙනෙක්ව ගෙන්න ගන්න ඌ මට අවසර දුන්නා !

ඔන්න ඉතිං උන් ටිකත් ආවා කියමුකෝ, අපි හතර දෙනාට නිදන කාමර හතරක් තියෙන ලොකු ඌ . .. ගෙයක් දුන්නා සියලුම බඩු මුට්ටුත් එක්කම!

අපි ඉතින් ඒකේ අම්බානකට පිස්සු නට නට ජොලියේ ඉන්නවා. අපේ දිව්ය ලෝකෙත් අපායත් ඒකම තමයි!

සති අන්තයේ අපේ යාලුවෝ 15-20ක් විතර එනවා . අපේ ගෙදර තිබූනේ අර මගුල් ගෙවල්වල උන තරම් ලොකු හට්ටි මුට්ටි. අපි වෙනමම අල්මාරියක් වෙන්කරලා තිබුනා සති අනතයේ එන මිතුරන්ගේ සරොම්, ෂෝට්, උන්ට දෙන තුවා, පොරවන රෙදි ආදිය දාල තියන්න . හැම සති අන්තයක්ම බොන පාටි. බීලා රෑ එලි වෙනකම්ම සින්දු කියලා (සමහරු වමනේ කරලා අපි ඒවා අස් කරලා, බාත් රූම් හෝදලා) ගොඩක් දවස් වලට පහුවදා උදේ තමයි ඉතිං නිදා ගන්නේ !!! (අපේ කස්ටිය පදමට වැදිලා සින්දු මරපු හැටි දන්නවනම් අදාල ගායකයෝ සියදිවි හානිකර ගන්නවා hiks)

එක පාරක් මම නිවාඩු ගිහින් එනකොට අලුතින් මිතුරො දෙන්නෙක් එක් වෙලා හිටියා අපේ "දිව්‍යලෝකයට" (අපායට නැතිනම් අම්බලමට)!!(මේ ඔක්කෝම නම් ගැලපෙනවා ඒකට )

එකෙන් නම් අහිංසක වැඩිය කතා බහ නැති එකෙක්. අනෙකා නම් මොනවා කරලා වත් දිරවන්නෙ නැති අපතයෙක්. පොර ටෝක්ස්, තෙල බෙදිලි, පන්ඩිත ටෝක්ස්, මඩ ගැහිලි, කම්මැලි වැඩ, පංගු බේරු වැඩ, කර ඇරිලි, ආදී අපිට දිරවා ගන්න බැරිම ජාතියේ දේවල් තමයි ඌ ලඟ තිබුනේ!

තව මාගේ හොඳම යාලුවෙක් එක්කගෙන ආපු පිස්සු කොල්ලෙක් හිටියා. අපිට වැඩිය අවුරුදු තුනක් විතර බාලයි. දෙහි ගෙඩි දෙකක් උස නෑ. නමුත් මාර ඇම්ඩා (හරිම හිතහොඳ කොල්ලා හැබැයි)කලොත් කරන්නේ මගෝඩි වැඩක් . දුන්නොත් දෙන්නේ ගේමක් . කිව්වොත් කියන්නේ බඩ පැලෙනකම් හිනා වෙන්න පුලුවන් දෙයක් . රස සාගරයක් . රස ආකරයක්. මූටත් අරූව දිරෙව්වෙම නෑලු මුල ඉඳලාම !!

සමහර පොරවල් ඉන්නවානේ ඔය අබිසුරු ළියෝ ඇසුරු කලා කියන එක සමාජයේ මහා පිලිගැනීමක් ලැබෙන දෙයක් කියල හිතන අය !!( අසව් අසව් . . ලිංගිකත්වය ගැන හෝ අබිසුරු ළියන් ඇසුර ගැන මම කිසිවක් මේ බ්ලොග් පෝස්ට් එකෙ ලියන්න හිතුවේ නෑ. ඒ ගැන කතා කිරීම නෙමෙයි මේ ලිපියේ අරමුන හොඳේ ! ! )
Posted in Uncategorized
Views 729 Comments 0 Edit Tags
« Prev     Main     Next »
Total Comments 0

Comments

 


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.10608 seconds with 16 queries