ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Blogs > sirajstc
Reload this Page ඉස්ලාම් ගැන හැඳින්වීමක්...
Rate this Entry

ඉස්ලාම් ගැන හැඳින්වීමක්...

Submit "ඉස්ලාම් ගැන හැඳින්වීමක්..." to Digg Submit "ඉස්ලාම් ගැන හැඳින්වීමක්..." to del.icio.us Submit "ඉස්ලාම් ගැන හැඳින්වීමක්..." to StumbleUpon Submit "ඉස්ලාම් ගැන හැඳින්වීමක්..." to Google Submit "ඉස්ලාම් ගැන හැඳින්වීමක්..." to Facebook Submit "ඉස්ලාම් ගැන හැඳින්වීමක්..." to Twitter
Posted 03-31-2010 at 11:36 AM by sirajstc




ඉස්ලාම් යන අරාබි පදයහි තේරුම සාමය , අවනත වීම , යටහත් වීම කීකරු වීම , යනාදි වේ. මේ අනුව යමෙකු අල්ලාහ්ට මුළුමනින්ම , අවනත වී , ඔහුට පමණක් වැඳුම් පිඳුම්කර , ඔහුගේ අණ පිළිපැද සහ උතුම්වු මුහම්මද් සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමානන් අල්ලාහ් ගේ අවසාන වක්තෘවරයා ලෙස පිලිගන්නේ නම් ඔහු මුස්ලිමෙකි.

ලොවේ ප්‍රථම මිනිසා වන ආදම් (අලෛයි හිස්සලාඅම් ) සිට අවසාන වක්තෘවරයාවන මුහම්මද් සල්ලල්ලාහු අලෛහිවසල්ලම් දක්වා අල්ලාහු විසින් එවනු ලැබු සෑම නබිවරයෙකුටම අල්ලාහ් විසින් පිරිනමනු ලැබුනේද , ඔවුන් පිළිගෙන ප්‍රචාරය කළේද ඉස්ලාම් ආගම වේ .
මෙම සත්‍ය ආගමට ඉස්ලාම් යනුවෙන් නම තැබුවේද අල්ලාහ්මය . අල්ලාහු ත ආලාගේ අවසාන වක්තෘවරයාවන මුහම්මද් සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමානන් මාර්ගයෙන් මෙම සත්‍ය ආගම මිනිස් වර්ගයා වෙත සම්පුණ්‍ර කරදී ඇත .

අද දින ඔබ වෙනුවෙන් ඔබගේ ආගම සම්පුර්ණකර ඇත්තෙමි .තවද , මාගේ ප්‍රසාදයන්ද ද සම්පුර්ණ කර ඇත්තෙමි. එමෙන්ම ඔබලා වෙනුවෙන් වූ ආගම ලෙස ඉස්ලාම් ආගම තෝරගෙන ඇත්තෙමි. කුරාන්යේ 5-ඡෙදය 3 වාක්‍යය .

අද නවීන ලෝකයේ නොයෙකුත් ආගම් ඇත .විවිධ දර්ශනයන් හා ඇදහිලි ක්‍රම ඇත . බොහෝ අය නොතේරුම්කම හෝ අහංකාරකම හෝ මෙලොවේ යම්කිසි සුළු ලාබයක් හේතුකොට යම්කිසි ව්‍යාජ ආගම්වලට නැතහොත් කොටස්වලට ඇතුලත්වී ජිවන ක්‍රමයක් පිළිපදිනවා ඇත .

අසත්‍ය ආගම් කියා සිටින්නේ දෙවියන් නැමදිය යුත්තේ ඔහුගේ මැවීම්වලට හැඩහුරුකම් අනුව බවය .මෙම චෙතනාව මත පිහිටුවනු ලැබු අසත්‍ය ආගම් , මිනිසා කැඳවන්නේ මැවීම් හෝ එවායේ යම්කිසි කොටසක් දේවත්වය දරණ බව කිමෙන් ය .
උදාහරණය :

ජෙසුස් ( නබි ඊසා අලෛහිසලාම් ) තුමා තමන්ගේ අනුගාමිකයන්ට අණකළේ දෙවියන්ට පමණක් වන්දනය කලයුතු බවය . එහෙත් අද ක්‍රිස්තියානි ආගමිකයන් ජේසුස්තුමා දෙවියා බව කියා එතුමාව නැමදියි. ජේසුස් තුමා කිසිම අවස්ථාවක ඔහු දෙවිකෙනෙකු බව හෝ ඊට සමාන බව කියා සිටියේ නැත. එනම් එතුමා දෙවිකෙනෙකු වන්නේ කෙසේද?

බුදුන් වහන්සේ සංශේධකයකි . එතුමා ඉන්දිය ආගමට හිතවාදි ප්‍රතිපත්ති හදුන්වා දුන්නේය . එතුමා තමන් දෙවිකෙනෙක් බව කිසිවිටක කියා සිටියේ නැත එමෙන්ම තමන්ට වැඳුම් පිඳුම් කළයුතු බවත් කිසිවිටක කියාසිටියේ නැත. එනමුත් අද බුදු දහම පිළිපදින බෞද්ධයන් බුදුන් වහන්සේ දෙවියන් මෙන් සලකා එතුමාගේ නමින් පිළිම අඹා , එවාට වැඳ පුඳ සත්කාර කරයි .

හින්දු ආගම අදහ්න්නන්ගේ තත්වය නම් කියා නිමකළ නොහැක . ඔවුන්ගේ කුලය රකින්න දෙවියෙක් .ගෝත්‍රය රකින්න වෙනත් දෙවියෙක් . පවුල් ආරක්ෂා කරන්නේ වෙනත් දෙවියෙකු එක් එක් ගම්මානයට වෙන් වෙන්ම දෙවිවරුන් තවද මවන්නට බ්‍රම්මා , ආරක්ෂා කරන්නේ විශ්නු , නැතිකරන්නේ ශිවන් යනුවෙන් දෙවිවරුන් තිදෙනකු අතර මෙම දෙවිවරුන් සියළු දෙනාටම භ්‍යාවන්ද බොහෝ අයට ළමයින්ද ඇත. මෙම දෙවිවරුන් මිනිසුන්සේ කෑම හා පානය අනුභව කර,පවුල් ජිවිත ගත කළ අය බවද ඉතිහාසයේ සඳහන්වී ඇත.

මෙම දෙවිවරුන්ගේ රූපද මිනිසුන් තිබෙන බව අප දනිමු . එනම් මෙයින් අදහස් කරන්නේ කුමක්ද ? මිනිසා දෙවියෙකු යන්නද ? නැත්නම් දෙවියා මිනිසෙකු යන්නද ? මෙවැනි ප්‍රශ්න රාශියකට තවම පිළිතුරු සොයන්නට හින්දු ආගමිකයින්ට බැරිවිය . මෙවැනි ව්‍යාජ දෙවිවරුන්ගේ රූපද විවිධාකාර මෝස්තරවලට හද්‍ර අනුගාමිකයින් වඳිති .
සෙසු සුළු දෙවිවරුගේ ව්‍යාජභාවය ගැන ශුද්ධවු අල් කුරානයහි මෙසේ මෙනෙහි කෙරේ.

මිනිසා විසින් නිපදවන ලද වස්තුන්ට ,වන්ඳනා මාන කරන්නන්ගෙන් මෙසේ විමසේ ඔබ විසින්ම අඹාගන්නා ලද වස්තුන්ට , ඔබ පුඳ සත්කාර කරන්නේහුද ? ඔබ අල්ලාහ් හැර දමා , ආත්මාරක්ෂාව පවා සලසා ගත නොහැකි මේවා ඔබේ ආරක්ෂකයින් වශයෙන් තෝර ගත්තේහුද?

Posted in Uncategorized
Views 1729 Comments 0 Edit Tags
« Prev     Main     Next »
Total Comments 0

Comments

 


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.10806 seconds with 16 queries