ඊට පස්සේ මට පුලුවන් වෙයි නිශා මුළු ලෝකෙටම ආ
Posted 10-25-2009 at 08:34 PM by dukaa|දුකා
"ඔයාට පුළුවන් ද එල්ලමු ගහට නියම වෙලා ඉන්න කෙනෙකුට ආදරය කරන්න සතී" ඔහු මුහුන ඇයගෙන් වසං වන පරිදි ඉවත බලාගෙන ඇසී ය.
"කූඩුවක ඉන්න මිනීමරුවෙක් පෙන්නලා අරයට ආදරය කරන්න පුළුවන් ද කියල කවුරුත් කිව්ව පළියට මම හිතන් නෑ පුළුවන් ද කියලා. එහෙම බැරි වෙතොත් ඒ එයා මිනීමරුවෙක් නිසාමත් නෙවි. මට ඒක හරියට කියන්න බෑ" යි කී ඈ සිය දුබලකම ආවරනය කරගන්නට මෙන් සිනාසෙන්නට තැත් කළාය ". . . . අර විනීතයි අසෝකයි එකතු වුනා වගේ - මම කියල ඇතිනේ ඔයාට ඒගොල්ල ගැන - ඒවගේ ආලය හරි වෙන දෙයක් හරි උඩ දෙන්නෙක්ට එක පාර බැඳීමක් ඇත්කරගන්න පුලුවන් කියල මම හිත්න්නෑ. කාමාසාව උඩ හැර . . . .. . ඒක වෙනම කතාවක්. අර මිනීමරුවා! ඒ කියන්නේ මරණයට කැප වෙලා අහවල් දවසෙ මැරෙනවා කියල දන්න කෙනෙක් එයත් දන්නවා මමත් දන්නවා ජීවිතය සීමිතයි කියලා. එයා ඉල්ලනව නම් ඒ ටිකට, එයාට වැඩක් වෙනවා නම් මගෙ ආදරයෙන් මම හිතන්නෑ ඇයි මට බැරි එයාට ආදරය කරන්න කියලා"
"ඒ පුද්ගලයා ටික දවසකින් මැරිලා යයි"
"මම ජීවත් වෙනවා. ඒ ආදරයත් හදවතට තුරුලු කරගෙන"
"සදහටම අඬ අඬා . . . . ? තේරුමක් තියෙනවාද සතී? අර්ථයක් තියෙනවාද?"
"ඇයි නැත්තේ? මේ ලෝකේ කිසි කෙනෙකුගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්න බැරි - ආදරයක් ඉල්ලන්න අයිතියක් නැති - ඒ කියන්නේ එයා අපරාදකාරයෙක් නිසා නෙවී. ආපහු ආදරය කරන්න තරම් කාලයක් ජීවත් නොවන බව සහතික නිසා. ඒ වගෙ කෙනෙක්ට ආදරය කරල ඒ ටික දවසට හරි සහනයක් දීලා . . . . . . "
"ඊට පස්සේ සතී?"
"ඊට පස්සේ මට පුලුවන් වෙයි නිශා මුළු ලෝකෙටම ආදරය කරන්න. මුළු ලෝකෙටම කිව්වම සමාජ විරෝධින්ටත් එක්කල නෙවි. ඔයා වගෙ, මම වගෙ, එදා අපි දෙන්න කතාවුනු විදිහට මෙතැන ම ඉන්න අපේ ජාතියේ තවත් ළමයි වගෙ, බෝගහ වත්තෙ උදවිය වගෙ, හැම දෙනාටම ආදරය කරන්න තරම් ශක්තියක් ආපහු යමක් බලාපොරොත්තු නොවී අර එක පුද්ගලයෙකුට කරන ආදරයෙන් මට ලැබෙයි"
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
මේ ඉහත කොටස් මම උපුටා ගත්තේ කරුණාසේන ජයලත් මහතාගේ "සතීගේ කතාව" නවකතා පොතෙන් . . . මේ සාහිත්‍ය මාසේ පොත් සල්පිලට යන්න සිතා සිටින . . . . ගොසින් පොත් මිලදීගන්න සිතා සිටින . . . . හැඟීම් බර පොත් පත් කියවීමට ලෝභීකමක් දක්වන . . . ඔබ සැම සියලුම දෙනා වෙනුවෙන් මගේ බත් එපා පොත් වර්ගීකරනට මේ පොත ගැන ලිවීමට මගෙ සිත මා පෙලඹවූවා . . .
මේ පොත ගැන ඔබට වැටහීමක් ලබා ගැනීමට වෙන වෙන අටුවාටීකා ලියනවාට වඩා මා ඉහත උපුටා දැක්වූ කොටස් කීපය පමනක් සෑහේවී යන්න මගේ කල්පනාවයි . . . .!
මිලදීගන්න . . . . රසවිඳින්න . . . . අනේ මටත් පවසන්න ඔබ කෙසේ ඒ දුක් කන්දරාව දරා ගත්තාද කියා . . . . !
සතීට මෙන් මුලු ලෝකයටමත් . . . සතා සීපාවටත් . . . ගහකොලටත් . . . මේ මුලු විශ්වයටමත් . . . ආදරය කිරීමට තරම් ආදරයක් ඔබේ සිතේ ඇති නොවූවාදයි මටත් පවසන්න . . . !

Total Comments 0