
අමුද්‍රව්‍ය-----
පොල් බෑයක හීනියට ගාගත් පොල්
මිරිස්කුඩු මේස හැදි 2 ක්
ගම්මිරිස් ඇට ස්වල්පයක්
ලුණු කැට මේස හැදි 1ක්
උම්බලකඩ කෑලි මේස හැදි 2ක්
හීනියට කැපූ තක්කාලි
හීනියක කැපූ බොම්බයි ලූණු ස්වල්පයක්
අමුමිරිස් කරල් 2ක් පමණ.
දෙහි බෑයක්
මාමයිට් තේහැන්දක්.
මුලින්ම ලුණු, ගම්මිරිස්, මිරිස්කුඩු හොදින් ගලේ අඹරා ගන්න. එයට පොල් ටික හා උම්බලකඩත් දමා අඹරන්න.. පැහැය ආ පසු ලුණු ගෙඩියක් හීනියට ලියා එයට එක්කර, තක්කාලි හා අමුමිරිස් එක්කොට අතින් කලවම් කරන්න.. පසුව මාමයිට් තේහැන්දක් එයට එකතුකර ඒ මතට දෙහි බෑයක් මිරිකන්න.. දැන් නැවත කලවම් කොට දීසියට දමා මේසයට යවන්න..
මමම අමාරැවෙන් හොයාගෙන පාන් රාත්තලක්ම කන ක්‍රමයක්....අත්හදා බලල වෙනස කියන්න..
Thread by rigamage
http://www.elakiri.com/forum/showthread.php?t=1432957