වටලප්පන්
අවශ්‍ය ද්‍රව්‍ය
හකුරු - 500g
පොල්කිරි - අඩු කෝප්ප 2ක් පමණ
බිත්තර - 12
කරදමුංගු - 5
කජු - 100g
වතුර - අවශ්‍ය පමණ
* මුලින්ම හකුරු ටික හොඳට කුඩු/පොඩි කර ගන්න.
* බිත්තර 12 සුදු මද හා කහ මද සමග එකට beat කර ගන්න.
* පොඩි කරගත් හකුරු ටික භාජනයක දමා වතුර 100ml පමණ එක් කර හොඳින් රත් කර දිය කර ගන්න.
* හකුරු හොඳින් දිය වූ පසු එම මිශ්‍රණය පොල්කිරි වලට එකතු කර හොඳින් දිය කර ගන්න.
* පසුව එම මිශ්‍රණය බිත්තර වලට එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න.
* මිශ්‍ර කරන අතරතුර කරදමුංගු එකතු කර ගන්න.
* පසුව එම මිශ්‍රණය ස්ටීම් කිරීම සඳහා සුදුසු භාජනයකට පෙරා ගන්න.
* දැන් සාදික්කා හා කජු එකතු කරන්න.
* පසුව මිශ්‍රණය විනාඩි 70 පමණ ස්ටීම් කර ගන්න.
* ස්ටීම් කිරීමෙන් පසු නිවෙන්නට හැර ශීතකරණයේ තබා ආහාරයට ගත හැක.
.ඔයාලගේ අදහසුත් කියන්න මේ ගැන.
Thread by Sun_Boy
http://www.elakiri.com/forum/showthread.php?t=1092178