ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   බාගෙට_හැදු ආනන්දේ සත්මහත් ගොඩනැඟිල්ල විව (http://www.elakiri.com/forum/showthread.php?t=1916442)

Sadun Buwa 10-22-2019 07:29 AM

බාගෙට_හැදු ආනන්දේ සත්මහත් ගොඩනැඟිල්ල විව
 
1 Attachment(s)
බාගෙට හැදු ආනන්දේ සත්මහත් ගොඩනැඟිල්ල විවෘත කිරීම අත්හිටුවයි


Attachment 77115


හෙටට යෙදී තිබූ කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත්මහල් ගොඩනැඟිල්ල විවෘත කිරීම මැතිවරණ කොමිසමේ නියෝග මත අත්හිටුවා තිබේ.

ඒ එම ගොඩනැගිල්ලේ ඉදි කිරීම් අවසන් නොකර විවෘත කිරීම අනාරක්ෂිත බවටත් එය සිදු කෙරෙන්නේ ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් බවටත් මැතිවරණ කොමිසමට විද්‍යාලයේ දෙමාපියන්,ආදි සිසුන් සහ දේශපාලන නියෝජිතයන් කළ පැමිණිලිවලින් පසුවයි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ මෙම සත්මහල් ගොඩනැගිල්ල ඉදිකිරීම් ඇරඹුණේ 2015දී.

එහි ඉදිකිරීම් තවමත් අවසන් නොවී තිබියදී හෙට සිසු අයිතියට පත් කිරීමට සැලසුම් කිරීම දරුවන්ට අනාරක්ෂිත තත්වයක් බවට චෝදනා කරමින් විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියන් සහ ආදි සිසුන් අද විරෝධතාවක නිරත වුණි.

ඒ විද්‍යාලය ඉදිරිපිටදියි.

විරෝධතාවයෙන් පසුව මෙම විවෘත කිරීම සම්බන්ධයෙන් ආනන්ද විද්‍යාලයේ දෙමව්පියන්ගේ සංගමය සහ ආදි ශිෂ්‍ය සංගමය මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් ‍කළේය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එම පැමිණිලිවලින් පසු මැතිවරණ කොමිසමේ නිලධාරීන් පිරිසක් මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අද පස්වරුවේ කොළඹ ආනන්ද විද්‍යාලයට පැමිණියේය.

අනතුරුව හෙටට යෙදී තිබූ ගොඩනැගිල්ල විවෘත කිරීම මැතිවරණ කොමිසමේ නියෝගය පරිදි අත්හිටුවනු ලැබුවේය.

ඒ පිළිබඳ සඳහන් ලිපිය මැතිවරණ කොමිසම විසින් අද පස්වරුවේ ආනන්ද විද්‍යාලය වෙත යොමු කර තිබේ.

මේ අතර නව සිංහලේ ජාතික සංවිධානය සහ ලක්මවට හඬක් සංවිධායනය ද අද පෙරවරුවේ මැතිවරණ කොමිසම වෙත පැමිණියා.

ඒ අන්තවාදී අදහස් දරන ද්‍රවිඩ පක්ෂ තහනම් කිරීමට හැකියාවක් ඇත්දැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී කරුණු විමසීම සඳහායි.

මේ අතර ජනාධිපතිධුර අපේක්ෂකයින්ට මාධ්‍ය ඔස්සේ සමාන ප්‍රචාරණ අවස්ථා ලබා නොදෙන බවට චෝදනා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණ අද පස්වරුවේ මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් කළේය.

මේ අතර කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ නිල නිවාසය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට චෝදනා කරමින් නීතීඥ ප්‍රේම්නාත් සී.දොලවත්ත මහතා අද පස්වරුවේ මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් කළේය.


Derana news

Silly point 10-22-2019 07:34 AM

රාජගිරිය ගුවන් පාලම භාගෙට, හම්බන්තොට හයිවේ භාගෙට, කතරගම දුම්රිය මාර්ගය භාගෙට, යාපනය ගුවන්තොටුපල භාගෙට, භාගේ භාගේ භාගේ. භාගයක් තියා කාලක්වත් නැති අගමැතියෙක් ඉන්න පාන්ඩුවකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.:no:

Sadun Buwa 10-22-2019 07:36 AM

Quote:

Originally Posted by Silly point (Post 24867598)
රාජගිරිය ගුවන් පාලම භාගෙට, හම්බන්තොට හයිවේ භාගෙට, කතරගම දුම්රිය මාර්ගය භාගෙට, යාපනය ගුවන්තොටුපල භාගෙට, භාගේ භාගේ භාගේ. භාගයක් තියා කාලක්වත් නැති අගමැතියෙක් ඉන්න පාන්ඩුවකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.:no:

:yes:සජිත් ප්‍රේමදාස නෙමෙයි ප්‍රේමදාස වලෙන් නැගිටල අාවත්‍ මේ පාරනම් මිනිස්සු රවට්ටන්න බෑ.

Silly point 10-22-2019 07:40 AM

Quote:

Originally Posted by Sadun Buwa (Post 24867600)
:yes:සජිත් ප්‍රේමදාස නෙමෙයි ප්‍රේමදාස වලෙන් නැගිටල අාවත්‍ මේ පාරනම් මිනිස්සු රවට්ටන්න බෑ.

2015 මිනිස්සු දීපු ජන වරම තුට්ටුවකට මායිම් නොකලට ලැබෙන ප්‍රතිපල තමා ඕවා

Arthur Curry 10-22-2019 08:00 AM

Quote:

Originally Posted by Silly point (Post 24867598)
රාජගිරිය ගුවන් පාලම භාගෙට, හම්බන්තොට හයිවේ භාගෙට, කතරගම දුම්රිය මාර්ගය භාගෙට, යාපනය ගුවන්තොටුපල භාගෙට, භාගේ භාගේ භාගේ. භාගයක් තියා කාලක්වත් නැති අගමැතියෙක් ඉන්න පාන්ඩුවකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.:no:

:yes::yes:

nicjosh83 10-22-2019 08:01 AM

bp

giggee 10-22-2019 08:04 AM

Quote:

Originally Posted by Silly point (Post 24867598)
රාජගිරිය ගුවන් පාලම භාගෙට, හම්බන්තොට හයිවේ භාගෙට, කතරගම දුම්රිය මාර්ගය භාගෙට, යාපනය ගුවන්තොටුපල භාගෙට, භාගේ භාගේ භාගේ. භාගයක් තියා කාලක්වත් නැති අගමැතියෙක් ඉන්න පාන්ඩුවකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.:no:

e withra da anura kumara lapeth bageta ain karala:yes:;);):yes: eka Wath full ain karala na:dull:

Tramadol 10-22-2019 08:11 AM

මේ thread එක බාගෙට bump වේවා

Silly point 10-22-2019 08:56 AM

Quote:

Originally Posted by giggee (Post 24867634)
e withra da anura kumara lapeth bageta ain karala:yes:;);):yes: eka Wath full ain karala na:dull:

පුංචි අම්ම එපා කියන්න ඇතී:lol:

N sriyantha 10-22-2019 09:10 AM

Quote:

Originally Posted by giggee (Post 24867634)
e withra da anura kumara lapeth bageta ain karala:yes:;);):yes: eka Wath full ain karala na:dull:

:lol::lol::lol::lol::lol::lol:


All times are GMT +5.5. The time now is 10:40 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01723 seconds with 9 queries