ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   ජීවිතය සමබර කර ගැනීමේ කළාව (http://www.elakiri.com/forum/showthread.php?t=1870329)

Mr.Tom 09-29-2018 02:25 PM

ජීවිතය සමබර කර ගැනීමේ කළාව
 
සෑහෙන්න කාලෙකට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්න කියලා. මාතෘකාව තමයි "ජීවිතය සමබර කර ගැනීමේ කළාව" මේ කළාව යම් යම් මට්ටම් වලින් තමන් තුල තියෙන්නත් පුලුවන්. නොතිබෙන්නත් පුලුවන්. මේ කලාව හරියට පුරුදු පුහුනු කලොත් ජීවිතය කියන දේ සුන්දර වගේම අර්ථවත් වේවි. පිට ඉදන් තමන්ගේ ජීවිතය දිහා බලන් ඉන්න කුහක නොවන පිරිස් වලට, තමන් පොතක් වේවි.

ජීවිතය කියන දේ හැම මොහොතෙම ගෙවිලා යනවා. දවසින් දවස අපි ගෙවන්නේ අපි උපදිනකොට ගෙනාපු ආයුෂ. මේ තත්පරයෙදිත් මගේ වගේම කියවන එයාලගෙත් ජීවිතය ගෙවිලා යනවා. :yes::yes: මරණයට ලං වෙනවා. ඉතිං හිතන්න ආපහු හැරිලා තමන්ගේ ජිවිතය දිහා බලද්දි, මම මොනවද කරේ, යකෝ... :confused::confused: කියලා හිතෙනව නම් උඹලා ජීවිතය සමබර කරගන නැ. අපි අද කරන යම් දෙයක් නිසා කවද හරි ජීවිතේ පසු තැවෙන්න සිද්ධ වෙයි නම්, ඒ දේ නොකර ඉන්න එක තමයි හොදම. මම කියන්නේ ලව් කිරීම නෙවෙයි. :lol: (මොකද ලව් කරන්නෙත් පසුතැවෙන්න වෙයි කියලා දැනගනනේ.) මම මේ කියන්නේ හර්දසාක්ෂියට විරුද්ද දේවල් ගැන. ඒ වගේම කවද හරි හැරිලා බලද්දි මම මේදේවල් කරානේ කියලා සතුටු වෙන්න පුලුවන් නම් අන්න ඒ දේවල් තමයි ජීවිතේට එකතු කර ගන්න ඕනේ..

විශේෂ මිනිහෙක් වෙන්න.
මට මතක් වෙනවා කිඹුලා අයියා කියපු කතාවක් "මල්ලි දැන් ඉන්න මිනිස්සු තුනී ලෑලි වගේ" කියන එක, මොකද මේ මිනිස්සුන්ගේ වෙනසක් නෑ. ඔක්කොම එක වගේ. ගස් වලින් ඉරපු ලෑලි වගේ වයිරං නෑ, ගැට නෑ, සුවද නෑ, විවිද ලස්සන පාට නෑ, ඒ වගේ විශේෂ පුද්ගලයෝ අද හරි හිගයි.

ඉතිං ක්ලැරන්ස් මහත්තයා වගේ, අමරදේව මාස්ටර්, කේමදාස මාස්ටර් වගේ රටට ලෝකෙට විශේෂ මිනිහෙක් වෙන්ඩ කියන එකම නෙවෙයි මේ දැන් කියන්ඩ හදන්නේ. පුළුවන් නම් ඒක හොදයි. ඒත් ඒක ලේසි නෑ. හැබැයි අපිට පුලුවන් රටේම හෝ ලෝකෙම ඉන්න අයට නොවුනත් තමන් අවට ඉන්න මිනිස්සුන්ට විශේෂ වෙන්න, තමන්ගේ ගමේ මිනිස්සුන්ට, යාලුමිත්‍රයන්ට විශේෂ වෙන්න. එතකොට ඒ ඒ හිත්වල තමන් විශේෂ වේවි. එහෙම නැත්තන් තුනී ලැල්ලක් වගේ උඹත් හැමෝටම එකම එක මිනිහෙක් විතරක් වේවි.

එකම දේ කරන්න එපා.
අපි හැමෝම ජීවත් වෙන්න රස්සාවක් කරනවා. ඒත් අපි ඒ රස්සාව විතරක්ම බදාගන හිටියොත් කවදා හරි ජීවිතය දිහා හැරිලා බලන වෙලාවක තමන්ගේ ජීවිතයේ වටිනාකමක් තමන්ටවත් නොදැනේවි. එහෙනම් ඒ වටිනාකම ඇති කරගන්න අපි මොකද්ද කළයුත්තේ.

i) රස්සාව වගේම කලාවට දවසේ කාලයක් වෙන් කරන්න. සිංදුවක් අහන්න. පුලුවන් නම් කවියක්, නිසදැසක් ලියන්න, සිංදුවක් රසාස්වාදය කරන්න, නැත්තන් සංගීත භාන්ඩයක් වාදනය කරන්න වෙලාව වෙන් කරගන්න.

ii) බුකියට වගේම ගෙදර උන්, යාලු මිත්‍රයින් වෙනුවෙන් වෙලාවක් වෙන් කරන්න. බුකිය කියන්නේ ජීවිතය නෙවෙයි. ඒකෙම ඉන්න එපා. මිතුරන්ට අවංකව තමන්ගේ මිත්‍රත්වය පාන්න.

iiii) මිනිසුන් අධ්‍යයනය කරන්න. හැම මනුස්සයගෙම හොද හෝ නරක ගතිගුන පිටින් පේන්නෙ නෑ. ඒක දැන ගන්න නම් ආශ්‍රය කරන්නම වෙනවා. මූන බලලා විතරක් කවදාවත් මිනිහෙක් හොදද නැද්ද කියලා තීරණය කරන්න එපා. එහෙම අදුර ගන්න හොද මිනිස්සු තමන්ගේ ජීවිතය සමබර කරගන්න උදව්වක් වේවි.

iv) ව්‍යායාම කරන්න ශරීර සෞක්‍ය ගැන හිතන්න. සල්ලි හෙවිල්ලට විතරක් අපි මුල් තැන දුන්නොත් අඩු වයසින් ලෙඩ්ඩු වෙලා අපිටම ඒක කරදරයක් වේවි. පවුලේ අනිත් උන්ට අපි නිසා දුක් විදින්න වේවි. ඉතිං ව්‍යායාම වලටත් කාළයක් වෙන් කරන්න. කැමති නම් ගෙදරදි ව්‍යායාම කරන්න. කැමති නම් ජිම් යන්න, කැමති නම් සටන් කලාවක් හදාරන්න. මේ හැම දෙයක්ම ජීවිතේ සමබර කරගන්න උදව් වේවි.

v) වෙලාව නෑ කියලා කියන්න එපා. අපි වැඩ වලට වෙලාව නෑ කියන්නේ හරියට වෙලාව කළමනාකරනය කරගන්නෙ නැති නිසා. සමහරු දරාගන්න බැරි නය අරං ඒ නය ගෙවන්න, වැඩිපුර වැඩ කර කර ජීවිතේම නහිනවා. අන්තිමට ජීවත් වෙන්න වෙලාවක් නෑ. ජිවිතෙන් කරලා තියන්නේ හම්බු කිරිල්ල විතරයි. මිනිහෙක් ආශ්‍රය කරලා නෑ. ගෙදර මිනිස්සුන්ට හොද මනුස්සයෙක් වෙලා නෑ. ගෙදර අයට ඕනේ හැම දෙයක්ම සල්ලි වලට ගන්න බෑනේ.

vi) ආගමට දහමට දවසේ කාළයක් වෙන් කරන්න. එක විනාඩි 10 ක් අරං භාවනා කරන්න, හරියට මෛත්‍රී භාවනාව කරන්න හිතාගන්න බැරි තරම් පිං එකතුවේවි. ඕනෑවට වඩා බොරු රැඩිකල් මිනිහෙක් වෙන්න ගියොත් ආගමක් දහමක්, ඉතිහාසයක් නැති අපතයෙකු වේවි.

vii) කෝච්චියේ බස් එකේ පොතක් විකුණන්න එන මනුස්සයෙකුගෙන් ඉදලා හිටලවත් පොතක් ගන්න. බලන්න ඒ මිනිහා රුපියල් 100 ට පොඩි පොත් පහක් හයක් දෙනවා. ගන්නේ රුපියල් 100 යි. ඒ 100 ට කොයි තරම් කෑ ගහනවද. ඒක ඒ මනුස්සයගෙ රස්සාව. ඒකෙන් ඒ මනුස්සයා පව්ල නඩත්තු කරනවා ඇති. පොත් වලින් අපිට වැඩක් නැති වෙන්න පුලුවන්. ඒත් අපි 100 ඒවා කොච්චර නාස්ති කරනවද. ඉතිං අර පොත් ටිකක් අරං දන්න කියල ළමයි ටිකකට නිකං දුන්නත් මොකද. කරපු කටයුතු දෙකක් නිසා හිත සතුටු කර ගන්න පුලුවන්.

කොහෙ හරි යන්න ගියාම අන්තිම මොහොතේ ඇයි හදිස්සිය?
කවද හරි ජීවිතේ දාලා යන්න යන දාට අන්තිම මොහොතේ හදිස්සි වෙලා පිං කරගන්න බෑ බං.
හිතන්න උඹලා වැඩිපුර නිදාගන්නවා. කම්මැලි කමට. අන්තිමට වැඩට යන්න ලෑස්ති වෙන්න වෙලාව මදි. දැන් අම්මත් එක්ක, බිරිදත් එක්ක කේන්තියෙන් දඩ බඩ ගාලා ලෑස්ති වෙලා පාරේ ඉන්න එකෙක් එක්කවත් හිනා නොවී වැඩට දුවනවා. දැන් ඒකෙන් නැති වෙන්නේ උඹේ කාලය විතරද? මොහොතක් හිතන්න. ඒකෙන් සම්බන්ධතා වලට ඇතිවෙන බලපෑම.

දැන් ඔය ප්‍රමාධය පුරුද්දක් වෙනවා. පිං කරන්න කල් දානවා. අන්තිමට මැරෙන්න යන මොහොතත් ඇකි වෙන්නේ හදිස්සියම තමයි. නමුත් එතකොට ප්‍රමාධ වැඩී. ඒ නිසා හැමදේම කාළසටහනකට අනුව කරන්න. වෙලාවට නිදියන්න. වෙලාවට නැගිටින්න. අනිත් මිනිස්සු ගැන හිතන්න. එයාලා වෙනුවෙනුත් කාළය යොදවන්න. දන්නෙම නැතුව උඹලා සුන්දර මිනිස්සු වේවි. ඕනිම වෙලාවක ජීවිතේ දිහා ආපහු හැරිලා බලද්දි සතුටක් දැනේවි.

ජීවත් වෙනවාට ටයිම් පාස්කර කර ජීවත් වෙනවා නෙවෙයි. එහෙම ටයිම් පාස් කරොත් අපිට ජීවත් වෙන්න තියන ටයිම් එකත් පාස් වෙලා යනකල් අපට නොදැනේවි. මිනිස් අවශ්‍යතා ඉටු කරගන්න වර්තමාන යුගයේ සල්ලි ඕනෙ තමයි. හැබැයි සල්ලි හම්බ කරන්න ජීවත් නොවිය යුතුයි. ජිවිතය කියන කාලයේ, පාට්ටයිම් සල්ලි හම්බ කළ යුතුයි. ඊට අමතරව මිනිස්සු හම්බු කරන්න, මානව සම්බන්ධතා ඇති කරගන්න, පිනක් කර ගන්න ජිවිතය කියන කාලයේ කාළ පරිච්චේද වෙන් කළ යුතුමයි.

මගේ කල්යානමිත්‍රයෙක් වෙන එක සුන්දර මනුස්සයෙක් මට ඊයේ උදේ බොහෝම වටිනා පාඩම් වගයක් කියලා දුන්නා. හරියට මට ඔහු පොතක් වගේ. මෙම ත්‍රෙඩ් එක ඔහුට උපහාරයක්ම පිණිස වේවා.



Sara531 09-29-2018 02:27 PM

18+:D හවස තමා රෙප් දෙන්න නම් උනෙ..මේක කියෙවුව ගමන් ඉස්සල්ලාම පොස්ට් කරන්න හිතුනා..:D
කාලෙකින් කියවපු හොදම ලිපියක්..
මේකට දෙයක් එකතු කරන්න තරම් නම්.මට ලොකු දැනුමක් නැ...හැබැයි මගෙ අදහස නම් අතිතය වෙනුවෙන් පසුතැවෙන එක අඩු කරග්න්න හො එකෙ හොදක් හොයාගන්න පුලුවන් නම් අපිට ජිවිතෙ පහසු වෙනවා කියන එක...
මේකෙ මම දකිනවා කෙල්ල දාලා ගියා කියලා දවසට ත්‍රෙඩ් 3ක් වත් වැටෙනවා...ඇත්තටම නොගැලපෙන සම්බන්දෙක ඉදලා මුලු ජිව්ත කාලෙම දුක් විදිනවට වඩා එක හොදයි කියලයි මම හිතන්නෙ...අපිට තියෙන්නෙ එක ජිව්තයයි..එකත් අපහසුවෙන් ගෙවනවා මදිවට තව කෙනෙක් අපි එක්ක අපහසුතාවෙන් ජිවත් වෙවි කියලා බලාපොරොත්තු වෙනවා...මම මගෙ ප්‍රශ්නෙකදි මගෙ සහොදරයා ලග අඩ අඩ ඉන්න කොට එයා මට හොද සිංදුවක් දුන්නා මේක අහලා බලන්න කියලා..පොස්ට් එකෙ අන්තිමට එක දාන්නම්...
ලොකෙම දන්න විශෙශ කෙනෙක් වෙන්න බැ අපි හැමොටම..එත් තමන් ට තමන් විශෙශ කරගන්න...ජිවිතෙ ව්දින්න..විදවන්න එපා...ජීවිතේ අපි උපමා කරන්නෙ ගලන ගගකට...හැලහැප්පීම් ජිවිතෙට ඔනි....වැටෙන්න,කැඩෙන්න,බිදෙන්න,එත් කවදාවත් නවතින්න එපා...:D:D:D
රන් හිරු මඩලින් සිහිලස අයදිනවා
පුන් සද පහනින් උණුසුම අයදිනවා
ලෝකය බිහිවූ දා සිට අරුමෙකි මිනිසා
ගිරිහිස ඉදුවර සොයමින්ල තැවෙනවා

සයුරේ පැන් තොට සොයමින්වැ ලපෙනවා
කතරේ කෙම් බිම දකිමින් රැවටෙනවා
ගිලිහෙන දියරැලි මාලා නෙත පුරවාගෙන නෙක මායා
මිනිසුන් සැමදා සිහිනෙක සැතපෙනවා

ගමනේ මංපෙත දවසක නිමවෙනවා
ලදදේ කල කීදේ හිත හඩවනවා
නිරවැරදි හැම සගවාලා වරදට මල්දම් දාලා
රකුසන් පුද දී මිනිසුන් සැනහෙනවා

Executer 09-29-2018 02:29 PM


ගොඩ දවසකින් දැක්කේ ටොම් අයියා :love:

වටිනා අදහස් ටිකක් :yes: :)

+45

BmwI5 09-29-2018 02:41 PM

ජිවිතෙ සමබර වෙන්න කිම්බක් ඔනෙ ගෙයක් ඔනෙ සල්ලි ඔනෙ

කුඩු වික්කත් කුලි වැඩ කරලාත් ඔය සෙරම මිනිස්සුන්ට හම්බකරගන්න පුලුවන්

එක නිසා ත්‍රෙඩ් දන් වටිනා කාලය නාස්ති කර ගන්න එපා !

Mr.Tom 09-29-2018 02:42 PM

Quote:

Originally Posted by Sara531 (Post 23678411)
18+:D

Thanks sis +29
You must spread some Reputation around before giving it to Sara531 again. :sorry:

Mr.Tom 09-29-2018 02:43 PM

Quote:

Originally Posted by Executer (Post 23678412)

ගොඩ දවසකින් දැක්කේ ටොම් අයියා :love:

වටිනා අදහස් ටිකක් :yes: :)

+45

:) ඔව් මල්ලි. ගොඩ දවසකින් ත්‍රෙඩ් එකක් දැම්මේ.
Thanks malli +29

Max_Knight 09-29-2018 02:44 PM

සුපිරියි :love::love::love: Rep+++

Mr.Tom 09-29-2018 02:45 PM

Quote:

Originally Posted by BmwI5 (Post 23678437)
ජිවිතෙ සමබර වෙන්න කිම්බක් ඔනෙ ගෙයක් ඔනෙ සල්ලි ඔනෙ

කුඩු වික්කත් කුලි වැඩ කරලාත් ඔය සෙරම මිනිස්සුන්ට හම්බකරගන්න පුලුවන්

එක නිසා ත්‍රෙඩ් දන් වටිනා කාලය නාස්ති කර ගන්න එපා !

ඔය තරම් පටු විදිහට දකින්න එපා බං -15

Mr.Tom 09-29-2018 02:45 PM

Quote:

Originally Posted by Max_Knight (Post 23678450)
සුපිරියි :love::love::love: Rep+++

Thanks Bro +29

wingman 09-29-2018 02:49 PM

exercise :yes:

BmwI5 09-29-2018 02:50 PM

Quote:

Originally Posted by Mr.Tom (Post 23678453)
ඔය තරම් පටු විදිහට දකින්න එපා බං -15

නැ ඉතින් ඇත්තනෙ ඔහෙටත් ගැනියෙක් ඉන්නවා එකිට පයියක් නෙමෙනෙ තියෙන්නෙ කිම්බක්

එතකොට මටත් කෙල්ලෙක් ඉන්නවා එකිටත් තියෙන්නෙ කිම්බක්

.එතකොට ඔහෙ ඉන්නෙ ටකරන් මඩුවක නෙමෙනෙ ටයිල් කරපු ගෙදරක ඉතින් මටත් තියනවා ගෙයක්

තව ඔහෙහෙ අතෙ තියෙන්නෙ රුපියල් එවා හොර නොට්ටු නෙමෙ මගෙ අතෙත් තියෙන්නෙ ××× එවාත් හොර නොට්ටු නෙමෙ

එවා ටික උබෙන් ඇතට ගියොත් ගැනි පිට ගිහින් ගෙවල් සුනාමියට ගිහින් අතෙ සල්ලි ටික හොරු අරන් ගියොත්

පකො ඔය සමබර ජිවිතෙ එ වෙලෙට කොහෙද තියෙන්නෙ :baffled:

Ashan052 09-29-2018 02:51 PM

4i 6i thama wenne neththe :baffled::baffled:

ROCK ZILLA 09-29-2018 02:51 PM

ela

csaranga46 09-29-2018 02:52 PM

patta :D

Malinga 09-29-2018 02:54 PM

තමන්ට ම තමන් ‍විශේෂ මනුෂ්‍යයෙක් වෙන්න. (මනුෂ්‍යයෙක් කියන අදහසින් ම)

කට්ටියට යම් හැඟීමක් ඇතිකරවන්න සමත් වෙයි කියල හිතනව ත්‍රේඩ් එක කියෙවුව.

BmwI5 09-29-2018 02:54 PM

ජීවිතය සමබර කර ගැනීමේ... 09-29-2018 02:51 PM ane palayan parayo Ashan052
ජීවිතය සමබර කර ගැනීමේ... 09-29-2018 02:45 PM ඔය තරම් පටු විදිහට දකින්න එපා බං -15

තමුන්ගෙ මතයට මිනිස්සු නැත්තම් මෙහෙමද කතා කරන්නෙ ?

අල්ලපු ගෙදර මිනිහා ගෙදරට ඔලුව පොඩ්ඩක් හැරෙව්වත් ගැනිගෙ පිටින් යවනවා වාගෙ වැඩක් තමා මට මෙතන වුනෙ කමක් නැ ...

Tyrion_Lannister 09-29-2018 03:01 PM

up

Mr.Tom 09-29-2018 03:02 PM

Quote:

Originally Posted by wingman (Post 23678470)
exercise :yes:

Thanks Bro
Quote:

Originally Posted by Ashan052 (Post 23678477)
4i 6i thama wenne neththe :baffled::baffled:

Thanks malli
Quote:

Originally Posted by ROCK ZILLA (Post 23678480)
ela

Thanks Bro
Quote:

Originally Posted by csaranga46 (Post 23678483)
patta :D

Thanks Bro
Quote:

Originally Posted by Malinga (Post 23678491)
තමන්ට ම තමන් ‍විශේෂ මනුෂ්‍යයෙක් වෙන්න. (මනුෂ්‍යයෙක් කියන අදහසින් ම)

කට්ටියට යම් හැඟීමක් ඇතිකරවන්න සමත් වෙයි කියල හිතනව ත්‍රේඩ් එක කියෙවුව.


තමන්ට ම තමන් ‍විශේෂ මනුෂ්‍යයෙක් වෙන්න. (මනුෂ්‍යයෙක් කියන අදහසින් ම) :yes::yes:
Thanks Bro


Epoche97 09-29-2018 03:04 PM

Thanks. Rep.:love:

SBWoof 09-29-2018 03:09 PM

TFS!

SBWoof 09-29-2018 03:10 PM

Quote:

Originally Posted by BmwI5 (Post 23678474)
නැ ඉතින් ඇත්තනෙ ඔහෙටත් ගැනියෙක් ඉන්නවා එකිට පයියක් නෙමෙනෙ තියෙන්නෙ කිම්බක්

එතකොට මටත් කෙල්ලෙක් ඉන්නවා එකිටත් තියෙන්නෙ කිම්බක්

.එතකොට ඔහෙ ඉන්නෙ ටකරන් මඩුවක නෙමෙනෙ ටයිල් කරපු ගෙදරක ඉතින් මටත් තියනවා ගෙයක්

තව ඔහෙහෙ අතෙ තියෙන්නෙ රුපියල් එවා හොර නොට්ටු නෙමෙ මගෙ අතෙත් තියෙන්නෙ ××× එවාත් හොර නොට්ටු නෙමෙ

එවා ටික උබෙන් ඇතට ගියොත් ගැනි පිට ගිහින් ගෙවල් සුනාමියට ගිහින් අතෙ සල්ලි ටික හොරු අරන් ගියොත්

පකො ඔය සමබර ජිවිතෙ එ වෙලෙට කොහෙද තියෙන්නෙ :baffled:

තෝ හිතන්නේ කිම්බ්යි,ටයිල් කරපු ගෙයි,නොට්ටුයි කියන්නේ මුළු ජීවිතේම කියලද :baffled:

BmwI5 09-29-2018 03:13 PM

Quote:

Originally Posted by SBWoof (Post 23678549)
තෝ හිතන්නේ කිම්බ්යි,ටයිල් කරපු ගෙයි,නොට්ටුයි කියන්නේ මුළු ජීවිතේම කියලද :baffled:

Hari ඔවායින් එකක්වත් නැති එකෙක් එක්කො මහන වෙලා නැත්තම් පිස්සන් කොටුවෙ නැත්තම් හිරගෙ නැද්ද මොනවාද ඔට්ටු :baffled:

NK123 09-29-2018 03:51 PM

එල මචන්
+12

Indikaz 09-29-2018 03:54 PM

Bump,
Niyamai aiye

ForgottenSand 09-29-2018 04:15 PM

මේක කියවද්දී, මේකත් මතක් උනා.

When asked what surprised him about humanity the most, the Dalai Lama replied:
“Man. Because he sacrifices his health in order to make money. Then he sacrifices money to recuperate his health. And then he is so anxious about the future that he does not enjoy the present; the result being that he does not live in the present or the future; he lives as if he is never going to die, and then dies having never really lived.”

ChamaraGL 09-29-2018 04:17 PM

Niyamai

hodakolla 09-29-2018 04:18 PM

BUMP

saja 09-29-2018 04:27 PM

මට නම් තියෙන ලොකුම issue එක තමා code කරන්න ගතම වෙලාව යනවා තේරෙන්නේ නැ , අනික සමහර issues ගොඩ දාන්න යන කාලය මට හරියටම කියන්න බැ , එකකට එකක් යන කාලය වෙනස් , වැඩේ ඉවර වෙනකම් නැගිටින්න හිත දෙන්නේ නැ , එක නිසා ඇදුම් හෝදන්න , කඩේ යන්න , අනික වැඩ ගොඩක් අත පසු වෙනවා , මොක්ක ද solution එක මේකට ?


Quote:

Originally Posted by Mr.Tom (Post 23678457)
Thanks Bro +29


animation 09-29-2018 04:33 PM

bump

HKavinda 09-29-2018 05:09 PM

:) :) :)
ElaZ!REP40+

WhyNot1 09-29-2018 05:57 PM

tfs+5

Mr.Tom 09-29-2018 06:33 PM

Quote:

Originally Posted by Epoche97 (Post 23678529)
Thanks. Rep.:love:

Thanks
Quote:

Originally Posted by SBWoof (Post 23678546)
TFS!

Thanks
Quote:

Originally Posted by NK123 (Post 23678622)
එල මචන්
+12

Thanks
Quote:

Originally Posted by Indikaz (Post 23678627)
Bump,
Niyamai aiye

Thanks malli

Mr.Tom 09-29-2018 06:39 PM

Quote:

Originally Posted by ForgottenSand (Post 23678665)
මේක කියවද්දී, මේකත් මතක් උනා.

When asked what surprised him about humanity the most, the Dalai Lama replied:
“Man. Because he sacrifices his health in order to make money. Then he sacrifices money to recuperate his health. And then he is so anxious about the future that he does not enjoy the present; the result being that he does not live in the present or the future; he lives as if he is never going to die, and then dies having never really lived.”

:yes::yes:
සල්ලි ජීවිතේ එක දෙයක් විතරයි. වර්ථමානයේ හැටියට සල්ලි හොයන්න ඕනෙ තමයි. නමුත් හැමදේම සමබර කර නොගත්තොතින් අපිට විදින්න ලස්සන අතීතයක් නැති වෙනවා. සල්ලි හොයන්නම නාකි වෙලා වැඩක් නෑ. මේ ඇත්ත නාකි වෙලා තේරුම් අරගන වැඩකුත් නෑ.

Mr.Tom 09-29-2018 06:39 PM

Quote:

Originally Posted by ChamaraGL (Post 23678669)
Niyamai

Thanks
Quote:

Originally Posted by hodakolla (Post 23678674)
BUMP

Thanks

Mr.Tom 09-29-2018 06:43 PM

Quote:

Originally Posted by saja (Post 23678696)
මට නම් තියෙන ලොකුම issue එක තමා code කරන්න ගතම වෙලාව යනවා තේරෙන්නේ නැ , අනික සමහර issues ගොඩ දාන්න යන කාලය මට හරියටම කියන්න බැ , එකකට එකක් යන කාලය වෙනස් , වැඩේ ඉවර වෙනකම් නැගිටින්න හිත දෙන්නේ නැ , එක නිසා ඇදුම් හෝදන්න , කඩේ යන්න , අනික වැඩ ගොඩක් අත පසු වෙනවා , මොක්ක ද solution එක මේකට ?

මම ප්‍රෝග්‍රැමිං කරනකොට මටම මානසික ඉලක්ක දෙනවා. මෙන්න මේ ටික ඉවර උනාම මෙච්චර වෙලාවක විවේකයක් දෙනවා කියලා. එහෙම කරලා විවේකය ගන්න අර හිතාගත්ත ටාගට් එක කවර් කරනවා.

ගොඩ දාන්න බැරි සමහර issues ගොඩ දාන්න මම කරන වැඩේ තමයි ඒ වැඩේ අද දවසට නවත්තන එක. එහෙම කරාම ගොඩක් වෙලාවට පහුවෙනිදා උදෙන්ම ඒක විසදගන්න පහසු පොටක් පෑදෙනවා. බලන්න ඕක ප්‍රෝග්‍රැමිං වලට සාර්තකයි.

මාහි හීනෙනුත් කෝඩ් පේන ජාතියේ එකෙක්. හැබැයි මටම මානසික ඉලක්ක දීලා මම නිවාඩු ගන්නවා

Mr.Tom 09-29-2018 06:44 PM

Quote:

Originally Posted by animation (Post 23678705)
bump

Thanks
Quote:

Originally Posted by HKavinda (Post 23678810)
:) :) :)
ElaZ!REP40+

Thanks

Mr.Tom 09-29-2018 06:44 PM

Quote:

Originally Posted by WhyNot1 (Post 23678966)
tfs+5

Thanks

dath kimbula 09-29-2018 06:46 PM

අපිට භිෂග්වේදය (Pharmacology) උගන්නපු වෛද්‍ය සෙක්ස්ටස් කොරයා මහත්මය කිව්වේ,

there are 4 types of people in this world,
1-people who make things happen
2-people who wait until things happen
3-people who don't know what happen
4-people who wonder what happen.

don't go in to the 4th category !!!!!:baffled:

පළමු වර්ගයේ කෙනෙක් වෙන්න බලන්න. යමක් කරන. කරන දේ ලොකුද පොඩිද අදාළ නෑ. එකෙන් සමාජයට, රටට දෙයක් නොවෙන්න පුළුවන්, නමුත් අඩුම තමේ තමන් කරන දෙයින් අඩුම තරමේ එක්කෙනෙක් ගේ ජිවිතයට යහපතක් වෙනවා නම් එක කරන්න.


මට මගේ අම්ම ජීවිතේටම දීල තියෙන්නේ අවවාද 2යි.
1-කරන දේ හරියට කරන්න.
2-කවුරු කලත් නැතත් තමන්ගේ යුතුකම සහ වගකීම ඉෂ්ට කරන්න.

මම තාම ජිවත් වෙන්නේ ඔය නොර්ම්ස් දෙක අනුව.

dislahn9 09-29-2018 06:52 PM

වටිනවා 😍😍

saja 09-29-2018 07:01 PM

ඒකියන්නේ සම්පුර්න task එක ඉවර වෙනකම් ඉන්නේ නැ , පොඩි පොඩි target වලට යන්නේ , හිත හදාගන්න එක තමා කරන්න අමාරුම දේ , බලමුකෝ try කරලා , තැන්ක්ස් advice වලට :)

Quote:

Originally Posted by saja (Post 23678696)
මට නම් තියෙන ලොකුම issue එක තමා code කරන්න ගතම වෙලාව යනවා තේරෙන්නේ නැ , අනික සමහර issues ගොඩ දාන්න යන කාලය මට හරියටම කියන්න බැ , එකකට එකක් යන කාලය වෙනස් , වැඩේ ඉවර වෙනකම් නැගිටින්න හිත දෙන්නේ නැ , එක නිසා ඇදුම් හෝදන්න , කඩේ යන්න , අනික වැඩ ගොඩක් අත පසු වෙනවා , මොක්ක ද solution එක මේකට ?

Quote:

Originally Posted by Mr.Tom (Post 23679094)
මම ප්‍රෝග්‍රැමිං කරනකොට මටම මානසික ඉලක්ක දෙනවා. මෙන්න මේ ටික ඉවර උනාම මෙච්චර වෙලාවක විවේකයක් දෙනවා කියලා. එහෙම කරලා විවේකය ගන්න අර හිතාගත්ත ටාගට් එක කවර් කරනවා.

ගොඩ දාන්න බැරි සමහර issues ගොඩ දාන්න මම කරන වැඩේ තමයි ඒ වැඩේ අද දවසට නවත්තන එක. එහෙම කරාම ගොඩක් වෙලාවට පහුවෙනිදා උදෙන්ම ඒක විසදගන්න පහසු පොටක් පෑදෙනවා. බලන්න ඕක ප්‍රෝග්‍රැමිං වලට සාර්තකයි.

මාහි හීනෙනුත් කෝඩ් පේන ජාතියේ එකෙක්. හැබැයි මටම මානසික ඉලක්ක දීලා මම නිවාඩු ගන්නවා



All times are GMT +5.5. The time now is 12:29 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.04523 seconds with 9 queries