ලේ පැල්ලම...

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    හදිසි අනතුරකට ලක්වූ ජීවන්,රෝහලට ගෙන යන අතරමඟදී,ඔහුගේ නැගණිය වූ හිරෝෂිගේ දෑත් මතම අවසන් සුසුම් හෙලුවේය. සිය සොහොයුරාගේ අකල් වියෝවෙන් මහත් කම්පනයට පත්ව සිටි හිරෝෂිට සිය සොහොයුරා අවසන් ගමන් යද්දී උණුසුම් රුධිරයෙන් තෙත්වූ ඇගේ සුදු පැහැ ගවුම දකින දකින වාරයක් පාසා ඇති වුයේ මහත් වේදනාවකි. එය දකින දකින හැම වරක් පාසාම ඇයට සිදුවූ හැම දෙයක්ම පිලිබද සිහියට නැගී හදවත් ෝකයෙන් පෙලන්නට විය. මේ නිසා ඇය මේ ගවුම සෝදා දැමිය යුතුයැයි තීරණය කලාය. කෙතරම් උත්සාහ කලද එහි වූ ලේ පැල්ලම් සෝදා හැරිය නොහැකි විය. අතේ සේදුවද, washing machine එකේ සේදුවද කෙසේවත් මෙම පැල්ලම් සෝදා හැරිය නොහැකි විය.

    ගවුම සේදීමේ උත්සාහය පසකට දැමූ ඇය හිත වෙනත් අරමුණක යෙදවීමට උත්සාහ කලද එයද සාර්ථක නොවූ කල්හි සියල්ල දමා ගසා නින්දට වැ‍ටුනාය. හදිස්සියේම ඇය අවදි වූයේ අද්භූත ශබ්දයක් ඇසීමෙනි. ඒ වන විට කලුවර වැටී තිබිණි. අයියාගේ සොහොන් කොත දෙසින් හමා එන සුලං ‍රැලි බියකරු හඩක් නංවමින් ජනෙල් පියන් මත වැදී විවර තිබූ ජනෙල් පද්දන්නට විය. ඉන් නැගුනු හඩ ඇය තවත් තිගැස්මට පත් කලේය. අතොරක් නැතිව සොහොන් කොත දෙසින් බල්ලන් උඩු බුරුලන්න විය. කුණු වූ කරවල බදු ගඳක් ඇයට ආග්‍රහණය විය. භීතියේ උච්චත්වයට පැමිණි ඇයට කොදු නාරටිය දිගේ සීතලක් දිව යන්නාක් මෙන් දැනිනි. එක් වරම මේ සියල්ලකම නිහඩ විය. ඉනික්බිතිව ඇගේ සවනට වැ‍ටුනේ සොහොන දෙසින් යමෙක් ඇවිද එන අඩි ශබ්දයයි. ඒ හඩ ඇයට අමතක විය නොහැක. ඔව්, ඒ ජීවන්ගේ ක්‍රියාශීලී පාද තබන විට නැගෙන හඩයි.

    වෙනදා ඇය ප්‍රීතියෙන් උද්දාමයට පත් කරන ඒ හඩ අද ඇයට ඇතිකරන්නේ මාරක බියකි. කෙමෙන් කෙමෙන් නිවසේ දොර ලඟට පැමිණි අඩි ශබ්දය දොර අබියස නැවතිනි. අනතුරුව ඇසුනේ නොනවත්වා දොරට තඩි බාන හඩය. අඩු ශබ්දයකින් පටන් ගත් ඒ හඩ කෙමෙන් කෙමෙන් දැඩි වන්නට විය. අසරණ හිරෝෂි කාමරය මුල්ලට වී කන් වසා ගෙන කෑ ගැසුවාය. මවුපියන් ජීවන්ට පින් පැමිණවීමට දුර ඈත ආරණ්‍යයකට දානයක් දීමට ගොස් සිටි නිසා නිවසේ සිටියේ හිරෝෂි පමණි. හිරෝෂිගේ අසරණ විලාපය හමුවේද දොරට තඩි බෑම නතර වූයේ නැත. පාන්දර වනතුරු මේ ආකාරයෙන් තත්වය පැවතුණි. උදෑසන හිරු එලිය වටින් ගොඩින් එබිකම් කරද්දී දොරට ගසන හඩ ක්‍රමයෙන් අඩුවිය. අනතුරුව අඩි ශබ්දය නිවසින් ඉවතට ගොස් ක්‍රමයෙන් නෑසී ගියේය. බියෙන් අප්‍රාණික වූ ස්නායු ප්‍රකෘති තත්වයට පැමිණීමට සෑහෙන්න වෙලාවක් ගත විය. පියවි තත්වයට පත්වූ විගස ඇය කල්පනා කලාය, "සැකයක් නෑ. ඒ අයියම තමයි. දෙයියනේ....!!!! අයිය භූත ආත්මයක් වෙලාවත්ද?එකත් එකටම අර ලේ පැල්ලම හෝදනකන් අයියට සමාදානෙ සැතපෙන්න බැරි ඇති. මේව ගැන අම්මලට කියල හිත කලබල කරවන්න ඕන නෑ. මම කොහොමහරි මේ පැල්ලම යවල අයියට සුගතියට යන්න උදවු කරනවා"

    පසුදාද ඇය සම්පූර්ණයෙන්ම වාගේ ගත කලේ එම ලේ පැල්ලම සෝදා හැරීමටය. විවිධ ක්‍රම භාවිතා කලද ලේ පැල්ලම පරණ පරිදිම ගවුමේ ‍රැදී තිබිණි. ‍රැය එලඹෙත්ම ඇය ක්‍රමිකව භීතියට පත්වන්නට විය. එදිනද මැදියම ලං වෙත්ම පෙරදා පරිදිම සොහොන් කොත දෙසින් අත්භූත හඩවල් ඇලෙන්නට විය. ඉන් පසු නිවසේ දොර ලඟට එන ජීවන්ගේ අඩි ශබ්දයද ඉනික්බිති නොනවත්වා ඇසෙන දොරට තඩිබාන හඩද ඇය භීතියෙන් උමතු කිරීමට සමත් විය.දොර විවර කිරීමට පවා මුලු ගැන්වී සිටි තැනින් එලියට ඒමටවත් ඇයට සිත දිරිමත් කරගත් නොහී විය. භීතියෙන් මුසපත්ව මුලු රාත්‍රියම මුලු ගැන්වී සිටීමට ඇයට සිදුවිය. අලුයම එලඹෙත්ම පුරුදු පරිදි අඩි හඩ සොහොන් කොත දෙසට ගොස් නෑසී ගියේය.

    ඊලඟ දවසේද දවල් කාලයම ඇය වැය කලේ ලේ පැල්ලම සෝදා හැරීමටය. මොන සෙල්ලම් දැම්මත් ලේ පැල්ලම සෝදා හැරිය නොහැකි විය. රාත්‍රිය එලඹෙත්ම නැවතත් ඇය භීතියට පත් වන්නට විය. අදත් මේ පාලු නිවහන තුලදී ඇයට සිය සහෝදරයාගේ භූතාත්මය හා ගැටීමට සිදුවේද?
    එදිනද මැදියම එලඹෙත්ම සීතල මූසල සුලං ‍රැලි සොහොන් කොත දෙසින් හමා එන්නට විය. ඉන් අනතුරුව ජීවන්ගේ කෙලිලොල් අඩි ශබ්දය ක්‍රමයෙන් නිවස දෙසට සේන්දු වන්නට විය. කර කියා ගත දෙයක් නොවූ හිරෝෂි අසරණ සා පැටවෙකු සේ කාමරයේ මුල්ලකට වී ඉතිපිසෝ ගාථාව මුමුනමින් සිටියාය. දොර ලඟට පැමිණි ජීවන්ගේ භූතාත්මය දොර දෙකඩ වන තරම් හඩ නංවමින් ඊට පහර පිට පහර එල්ල කරන්නට විය. ඒත් සමඟ මුසු වූ බල්ලන් උඩු බුරුලන හඩ හා වවුලන්ගේ නාදය රාත්‍රියේ බියකරු බව දෙගුණ තෙගුණ කලේය.

    "මොනව වුනත් ඒ මගේ අයියා!!! ඇයි මම අයියට මග හරින්නෙ??? හෙට අම්මල ආවම අයිය භූතාත්මයක් වෙලා කියල දැන ගත්තම ඒ අයට මොනවා හිතෙයිද? "හිරෝෂිගේ සිතේ ප්‍රශ්න සිය දාස් ගණන් එහෙ මෙහේ ගමන් කරමින් තිබිණි. දැන් දැන් දොර අසවු වලින් ගැලවෙන තරමටම දොරට තඩිබාන හඩ දැඩිව තිබුණි. අයියා ජීවත්ව සිටි කාලයේ ඔහු සමග ගෙවූ සොදුරු මතකද හිරොෂිගේ සිතට වරින් වර දිව ආවේය. සොයුරු ස්නේහය වසන් කර ගත නොවූ හිරෝෂි එක් ඇසිල්ලකදී වහා නැගිට සිටියාය.

    "මම දොර ඇරල එක පාරක් හරි අයියව බලනව. මොනව උනත් ඒ මගේ අයිය"
    බියෙන් පැකිලෙමින් වුවත් ඇය දොර දෙසට පා තැබුවාය. මෙතෙක් වේලා රුදුරු ලෙස දොරට එල්ලවු පහරවල් ඇය දොරට සමීප වෙත්ම සෞම්‍ය විය. බියකරු හඩවල් මොහොතකට යටපත් විය. සිතේ සියලුම ධෛර්යය එක තැනකට එක් කර ගත් ඇය දොරේ අගුල එක් වරම කැරකැවීය.

    සුදෝ සුදු වතින් සැරසුනු ජීවන් දොර අභියස සිටගෙන ඇගේ දෑස් දෙස සෘජුව බලා සිටියේය. වෙනදා තිබෙන දයාබර බැල්ම වෙනුවට එහි තිබුනේ ක්‍රෝධයෙන් පිරුණු බැල්මකි. ඊලඟ නිමේෂයේදී ඔහු ඇය ඇමතීය.
    "මෝඩි, පැල්ලම් යවන්න පාවිච්චි කරන්න ඕන Su** Ex*** කියලවත් දන්නෙ නැද්ද? නොදෝකින් මේක කියන්න මම විදපු දුකක්" කියූ ජීවන් නොපෙනී ගියේය.​

    Repost නම් සොරි වෙන්න ඕන :eek:
    Source - email
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක යවපං යුනිලීවර් එකට...උන් සිරාවට ම ඔය ඇඩ් එක හදයි......කන්සෙප්ටිං වලට ලක්ස 5ක් විතර ඉල්ල ගනිං....!!!!
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    අනේ හෆොයි.. හොල්මන්.. :shocked::shocked::shocked:
    :lol::lol::lol: පට්ටම පට්ට..... කතාව බන්..
    හිනාව අනුබව කරලා මැරෙනවා... :lol::lol::lol:
    11.gif
    11.gif
    11.gif
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    තැන්කූ... :)


    :lol::lol:

    ගල්පාත මහත්තයා;10565484 said:
    machan mata kenthi giya ban sirawatama... sensitive kathawak anthima tika cha

    :baffled:

    ඕක යවපං යුනිලීවර් එකට...උන් සිරාවට ම ඔය ඇඩ් එක හදයි......කන්සෙප්ටිං වලට ලක්ස 5ක් විතර ඉල්ල ගනිං....!!!!

    සිරාවටම :lol::lol::lol:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found