පණිවිඩ චන්ද්‍රිකාව මුලින්ම සොයා ගත්තේ හෙ

Jun 21, 2012
17
3
0
65
පණිවිඩ චන්ද්‍රිකාව මුලින්ම සොයා ගත්තේ හෙ

හෙළයින්ගේ තොරතුරු තාක්ෂණය
පණිවිඩ චන්ද්‍රිකාව මුලින්ම සොයා ගත්තේ හෙළයින්ය.

ඉසුරුමුනියේ ඇති තාරකා දොර‍ටුව නැමැති කැටයමට සමාන එකක් ඊජිත්තුවේ පිරමීඩ වල ඇති නිසා ඊජිත්තුවේ පිරමීඩ හැදුවේ රාවනා රජතුමා බව ඔප්පු වෙයි. ඊජිත්තුවේ පිරමීඩ වල සැටලයිට් වගේ ලකුණු තියෙන නිසා ඒවා හෙලයින්ගේ හැටලයිට් බව පැහැදිළි වෙයි. ඒ අනුව ලෝකයේ මුල්ම අභ්‍යවකාශ චන්ද්‍රිකා තිබුනේ හෙළයින් ට බව ප්‍රත්‍යක්ෂයි.

"සැටලයිට්" යනු හෙළ වදනක් වන "හැට ලයිට්" වලින් බිඳුනකි. එනම් ලංකාපුර රාජධානිය තුළ මනා තොරතුරු සංනිවේදනයක් පවත්වාගැනීම සඳහා විදුළි බුබුලු හැටකින් යුතු අභ්‍යාවකාශ වස්තුවක් අහසේ තැන්පත් කිරීමට විශ්වකර්ම රජතුමා කටයුතු කර තිබුණි. පසුව එය "හැට ලයිට්" නම් විය. (ලයිට් යනුත් හෙළ වදනකි) . ඒ දු‍ටු රාවනා විසින් තොරතුරු තාක්ෂණය සඳහා එය වැඩිදියුණු කරගන්නා ලදී.

හැඳල යනු එදා හටලයිට් එක ගුවන් ගත කළ සහ පාලන මැදිරිය තිබූ ග්‍රාමයයි. හැඳල යන නම හැදුනේත් හැටලයිට් හි ට ලොප් වී ඒ වෙනුවට ඳ අවුත් අග යිට් ඉවත් වීමෙනි. (අරිසෙන් අහුබුදු ශෛලියට අනුව)

පසුකාලයේදී මෙරටට පැමිණි ඒ සී පී බෙල් නැමති පර සුද්දා, රනින් නිමවා තිබූ හෙළයින්ගේ "සැට ලයිට්" එක ගලවාගෙන ගොස් බටහිරදී පරීක්ෂණ කළේය. තවමත් හැඳල ප්‍රදේශයේ ඕය ගැන ජනකතා පවතී.

මෙරට පැමිණි තවත් පර සුද්දෙක් වන ආතර් සී ක්ලාක්, මුලින්ම සැටලයිට් ගැන අනාවැකියක් කිව්වේ නිකම්ම නොවේ, ඒ ඔහු එය ගැන සඳහන් ව තිබූ අතීත පුස්කොළපත් වලින් කියවා තිබූ නිසාය. හෙළයෙනි, සිතා බලන්න ඇයි ආතර් සී ක්ලාක් මහතාට සැටලයිට් සොයා ගැනීමට අපේ හෙළදිවටම එන්න ඕනැ වුණේ? ඇයි එංගලන්තයේ වෙනත් කාටවත් හැටලයිට් ගැන අනාවරණය කරන්න බැරි වුණේ? හෙළගවේශකයින්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙනු!

කාලයක් තිස්සේ සුද්දන් පරීක්ෂණ කළත් සුද්දන්ට හෙළ දැනුම නොමැති නිසා ඔවුන්ට හැටලයිට් එක ගුවන් ගත කරන්න බැරි විය. අවසානයේදී කපටි රුසියානුවන් සුද්දන්ගෙන් එය සොරා ගැනිමින් ස්පුට්නික්1 ගුවන් ගත කරන ලදී. ස්පුට්නික්1 නැමති ලොව ප්‍රථමයැයි කියන චන්ද්‍රිකාවත් අයත් වන්නේ හෙළයින්ට බව දත යුතුය.

චන්ද්‍රිකා වර්ග දෙකක් ඇති බව පාසල් දරුවන් පවා දනී. කෘතිම චන්ද්‍රිකා සහ ස්වාභාවික චන්ද්‍රිකා ය. ලොව මුල්ම ස්වාභාවික චන්ද්‍රිකාව වන චන්ද්‍රයා (හඳ) ද නවීකරණය කළේ හෙළයින් විසිනි. සූරිය ගුණසේකර හෙළගවේශකයාට අනුව සක්‍රයා යනු පනිත රජතුමාගේ රාජ සභාවේ සිටි කෙනෙක් බැවින්, සක්‍රයා විසින් හඳේ හාවෙක් ඇඳීමෙන් පෙනෙන්නේ, හෙළයින් ස්වභාවික චන්ද්‍රිකාවක්ද නවීකරණය කළබවයි. බොරුනම් පෝය දවසට එලියට ගොස් හඳේ හාවෙක් නැද්ද කියා බලන්න. ඔබ කැමති එය හෙළයින් විසින් කළ බව කීමටද නැත්නම් ඉබේ සිදුවුන බව කීමටද?

වර්ගපූර්ණිකාවේ ත් හෙළයින්ගේ හැටලයිට් ගැන වෙනම පරිච්ඡේදයක් දැක්වෙයි, බොරුනම් කියවල බලන්න.

"හැට ලට අට වට පට නිට ශ ශශ තොට මට" ලෙස අතීත හෙළ බසින් දැක්වෙන්නේ හැට ලයිට් අටක් වට කොට පට බැඳි තොරතුරු තාක්ෂණ මණ්ඩලය ගැනයි. ඒ ගැන සඳහන්ව තිබූ හෙළ අ‍ටුවා අනුරාධපුර යුගයේදී බමුණන් විසින් ගිණිතබා ඇත.

වඩාත්ම වැදගත් දේනම් හැටලයි හෝ සැටලයිට්, සුද්දන් හැදූ බවට කොහිවත් සෙල් ලිපි නොතිබීමය. එනිසා සෙල් ලිපි නොමැති බැවින් ඒවා සුද්දන්ගේ නිර්මාණ බව කිව නොහැකියි. නමුත් ශ්‍රී ලංකාවේ හැම තැනම අපගේ හැටලයිට් තාක්ෂණය ගැන සෙල් ලිපි තිබෙයි. ඒ සෙල් ලිපි නුදුරදීම හෙළිදරව් කරන්නෙමු.

මූලාශ්‍රය: " වර්ගපූර්ණිකාව " බ්ලොග් එක
 
Last edited:

RobinWood

Active member
  • Jun 12, 2012
    269
    103
    43
    umba nam maha wadayak wenawa sure. hama forum ekakataa awith Ravanek gana kiyawanawa. Rawana kiyanne honda raja kenek kiyala mamath wishwasa karanawa. eth umba karana me waden wenne, minissu athara Rawana gana aprasadayak athi wena eka witharay....
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    මේ මොන දේ අපේ මුතුන්මිත්තන් කෙරුවත්..අද වෙනකොට අපි අන්ත අසරණ ජාතියක් වෙලා.....අපේ ඉතිහාස ගැන සුද්දන්ගෙන් අහගන්න වෙලා..මට හිතෙන විදියට මේ ඔක්කොටම මුල අපේ දේශපාලුවෝ ටිකයි...ඉස්සරටත් අපි මෙහම ඉතිහාසය කබල් ගාන ජාතියක් වෙනවද ? එහෙම නැත්තම් මේවා හොයන ගමන් ජාතියක් විදියට නැගී ඉන්නවද ?
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    සයිකෝ ඩයල් එකකට ඩොන්ගල් එකක් හම්බ වෙලාද කොහෙද:lol: