හැකර්ස්ලා සමග හැංගිමුත්තං

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හැකර්ස්ලා සමග හැංගිමුත්තං

    හැකර්ස්ලා සමග හැංගිමුත්තං කරමු


    flowVPN.jpg

    Virtual Private Network නොහොත් VPN යනු අන්තර්ජාලය හරහා දුරස්ථ ජාල වලට සුරක්ෂිත ප්‍රවේශයක් ලබාදෙන ක්‍රමයකි.මෙය Wide Aria Network (WAN) ආකාරයේ ජාලයක් ලෙසද හැදින්විය හැක.1990 වර්ශයේ අගභාගය වන තුරු දුරස්ථ පරිඝණක ජාල බොහෝ විට සම්භන්ද වූයේ ඒ සදහා වෙනම නිර්මාණය කරන ලද පෞද්ගලික කේබල් මාර්ග මගින් හෝ Dialup දුරකථන මාර්ග මගිනි.මේවා එකල ඉතා මිල අධික වුව අතර දත්ත ආරක්ෂාව එතරම් හොද තත්වයක නොපැවතිනි. VPN මේ සදහා ගැලපෙන පිලියමක් විනි.

    VPN.gif


    ආරක්ෂිත VPN මගින් දත්ත encrypt කිරීමක් කරනු ලබයි.මෙමගින් කිසිම අතරමැදියෙකුට ඔබ හුවමාරු කරගන්නා දත්ත මොනවාදැයි දැනගත නොහැක.මෙම නිසා packet sniffing (මෙය ආරක්ෂා රහිත ලෙස ජාල අතරේ හුවමාරු වන දත්ත වෙනත් පාර්ශවයකට ලබාගත හැකි ක්‍රමයකි.wireshark වැනි මෟදුකාංග මගින් කල හැක.)හෝ වෙනත් අන් කිසියම් ක්‍රමයකින් විශේෂයෙන්ම හැකර්කරුවෙකුට ඔබගේ ජාලය තුල සන්නිවේදනය වන තොරතුරු ලබාගැනීම අතිශයෙන් අසීරු කාර්යක් වේ.

    wireshark-logo.png


    LXF126.wireshark.results.jpg

    VPN එකක් භාවිතා කිරීමට අවශ්‍ය වේ නම් ඒ සදහා වෙනම මෟදුකාංග හා දෟඩාංග පිහිටුවා ගත යුතුය. දෟඩාංග ලෙස අවශ්‍ය වන්නේ අන්තර්ජාලයට සම්භන්ද වීමට අවශ්‍ය කරන උපාංග පමණක් වන අතර මෟදුකාංග ලෙස VPN සේවාව ලබා දෙන මෟදුකාංගයක් අවශ්‍ය වේ.පහත දැක්වෙන්නේ ඒ සදහා ප්‍රසිද්ධ මෘදුකාංග කිහිපයකි.

    VPN භාවිතය මගින් මෙම ජාලය සදහා වැය වෙන මුදල් ඉතිරි කරගත හැකිවූ අතර පුද්ගලික භාවිතයට වෙන වෙනම සකස් කලයුතු ජාල නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයද නැතිවිය.එසේම ඒ සියල්ලටම වඩා පරිෂීලකයන් හට ආරක්ෂා සහගත ලෙස අන්තර්ජාලයේ සැරිසැරීමට හා වෙනත් ජාල සමග දත්ත හුවමාරු කිරීමට මෙමගින් හැකියාව ලැබිනි.එසේම ඔබට proxy සේවාවකින් ලබාගන්නා සේවාවම VPN මෟදුකාංගයක් භාවිතයෙන්ද ලබාගත හැක.proxy වලට වඩා මෙහි ඇති වාසිය නම් proxy වෙබ් අඩවි වල මෙන් කරදරකාරී වෙළද දැන්වීම් නොමැති වීමත් දත්ත ආරක්ෂාව පිලිබද සහතික වීමට හැකිවීමත්ය.කෙසේ වුවත් VPN මෟදුකාංගයක් භාවිතා කරන්නේනම් ඒ සදහා පිලිගත් මෟදුකාංගයක් භාවිතා කිරීම වඩාත් උචිතය.

    උදාහරණයක් ලෙස අපි CyberGhost මෟදුකාංගය සලකමු.දැනට ඇති පිලිගත් Encyption තාක්ෂණයක් වන 128 bit AES encryption තාක්ෂණය භාවිතා කරන CyberGhost වෙනත් VPN මෟදුකාංග හා සැසදීමේදී වේගවත් ආරක්ෂාකාරී සේවාවක් ලබාදෙයි.මෙහි basic version එක ඔබට www.cyberghostvpn.com වෙබ් අඩවිය හරහා ඩවුන්ලෝඩ් කරගත හැක.

    vpncat.jpg

    මෙය ඩවුන්ලෝඩ් වී පරිඝණකයේ ස්ථෘපනය කරගත් පසු එය භාවිතා කිරීමට නම් ඔබ හට යූසර්නේම් හා පාස්වර්ඩ් එකක් අවශ්‍ය වේ.මේ සදහා ඔබට ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිස සාමාන්‍ය ආකාරයේ ගිණුමක් නිර්මාණය කරගත හැක.දැන් ඔබ ඔබේ ගිණූම නිර්මාණයේදී ලබා දුන් යූසර් නේම් හා පාස්වර්ඩ් භාවිතා කර සයිබර් ගෝස්ට් මෟදුකාංගය ඕපන් කරගන්න.දැන් ඔබටත් සයිබර් ගෝස්ට්හි VPN තාක්ෂණය මගින් නිර්ණාමිකව ඔබගේ IP ලිපිනය සගවා ගනිමින් ආරක්ෂෘ සහගත ලෙස අන්තර්ජාලයේ සැරිසැරිය හැක.


    6921879.gif


    6921883.gif
     
    Last edited: