~Ebay බඩු ගමු~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
logoEbay_x45.gif


මම මේ හදන්නේ E Bay purchasing වලට අලුත් අයට සහ ඒ ගැන නොදන්න අයට මං දන්න විස්තර ටිකක් කියලා දෙන්න :)
හැමෝටම මේ ගැන කියලා දෙනවා කියලා බනින්න නම් එපා.. සමහර බඩු ලංකාවෙ ගන්න ගානට ගොඩක් අඩුවෙන් ගන්න පුලුවන් වෙන හින්දා තමයි මේ ගැන කියලා දෙන්න හිතුවේ :D

එකෙන් කරන්න නම් අනිවාර්යයෙන් අපිට pay pal ගිනුමක් තියෙන්න ඕන වෙනවා
ඒ වගේම ඒ ගිනුමට credit card එකක් හරි sampath web card වගෙ වෙන visa card එකක් හරි සම්බන්ද කරන්න වෙනවා :yes:
එහෙමත් නැත්තම් අපේ pay pal ගිනුමෙ credits භාවිතා කරලත් බඩු ගන්න පුලුවන්

ලේසිම වැඩේ තමයි sampath web card එකක් හදාගන්න එක
මේ තියෙන්නේ web card එකක් හදාගන්න ඕන පියවර ටික ;)


webcard.jpg


1) මුලින්ම මේන්න මේ වගෙ form එකක් සම්පත් බැංකුවෙන් අරන් fill කරන්න (හැබැයි අවුරුදු 18ට වැඩි වෙන්න ඕන ) :baffled:
Download
Code:
http://www.sampath.lk/webcardapplic.xls

2)වැඩි විස්තර දාන්න ඕන නෑ..සාමාන්‍ය form එකක් fill කරනවා වගෙ පුරවන්න..ආදායම් විස්තර මුකුත් ඕන නෑ

3)ඊට පස්සෙ bank එකට ගිහින් සාමාන්‍ය සල්ලි බැර කරන slip එකක් අරන් ඒකෙ name, id number එක ලියලා රු.2500ක් deposit කරන්න( counter එකේ ඉන්න අක්කා කෙනෙක්ගෙන් අහන්නකො වැඩි විස්තර :P )

4)සුමානෙකින් වගෙ card එක එනවා...ඊට පස්සෙ එකට paypal account ගිහින් card එක connect කරන්න visa card එකක් හැටියට

5)card එක paypal එකට connect කරද්දි unique no එකක් අහනවා..(මට ඒකෙ නම මතක නෑ) බැංකුවේ card center එකට කතා කරලා අපෙ web card no එක දීල ඒ නොම්මරෙ ඉල්ලගෙන enter කරන්න

6)සමහර වෙලාවට error එකක් එනවා card එක invalid කියලා :rolleyes: ..එතකොට ආයෙ bank එකට කතා කරල කියන්න card එක activate කරන්න කියලා..එතකොට හරි


දැන් ඔන්න web card එකේ වැඩේ හරි

E Bay එකෙන් බඩු ගමු

Ebay බඩු ගන්න ebay එකක් තියෙන්න ඕන
සමාන්‍ය වෙබ් අඩවියක register වෙනවා වගෙ ebay එකෙත් registerවෙන්න
පස්සෙ ඕන නම් අපේ details customize කරලා ගන්න පුලුවන්

දැන් තමන්ට ඕන දෙ මෙ තියෙන search field එකේ type කරල search කරන්න
කලින් search කරල තියෙන item එකක් නම් suggestions list එකකින් පෙන්නන්නවා ඒක

58774651.png


දැන් ඔන්න එනවා ඒ අපි හොයපු බඩුවට අදාල item list එක
මෙතනින් අපිට කැමති දේ තෝරලා ඒක order කරන්න පුලුවන්
ඒ වගෙම මන් ඔය mark කරලා තියෙන තැන වැටෙනවා ආයෙ පාරක් suggestion list එක

45399245.png


ඒත් බඩුවක් order කරන්න කලින් බලන්න ඕන කාරන ගොඩක් තියෙනවා
මේ විදියට කරොත් නම් වැඩ වරදින්නෙ නැතිව හොද බඩුවක් order කරගන්න පුලුවන්

1)හැම වෙලේම Top rated seller කෙනෙක් ගෙන් ගන්න බලන්න..එ කියන්නේ ebay එකේ බඩු විකුනලා හොදට feed backs earn කරපු කට්ටිය..මෙන්න මේ ලකුනෙන් ඒ අයව පෙන්නන්නේ

73423661.png


එහෙම කියලා අනික් sellers ලා නරක නැහැ :no:
Top rated වේවා normal seller කෙනෙක් වේවා අනිවාර්‍යයෙන් ඒ seller ගෙ feedbacks බලන්න..එක බලන්නෙ මෙහෙමයි

මුලින්ම item එක තියෙන page එකේ දකුන් පැත්තෙ උඩ කොනේ seller ගෙ නමට එහා පැත්තෙන් feedback score එක වැටිලා තියෙනවා..එක click කරන්න

85812967.png


දැන් seller ගේ feedbacks ටික පෙන්නනවා
එතනින් බලාගන්න පුලුවන් seller කොහොම එක්කෙනෙක්ද කියලා
සාමාන්‍යයෙන් 98% වඩා වැඩි නම් අවුලක් නෑ
ඒ වගේම බලන්න negative feedbacks මොන වගෙ ඒවාද කියලා
සමහර මෝඩ මිනිස්සු බොරු හේතු වලටත් negative දානවා :growl:

96139735.png

2)තවත් දෙයක් තමයි ලංකාවට ඒ බඩුව ship කරනවද කියලා බලන්න
ඒක බලන්න ක්‍රම දෙකක් තියෙනවා

(i)Item list එක ආවට පස්සේ page එකෙ වම් පැත්තට යන්න
වම් පැත්තෙ තියෙන කියනා preferences තීරුවෙන් Free shipping කියන එක tick කරන්න
දැන් free shipping items විතරක් පෙන්නනවා

48768619.png


(ii)ඊට පස්සෙ තමන්ට ඕන item එක තියෙන page එකට යන්න
ඒ එකේ Shipping and payments කියන tab එක select කරන්න
එතන පෙන්නයි එ බඩුව ලංකාවට ship කරනවද නැද්ද කියන දේ

24048425.png


අපිට ඕන නම් preferences තීරුවෙන් worldwide කියන එකත් tick කරන්න පුලුවන්
ඒත් සමහර sellers ලා worldwide උනත් SL exclude කරලා තියෙන්නෙ :dull:

Shipping charges තියෙන බඩු උනත් ගත්තට කමක් නෑ
ඒත් බලන්න බඩුව වගෙ දහ ගුණයක්ද කියලා Shipping charge එක :lol:

32511690.png

3)තව එකේ දකුනු පැත්තෙ උඩ තියෙන sort by drop down list එකෙනුත් අපිට ගාන අඩු, shipping cost එක අඩු කරගන්න පුලුවන්

87976208.png


4)මොනා හරි ප්‍රශ්න්යක් තියෙනවා නම් item එක ගැන හරි shipping ගැන හරි, ටක් ගාලා seller ව contact කරන්න... මොකද සමහර ඒවා ලංකාවට support නැති වගෙ සීන් තියෙනවා..ඒක හින්ද ගන්න කලින් seller contact කරන එක තමා හොදම වැඩේ.. :yes:

e10.png


මම එක පාරක් එකක් USB TV tuner ගෙන්න ගන්න ගිහිල්ලා seller contact කරපු හින්දා 99න් බේරුනා :rofl:

5)Generally හැම වෙලේම item description එක හොදට කියවන්න
සමහර වෙලාවට අපිට උඩින් පේන දේ නොවෙන්න පුලුවන් විස්තර කරලා තියෙන්නේ
කැඩෙන බිදෙන බඩු ගේනකොට පරිස්සමෙන්
මොකද අපේ post office වල අයියලත් එක්ක ඒ වගේ දේවල් ගෙන්න ගන්න හරි අමාරුයි :nerd::rofl:
ෆෝන් වගෙ දේවල් ගෙන්න ගන්න කලින් seller අනිවාර්‍යයෙන් contact කරන්න
gift හරි broken item එකක් හරි විදියට එවන්න කියන්න.


6)තමන්ට බඩුව ලැබුනට පස්සෙ ඒ ගත්ත seller ට positive feedback එකක් දාන්න අමතක කරන්න එපා
එතකොට තමයි අපිටත් positive feedback හම්බවෙන්නේ :)

e11o.png


මේ තියෙන්නෙ මට හම්බවෙච්ච positive feedbacks

e12n.png


7)හදිස්සියෙ වත් බඩුව හම්බුනෙ නැත්තම් හරි, item එක හරි නැත්තම් හරි negative feedback දාන්න කලින් seller contact කරන්න
මොකද ගොඩක්sellers ලා refund කරනවා..නැත්තම් අපිට වෙන එකක් එවනවා
මට ඒ වගෙ $7ක refund එකක් හම්බවෙලා තියෙනවා ;)

8)හදිස්සියෙ වත් අපි ගත්ත බඩුවක් එපා කියලා හිතෙනවා නම් ටක් ගාලා පැය 24ක් ඇතුලත seller ට දැනුම් දෙන්න..එතකොට එයාලට පුලුවන් transaction එක cancel කරලා සල්ලි refund කරන්න
(හැබයි මේ දෙ වැඩිය කරන්න එපා.. ebay එකෙන් account එක limit කරයි :no: )


මං හිතනවා මෙච්චර කල් මේ ගැන නොදැන් හිටපු අපේ කට්ටිය දැන් පොඩ්ඩක් හරි දැන ගන්න ඇති කියලා..
මට මග ඇරිච්චත් ඇති..ඒවත් දන්න කට්ටිය එකතු කරන්න
මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න මන් දන්න විදියට උදවු කරන්නම් :D
 
Last edited:

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
mata earphone ekakin ban refund une..uk seller kenek :D



ow ban..dan penawa neda..man kalin waradi code eka copy karala thibbe :baffled:

ah machn ehemada,mata nm seller pollak tibba passe ebay cust care contact karama un refund kara,machn dan card ekata refund eka complete kiyala awith tiyenne,mata adama abadu ganna puluwnda eken?
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
ah machn ehemada,mata nm seller pollak tibba passe ebay cust care contact karama un refund kara,machn dan card ekata refund eka complete kiyala awith tiyenne,mata adama abadu ganna puluwnda eken?

ow machan complete kiyala thiyenawanam hari
man kale uta email ekak yawuwa - feedback danawa kiyala
u pahuwadama refund kala salli :D
 

::neXGen::

Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    machan mama tax gana nam danne na
    ubata cme custom eke ekek contact karaganna wei

    phones walata kiyakda daney naha ney tax :( custom call karaa machan oya pol buruwooo kiyaney naha .. eka eka phone walata ekaeka ganannn lu anith eka gift vidihata yawalaa thiboth 4% wada adui lu :( anee manda machan