පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
වැහිබිඳු මගෙ ලඟ නලළත වැටි සඳ
ලිස්සාගෙන ගොස් එසැණෙකිනා
මන නද වඩවන පියයුරු වල හැපි
විසිරී ගොස් දෙරණත වැටුණා
තරිඳුද ඇගෙ සොඳ වුවන දුටු සද
විළිවැද රාහුගෙ මුව වැදුනා
බඹරුද ගුමු ගුමු නද දී ඇගෙ
පා පියුම් අසළ නිතරම සරණා


 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    විල් තෙරේ පියුම් පිපී සුගන්ධවත් වෙවී
    ඇල් පවන් ගලා ප්‍රභෝදයෙන් ප්‍රභෝද වී
    බිඟු නදින් විහඟ තුඩින් ගලා ගලා හැලී
    ගීතයක් වෙලා හෙටත් නැගෙන් උදෑසනේ......//
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳපාන වාගේ දිලෙන්නේ
    ඔබමයි හදේහී රැදෙන්නේ
    නිල් දිල් ජලාශේ හංසිය විලාසේ
    මා හද විලේ සැරිසරන්නේ

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සුභ සිහින පොතම ඉවර වෙලා ගොළු වුනාම සීපද
    රෑ සුසුම් හෙලන සුළඟ වුනත් මා ලඟ නවතීවි ද
    මට මගේ කියා කියන්න ඔබවත් අවසර දෙනව ද

    නිල් එළිය ඇවිත් කවුළු දොරින් අරන් නුඹේ සුසුවඳ

    මගෙ නම කියලා කතාකරන තුරු බලාන ඉන්න ද
    ඔබ එන්න එපා ඒත් එපා කීවෝතින් පුර හඳ

    මල් පිපෙනා වසන්තයට අයිති වේය පුර හඳ

    ඔබ තරුවක් වී කළුවර රෑ මා බලන්න එනව ද
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ඇසුරින් මිදීලා ඔබගේ ලොවෙහි
    සැඟවී හිදිමි මා වෙන් වී මෙසේ
    නොමැකී තියේනම් ඔබගේ සිතෙහි
    මගෙ ආදරේ මා යලි එන තුරා

    රැකවල් සදාලා සීමා මවාලා
    වෙන් වේවිදෝ ආදරේ
    දෙසිතේ කතාවී දලුලා
    වැඩීයාවී රහසේම ඒ ආදරේ

    කඳුලැල් නිවාලා දැසින් සිනාවී
    සැඟවී තිබු මේ ලොවේ
    කවදාක හෝ මා එනතුරු
    ඔබේ දැසේ සඟවා තබා ආදරේ

    ඇසුරින් මිදීලා..
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    images

    බැබළීම වාගෙම

    බැසයාම අයිති සඳටයි
    පිබිඳීම වගෙම
    පරවීම අයිති මලටයි..
    හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි......

    රැවටෙන්න වගෙම
    රවටන්න සිතක් නැතී
    හංගන්න වගෙම
    පෙන්වන්න කිසිත් නැතී
    නුඹ දන්න තරම් මගෙ සිත..
    වෙන දන්න කෙනෙක් ලොව මට හමුවෙලා නැතී .....

    හිමි වන්න කියා
    හමුවන්න හිතක් නැතී
    පිං වන්ත හිතේ
    විඳවන්න දුකක් නැතී
    අදහන්න නමුත් හැකිවෙද......
    නුඹ දුන්නේ නැතත් නුඹෙ හිත මගෙ ලඟම ඇතී.....

    Karunarathna Divulgane


     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ ගං දෑළ වල
    මල් මල් උයන් තෙර
    සිහිළ අහිමිව..
    වැළපෙනා..
    වැළපෙනා......
    සඳ කිදුරු ලිය නුඹ
    සඳ කිඳුරාණ නුඹ

    මේ නිල් වියන යට
    නිල් විල් දියබ මත
    නිල්ල අහිමිව..
    වැළපෙනා..
    වැළපෙනා......
    සඳ කිදුරු ලිය නුඹ
    සඳ කිඳුරාණ නුඹ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිනා පිපෙනා මේ වසන්තය
    නෙලා දෝතින් මලක් සේ
    මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
    සිනාසී ඔබයි ගෙන ආවේ
    වසන්තය මලක් සේ

    නිබඳ සුවදයි ඔබ නිසා මට
    ගම මැදින් හමනා පවන සිහිලැල්
    ගම් දොරින් පිටමං නොවේවා
    නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්

    නිසල සිතුවිලි සසල තුරුලිය
    අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
    අහස සමුදුර වැළද සැනසෙමි තැනක
    සඟවමි හද සෙනේ සුසුමින්



     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ..
    සොඳුරේ නොසිතූසේ ඇයි සිත් බැඳුනේ
    සැනකින් ආවත් සිහිනයක් වී මා හිත් මානේ
    මායාවක් සේ මුමුණුමින් ගී රෑ දවාලේ
    ඉන්නවානම් සොඳුරේ..

    හීන රටේ කින්නරාවී මා ළඟින්ම ඉන්නවා
    ආලවන්ත ඇස් දෙකින් ඈ කී කතාව දන්නවා
    මේ යාමේ හැමදාමත් පවතින්නයි මo පැතුවේ..
    මo ආසයි නවතින්න මේ හීනයේ..
    මo ආසයි නවතින්න මේ හීනයේ..

    සිහිනේ සිහිනෙන් ආ මල් මාලතියේ..
    සොඳුරේ නොසිතූසේ ඇයි සිත් බැඳුනේ
    රහසින් ආවත් සිහිනයක් වී
    ඔය හිත් මානේ මායාවක් සේ
    මුමුණමින් ගී රෑ දවාලේ මල් ඕවිල්ලේ ඉන්නම්..

    කුණ්ඩ සමන් මල් වසන්තේ ආදරෙන්ම මත් වෙලා
    ආව යහන් ඉමේ ඉඳන් ඈ හාදුවක් දී හැන්ගුනා
    මේ යාමේ හැමදාමත් පවතින්නයි මා පැතුවේ..
    මo ආසයි නවතින්න මේ හීනයේ..
    මo ආසයි නවතින්න මේ හීනයේ..

    රහසින් ආවත් සිහිනයක් වී
    ඔය හිත් මානේ මායාවක් සේ
    මුමුණමින් ගී රෑ දවාලේ මල් ඕවිල්ලේ ඉන්නම්..

    සැනකින් ආවත් සිහිනයක් වී මා හිත් මානේ
    මායාවක් සේ මුමුණුමින් ගී රෑ දවාලේ
    ඉන්නවානම් සොඳුරේ..

     

    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    http://www.elakiri.com/forum/showthread.php?p=12904256#post12904256 :D

    හිරු මඩල වී සඳවතට එලිය දී
    විශ්වයම හැඩ කෙරුව
    ඔබයි මගෙ අම්මා....

    ලය හොවා උණුහුමට දුන් ඔවදන් මෙමට
    රන්මුවා පිලිමයක් සේ රැදෙයි මා ලඟම
    අම්මා අම්මා ඔබ කොහිද අම්මා...
    මටම ආදරය දී සැගවුනිද අම්මා....

    විහගුන්ට ඉඩ නොදී ඔබ කී ගී පැදි
    මද සුලග සමග විත් සියොලගම වෙලි වෙලි
    මතක අමුණා ලියූ කලත කලත සෙවූ
    හදවතේ මුල් කවිය ඔබයි මගේ අම්මා..
    අම්මා අම්මා ඔබ කොහිද අම්මා....
    මටම ආදරය දී සැගවුනිද අම්මා...

    අදුර කඩතිර ලිහින හිනා වෙත තරු සේම
    ඔබේ රුව හිනා වී මගේ පපුව යට නිදන
    ආදරය හිත පිරුන කියා ගන්නට පෙරම
    ගියත් දුර මා ඇතැර ඔබයි මගෙ අම්මා..
    අම්මා අම්මා ඔබ කොහිද අම්මා...
    මටම ආදරය දී සැගවුනිද අම්මා....

    :D:D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නිමා නොවන පෙම් හැගුම් මහා සමුදුරක් ලෙසින්
    ගෙවුයන් සීමා දොරින්
    නික්ම යනු දුරින්
    ..සොවින්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ ලොව යම් කිසිවෙකු
    මා හට පෙම් කල බව
    එතකොට ඒ ගී රාවය
    හීන් හඩින් මට කියාවී

    මා මළ පසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනවි
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව

    නන්නාඳුන්නා ඔබගේ
    නන්නාඳුන්නා ඔබගේ අත් අකුරින් ලියනු මැනව.
    දුක් ගීයක් ලියනු මැනව.
    දුක් ගීයක් ලියනු මැනැව, දුක් ගීයක් ලියනු මැනව.

    අඬ සඳ බැසගෙන යන සඳ
    සීතල අඳුරු රැයක,
    අඬ සඳ බැසගෙන යන සඳ
    රෑහි හඬන රැව් අතරින්

    එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි
    එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි
     

    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    ඔබේ අඳුන් දෙනයන තුල කඳුළු දකිම්දෝ
    සිතේ උපන් ලබන්දියව කෙසේ මදිම්දෝ
    හදේ ඇඳුනු රූ කැටයම කෙසේ මකම්දෝ
    ජීවිතයේ අප කවදා මිහිර දකිම්දෝ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හිරු ලග සීතල සොයනා
    හිම මත
    උණුසුම පතනා
    ලොව තුල අප සැරිසරනා
    සිහිනයෙ තනියට සිටිනා
    සිහිනය, තනියට සිටිනා
     
    Status
    Not open for further replies.