මාරු කාසි වෙනුවට කඩවලින් අමුමිරිස්
පිළියන්දල නගරයේ ඇතැම් වෙළඳසැල්වලින් භාණ්ඩ ලබා ගැනීමේදී ඉතිරි මුදල් ලබා දීමට මාරු කාසි නොමැතිකමින්
ඒ වෙනුවට අමුමිරිස් කරල් ලබා දෙන බව පාරිභෝගික ජනතාව පවසයි. මේ වනවිට වෙළඳපොළේ අමුමිරිස් කිලෝව රු.
700/⋆ සිට රු. 800/⋆ දක්වා මිලකට අලෙවි වන අතර මුදල් සංසරණයේද දැඩි මාරු කාසි හිඟයක්ද පවතී. වෙළඳසැල්වලින්
ඉතිරි මුදල් වෙනුවට දීමේදී එක් මිරිස් කරලකට
රුපියලක් වැනි මිලක් නියම වී තිබේ. රුපියල, රුපියල් දෙක, රුපියල් තුන, රුපියල් හතර සහ රුපියල් පහ යන
මාරු කාසි සඳහා මෙලෙස අමුමිරිස් කරල් ලබාදීම සිදු කෙරේ.
මුදල් සංසරණයේදී මාරු කාසි හිඟයක් පවතින නිසාත් ඇතැම් පාරිභෝගිකයන් මාරු කාසි වෙනුවට
ටොපියක් වැනි දෙයක් ලබා ගැනීමට අකමැති නිසාත් මුදලට සරිලන ලෙස මිරිස් කරල් ලබා දෙන බව වෙළෙඳ සැල් හිමියෝ පවසති.

Last edited: