කරුම ශිෂ්‍යත්වය

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    කරුම ශිෂ්‍යත්වය




    මං පොඩි කාලෙ ඉස්කෝලෙ ගිය දුෂ්කර පාසලකට.. ළමයි වැඩියෙ හිටියෙ නැති උනත් ඉස්කෝලෙ ගුරුවරු බොහොම කැපවීමෙන් ඉගැන්නුවා. ඒත් මොන කරුමෙකටද කියන්න මං දන්නෙ නෑ ළමයි එහෙම ලොකු දක්ෂයො උනේ නෑ..ඒත් ඒ අදක්ෂ ලමයි අතරෙ මට හොද තැනක් තිබුනා මං ඒ අයට වඩා සෑහෙන්න ඉදිරියෙන් හිටිය විත්තිය මටම දැනිල තිබුනා.

    කොහොමින් හරි කමක් නෑ ශිෂය්ත්වෙ ලියන දවස උදා උනා.. ශිෂ්‍යත්වෙ ලියපු දවසෙ අනික් හැමෝම ළමයි පලවෙනි පේපර් එක ඉවර උනාම කිව්වෙ අයියෝ ශිෂ්යත්වෙ මාර ලේසියි කියලා .. ඒත් මට විතරක් ඒක එච්චරම ලේසි පේපර් එකක් නෙමේ කියන දේ වටහුනා.. ශිෂ්‍යත්වෙ ඉවර වෙලා අපි මාස ගානක් ගෙවල් වල හෙන ජොලියෙ හිටියා.. මට මතකයි සෝමදාස මාමා අන්න පුතේ ශිස්යත්වෙ ප්‍රතිපල ඇවිල්ලා හෙට උදේ ඉස්කෝලෙට එන්නය කියල ප්‍රින්සිපල් කිව්වය කියල කියපු පණිවිඩේ කිව්ව හැටි ..
    කොහොම හරි එදා රෑ මට නින්ද ගියෙ නෑ..

    මං පාස් වෙලාද නැද්ද .. මට කොලබ රටේ ඉස්කෝලෙකට යන්න පුලුවන් වෙයිද කියන සිතිවිල්ලෙන් මාව වෙලිල හිටියා.. .. පහුවදා උදේම ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙලා අම්මගෙයි තාත්තගෙයි කකුල් දෙක අල්ල වැන්දා .. ඒ දෙන්නගෙ මූනෙ තිබුන බලාපොරොත්තු මහ ගොන්න මම මගෙ ඇස් දෙකටම දැක්කා..


    ප්‍රතීපල කිව්වෙ මුලු ඉස්කෝලෙම රැස්වීමක් කැඳවලා.. ප්‍රින්සිපල් බොහොම ගාම්භීර්ව කතා කලා..

    "ළමයි ඔයාල දන්නවා අපේ ඉස්කෝලෙ දුෂ්කර පාසලක්.. මේ දක්වා කිසිම කිසි ළමයෙක් ශිස්යත්වෙ පාස් වෙලා හොද ඉස්කෝලෙකට යන්න වරම් ලබා ගත්තෙ නෑ ... ඒත් එකම එක ලමයෙක් මේ ඉස්කෝලෙට ආව දවසෙම මම හිතුවා මේ ළමය නම් මොනව හරි වෙනසක් කරයි කියලා"

    ප්‍රින්සිපල් මගේ දිහාට හැරුනා

    "මේ ඉස්කෝලෙ අනික් කිසිම ළමයෙක්ට බැරි උනා විභාගෙ පාස් වෙන්න..වෙන අවුරුදු වල වගේම මේ ඉස්කෝලෙ නම්බුව බේරගන්න ඒ ළමයි කාටවත් හැකි වුනේ නෑ.. ඒත් මමත් මගෙ ගුරු මණලයත් දහසක් බලාපොරොත්තු තියාගෙන හිටපු ඒ ළමයා ඉස්කෝලෙ අනික් ලමයි හැමෝටම වඩා ඉදිරියෙන් හිටපු ඒ ළමයා"


    .......



    දසතින්ම අත්පොලසන් නාදය මගෙ කන් බිහිරි කරන තරම් හඩින් ඇහුනා.. ඒ අත්පොල්සන් නාදය මැදින් ප්‍රින්සිපල්ගෙ මේ වචන ටිකත් හැමෝටම ඇහුනා




    "කියන්න කණගාටුයි ළමයි.. ඌත් ෆේල් "



    (බුකියෙන් උස්සන ලදි)
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    32126-clipart-illustration-of-an-expressive-yellow-smiley-face-emoticon-with-one-big-eye-stressed-out-or-nervous.jpg


    +rep :rofl:
     
    • Like
    Reactions: mash malinga

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Paw wade...
    5 panthiye uganwapu teacher thamai kawe mawa a kale.mamanm ada dakkath ganan ganne na.mage geevithe dakapu jarama ganiyek:(
    Guru waru devivaru athate kalakanni haththath innawane:(

    matath oya wage teacher kenek hitia. 4 wasare. Mata pennanna be. Eya hitiye neththan mama eththatama meeta wada wenas wenna thibuna
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ලොල් පට්ට සීන් එක.

    මට ලකුණු 8ක් 9ක් මදි වුනා පාස් වෙන්න.අපේ පන්තියේ 20 ක් විතර පාස් වුන. ඉස්කෝලේ හොඳම ප්‍රතිපල අපේ සර්ගේ තමයි ඒ පාර. සර් කියලා දුන්න හොඳ පාඩම් තාමත් මතකයි (දෙතුන් පාරක් දඬුවම් කරලත් තියනවා මට :D). ඒ වගේම තමයි සර් ළමයින්ගේ හැකියාවන් දියුණු කරා.. චිත්‍ර අඳින්න, කතන්දර ලියන්න පුළුවන් අයට ඒ අවස්තාව දුන්නා. එක පාරක් ශරීර සුවතා ව්‍යායාම කරන්න ගිහිල්ලා කලන්තේ දාල වැටුනා මං. සර් තමයි උස්සගෙන ඇවිල්ල ඇඳකින් මාව තියලා තියෙන්නේ.

    ඉස්කෝලේන් අස්වීම සහතිකේ ගන්න ගිය දවසේ සර්ව හම්බුනා. ඇත්තටම ප්‍රථමික අංශය පැත්තේ වැඩිය යැවෙන්නේ නැති හින්ද මං හිතුවේ මාව මතක නැතිවෙලා ඇති කියලා. එත් සර්ට මාව මතක තිබ්බා. සර්ගේ කොන්ඩේනම් ටිකක් පැහිලා තිබ්බේ. හැබැයි ඉස්සර හිනාවම තමයි ඒ වෙලාවෙත් තිබුනේ. අර ගමේ මිනිස්සු කටපුරා හිනාවෙන්නේ, අන්න ඒ හිනාව.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Paw wade...
    5 panthiye uganwapu teacher thamai kawe mawa a kale.mamanm ada dakkath ganan ganne na.mage geevithe dakapu jarama ganiyek:(
    Guru waru devivaru athate kalakanni haththath innawane:(

    අම්මටසිරි, මේක කියවද්දී මම shock වෙලා ගියානේ බන්. උඹට වෙච්ච සීන් එකම මටත් වෙලා තියෙනවා නේ බන්. මට පොඩි කාලේ උගන්නපු මිස් කෙනෙක් මට මාර විදියට වෙනස් කම් කළා බන්. පොඩි කාලේ මමත් ගියේ දුෂ්කර පාසලකට. මොනවා වුනත් අන්තිමේ ඒ ඉස්කෝලෙන් වැඩිම ලකුණු අරන් පාස් වුනේ මම. ඒ වගේම පාස් වෙච්ච එකම කොල්ලත් මම.

    ඒ වගේම මම 2 වසරේ ඉද්දි මට ගොඩක් ආදරෙන් හිටපු මිස් කෙනෙකුත් හිටියා. මම campus යන කාලේ ඒ මිස්ව හොයාගෙන ගිහින් කතා කරලා තෑගී ගිහින් දීල ආවා. :)
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    �2Â5�2Ç6�2É4�2Ç6�2Å9�2È7�2Ê2�2Ç9�2Ê2, �2Ç6�2Ë0�2Ä6 �2Ä6�2Ê2�2Ç8�2È4�2Æ7�2É4�2Æ7�2Ê3 �2Ç6�2Ç6 shock �2È4�2Ê9�2È1�2É9 �2Ä8�2Ê2�2Ç8�2É9�2Æ9�2Ë0 �2Ç4�2Æ9�2É4. �2Ã1�2Ç7�2Å9 �2È4�2Ê9�2Å2�2É4�2Å2 �2È7�2Ê3�2Æ9�2É4 �2Ã7�2Ä6�2Ç6 �2Ç6�2Å9�2Æ5�2É4 �2È4�2Ê9�2È1�2É9 �2Æ5�2Ê2�2Ç8�2Ê9�2Æ9�2È4�2É9 �2Æ9�2Ë0 �2Ç4�2Æ9�2É4. �2Ç6�2Å9 �2Ç2�2Ë2�2Æ1�2Ê2 �2Ä6�2É9�2È1�2Ë0 �2Ã1�2Ä8�2Æ9�2É4�2Æ9�2Ç2�2Ê4 �2Ç6�2Ê2�2È7�2É4 �2Ä6�2Ê9�2Æ9�2Ê9�2Ä6�2É4 �2Ç6�2Å9 �2Ç6�2É9�2Ç9 �2È4�2Ê2�2Æ7�2Ê2�2Ç8�2Å9 �2È4�2Ê9�2Æ9�2È7�2É4 �2Ä6�2Ç6�2É4 �2Ä6�2È9�2É9 �2Ç4�2Æ9�2É4. �2Ç2�2Ë2�2Æ1�2Ê2 �2Ä6�2É9�2È1�2Ë0 �2Ç6�2Ç6�2Æ5�2É4 �2Ä8�2Ê2�2Ç8�2Ë0 �2Æ7�2Ê4�2È6�2É4�2Ä6�2Ç9 �2Ç2�2É9�2È7�2È1�2Ä6�2Å9. �2Ç6�2Ë2�2Æ9�2È4�2É9 �2È4�2Ê4�2Æ9�2Æ5�2É4 �2Â5�2Æ9�2É4�2Æ5�2Ê2�2Ç6�2Ë0 �2Ã8 �2Â9�2È7�2É4�2Ä6�2Ë3�2È1�2Ê9�2Æ9�2É4 �2È4�2Ê0�2Æ1�2Ê2�2Ç6 �2È1�2Ä6�2Ê4�2Æ3�2Ê4 �2Â5�2Ç9�2Æ9�2É4 �2Ç2�2É9�2È7�2É4 �2È4�2Ê4�2Æ9�2Ë0 �2Ç6�2Ç6. �2Ã8 �2È4�2Ä8�2Ë0�2Ç6 �2Ç2�2É9�2È7�2É4 �2È4�2Ê9�2Å2�2É4�2Å2 �2Ã7�2Ä6�2Ç6 �2Ä6�2Ë2�2È1�2É4�2È1�2Æ5�2É4 �2Ç6�2Ç6.

    �2Ã8 �2È4�2Ä8�2Ë0�2Ç6 �2Ç6�2Ç6 2 �2È4�2È7�2Ç9�2Ë0 �2Â9�2Æ7�2É4�2Æ7�2Ê2 �2Ç6�2Å9 �2Ä8�2Ë2�2Æ1�2Ä6�2É4 �2Â6�2Æ7�2Ç9�2Ê9�2Æ9�2É4 �2È8�2Ê2�2Å9�2Ç2�2Ê4 �2Ç6�2Ê2�2È7�2É4 �2Ä6�2Ê9�2Æ9�2Ê9�2Ä6�2Ê4�2Æ5�2É4 �2È8�2Ê2�2Å9�2Ê2�2Ç8�2É9. �2Ç6�2Ç6 campus �2Ç8�2Æ9 �2Ä6�2É9�2È1�2Ë0 �2Ã8 �2Ç6�2Ê2�2È7�2É4�2È4 �2È8�2Ë2�2Ç8�2É9�2Ä8�2Ê9�2Æ9 �2Ä8�2Ê2�2È8�2Ê2�2Æ9�2É4 �2Ä6�2Æ5�2É9 �2Ä6�2Ç9�2È1�2É9 �2Æ5�2Ê1�2Ä8�2Ê3 �2Ä8�2Ê2�2È8�2Ê2�2Æ9�2É4 �2Æ7�2Ê3�2È1 �2Â6�2È4�2É9. :)

    Appata ehemada.so sad.:(
    Loku kamata newei 1 idan 4 wenakan panthiye 2, 3 une mama.1 wenna ba u patta meter ekak a\l island rank ekak.
    Ehema hitapu mama a ganige panthiyata giyama anthima polime thaniwama desk ekaka hitiye.karapu waraddakuth na mama.a kale ithin therenne nane wenne monawada kiyala.ehema hitapu mawa dakkama ammatath aduna:(
    Ammala ithin sadda badda nathi nisa ewata monawath qwe na a ganita.
    Kohoma hari mama fail.lakunu 114i.
    Hodata pass wei kiyala ammalatath anith teacherla kiyala thibuna.karume thamai ithin.:sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි, මේක කියවද්දී මම shock වෙලා ගියානේ බන්. උඹට වෙච්ච සීන් එකම මටත් වෙලා තියෙනවා නේ බන්. මට පොඩි කාලේ උගන්නපු මිස් කෙනෙක් මට මාර විදියට වෙනස් කම් කළා බන්. පොඩි කාලේ මමත් ගියේ දුෂ්කර පාසලකට. මොනවා වුනත් අන්තිමේ ඒ ඉස්කෝලෙන් වැඩිම ලකුණු අරන් පාස් වුනේ මම. ඒ වගේම පාස් වෙච්ච එකම කොල්ලත් මම.

    ඒ වගේම මම 2 වසරේ ඉද්දි මට ගොඩක් ආදරෙන් හිටපු මිස් කෙනෙකුත් හිටියා. මම campus යන කාලේ ඒ මිස්ව හොයාගෙන ගිහින් කතා කරලා තෑගී ගිහින් දීල ආවා. :)
    2.gif
    2.gif