~~නූර්ති නාඩගම් ගී ~~

DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    රග හල දැන් ඇත අඩ අදුරේ

    නාට්‍ය: මනමේ
    ගායනය: විජේරත්න වරකගොඩ සමග අනුලා බුලත්සිංහල

    රග හල දැන් ඇත අඩ අදුරේ
    අපි දෙදෙනා පෙම් පිලීසදරේ
    අන්න බලන් කුමරිය මනමේ
    තනිවී ඇත හිම ගිරි අරණේ

    දිරියෙන් යුධ කල ඔබ දුටු මොහොතේ
    මගෙ හද ගැබ තුල පිරුණයි ආලේ
    නැතිමුත් රජ සැප හිම ගිරි අරණේ
    ඔබ හැර මෙ‍මටාත් නැත අන් සරණේ

    අවසන් වසරේ සරසවියේ
    ඔබෙ අත අරගෙන හන්තානේ
    කදුපාමුල මහ වැලි සෙවනේ
    මනමේ කුමරිය ඔබද ලදේ

    හැඩිදැඩි සිරුරට ආලය බැදුනා
    ඔබ හට අසිපත දෙන්නට සිතුනා
    මනමේ කුමරුන් මරුමුව වැටුණා
    දැන් මම රැජිනකි හිම ගිරි අරණා

    රග හල දැන් ඇත අඩ අදුරේ
    අපි දෙදෙනා පෙම් පිලීසදරේ
    අන්න බලන් කුමරිය මනමේ
    තනිවී ඇත හිම ගිරි අරණේ //


    woohoo thnkss akkiyaaa ::: :
    :):):)
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පරසක්වල අපෙ(කිරිපුස්සා)

    නා‍ට්‍ය‍ය‍ - සෙක්කුව
    පරසක්වල අපෙ(කිරිපුස්සා)
    ගායනය - එඩ්වඩ් ජයකොඩි


    පරසක්වල අපෙ මහ රජ්ජුරුවෝ
    තෑගි කලයි කිරිපුස්සා
    සරු බිම හොයලා කම්මැලි වීලා
    පැන්නූවයි කිරිපුස්සා
    නිදැල්ලෙ වැඩිලා දැන් හොඳ කඩිසර
    කම්මැලි නැති කිරිපුස්සා
    ආයෙත් සෙක්කුවෙ 'මේ සරු බිම හොයන්න'
    බඳිනවදෝ කිරිපුස්සා

    [රාළේ බැඳපන් කිරිපුස්සා
    රාළේ බැඳපන් අපෙ පැඟිරා]//

    දෙමුහුන් කුලයේ උපන්න කදිම
    වෘසභ‍යෙ‍කි‍ අ‍පෙ‍ පැඟිරා
    රටේම ඉපදී හැදිලා වැඩුනයි
    රඟේට මේ අපෙ පැඟිරා
    සරු බිම හොයලා මුරන්ඩු වීලා
    කම්මැලි වුනු අපෙ පැඟිරා
    ආයෙත් සෙක්කුවෙ 'සරු බිම හොයන්න'
    බඳිනවදෝ අපෙ පැඟිරා

    [රාළේ බැඳපන් අපෙ පැඟිරා
    රාළේ බැඳපන් කිරිපුස්සා]//

    මෙච්චර කල් උඹ සෙක්කු මගක සරු
    බිම් හෙව්වා නොවැ රාළේ
    කරෙන් ඇදල ගොන් මාරු කරල උඹ
    හති වැටුනා නොවැ රාළේ
    'රාළේ! රාළේ!!'
    මහතැන දොඩවන බේගල් අහලා
    තව රැඳෙනුද මෙහි රාළේ
    පැඟිරා පන්නල පුස්සව බැඳලා
    ගාටනවද අපෙ රාළේ

    [රාළේ බැඳපන් අපෙ පැඟිරා
    රාළේ බැඳපන් කිරිපුස්සා]///
    අපෙ පැඟිරා..කිරිපුස්සා///



     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍

    නා‍ට්‍ය‍ය‍ - බෙ‍ර‍ හ‍ඬ‍
    හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍
    ගා‍ය‍න‍ය‍ - රො‍ඩ්‍නි‍ ව‍ර්‍ණ‍කු‍ල‍


    [හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍
    මෙන්න මෙහෙ වරෙව්]//
    [මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
    නට නටා වරෙව්]//
    [තොපිට හරිම වාසියක්
    නට නටා වරෙව්]//

    [හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍
    මෙන්න මෙහෙ වරෙව්]//
    [මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
    නට නටා වරෙව්]//
    තොපිට හරිම වාසියක්
    නට නටා වරෙව්..යකෝ
    තොපිට හරිම වාසියක්
    නට නටා වරෙව්

    [වැඩේ අමාරුත් නැතේ
    තෑගි ටිකත් අපි අතේ]//
    [රත්තරනින් එවන්නේ
    හිරු දෙවියොයි කියන්නේ]////

    [මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
    නට නටා වරෙව්]//
    තොපිට හරිම වාසියක්
    නට නටා වරෙව්..යකෝ
    තොපිට හරිම වාසියක්
    නට නටා වරෙව්
    [හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍
    මෙන්න මෙහෙ වරෙව්]//

    [සාදු සාදු කියල්ලා
    ප්‍රීති ඝෝෂ කරල්ලා]//
    හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ
    කන්ද උඩින් වරෙල්ලා
    හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ
    කන්ද යටින් වරෙල්ලා
    [හිරු දෙවිඳුගෙ හරක් ගත්තු
    හරක් හොරා හොයල්ලා]//
    [ලෝකෙ වටේ ගොහිල්ලා
    හරක් හොරා හොයල්ලා]//
    [හිරු දෙවිඳුගෙ හරක් ගත්තු
    හරක් හොරා හොයල්ලා....]//
    වනන්තරේ සොයාපියෝ
    ගල් අරඹේ සොයාපියෝ
    මරු කතරේ සොයාපියෝ
    මිහිස් වාසෙ සොයාපියෝ
    [කඳු මුදුනේ ගං ඉවුරේ
    වනන්තරේ සොයාපියෝ]//
    [හිරු දෙවිඳුගෙ ගොපල්ලො අපි
    අපිට දෙවියො බලාපියෝ....]//
    [රන් අඹරණ පැළඳගත්ත
    මහ පොළොවේ රන් වපුරන]//
    අපිට දෙවියො බලාපියෝ///
    [හරක් හොරා හොයාගන්න
    සියලු දෙවියො පිහිටවෙයෝ....]//


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මම ආසම සින්දුවක්

    මගෙ මන්ද්‍රි නම් බිසෝ

    නා‍ට්‍ය‍ය‍ - වෙස්සන්තර
    මගෙ මන්ද්‍රි නම් බිසෝ
    ගායනය - සුදත් සමරසිංහ,මැණිකෙ අත්තනායක


    [මගේ මන්ද්‍රී නම් බිසෝගේ
    යා..ව බෝය වේගේ]//
    [නෙක ඡණ්ඩ ව්‍යා‍ග්‍ර ආදී
    උන්නත් හිමාල දේසේ]//
    [හාමාත්ව ඉන්ට වේමැයි
    බෝ දූක් විඳින්ට වන්නේ]//
    [නවතින්න මාළිගාවේ
    සීදේවි නේනු මාගේ]//

    ගෙයි පාන නෑ ගියෝතින්
    මම අන්දකාරෙ ඉන්නෙම්
    [මා බැන්ද පෙම්බරාගේ
    ඒ වාසෙ මාගෙ ප්‍රාසේ]//

    [බෝ ඡණ්ඩ ව්‍යා‍ග්‍ර ආදී
    උන්නත් හිමාල දේසේ]//
    [එමි ස්වාමි එක්ක නික්මී
    ඒ ජීවිතේට පේවී]//

    නවතින්න මාළිගාවේ
    සීදේවි නේනු මාගේ

    එමි ස්වාමි එක්ක නික්මී
    ඒ ජීවිතේට පේවී

    නවතින්න මාළිගාවේ....
    සීදේවි නේනු මාගේ.

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කුමටද සොබනියෙ කදුළු සලන්නේ

    නාට්‍ය: නරිබෑනා
    ගායනය: ජය ශ්‍රී චන්ද්‍රජිත්

    කුමටද සොබනියෙ කදුළු සලන්නේ
    හේතුව මම නොදනිම්
    ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
    මම ඔබ ගෙන යන්නම්
    ඔබ හට හැම සැප එහි දෙන්නම්

    කුමටද සොබනියෙ කදුළු සලන්නේ
    හේතුව මම නොදනිම්
    ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
    මම ඔබ ගෙන යන්නම්
    කුමටද සොබනියෙ කදුළු සලන්නේ

    සද පායන කල ගලබඩ ඉදගෙන
    ඔබෙ හිස පීරන්නම්
    ඔබෙ හිස පීරන්නම්
    මල් පෙති විසිරුණු සුදුවැලි මතුපිට
    ඔබගෙන ඇවිදින්නම්
    ඔබ ගෙන ඇවිදින්නම්
    සොදුරියෙ ආදරබස් දෙන්නම්
    සොදුරියෙ ආදරබස් දෙන්නම්

    කුමටද සොබනියෙ කදුළු සලන්නේ
    හේතුව මම නොදනිම්
    ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
    මම ඔබ ගෙන යන්නම්
    කුමටද සොබනියෙ කදුළු සලන්නේ

    තණ අග දිලිසෙන පිනිකැට අරගෙන
    ඔබෙ ඇග දෝවන්නම්
    ඔබෙ ඇග දෝවන්නම්
    ඉර පායන විට පුබුදින මල්ගෙන ඔබෙ හිස සරසන්නම්
    ඔබෙ හිස සරසන්නම්
    කොමලියෙ ආදරබස් දෙන්නම්
    කොමලියෙ ආදරබස් දෙන්නම්





     
    Last edited:
    • Like
    Reactions: thilzz

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සි‍ඹි‍නෙ‍මි‍ ප්‍රේ‍මි‍ ම‍ගේ‍

    නා‍ට්‍ය‍ය‍ -
    සි‍ඹි‍නෙ‍මි‍ ප්‍රේ‍මි‍ ම‍ගේ‍
    ගා‍ය‍න‍ය‍ - ජ‍ය‍ල‍ත්‍ ම‍නෝ‍ර‍ත්‍න‍,මැ‍ණි‍කෙ‍ අ‍ත්‍ත‍නා‍ය‍ක‍

    සි‍ඹි‍නෙ‍මි‍ ප්‍රේ‍මි‍ ම‍ගේ‍//
    දෙ‍ව්‍ ලෝ‍කෙ‍න්‍ ආ‍ දෙ‍වි‍යෙ‍ක්‍ ව‍ත්දෝ
    නෑ‍ නෑ‍ ම‍ම‍මයි ප්‍රේමසි ?මම් මේ‍
    .. දෙව්සේ රූපා ස්වාමී
    ප්‍රේ‍මි‍ ම‍ගේ‍
    සි‍ඹි‍නෙ‍මි‍ ප්‍රේ‍මි‍ ම‍ගේ‍

    [බොරුවක් නොවෙද ඔය කීවේ
    බොරු බස් කී යන්නේ නොවේය මේ මා]//
    ප්‍රේමීටා ආදරෙන් මා මැරෙයි
    මාගේ ප්‍රානේ වෙයි ..
    ප්‍රේ‍මි‍ ම‍ගේ‍
    සි‍ඹි‍නෙ‍මි‍ ප්‍රේ‍මි‍ ම‍ගේ‍

    දෙ‍ව්‍ ලෝ‍කෙ‍න්‍ ආ‍ දෙ‍වි‍යෙ‍ක්‍ ව‍ත්දෝ
    නෑ‍ නෑ‍ ම‍ම‍මයි ප්‍රේමසි ?මම් මේ‍
    .. දෙව්සේ රූපා ස්වාමී
    ප්‍රේ‍මි‍ ම‍ගේ‍
    සි‍ඹි‍නෙ‍මි‍ ප්‍රේ‍මි‍ ම‍ගේ‍

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    බෝ දොස් කියා

    නාට්‍ය‍ය‍ - වෙස්සන්තර
    බෝ දොස් කියා
    ගායනය - ජයලත් මනෝරත්න


    බෝ දොස් කියා මාගෙ
    බෝ දොස් කියා
    සිරි දේසේ වැසියො කිපී//
    පන්නා මා ලූය මෙවන//
    බෝ දොස් කියා මාගෙ
    බෝ දොස් කියා

    [දාසින් ලබාගෙනා
    සම්බවෙන්ට සුන්දරී]//
    යන්නටා හැකී වේදෝ//
    දානෙ දෙයිද වෙස්සන්තර//

    බෝ දොස් කියා ..

    දාසින් ලබාගෙනා..

    බෝ දොස් කියා මාගෙ..//


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සි‍රි‍ සං‍ඝ‍ බෝ‍ධි‍

    නාට්‍ය‍ය‍ - සිරිසඟබෝ
    සි‍රි‍ සං‍ඝ‍ බෝ‍ධි‍
    ගා‍ය‍න‍ය‍ - නිශ්ශංක දි‍ද්දෙ‍ණි‍ය‍


    [සි‍රි‍ සං‍ඝ‍ බෝ‍ධි‍ මාළිගාවෙදී මම්
    දැක ප්‍රානෙ හානෙ වෙන්ට බැට දෙම්]//
    [අල්ලා බන්ඳා රන්ඳ බිඳ උන්දැ කොන්දා ලාමි සින්ඳා
    සැන්ඳැ කාලෙ මාලීගාවෙ ඉන්නව සොයා]//
    ධර්මේ සීලෙ රම්නා රාජා ලාමි දිවිනසා
    කර්මෙ වෙන්නෙ පස්සෙ හින්ද කිම්ද දෝසයා
    කෝළහාල සිද්දවෙන්ට කාලෙ බෝ සොඳා//
    [තේජසාර සීලවන්ත ධර්ම සංඝබෝධි රාජ
    භංගකරලමි නෑර මාළීගා සොයා]//

    සි‍රි‍ සං‍ඝ‍ බෝ‍ධි‍ මාළිගාවෙදී මම්
    දැක ප්‍රානෙ හානෙ වෙන්ට බැට දෙම්..

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    නැ‍ත‍ හ‍රි‍ය‍න්නේ

    නා‍ට්‍ය‍ය‍ - ... (චාල්ස් ඩයස්)
    නැ‍ත‍ හ‍රි‍ය‍න්නේ
    ගායනය - ජයලත් මනෝරත්න,මැණිකෙ අත්තනායක


    නැත හරියන්නෙ ඔය කාරී//
    මගෙ පෙහෙ රුව දොසක් ඇතෑ කිසි//
    රූපෙ දොසේ නැත කාරි වෙන්නෙ නැත//
    රජ කෙරේ යලි බෝ
    නැත හරියන්නේ ඔය කාරී//

    ඔය හිත ඇත්හැර දාම යසාවේ//
    [කාමෙට ලොල් නැත රාජ අසෝකා
    කාම දැලෙන් අල්ලන්නේ අසෝකා]//
    නෑ බැරිවෙන්නේ නෑ
    නැත හරියන්නේ ඔය කාරී//

    [කාරි නෑ/// මට
    ආදරෙ ආදරෙ වෙන්නේ නෑ රාජානෝ]//
    [කාරි විට කිම
    කාරි වෙන්නේම නෑ]
    රාජාගේ ආදරේ මා කෙරේ ගත්තෝතින්//
    වාසිවෙ වාසිවෙ කාසි බෝ දෙමි//
    ඕනෑ නෑ /// මට
    නැත හරියන්නෙ ඔය කාරි//

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අද වෙස්සන්තර

    නා‍ට්‍ය‍ය‍ - වෙ‍ස්‍ස‍න්‍ත‍ර‍
    අද වෙස්සන්තර රාජ පුතා
    ගායනය - සමූහ ගායනා


    [අද වෙස්සන්තර රාජ පුතා
    මන්ද්‍රී කුමාරි බඳී
    දේවෝපකාර වෙවා සෑදී සෙත්]//
    [රටවැස්සන්ගේ කාලෙ සොඳා
    දුර්භික්ෂ යාය සිඳී
    මංගල්ලෙ සාර වෙවා සෑදී සෙත්]//

    බොහොම ප්‍රීතිඝෝශා ඇසෙන්නා මේ සිව්දිසා//
    සෙත අත්පත් වේවා මන්ද්‍රි කුමරි හට දැන්//
    රාජ සම්පත් නොමින් දේය රාජා උතුම්//
    කුමරාගෙ පිනක් මැයී..
    වාසනාවෝ..වාසනාවෝ..


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සු‍න්‍ක‍ර‍ලා‍මි‍ ම‍ම්‍

    නා‍ට්‍ය‍ය‍ -
    සු‍න්‍ක‍ර‍ලා‍මි‍ ම‍ම්‍
    ගා‍ය‍න‍ය‍ - වි‍ක්‍ට‍ර් වික්‍රමගේ


    සුන්කරලාමි මම නා ලෝකේ//
    පණ්ඩිතයින්ටා යම්කිසී අන්තරා
    අන්තරා... සිද්දවුනෝතින්
    සුන්කරලාමි මම නා ලෝකේ//

    පුරුද්ද පරිදි ...
    කකා නොයිඳ සිටුවා ගන්ටා
    පණ්ඩිතයින්ගේ හදමස් විනාසේ
    විනාසේ.. සිද්දවුවෝතින්
    සුන්කරලාමි මම නා ලෝකේ//

    ගිමන තොපගේ වැඩලා සිටි
    පණ්ඩිත ඒ විදුර තුමා
    ගැඹුරු න්‍යා‍ය‍ ධර්ම සයුරේ
    කිමිද සිටින එතුමා
    [තොපේ දුව මට ඕනෑ නෑ
    පඬිතුමා මරලා ගන්ටා]//
    රක්ශා කරන්නෙම් බලේ පා
    බලේ පා බලේ පා ඒතුමා මම

    සුන්කරලාමි මම නා ලෝකේ//
    පණ්ඩිතයින්ටා යම්කිසී අන්තරා
    අන්තරා... සිද්දවුනෝතින්
    සුන්කරලාමි මම නා ලෝකේ//

     
    • Like
    Reactions: akolla

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දැක්කොත් පද්මාවතී

    නාට්‍ය‍ය‍ - පද්මාවතී (චාල්ස් ඩයස්)
    දැක්කොත් පද්මාවතී
    ගායනය - ජ‍ය‍ශ්‍රී‍ ච‍න්‍ද්‍ර‍ජිත්


    ආලේ නොකරා බැරී..
    දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී//
    ලාලාටේ චන්ද්‍රයා සේ පෙනේ//
    දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී//

    මේඝ‍ සෙ‍ කේ‍සා‍වේ‍ ඇ‍ගේ‍ ග්‍රී‍ව‍ සක් සේ වේ//
    අහො ඈගේ ග්‍රීව සක් සේ වේ
    ලමැද හංසයින්සේ පෙනේ
    ආලේ නොකරා බැරී..
    දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී//

    [මුක්තා සෙ දන්තා වේ
    ඇගේ වර්ණ ස්වර්ණා වේ]//
    අහො ඈගේ වර්ණ ස්වර්ණා වේ//
    ලමැද හංසයින්සේ පෙනේ
    ආලේ නොකරා බැරී..
    දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී//

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    යස ඉසුරූ පිරුණු තැනා

    නාට්‍ය: රතු හැට්ටකාරී
    ගායනය: රොඩ්නි වර්ණකුල

    යස ඉසුරූ පිරුණු තැනා
    සිරි දෙව් දූ සිටින තැනා
    ළගම ඇතේ දුරක නැතේ
    ළගම ඇතේ දුරක නැතේ
    අපි යන්නේ ඒ පාරේ
    යස ඉසුරූ පිරුණු තැනා
    සිරි දෙව් දූ සිටින තැනා

    යුක්ති ගරුක අතීතයට කැන්දම් යමි මම
    යස රාජ ධර්ම කල
    තෙද වීර රජුන් ඇත
    ඇස් ඉදිරියෙ උඹ ලග
    ඇස් ඉදිරියෙ උඹ ලග
    අතීතයේ ඉස්ටෝරුව එදා ඉදන් මම
    නිදි මර මර මුරකොට
    බහිරව බිලි පුද කොට
    රැක ගත්තේ නුඹලට
    රැක ගත්තේ නුඹලට

    යස ඉසුරූ පිරුණු තැනා
    සිරි දෙව් දූ සිටින තැනා

    රජවරු රජ මැතිවරු යස රාජ බිසෝවරු
    කල කෙලිසෙල්ලම් දැක
    තව කාසි දියන් මට
    හොද තෑගි දියන් මට
    හොද තෑගි දියන් මට
    රජවරු රජ මැතිවරු යස රාජ බිසෝවරු
    කල කෙලිසෙල්ලම් දැක
    තව කාසි දියන් මට
    හොද තෑගි දියන් මට
    හොද තෑගි දියන් මට

    යස ඉසුරූ පිරුණු තැනා
    සිරි දෙව් දූ සිටින තැනා
    යස ඉසුරූ පිරුණු තැනා
    සිරි දෙව් දූ සිටින තැනා
    ළගම ඇතේ දුරක නැතේ
    ළගම ඇතේ දුරක නැතේ
    අපි යන්නේ ඒ පාරේ
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මො‍රො‍ට්‍ටු‍ ග‍ම්‍ම‍න‍

    නා‍ට්‍ය‍ය‍ -
    මො‍රො‍ට්‍ටු‍ ග‍ම්‍ම‍න‍
    ගා‍ය‍න‍ය‍ - පු‍ණ්‍යසේ‍න‍ ගු‍ණ‍ති‍ල‍ක‍


    [මොරොට්ටු ගම්මන සිරුට්ටු උරමින
    කොරොට්ටු? වැඩ දත් ..ම් බාස් මම්
    වඩූවැඩ ලංකාවේ හොඳ තරමට දන්නා
    වඩූවැඩ ලංකාවේ]//

    [බාල්ක රීප්ප හරියට තියලා
    සිවිලිං තට්ටුව කැටයම් කරලා]//
    සොඳ වැඩ සපනෙකි මම්
    මේ කාලේ හැටියට
    සොඳ වැඩ සපනෙකි මම්

    මොරොට්ටු ගම්මන ..

    [තේක්ක කරුවල කියතෙන් ඉරලා
    අඟලට නූලට බොරදං? දාලා]//
    සදතැකි අල්මාරී
    මේ කාලේ හැටියට
    සදතැකි අල්මාරී

    මොරොට්ටු ගම්මන ..

    [නූල්ද ඇද මාදැල්ද ගොතාලා
    වාරකනට දැල් පස්සට ඇදලා]//
    අන්නැති? රාළෙකි මම්
    මේ කාලේ හැටියල
    අන්නැති? රාළෙකි මම්


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    රතදර සිරියා

    නාට්‍ය‍ය‍ - දික්තල කාලගෝල
    රතදර සිරියා
    ගායනය - මැණිකෙ අත්තනායක


    [රතදර සිරියා පරදන රූපෙට වටිනා
    නිමල කොමළ තරුණී]//
    [අයියෝ මාගේ යෞ‍වන කාලේ
    මෙහෙමද පසුවෙන්නේ]//
    [නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියටා
    මව්පියො අත බැඳ දුන්]//

    [රතදර සිරියා පරදන රූපෙට වටිනා
    නිමල කොමළ තරුණී]//

    [ඈත්තේ චිත්තේ මාගේ බොහොසේ
    මේවූ දුක පමනයී...]//
    [නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියටා
    මව්පියො අත බැඳ දුන්]//

    [රතදර සිරියා පරදන රූපෙට වටිනා
    නිමල කොමළ තරුණී]//

     
    Jan 15, 2009
    9,238
    368
    0

    අන්න බලන් සඳ

    අන්න බලන් සඳ රන් තැටියෙන්
    සුදු සීත ගඟුල් ගලනා
    හද සෝක තැවුල් නිවනා
    අන්න බලන් සඳ රන් තැටියෙන්
    සුදු සීත ගඟුල් ගලනා
    හද සෝක තැවුල් නිවනා

    චන්දන පල්ලව කෝකිල කූංජන
    චන්දන පල්ලව කෝකිල කූංජන
    සංගීතයේ පැටලී
    සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ
    සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ
    ආදර බස් කියනා
    හඬ දේවිනි කන් පිනනා

    අත් පසුරෙන් තුරු පෙම්බරයන්
    බඳ බන්දා සෙනේ සිතිනි
    ලිය වැල් පැටලී ගොසිනී
    අත් පසුරෙන් තුරු පෙම්බරයන්
    බඳ බන්දා සෙනේ සිතිනි
    ලිය වැල් පැටලී ගොසිනී

    පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
    මාරුතයේ හැපිලා
    පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
    මාරුතයේ හැපිලා
    මන්මද රංගන මණ්ඩපයේ මෙම
    මන්මද රංගන මණ්ඩපයේ මෙම
    මං ද බලා හිදිමී
    තව පෙම්බර මා සාමිනේ

    අන්න බලන් සඳ රන් තැටියෙන්
    සුදු සීත ගඟුල් ගලනා
    හද සෝක තැවුල් නිවනා
    අන්න බලන් සඳ රන් තැටියෙන්
    සුදු සීත ගඟුල් ගලනා
    හද සෝක තැවුල් නිවනා

    නාට්‍ය‍ය‍ - කුණ්ඩල කේශි
    ගා‍ය‍න‍ය‍ - එඩ්වඩ් ජයකොඩි / සන්ද්‍රා දීපානි


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අපි ගමට යමු

    නා‍ට්‍ය‍ය‍ - දික්තල කාලගෝල
    අපි ගමට යමු
    ගායනය - උදේනි චන්‍ද්‍ර‍සිරි


    [අපී ගමට යමූ ගමට යමූ
    බිරිඳ බලන්න මගේ නෑදෑයෝ]//
    [ඉලව්වෙ මාන්නේ පැහිච්ච ගෑණී]//
    තෑගී ලැබෙයි තිට තෑගී ලැබෙයී
    බිරිඳ බලාලා මගේ නෑදෑයෝ
    තිට තෑගී ලැබෙයී තෑගී ලැබෙයී
    බිරිඳ බලාලා මගේ නෑදෑයෝ

    [මට මොටද වදේ මොටද වදේ
    සුරිඳ බලන්න අහෝ මා දේසේ]//
    නටන්න වාගේ මේ කළු මීට්ටා
    වාහෙ අපොයි මගෙ වාහෙ අපොයි
    සුරිඳ බලාලා මා රැකදේවා
    මගෙ වාහෙ අපොයි වාහෙ අපොයි
    සුරිඳ බලාලා මා රැකදේවා

    අපී ගමට යමූ ගමට යමූ
    බිරිඳ බලන්න මගේ නෑදෑයෝ]//

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පුර සඳ පායා

    පුර සඳ පායා
    ගායනය - පු‍ණ්‍ය‍සේන ගුණතිලක


    [පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
    දිලෙන වැනි මුහුණ තිගේ] //
    සීදේවි මාගේ කීට්ටු වෙයන්කෝ//

    නින්දා කරයි දුටුවන්...

    සීදේවී...

    නින්දා කරයි දුටුවන්...

    සීදේවී...

    මුහුණ තිගේ
    [පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
    දිලෙන වැනි මුහුණ තිගේ] //


    ඇයි ඹොට වාහේ විලි නැතේ දෝ
    නින්දා කරයි දුටුවන්

    සීදේවී....


    නින්දා කරයි දුටුවන්...

    සීදේවී...

    නින්දා කරයි දුටුවන්...

    මුහුණ ‍තිගේ

    [පුරසඳ පායා දිලෙන වැනි මුහුණ තිගේ
    දිලෙන වැනි මුහුණ තිගේ] //

     
    Last edited: