~~නූර්ති නාඩගම් ගී ~~

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඔය තියෙන්නේ නංගි ඔහොම ඉදිරියටම යන්....
    ඔයාගේ උත්සහයට හා කැපවීමට බොහොම ස්තුතියි..
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ~~නූර්ති නාඩගම් ගී ~~

    ඔන්න අළුත් වැඩක් පටන් ගත්ත.

    ගොඩක් දෙනෙක් නූර්ති නාඩගම් ගී ඉල්ලල තියෙනව දැකල තිබ්බ හින්ද සහ මමත් ගොඩක් දෙනෙක් ගෙන් ඉල්ලල බොහොම අමාරුවෙන් මේ වගේ සින්දු එකතු කරගත්ත හින්ද හිතුව දැනට මා ගාව තියෙන නූර්ති නාඩගම් වගේ වටිනා ගීත තවත් ඒවට කැමති අයත් එක්ක බෙදා ගන්න. ගීය එක්ක එහි පද පේළිත් එකතු කරන්න හිතුව.

    මේ ගීත බොහොමයක් මම අපේ ශිවන්ත, දීලක, pads අයිය සහ අනිත් යාළුවන්ගෙන්(නම නොකීවට තරහ වෙන්න එපා) ඉල්ලල හොයාගත්තු ඒව. ඒක නිසා ඒගොල්ලන්ට මගේ ස්තුතිය.

    සමහර ගීතවල පද පේළිවල අපැහැදිලි තැන් පැහැදිලි කරල දුන්න අපේ ශශිටත් තැන්කූ.
    :rofl::rofl:

    කැමති අය බාගන්න , අහල බලල සතුටු වෙන්න, ඒ වගෙම ඒ ඒ ගීතවල පසුබිම ගැන දන්න දෙයක් තියෙනවනන් ඒගැනත් අපිත් එක්ක බෙදා හදා ගන්න මෙතන.




    Thank you so much sis.
    Great Work!!!!:yes:
     

    nISITHC

    Member
    Jun 20, 2009
    365
    11
    0
    Deiyek........
    ne... dewalayak.... pin machoo
    puluwannam All song ekapara download karaganna 1ka link 1kak diyankoooo
    plzzzzzzzzzzz
     

    nISITHC

    Member
    Jun 20, 2009
    365
    11
    0
    ~~නූර්ති නාඩගම් ගී ~~

    ඔන්න අළුත් වැඩක් පටන් ගත්ත.

    ගොඩක් දෙනෙක් නූර්ති නාඩගම් ගී ඉල්ලල තියෙනව දැකල තිබ්බ හින්ද සහ මමත් ගොඩක් දෙනෙක් ගෙන් ඉල්ලල බොහොම අමාරුවෙන් මේ වගේ සින්දු එකතු කරගත්ත හින්ද හිතුව දැනට මා ගාව තියෙන නූර්ති නාඩගම් වගේ වටිනා ගීත තවත් ඒවට කැමති අයත් එක්ක බෙදා ගන්න. ගීය එක්ක එහි පද පේළිත් එකතු කරන්න හිතුව.

    මේ ගීත බොහොමයක් මම අපේ ශිවන්ත, දීලක, pads අයිය සහ අනිත් යාළුවන්ගෙන්(නම නොකීවට තරහ වෙන්න එපා) ඉල්ලල හොයාගත්තු ඒව. ඒක නිසා ඒගොල්ලන්ට මගේ ස්තුතිය.

    සමහර ගීතවල පද පේළිවල අපැහැදිලි තැන් පැහැදිලි කරල දුන්න අපේ ශශිටත් තැන්කූ.
    :rofl::rofl:

    කැමති අය බාගන්න , අහල බලල සතුටු වෙන්න, ඒ වගෙම ඒ ඒ ගීතවල පසුබිම ගැන දන්න දෙයක් තියෙනවනන් ඒගැනත් අපිත් එක්ක බෙදා හදා ගන්න මෙතන.




    Dewalyakne oya....
    tNx.......
    puluwannam me okkoma ekapara download karaganna puluwan vidiyata 1ka link
    1kak danawada....
    &
    thiyenawanam gremaphone song ....... godak watinawa plzzzzzzzz up load... karannako.
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔයා ඉල්ලපු සින්දුව මේක වෙන්න ඕනෙ,සින්දුව අප් කලේ gayandilanga
    සින්දුව හොයල දුන්නෙ sandun thilaka :)


    ර‍තු‍ හැට්ටෙ පළල් මදි

    නාට්‍ය‍ය‍ -
    ර‍තු‍ හැට්ටෙ පළල් මදි
    ගායනය - රොඩ්නි වර්ණකුල

    මෙන්න මේ ගීතෙම quality ටිකක් වැඩි එකක්.

    ර‍තු‍ හැට්ටෙ පළල් මදි
    ගායනය - රොඩ්නි වර්ණකුල
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    තවත් නාට්‍ය‍ ගීත කිහිපයක් , හොයල දුන්නෙ ශිවා ;)


    බෑ බෑ ගෙදර යන්න බෑ


    නා‍ට්‍ය‍ය‍ - තාරාවෝ ඉගිලෙති(ලූෂන් බුලත්සිං‍හ‍ල)
    බෑ බෑ ගෙදර යන්න බෑ

    බෑ බෑ ගෙදර යන්න බෑ//
    [ගෙදර යන්නෙ නෑ
    මං ගෙදර යන්නෙ නෑ]//
    [පය ඔසවාගන්න බැහැ මගේ
    සියොලඟින්ම බැඳ දමා තිබේ]//
    සිර මැදිරිය ඇරලුවත් මෙසේ
    මේ සිරකරු යන්නෙ නෑ කපේ//

    ඉගිල යන්න ඇයි බැරී//
    ඉගිල යන්න ඇයි බැරි මගෙ තාරාවෝ//
    [කූඩුවෙ දොර හැර දැම්මා මා
    අහසෙ තියෙයි ඔබ හට සීමා]//
    විසල් ලොවට මග ඉඩ දෙන් මා
    ඉතින් ඉගිල යන් තාරාවා//

    බෑ බෑ ගෙදර යන්න බෑ//
    [ගෙදර යන්නෙ නෑ
    මං ගෙදර යන්නෙ නෑ]//

    බෑ බෑ ගෙදර යන්න බෑ//
    [ගෙදර යන්නෙ නෑ
    මං ගෙදර යන්නෙ නෑ]//

    [දිය පීනා එයි තාරාවා..
    ඉගිලී පල කලු තාරාවා..]/////

    බෑ බෑ බෑ බෑ බෑ

     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පු‍රු‍ෂ‍ භා‍ව‍ය‍යි‍ අ‍පේ‍ ආ‍යු‍ධේ

    නා‍ට්‍ය‍ය‍ -
    පු‍රු‍ෂ‍ භා‍ව‍ය‍යි‍ අ‍පේ‍ ආ‍යු‍ධේ‍(ලූ‍ෂ‍න්‍ බු‍ල‍ත්‍සිංහල‍)


    'සූ‍ර‍ වි‍රු‍ව‍නි‍ අ‍ස‍ව්‍'
    'ගෘ‍හ‍ මූ‍ලි‍ක‍යෙ‍නි‍ අ‍ස‍ව්‍'
    [පු‍රු‍ෂ‍ භා‍ව‍ය‍යි‍ අ‍පේ‍ ආ‍යු‍ධේ‍
    ඔ‍බ‍ නි‍දා‍ වැ‍ටු‍නො‍ති‍න්‍
    හො‍රු‍ ග‍නී‍ ආ‍යු‍ධේ‍
    පි‍බි‍දි‍ය‍ව්‍ පු‍රු‍ෂ‍යි‍න්‍ මි‍හි‍ත‍ලේ‍]//
    [පු‍රු‍ෂ‍ ශක්තියෙ‍න්‍ සු‍ග‍න්ධ
    පුෂ්පයෙන් ලොවක් තනන්න
    වීදුරු නළවල සිරවී බැරිවෙතේ]//
    [නව ආරක තටු මැවෙන්න
    ඉපැරණි තටු හලව් බිමට
    කුරු‍ළු වේසයෙන් නැගෙව්
    යමව් අම්ඹරේ]//
    [ජන්මයෙන්ම ස්ත්‍රි චිත්තයේ
    පුරුෂ ප්‍රතිභිම්බය පුංචි වී තියේ]//
    [මෙහෙම ඩිංග ඩිංග පුන්චි වී
    ගියොත් අපේ බලේ
    පුරුෂ ප්‍රාණියා පොලෝතලේ
    නැතේ අනාගතේ]//




     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ක‍න්න දෙනව නං

    නා‍ට්‍ය‍ය‍ - රජ ගහේ නාඩගම(ජනක් ප්‍රේමලාල්)
    ක‍න්න දෙනව නං
    ගායනය - රවින්ද්‍ර යසස්


    [ක‍න්න දෙනව නං අපිට
    බොන්න දෙනව නං අපිට
    මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ]//
    මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ

    [කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
    බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ]//
    කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
    අ‍පේ‍ ක‍ටේ‍ ලෝ‍දි‍ය‍ ටි‍ක‍ වැ‍ටෙ‍න‍ව‍නාං

    කන්න දෙනව නං...

    [සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන්
    සදාචාරෙ මකබෑවී ගියාදේන්]//
    [සංස්කෘ‍ති‍ය‍ වල පල්ලට ගියාදේන්
    අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං]//

    කන්න දෙනව නං...

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අතට වළලුද

    නා‍ට්‍ය‍ය‍ - කදා වළලු(ම‍හා‍චා‍ර්‍ය‍ එදිරිවීර සරත්චන්ද්‍ර නිර්මාණයක්)
    අතට වළලුද
    ගායනය - යසෝධරා සරත්චන්ද්‍ර


    අතට වළලුද පයට ගිගිරිද
    ලා ගනී කිඳුරඟන සොබනා//
    වනේ සිඳගූන් කඩා මල් පෙති
    වරල සරසා ගනිති නිතිනා//
    සඳුන් කුංකුම ගතේ තවරා
    සුවඳ වේ අභිසාරි කඟනා//
    පියවි සුන්දර රූ සපුව වුව
    ලකල වේ ලූ සඳ පළඳනා//
    සදා ගන රන් සේ දිළෙන්නේ
    කදා වළලුය මවිකුනන්නේ
    නදා දෙන සිත සැමඟනන්ගේ
    සෙ දා ගෙන ඇයි නොපළඳින්නේ//
    වළලු වළලූ කදා වළලූ
    වැඩිය නෑ මිල කදා වළලූ
    වළලු වළලූ කදා වළලූ
    වැඩිය නෑ මිල කදා වළලූ



     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලුතෙන් හොඳ පැරණි ගීත කීපයක් ම දාල තියෙන්නෙ. බොහො ම ස්තූතියි.
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඇ‍ඳු‍රු‍ තු‍මා‍

    නා‍ට්‍ය‍ය‍ - ප්‍රේමතී ජායතී සෝකෝ(මහාචාර්‍ය‍ එදිරිවීර සරත්චන්ද්‍ර නිර්මාණයක්)
    ඇ‍ඳු‍රු‍ තු‍මා‍
    ගා‍ය‍න‍ය‍ - තිහාරි වික්‍ර‍මා‍රච්චි


    [ඇ‍ඳු‍රු‍තු‍මා‍ ව‍න්න මගේ
    නොදුන් නමුත් ශිල්ප ශාස්ත්‍ර
    ජීවිතයේ ගිරි දුර්ගය
    නගින්ට අත්වැලක් වෙන්න]//

    මහට දෙන්න ගුරු උපදෙස්
    වියෝ වෙතත් මා ඔබගෙන්
    නිරන්තරව සිහියට එන
    සමීපයෙන් ඉවත් නොවී
    දුකටත් සැපටත් දෙකටම
    නොහරින හිත මිතුරෙකු සේ

    [ඇ‍ඳු‍රු‍තු‍මා‍ ව‍න්න මගේ
    නොදුන් නමුත් ශිල්ප ශාස්ත්‍ර
    ජීවිතයේ ගිරි දුර්ගය
    නගින්ට අත්වැලක් වෙන්න]//

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඇසට නැතේ

    නා‍ට්‍ය‍ය‍ - සිං‍හ‍බා‍හු‍(ම‍හා‍චා‍ර්‍ය‍ එ‍දි‍රි‍වීර සරත්චන්ද්‍ර නිර්මාණයක්)
    ඇසට නැතේ
    ගායනය - තිහාරි වික්‍රමාරච්චි

    ඇසට නැතේ....දකිනේ
    පුතු මාගේ....
    නැත පෙරලා එන්නේ
    ඇසට නැතේ.......දකිනේ
    පුතු මාගේ....
    නැත පෙරලා එන්නේ..

    සමිඳුන් හැරදා....ගිය එම දෝසෙන්
    බිළිවූවෝ.....රුදු මරුටා...
    දෙදෙනම මා පන වූ..
    බිළිවූවෝ.......රුදු මරුටා...
    දෙදෙනම මා පන වූ..

    ඇසට නැතේ.......දකිනේ
    පුතු මාගේ....
    නැත පෙරලා එන්නේ..

     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    නියම වැඩක් තිලිස් අක්කි. :D ඔක්කොම එවා එකම තැනක තියන එකත් ලේසියි. තිලිස් අක්කා ඇතුලු ඔක්කොටෝම බොහොම ස්තූතියි. :D
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    thanx machan.....keep up da good work
    really good thread sis....
    keep it up.....
    :)
    thanks nangi...
    godak vatina thread ekak.....
    math me "geetha" soya soya hitiye...
    mewaye "kavyathmaka bawak" (poetic) thiyenawa....
    lassanai
    :yes:
    ඔය තියෙන්නේ නංගි ඔහොම ඉදිරියටම යන්....
    ඔයාගේ උත්සහයට හා කැපවීමට බොහොම ස්තුතියි..
    ela ela man lagath thiyanawa upload karannag
    Thank you so much sis.
    Great Work!!!!:yes:
    Dewalyakne oya....
    tNx.......
    puluwannam me okkoma ekapara download karaganna puluwan vidiyata 1ka link
    1kak danawada....
    &
    thiyenawanam gremaphone song ....... godak watinawa plzzzzzzzz up load... karannako.
    එළකිරියේ දැක්ක වටින වැඩක් ගොඩක් ස්තුතියි
    අලුතෙන් හොඳ පැරණි ගීත කීපයක් ම දාල තියෙන්නෙ. බොහො ම ස්තූතියි.
    නියම වැඩක් තිලිස් අක්කි. :D ඔක්කොම එවා එකම තැනක තියන එකත් ලේසියි. තිලිස් අක්කා ඇතුලු ඔක්කොටෝම බොහොම ස්තූතියි. :D
    ~~ නූර්ති නාඩගම් ගී ~~
    meka nam Maxxxa wadak...thanks kiwwa
    Niyama wadak meka nam! mal 7i aaaaaa...:yes::yes::yes::yes::yes::yes::yes::yes:
    Thank you very much!
    ගො‍ඩ‍ක්‍ ස්‍තූ‍ති‍යි‍ :) ත‍ව‍ත්‍ ගී‍ත‍ කි‍හි‍ප‍ය‍ක්‍ දා‍න්න ඉන්නෙ, ඒ‍ව‍ත්‍ අ‍ර‍ග‍න්න.
    MADURA JAWANIKA EKE SINDU THIYANAWADA??
    කලින් දාපු එක විතරයි තාම හම්බුනේ, තව හම්බුනොත් දාන්නං.:yes:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පිළිගන්ටා බෑ

    නා‍ට්‍ය‍ය‍ - පද්මාවතී (චාල්ස් ඩයස්)
    පිළිගන්ටා බෑ
    ගායනය - ජයශ්‍රී චන්ද්‍රජිත්,මැණිකෙ අත්තනායක


    පිළිගන්ටා බෑ ඒ කීම යන්ටා යමී//
    දුටුවෝ..තින් වේවි ආ..ලේ//
    ලය කම්පා වී ප්‍රානේ මුදාවී ඔබේ//
    පිළිගන්ටා බෑ ඒ කීම යන්ටා යමී//

    මෙවූ සරූ..පේ කාගෙ තිබේ..දෝ

    බොරූද.. දොඩන්නේ මොහූ..//

    මෑ පද්මාවතීගේ පයේ දූලි සේවේ//
    එම දේවී ඔබටා වටී//
    නොවනු? මාගෙ කල්පනාව කියමි අනුව දැන්//

    පිළිගන්ටා බෑ ඒ කීම යන්ටා යමී//