View Single Post
(#10)
Old
Maui_15's Avatar
Maui_15 Maui_15 is offline
Senior Member
Maui_15 is a jewel in the roughMaui_15 is a jewel in the roughMaui_15 is a jewel in the roughMaui_15 is a jewel in the roughMaui_15 is a jewel in the roughMaui_15 is a jewel in the rough
 
Posts: 606
Join Date: Jan 2018
06-03-2018, 09:52 AM

Quote:
Originally Posted by K_ZONE View Post
මචො, ඔරිජිනල් Barcode එකක් ගන්න එක නම් ටිකක් වියදම් වැඩක්,

ඒක තේරුමක් නැ පොඩි වැඩකට, මොකද මුරුක්කු පැකට් බිස්නස් එකක් කියලා හිතන්නකො, මුරුක්කු වර්ග 5 කින් size 3 k තියෙනවා කියන්නකො, එත්කොට ඒවට Barcode 15 ක් Register කරගන්න ඕන. ඒක හරියන වැඩක් නෙමෙයි,

GS1 Code එකක් රෙගිස්ටර් කරාම මුලු ලෝකෙන්ම එක ඔයාට විතරයි, බාර්කෝඩ් එක 479 න් පටන් ගන්නවා නම් ඒ ලංකාවෙ ඒවා, 690 න් පටන් ගන්නවා නම් country of origin China,

https://en.wikipedia.org/wiki/List_of_GS1_country_codes

බාර්කෝඩ් එකක් ඕන වෙන්නෙ ඒ ප්‍රඩක්ට් එක අනිත් ප්‍රඩක්ට් එක්ක වෙනම අදුරගන්න, ඒ කියන්නෙ එකම බාර්කෝඩ් එක තියෙන ප්‍රඩක්ට්ස් දෙකක් තියෙන්න කොහේවත් තියෙන්න බැ,

ඉතින් ඇත්ත GS1 කෝඩ් එකක් ගන්න බැරි කමක් තියෙනවා නම් එක්කො බොරු බාර්කෝඩ් ගහන්න ඕන, ඒ කියන්නෙ ලංකාවෙ මාකට් එකේ නැති බඩු වල Barcode ගහන්න ඕන, එහෙම නැත්නම් ලංකාවෙ තාම දීලා නැති ඒවා හොයාගෙන ගහන්න ඕන,

ඒත් මේ වැඩේ illegal, ඒ නිසා එහෙම කරන්න යන්න එපා.

හොදම දේ, සහ ඔය සයිඩ් එකේ ඉන්න ගොඩක් අය කරන දේ,

සුපර්මාකට් එකෙන් ඔයාගෙ ප්‍රඩක්ට්ස් ටික එයාලගෙ සිස්ටම් එකේ රෙජිස්ටර් කරගෙන ඒවගෙ Item Codes ඉල්ලගන්න,
අලුතෙන් එන හැම අයිටම් එකකම අයිටම් එක පෙන්නලා ඒක රෙගිස්ටර් කරලා Item Code එක ඉල්ලගන්න.

සමහර සිස්ටම් වල නම් Item එකේ Supplier / Company එකට වෙනම Item Code Series එකක් එන්නෙ, එහෙම නම් ඔයාටම හිතාගන්න පුලුවන් ඊලගට එන Item Code එක.

උදාහරනයක්
සුපර්මාකට් එකේ, Groceries කියන Department එකේ Code එක 1 නම්. ඊලගට කැටගරි එක Convenience Foods නම් එකේ කෝඩ් එක 13 නම්. උබ එයාලා ලග register වෙද්දි ආපු Supplier Code එක 1425 නම්

ඔයාට එයාල දෙන Item Codes වෙන්නෙ
1131425001
1131425002
1131425003

මෙන්න මේ වගේ,
මේක උඅදාහරනයක් විතරයි, ඇත්තටම ඒතන කැල්කියුලේශන් එක යන විදියට දන්නෙ උන් විතරයි

කොහොම හරි එයාලගෙ Item Code ඉල්ලගත්තා නම් අපිට Barcode Printer එකක් අරගෙන Praduct එකට Labels Print කරගන්න පුලුවන් අර අපිට දීපු කෝඩ් එක Barcode එක විදියට ගහලා,

Barcode Printer එකක් සාමන්ය හොද එකක් 35,000 - 45,000 අතරෙ ගන්න පුලුවන්, ඒක න ලෝබ වෙලා චයිනීස් ගන්න එපා, Zebra, Bixlon, TSC තුනෙන් එකක් ගන්න, මම නම් මගෙ කස්ටමස්ලට දෙන්නෙ zebra, TSC දෙක.

ඒකට රිබන් රෝල් එකක් දාන්න ඕන මීටර් 300 රෝල්ක්, 1250 - 2500 කට විතර ගන්න පුලුවන් ප්‍රයිස් එක වෙනස් වෙයි ගන්න ප්‍රමානය හා විකුනන එකා අනුව ,
Barcode Stickers Roll එකක්, 1250 - 2600 අතර වෙයි.

කොහොමත් Sticker එකකට යන්නෙ සත 40 -50 අතරෙ, ඒක පාඩුවක් ම නැ,



මෙන්න මේ වගේ Software එකකින් Design කරගන්න.



ඊට පස්සෙ මේ වගේ Print කරලා අලවලා Shop වලට දාන්න ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ එක එක Super market වලට ඔආට ගහන්න වෙන්නෙ එක එක Barcodes එක්කෙනෙක්ට හදපු barcode එකක් අනිත් කඩේ රීඩ් වෙන්නෙ නැ,

දැන ගන්න දෙයක් තියෙනවා නම් අහන්න,

Thanks මචන් ලොකු විස්තරයක් දුන්නට..
එතකොට මචන් වෙන super market වලට වෙන වෙනම barcode තියාගන්න වෙනව නේද.

උදාහරනෙකට keells එකේ Groceries ,Department Code නෙමේනෙ එකේ තියෙන්නෙ.
Reply With Quote
 
Page generated in 0.02495 seconds with 9 queries