View Single Post
(#2)
Old
shenic's Avatar
shenic shenic is offline
Senior Member
shenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to beholdshenic is a splendid one to behold
 
Posts: 13,722
Join Date: May 2013
Location: Bermuda ∆
Send a message via Skype™ to shenic
! කුහකයා ගේ හැසිරීම... - 06-05-2014, 06:56 PM

වටිනා කොමෙන්ටුවක් ද ඒ සඳහා අයෙක් ඉදිරිඅත් කර තිබුණි. එහි ඇති යෝග්‍යතාව නිසාම, එය එම ආකාරයෙන්ම මම ඉදිරිපත් කරමි....

Quote:
ඇතැම් පවුකාර අවාසනාවන්ත ජනයා තමන් පිනක් කරගන්නේත් නෑ. අනුන් කරන පින අනුමෝදන් වෙන්නේත් නෑ. පිනක් කරගන්නා හැමෝටම වලවල් කප කපා ඉඳලා නිරයට මඟ විවර කරගන්නවා.

සේරුවිල පින්කම නවත්තන්ට පාපී භික්ෂූන් සහ ගිහි පිරිස් කොයි තරම් උත්සාහ ගත්තද. අනේ ඒ මිනිස්සුන්ටයි මේ මොට්ට පත්තර කාරයින්ටයි වහ වහා දහම හමු වේවා.


http://lankadeepa.lk/index.php/articles/218576

http://www.mawbima.lk/86-54421-news-detail.html

http://www.lankanews.org/2014/03/blog-post_7939.html

පින්වත් රජතුමනි, දුෂ්ට පුද්ගලයන් අනුන්ගේ දානයට වත් සතුටු වෙන්නේ නෑ. පරලොවත් අපාගත වෙනවා. නමුත් සත්පුරුෂ නුවණැත්තන් එහෙම නොවෙයි. අනුන්ගේ දානය පවා සතුටින් අනුමෝදන් වෙනවා. සුගතියේ යන්නේ එබඳු අය තමයි.

- අසදිසි දාන වත්ථු ධම්ම පද අටුවාව ඇසුරිනි
මෙහිදී කිව යුතු දෙයක් මම මිට පෙරද කියා ඇත්තෙමි. ඔබේ පහසුවට මම එය සටහනක් දමන්නම්..

මගේ උරුමයේ ඛේදවාචකය




ජනමාධ්‍ය පවා බුද්ධ සාසනයේ පරිහානියට නිරන්තරයෙන් දායක වෙනවා පමණක් නොවැ දැන් දැන් බුද්ධ සාසනය විනාශ කිරීමේ කටයුතු වලටද ප්‍රසිද්දියේ දායක වෙමින් පවතී. බුද්ධ සාසනයේ දියුණුවට, බැබලීමට යම් වැඩක් සිදුවන විට හෝ වුවා යැයි ඇසෙන දකින විට අප එයට අනුමෝදම් වන්නේ හද පිරි සතුටෙන් හා ශ්‍රද්ධාවෙන් ය. නමුත් ඇතැම් ගිහි පැවදි දෙකම සලකන කල අන්‍යාගමිකයා, ආගමක් නැති එකා, උප්පැන්නෙන් පමණක් බෞද්ධ වෙන එකා, සල්ලි වලටම යටවූ එකා සහ කුහකයා ගේ හැසිරීම මෙවැනි පිං කමක් වෙන සෑම අවස්ථාවකදීම නිරන්තරයෙන් ඉස්මතු වෙයි.

දරානිපාත වර්ෂාවකට, සුලිසුලඟකට වත් බුද්ධ භූමියකට පය නොතබන එවුන්, අවුරුද්දකට වතාවක් එන බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල දිනයේත් බිබී බඩු ගගහ ජොකා නටන එවුන්, දින 365 ම ගෑනුන්ගේ ජංගි ලෙව කෑවත් විනාඩි 5ක් ගත කරලා බුද්ධ පුජාවකට සම්බන්ධ නොවෙන එවුන්, සති අන්තයේ බාර් ගානේ ලැග ලැග දෙතුන් දාහා විසි කර කර අවුරුද්දකට වතාවක් වත් දානයකට රුපියල් සියක් නොදෙන එවුන්, ..... තෙරුවන් සරණ ගිය ශ්‍රද්ධාවන්ත මිනිසුන් රැස් වී බුද්ධ සාසනයේ දියුණුවට, තමන්ගේ අධ්‍යාත්මක දියුණුවට සිදු කරන පින්කම් වල අඩුපාඩු හොයමින් ලෝකේ ගිනි තියන්නේ කුමන පදනමක් යටතේදැයි, තිසරණයට පැමිණි බෞද්ධයන් වන අපට නැගෙන ප්‍රශ්නයයි!

Last edited by shenic; 06-05-2014 at 07:02 PM.
Reply With Quote
 
Page generated in 0.01334 seconds with 9 queries