View Single Post
(#1)
Old
macfa macfa is offline
Senior Member
macfa is infamous around these partsmacfa is infamous around these partsmacfa is infamous around these partsmacfa is infamous around these partsmacfa is infamous around these parts
 
Posts: 1,269
Join Date: Sep 2016
Up MCC මහින්ද රාජපක්‍ෂ 2008දී ගන්න හැදුවේ ඇයි? - 11-09-2019, 12:12 PM

එම්සීසී භයානක නම් මහින්ද රාජපක්‍ෂ 2008දී ගන්න හැදුවේ ඇයි?

රාජපක්‍ෂ ආණ්ඩුවට එදා නොදුන්නේ මානව හිමිකම් චෝදනා නිසා


අප මෙහි පෙන්වන්නට උත්සාහ කරන්නේ මේ මොහොතේ දේශපාලන වාසි ලබන්නට එම ගිවිසුම ගැන බිල්ලන් මවන උදවියගේ නිරුවතය. ඔවුන්ගේ නිරුවත පෙන්වන්නට, ඔවුන් මීට පෙර මේ ආධාරය ලබන්නට ගත් උත්සාහයන් ගැන කරුණු ඉදිරිපත් කළ යුතුය. අප එම කරුණු ඉදිරිපත් කරන්නේ ඇමෙරිකානු කොංග්‍රසය වෙත කර්ට් වර්නොෆ් නම් ඉහළ නිලධාරියා සකස් කළ 2009 හා 2014 වසරවල වාර්තා දෙකක්, විකිලීක්ස් වෙබ් අඩවියෙන් ප්‍රසිද්ධ කල එම්සීසී ආයතනයේ අභ්‍යන්තර වාර්තාවක්, හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ වාර්තාවක්, ලංකාවේ ප්‍රවීණ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් 2008දී ලියූ ලිපියක් හා නැගෙනහිර හා දකුණු ආසියාවට ඇමෙරිකාවෙන් ලබාදීමට නියමිත ආධාර පිළිබඳ තොරතුරු ඇතුළත් ඇමෙරිකානු කොංග්‍රසයේ වාර්තාවක් මත පදනම්වය.
අප මුලින්ම කී පරිදි මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ පළමු මුදල් වර්ෂය 2004 වර්ෂයයි. එම වර්ෂයේදී රටවල් 16ක් ආධාර ලබාදීම සඳහා තෝරාගෙන තිබුණි. ශ්‍රී ලංකාව එලෙස මුලින්ම තෝරාගත් රටවල් අතරින් එකක් විය. කෙසේවෙතත් ඔවුන් ප්‍රමුඛතාව ලබාදුන් රටවල් 10ක් විය. ඊට අමතරව කේප්වර්ඞ්, ලෙසොතෝ සහ ශ්‍රී ලංකාව යන රටවල් තුන තෝරාගෙන තිබුණේ ඔවුන්ගේ ලකුණු සටහන්වල ඉහළින් සිටි නිසා නොව, එකල ඇතිකළ ප්‍රගතිශීලී වෙනස්කම් හේතුවෙනි. ඒවා ලකුණු සටහනේ 10 සිට 13 දක්වා මට්ටමේ තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකාවට එම ආධාර මුදල 2004 වර්ෂයේම ලබා නොදී, ඉදිරි වර්ෂවල ප්‍රගතිය අනුව ලබාදීමට තීරණය කර තිබුණි.
ලංකාව ලැයිස්තුගත කිරීමෙන් පසුව ආධාර මුදල ලබාදීම ගැන තීරණය ගැනීමට පෙර එම්සීසී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාව එකල කටයුතු කළ පෝල් ඇප්ල්ග්‍රාත් 2005 මාර්තු 29-31 දිනවල ලංකාවට පැමිණ තිබුණි. ඔහු ලංකාවේ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකත්, අගමැති මහින්ද රාජපක්ෂත්, මුදල් ඇමති සරත් අමුණුගමත්, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහත්, මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දරත් මුණගැසී තිබුණි. අනිවාර්යයෙන්ම සියලු පාර්ශ්වයන් ඔහු සමඟ සාකච්ඡා කර තිබුණේ ආධාර මුදල ලබාගැනීම වෙනුවෙනි.
අගමැතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා ඉතාමත්ම උනන්දුවෙන් මේ ගැන කතාකළ බව ඇප්ල්ග්‍රාත් මහතා සිය වාර්තාවෙහි සටහන් කර ඇත. තමන්ගේ ප්‍රදේශයේ ජනතාවගේ අත්දැකීම් ගැන ඔහු පෙන්වා ඇත. ඔහුගේ අත්දැකීම් කියා ඇත. ඉන්පසුව ඇප්ල්ග්‍රාත් මහතා හම්බන්තොට ප්‍රදේශයේ සංචාරයකටද රැගෙන ගොස් ඇති අතර එම සංචාරය හම්බන්තොටට යෑමට බලපෑම් කරන්නට ඇත්තේද මහින්ද රාජපක්ෂ මහතා විය යුතුය.
සමස්තයක් ලෙස ඒ සංචාරයේදී ඇප්ල්ග්‍රාත් මහතා සෑහීමට පත්ව තිබුණි. ලංකාවට 2007 පමණ වෙද්දී ඇමෙරිකන් ඩොලර් මිලියන 110ක ආධාරයක් ලැබීමට නියමිතව තිබුණි. එය රුපියලේ දැන් අගය අනුව රුපියල්වලට සංසන්දනය කළහොත් රු. මිලියන 19,000කට වැඩිය. ඔය අතර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්විය. එහෙත් ආධාර මුදල ප්‍රතික්ෂේප කළේ නැත. එපායැයි කීවේ නැත. ඒ වෙනුවට ඔහු එම ආධාර මුදල බලාපොරොත්තුවෙන් සිටියේය. 2008දී මහින්ද රාජපක්ෂ රජය ගිවිසුම අත්සන් කිරීමට සූදානමෙන් සිටියේය. ඒ සඳහා සාකච්ඡා කළේය. එම සාකච්ඡා සඳහා යැව්වේ තමා බව මංගල සමරවීර ඇමතිවරයා පසුගියදා හෙළදරව් කළේය.
එහෙත් 2007 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට එම ආධාරය ලබා නොදීමට එම්සීසී ආයතනය තීන්දු කළ බව කොංග්‍රස් වාර්තාවල පැහැදිලිව සඳහන් වෙයි. එයට හේතුව වුණේ ලංකාවට එල්ලවූ මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ චෝදනාය. ඒ පිළිබඳව 2008 වර්ෂයේ හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ වාර්තාවකත්, ඇමෙරිකානු කොංග්‍රසයේ වාර්තා දෙකකත් සඳහන් වෙයි.
ලංකාවේ නම කැපුණු පසුව නැවත නම ඇතුළත් කරගැනීම සඳහාත් රාජපක්ෂ ආණ්ඩුව උත්සාහ ගෙන ඇති බව කොංග්‍රස් වාර්තා පිරික්සද්දී පෙනෙයි. 2009 හෙවත් යුද්ධය අවසන් කොට මහා ප්‍රීතියෙන් කිරිබත් කෑ දේශප්‍රේමී වර්ෂයේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ ආධාර සඳහා ඉල්ලුම් කර ඇත. ඉන්පසුව 2014 වර්ෂයේදීත් ඔවුන් එම ආධාරය ඉල්ලා ඇත. ලංකාවට අමතරව ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාල්, පාකිස්ථාන් යන දකුණු ආසියාවේ අනෙක් හැම ප්‍රධාන රටක්ම එයට අයැදුම් කර ඇත.
රාජපක්ෂවරු කොහොමත් ඇමෙරිකානු ආධාර ප්‍රතික්ෂේප කළේ නැත. 2005 වර්ෂයේදී ඇමෙරිකානු රජයෙන් ලංකාවට ලැබී ඇති ආධාර මුදල් ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් 20,651,000ක් හෙවත් ඩොලර් මිලියන 20කි. එය රුපියල්වලින් මිලියන 3000ක් පමණය. 2006 දී මිලියන 12 කි. රුපියල් මිලියන 2000කට වැඩිය. 2007 දී මිලියන 9කි. රුපියල් මිලියන 1500කට වැඩිය. 2008දී මිලියන 7 කි. රුපියල් මිලියන 1000කට වැඩිය.


Full article - 11 / 10 ඉරිදා අනිද්දා පුවත්පත



https://www.facebook.com/AniddaNews/...7336241297475/
Reply With Quote
 
Page generated in 0.02237 seconds with 9 queries