View Single Post
(#917)
Old
INCORRECT's Avatar
INCORRECT INCORRECT is offline
Senior Member
INCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really nice
 
Posts: 2,222
Join Date: Jun 2016
Location: EARTH
08-16-2019, 08:39 AM

Quote:
Originally Posted by Hipapotemas View Post
ඊයේ රූපවාහිනී නාලිකාවක ගිය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ ධර්ම දේශනාව මේ
https://www.facebook.com/Thathagatha...1505836799338/

1) -1:24.45 ඉඳන් -1:24:18 වෙනකම් අහන්න
උන්වහන්සේ කියනවා "දැන් සාසනයේ තියෙන්නේ බුදුන් වහන්සේ වදාල ධර්මය නෙවෙයි වෙන එකක්, පරියාප්තිය වැරදියි, බුදුන් වහන්සේ වදාල ධර්මය වෙනුවට වෙන එකක් තියෙන්නේ. ඒක බමුණන්ගේ එකක්" කියලා

2) -1:06:40
"පාලිය සිංහලට පරිවර්තනය කරද්දී යම් යම් අඩුපඩු වෙලා තියනවා" කියනවා

3) -1:00:40 ඉඳන් -1:00:10 වෙනකම් අහන්න
"දාන සීල භාවණා 3න් ම කෙරෙන්නේ සසර ඇවිදීමයි" කියනවා

4) -51:25 ඉඳන් -50:35
"මරණ සතිය කියන්නේ මම මහළු වෙනවා, මම මැරෙනවා කියලා හිත හිත ඉන්න එක නෙවෙයි" කියනවා

5) -46:17 ඉඳන් 45:53 වෙනකම් අහන්න
"පංචස්කන්ධය කියන්නේ ශරීරය නෙවෙයි" කියනවා

6) -43:33 ඉඳන් -42:33 වෙනකම් අහන්න. උන්වහන්සේ කියනවා
* ඔබ දන්නා "ත්‍රිලක්ෂණය" බුදුන්වහන්සේ දේශනා කලේ පංච උපාධානස්කන්ධය තුළ දකින්නයි
* ඔබ දන්නා "චතුරාර්‍ය සත්‍යය" බුදුන්වහන්සේ දේශනා කලේ පංච උපාධානස්කන්ධය තුළ දකින්නයි
* ඔබ දන්නා "පටිච්චසමුප්පාදයේ නිරෝධය" බුදුන්වහන්සේ දේශනා කලේ පංච උපාධානස්කන්ධය තුළ දකින්නයි
* ඔබ දන්නා "සතර සතිපට්ඨානය" බුදුන්වහන්සේ දේශනා කලේ පංච උපාධානස්කන්ධය තුළ දකින්නයි

මේ රටේ ඉන්න ධර්ම දේශකයින්වහන්සේලාට ඔය කිව්ව 4න් එකක් ගැන වත් බණ කියන්න තේරෙන්නේ නෑ......
ඉස්කෝලේ යන කාලේ කටපාඩම් කරගත්ත ටික කිය කියා ඉන්නේ....


7) -38:03 ඉඳන් 36:40 වෙනකම් අහන්න. උන්වහන්සේ කියනවා
පටිච්චසමුප්පාද විග්‍රහයේ තියනවා "කාය" කියලා පදයක්
ඒ "කාය" කියන්නේ ශරීරය නෙවෙයි. ද්‍රව්‍යයක් ගැන නෙවෙයි ඔය කියන්නේ

8) -35:15 ඉඳන් 34:50 වෙනකම් අහන්න. උන්වහන්සේ කියනවා
විඥ්ඥානය කියන්නේ මව් කුසට බහින එකක් වත්, මෙහෙන් යන එකක් වත් නෙවෙයි

9) -33:13 ඉඳන් -25:00 වෙනකම් අහන්න. උන්වහන්සේ කියනවා
අද පංචස්කන්ධය උගන්වනවා වැරදියි
පංචස්කන්ධය කියනෙන ශරීරය කියලා ගන්වලා රූප කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ
නාම කියන්නේ වේදනා, සඥ්ඥා, සංඛාරා, විඥ්ඥාන කියල දෙකට කඩනවා
ශරීරය ඔය විදිහට 2ට කඩපු තැන ඉඳන් පරියප්ති සාසනය වැරදියි

රූප තන්හා කියන්නේ ශරීරයට තියන බැඳීම නෙවෙයි රූප අරමුනට තියන තන්හාවයි
තන්හාව තියෙන්නේ කයට නෙවෙයි අරමුණු වලටයි.. ඒ නිසා අරමුණු 6යේ තන්හාව නැති කරන්න ශරීරයට තියන තන්හාව කියලා හරියනවද?
ඇහේ තියෙන්නේ රූප තන්හාව
පංචස්කන්ධය කියන්නේ ශරීරය නෙවෙයි ශරීරය පාලනය කරන බලවේග 6ක්

10) -25:00 ඉඳන් 22:30 වෙනකම් අහන්න උන්වහන්සේ කියනවා
"තවත් වැරදි බණක් උගන්වනවා
සියළුම දේවල් කැඩෙනවා, බිඳෙනවා අනිත්‍යයි කියලා උගන්වනවා
සියළු දේ කියන්නේ වතු පිටි හරකා බාන කියලා කටපාඩම් කරගත්ත එක වැරදියි

ඒ කැඩෙන බිඳෙන එකට කියන්නේ "අනිත්‍ය බව" නෙවෙයි "අනියත බව " යි

බුදුහාමුදුරුවෝ අනිත්‍ය බලන්න කියන්නේ වතුපිටි වල හරකාබානේ නෙවෙයි ... සංඛාර වලයි
ඒක ඇස් දෙකෙන් නෙවෙයි ප්‍රඥාවෙන් බලන්න කියන්නේ

ඇස් දෙකෙන් බලනවා නම් ඒක "නුවනින් දකින අනිත්‍ය" නෙවෙයි "දෙනුවනින් දකින අනිත්‍ය"යි

11) -8:25 ඉඳන් -6:10 වෙනකම් අහන්න උන්වහන්සේ කියනවා
සත්කාය කියන්නේ මේ කයට නෙවෙයි
රූප, වේදනා, සඥ්ඥා, සංඛාර, විඥ්ඥාන වලටයි සත්කාය කියන්නේ
ඔබට දවසකට සත්කාය 6ක් පහල වෙනවා දොරවල් 6න්
මේකට එන දේවල් මම කොට ගන්න එක සත්කාය දිට්ඨියයි
සත්කාය සංයෝජනයක් නෙවෙයි සත්කායදිට්ඨියයි සංයෝජනයක් වෙන්නේ

ඉස්තරම්.
Reply With Quote
 
Page generated in 0.02087 seconds with 9 queries