View Single Post
(#921)
Old
Hipapotemas's Avatar
Hipapotemas Hipapotemas is offline
Senior Member
Hipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of lightHipapotemas is a glorious beacon of light
 
Posts: 2,032
Join Date: Dec 2011
08-19-2019, 11:41 AM

Quote:
Originally Posted by mr90486 View Post
@MalSeven and Hipapotemas,

සහෝදරයා, කරුණාකර මට මේ ගැටලුවට පිළිතුරක් ලබා දෙන්න පුලුවන්ද? ගැටළු සහිත තැන "සංයුක්ත නිකාය 5-2, ආනන්ද වග්ගය කන්කෙය්ය සුත්‍රය". පහලින් දාල තියෙන screenshot එකේ කොළ පාටින් highlight කරලා තියෙන කරුණ තමයි ගැටලුව. එතැනදී දිගු කොට ආශ්වාස ප්‍රශ්වාස කියල අදහස් කරන්නේ මොකද්ද? සුලන් රැල්ල නෙමෙයිද? නෙමෙයි නම් ඇයි දිගු කොට කියල දාල තියෙන්නේ? පැහැදිලි කරලා දෙන්න පුළුවන්නන් බොහොම පින්. ස්තුතියි.

මේකේ ඔය ගැන තියනවා.
නිවන්_මඟ_මෙන්න-(15/20)
8.7 ආනාපානාසති භාවනාවේ ලෝකෝත්තර අර්ථය

ඒ ටිකම copy paste කරන්නම්

ආයතන හයේ ආශ්වාදයත් ආදීනවයත්, නිස්සරනයත් දන්නව නම් "ආස්සාස" දන්නවා

සමහර තැන් වල තියනවා "දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද" කියලා. මේක හිතාගන ඉන්නවා දීර්ඝව හුස්ම අල්ලනවා කියලා. මේ තියෙන්නේ එහෙම තියෙන තැන සංයුක්ත නිකාය 5-2 ආනන්ද සූත්‍රය.

"ආනන්ද, යම් සමයෙක මහණ දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද, දිගු කොට හෝ ප්‍රශ්වාස කරනුයේ දිගු කොට ප්‍රශ්වාස කෙරෙමියි දනී ද ... සියලු ආශ්වාසප්‍රශ්වාසකය දන්නාසුලු ව ... කායසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, කායසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්ද එසමයෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්ද, යම් මේ ආශ්වාසප්‍රශ්වාස වේ ද, මෙය එක්තරා කයෙකැ යි මම කියමි. ආනන්ද එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ."
(සංයුක්ත නිකාය 5-2, ආනන්ද සූත්‍රය )

"දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී" ද කියන්නේ කෙනෙක් දීර්ග කාලයක් යමක් පුරුදු කරගන ආවා නම් ඒකෙන් මිදෙන්න එක පාරම අමාරුයි (මත්ද්‍රව්‍ය ගත්ත කෙනෙක් උදාහරණයකට ගන්න පුළුවන්, මව් සෙනෙහස, දරු සෙනෙහස.... ).

ඒ වගේ කෙනෙක් දීර්ග කාලයක් මේ අස්සාසය පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ ආහාර දීලා දීර්ග කාලයක් පුරුදු කරගත්ත දෙයක් නම් දීර්ග කාලයක් යනවා. ඒ වගේ කෙනෙක්ට දීග කාලයක් ආශ්වාදයේ ආදීනවය බල බල ඉන්න ඕනේ. ආශ්වාදයෝ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා දීර්ග කාලයක් වඩන වෙනවා

සමහර දේවල් කෙටියෙන් පහ කරගන්න පුළුවන්
Reply With Quote
 
Page generated in 0.04006 seconds with 9 queries