View Single Post
(#924)
Old
mr90486's Avatar
mr90486 mr90486 is offline
Senior Member
mr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the rough
 
Posts: 919
Join Date: Sep 2008
Location: Everywhere
08-19-2019, 12:16 PM

Quote:
Originally Posted by Hipapotemas View Post
මේකේ ඔය ගැන තියනවා.
නිවන්_මඟ_මෙන්න-(15/20)
8.7 ආනාපානාසති භාවනාවේ ලෝකෝත්තර අර්ථය

ඒ ටිකම copy paste කරන්නම්

ආයතන හයේ ආශ්වාදයත් ආදීනවයත්, නිස්සරනයත් දන්නව නම් "ආස්සාස" දන්නවා

සමහර තැන් වල තියනවා "දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද" කියලා. මේක හිතාගන ඉන්නවා දීර්ඝව හුස්ම අල්ලනවා කියලා. මේ තියෙන්නේ එහෙම තියෙන තැන සංයුක්ත නිකාය 5-2 ආනන්ද සූත්‍රය.

"ආනන්ද, යම් සමයෙක මහණ දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද, දිගු කොට හෝ ප්‍රශ්වාස කරනුයේ දිගු කොට ප්‍රශ්වාස කෙරෙමියි දනී ද ... සියලු ආශ්වාසප්‍රශ්වාසකය දන්නාසුලු ව ... කායසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, කායසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්ද එසමයෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්ද, යම් මේ ආශ්වාසප්‍රශ්වාස වේ ද, මෙය එක්තරා කයෙකැ යි මම කියමි. ආනන්ද එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ."
(සංයුක්ත නිකාය 5-2, ආනන්ද සූත්‍රය )

"දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී" ද කියන්නේ කෙනෙක් දීර්ග කාලයක් යමක් පුරුදු කරගන ආවා නම් ඒකෙන් මිදෙන්න එක පාරම අමාරුයි (මත්ද්‍රව්‍ය ගත්ත කෙනෙක් උදාහරණයකට ගන්න පුළුවන්, මව් සෙනෙහස, දරු සෙනෙහස.... ).

ඒ වගේ කෙනෙක් දීර්ග කාලයක් මේ අස්සාසය පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ ආහාර දීලා දීර්ග කාලයක් පුරුදු කරගත්ත දෙයක් නම් දීර්ග කාලයක් යනවා. ඒ වගේ කෙනෙක්ට දීග කාලයක් ආශ්වාදයේ ආදීනවය බල බල ඉන්න ඕනේ. ආශ්වාදයෝ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා දීර්ග කාලයක් වඩන වෙනවා

සමහර දේවල් කෙටියෙන් පහ කරගන්න පුළුවන්

පැහැදිලියි මහත්මයා. බොහොම ස්තුතියි. හැබැයි ඔය කොටසේම බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා උන් වහන්සේ ආනාපානසති සමාදියෙන් මාස තුනක් වැඩ සිටිය කියල. බුදුපියාණන් වහන්සේට නැවත චන්ද රාගය දුරු කිරීමක් අවශ්‍ය නැහැනේ. එතකොට ඒ ප්‍රකාශයේ තේරුම මොකද්ද වෙන්න ඕනේ?
Reply With Quote
 
Page generated in 0.01398 seconds with 9 queries