View Single Post
(#929)
Old
mr90486's Avatar
mr90486 mr90486 is offline
Senior Member
mr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the roughmr90486 is a jewel in the rough
 
Posts: 938
Join Date: Sep 2008
Location: Everywhere
08-19-2019, 02:26 PM

Quote:
Originally Posted by INCORRECT View Post
පෘතජන කෙනෙක් ධ්‍යානයකට සමවැදීමට රාග ද්වේශ මෝහ අයින් කරගන්න ඕන. ඒකට තමයි සවිතක්ක සවිචාර වඩනවා කියන්නේ. කිලිටි වෙන හිත ප්‍රභාෂ්වර තත්වයේ තබාගන්න ඕන. ඒකට කරන්නෙ කර්මස්ථාන වඩන එක. (ඇත්තටම කරන්නෙ කර කර ඉන්න දෙයක් නවත්තන එක)



ප්‍රභාෂ්වර සිතක් ඇති කෙනෙක් (අව්‍යාකෘත පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වන සිතක්) ධ්‍යානයකට සමවදින්න අවශය වුනාම වඩන්න දෙයක් තියෙනවද? අරමුණු කරපු ගමන් සමවදින්න පුලුවන් වෙන්න ඕන.



කාර් එකක් ඩ්‍රයිව් කරගෙන යන එකයි... පල්ලමක නියුට්‍රල් එකේ යන එකයි දෙකක් නේද?

ඒක හරි මචන්. මට පැහැදිලියි. හැබැයි මම අහන්නේ අර සුත්‍රයේ පෙන්නන්නේ බුදුහාමුදුවෝ විවේකයෙන් හිටපු කාලය තුල "මම මෙහි සිහි ඇතියෙම් ආශ්වාස කෙරෙමි, සිහි අතියෙම් ප්‍රශ්වාස කෙරෙමි, දිගු කොට හෝ ආශ්වාස කරන්නෙම් දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනිමි, දිගු කොට හෝ ප්‍රශ්වාස කරන්නෙම් දිගු කොට ප්‍රශ්වාස කරමි යි දනිමි..." ආදී වශයෙන් බුදු හාමුදුරුවෝ ඔය ටික කළා කියලනෙ. මම අහන්නේ ඇයි බුදුහාමුදුරෝවෝ එහෙම කලේ කියල. ත්‍රිපිටකයේ දෝෂයක්ද? අපිට මොකක්හරි මිස් වෙලාද? නැත්තන් මොකද්ද ඒ බුදුහාමුදුරෝවෝ එහෙම වාසය කලා කියන එකේ තේරුම? ඕක කෙලෙස් ප්‍රහාණයට දාල ගත්තම ගැලපෙන්නේ නැනේ. බුදුහාමුදුරුවන්ට කෙලෙස් නෑනේ.
Reply With Quote
 
Page generated in 0.03101 seconds with 9 queries