View Single Post
(#10)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 100,807
Join Date: Jul 2006
Location: Inside Your Laptop ;)
Send a message via Yahoo to urajdrlk
07-29-2015, 07:04 AM

කුකුළණි..... ඕන් අවුරුදු දෙකකට පස්සේ..... බයික් එකේ තෙල් ටැංකිය සුද්ධ කරා කියහන්කෝ..... රිසව් එකට වැටෙනකම් දුවලා..... ටැප් එකෙන්ම බෝතල් වලට ටැංකියේ ඉතුරු තෙල් ටික ගත්තා..... ලීටර් 1.75 විතර තිබ්බා...... දැන් ඒත් තවත් තෙල් තියෙන සද්දේ ඈහෙනවා..... ඒ ගමන ගලෝලා ගත්තා ටැංකිය...... හොලෝලා හොලෝලා බැලුවා ටැප් එකෙන් නම් එන්නේ නෑ ඒ ටික.... රොඩු මුකුත් ආවෙත් නෑ.....

ඒ ගමන ගත්තා පල්සර් ටැංකි කටු කාපු ජන්තු මාමිට කෝල් එකක්.... ජන්තු මාමි කියපි ඔහොම හරි යන්නේ නෑ.... ගලවන්න පෙට්‍රල් ෆ්ලෝටරේ තියෙන එක කියලා..... ඒකත් ගැලෙව්වා කියහන්කෝ..... අම්මෝ..... ඈතුලේ තියෙනවා රතුම රතු පාටට මොනවදෝ.......

මේන් බලහල්ලා තිබ්බ ඒවා.....





ඔය ටික එලියට ඈද්දේ බටයක් දාලා......

ඊට පස්සේ හෝස් එකෙන් වතුර දදා හේදුවා...... පැයකට කිට්ටුව වතුර දදා.... ටැංකිය හොලව හොලව හේදුවා..... රතුම රතු පාටට..... ඉවරයක් නෑ.... එපා උනා.... ටැංකියේ මලකඩද..... ගහපු පෙට්‍රල් වල තියෙන මඩ ගතියද මන්දා ඒ.......

වතුර දාලා ටැංකිය අනිත් පැත්තටම හරවලා... පෙට්‍රල් කට ඈරියත්..... වතුර නම් එලියට් ආවේ නෑ ඒකෙන්..... කොහොමද ඉන්දියානු තාක්ෂනේ.....

ඊට පස්සේ පෙට්‍රල් ෆ්ලෝටරේ පැත්තෙන්ම රෙදි කෑල්ලක් දාලා ඉතුරු වතුර ටිකත් අයින් කරලා..... අව්වේ තිබ්බා ටිකක් වෙලා.....

පස්සේ ආයේ හයි කරලා...... ඉතුරු පෙට්‍රල් ටික දාලා දැම්මා..... කතාව අවසානයි.....

මම පෙට්‍රල් ගහන්නෙත් අළුතෙන්ම දාපු ශෙඩ් එකකින්...... මෙච්චර මේ තියෙන්නේ මොනවද මන්දා..... ඔය සාම්පල් එකේ පෙට්‍රල් ටික වාෂ්ප කරලා..... මේකේ තියෙන්නේ මොනවද කියලා බලන්න ඕනා.....
Reply With Quote
 
Page generated in 0.03444 seconds with 9 queries