පකිස්ථාන හමුදා කඳවුරකට ත්‍රස්ත ප්‍රහාරයක්
පකිස්ථානයේ කරච්චි නගරයේ හමුදා කඳවුරකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ප්‍රහාරයෙන් හමුදා සෙබළුන් දසදෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එමෙන්ම මෙම ප්‍රහාරය නිසා පකිස්ථාන හමුදාවට අයත් ගුවන් යානා 02 ක් විනාශයට පත්ව ඇති බව ද සඳහන්ය.
පසුගිය මැයි මස දෙවැනිදා ඔසාමා බින්ලාඩ්න් ඝාතනයට ලක්වීමෙන් පසු පකිස්ථානයට එල්ල වන ප්‍රහාර ඉහළ ගොස් ඇත.
මේ අතර පකිස්ථානයේ සිටින අල්කයිඩා සහ තලෙයිබාන් නායකයන් විනාශ කිරීමට තවත් අභිරහස් මෙහෙයුම් සිදුකිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසයි.
ත්‍රස්තවාදී නායකයින් විනාශ කිරීමට ඕනෑම පියවරක් ගන්නා බව විදෙස් මාධ්‍යයක් සමග පැවති සාකච්ඡාවක දී ඔහු ප්‍රකාශ කර ඇත.