කටට රහට උයමු.....අඹ ව්‍යංජනයක් - EK cookery class(10)
අඹ උයමු..........!!!
මේ ත්‍රෙඩ් එක විශේෂයෙන් ම පිළිගන්වන්නේ අපේ සෝමපාල සහෝදරයටයි. එතුමා උඩුගත කර තිබූ ෆොටෝ ෂොප් පැකේජ් එකේ ඉන්ටෝලේෂන් එක මගින් තමා මම දැන් මේවට ඕන කරන ෆොටෝ ටික හදා ගන්නේ. එතුමා පියෙකු වන්නට යන සතුටුදායක ප්‍රවෘත්තිය සති කීපයකට පෙර එළකිරියේ දාලා තිබුණා. මේ අඹ ව්‍යංජනය එතුමා ගේ ප්‍රියාදර බිරින්දෑට තනා දෙනු ඇතැයි මම උදක් ම බලාපොරොත්තු වෙනවා.
අවශ්‍ය දේවල්.
1. පොත්ත ඉවත් කර තරමක කැබළි කපා ගත් හොදින් පැසුණු අමු අඹ ග්‍රෑම් 500ක්
2. මිරිස් කුඩු මේස හැදි 3/4 ක්
3. තුනපහ කුඩු මේස හැදි 2ක්
4. කහ කුඩු මේස හැදි 1/4 ක්
5. රස අනුව ලුණු
6. කුරුදු පොතු සෙ.මී 2ක කැබැල්ලක්
7. සිහින් ව ලියූ රතු ළූණු
8. සිහින් ව ලියූ සුදු ළූණු
9. කබලේ බදින ලද උළුහාල් ඇට 20ක් පමණ
10. සිහින් ව ලියූ අමු මිරිස් කරලක්
11. සීනි මේස හැදි 3ක්
12. කරපිංචා ඉති 2ක් පමණ
13. අබ ඇට තේ හැදි භාගයක්
14. තරමක් ලොකුවට ලියා ගත් ලොකු ළූණු ගෙඩියක්
15. සිහින්වට පෙති ගසා ගත් සුදු ළූනු බික් 2ක්
16. සිහින් ව ලියූ වියළි මිරිස් කරල් 2ක්
17. රම්පෙ සෙමී 4ක් පමණ කැබැල්ලක්.
සහ (රූපයේ නොමැත) 18. එනසාල් කරලක් සහ කරාබු නැටි දෙකක්.
19. පොල් කිරි -දියකිරි කෝප්ප 1ක්
20. පොල් කිරි-මිටි කිරි කෝප්ප භාගයක්
21. තෙල් මේස හැදි 2ක්
සාදන ක්‍රමය.
A.මැටි වළදක් ලිප තබා තුනපහ සහ මිරිස් කුඩු කබලේ බැද ගන්න.
B.තුනපහ සහ මිරිස් මෙලෙස දුඹුරු පැහැ වනතෙක් බැද ගත යුතුය.
C.බැද ගත් තුනපහ/මිරිස් මිශ්‍රණයට අඹ කැබළි එක්කර හොදින් කවළම් කර ගන්න. මෙයට ම ලුණු, කහ, කුරුදු පොතු සෙ.මී 1ක කැබැල්ලක්, සිහින් ව ලියූ රතු ළූණු, සිහින් ව ලියූ සුදු ළූණු, උළුහාල්, සිහින් ව ලියූ අමු මිරිස්, කරපිංචා ඉත්තක් සහ රම්පෙ සෙමී.2ක් පමණ කොටසක් එක්කර න්න.
D.දියකිරි කෝප්ප 1ක් එක්කර මද ගින්නේ වසා අඹ කැබළි තැම්බෙන්නට හරින්න. නිතර හැදි ගෑමෙන් වලකින්න. නිතර හැදි ගෑමෙන් අඹ කැබළි දිය වී යාමට පුළුවන.
E.අඹ කැබළි තැම්ඹුණු පසුව සහ දිය ගතිය මදක් සිදුණු පසුව මිටි කිරි කෝප්ප භාගය එක්කරන්න. මිටි කිරි නැටූ පසු අඹ ව්‍යංජනය මැටි ඇතිළියෙන් ඉවත් කරන්න.
F.මේ මැටි ඇතිළියට ම තෙල් මේස හැදි 2ක් දමා හොදින් රත් වූ පසු ඉතිරි කුරුදු පොතු සෙ.මී 1ක කැබැල්ල, ඉතිරි රම්පෙ සෙ.මී 2ක කැබැල්ල, කරපිංචා ඉත්තක්, ලොකුවට ලියා ගත් ලොකු ළූණු, පෙති ගසා ගත් සුදු ළූනු, සිහින් ව ලියූ වියළි මිරිස් කරල් 2, එනසාල් කරල සහ කරාබු නැටි දෙක සහ අබ තේ හැදි භාගය දමා බැදෙන්නට හරින්න. අබ ඇට පිපුරුණු පසුව සීනි මේස හැදි 3 එක් කරන්න.
G.සීනි වල කැරමල් පැහැය යන්තමට එන විට ඉවත් කළ පිසූ අඹ ව්‍යංජනය මෙයට එක්කරන්න. හොදින් එක්වරක් කළවම් කර ගන්න.
H.මෙසේ පිසූ අඹ ව්‍යංජනය ඇඹල් රස, සැර රස සහ පැණි රසයක් ලබා දෙන බත් පිගන් කීපයකට වගකිව හැකි වන එකකි. බොහෝ ගැබිණි මව්වරුන් ඉතාමත් ආසාවෙන් රස බැලීමට බලා හිදිනා අහරකි.
මෙය පළ කිරීම වෙනුවෙන් මා හට කරනු ලබන හොදම සැළකිල්ල නම් ගැබිණි මාතාවකට මෙම අහර ඔබේ අතින් උයා දීම බව මම විශ්වාස කරමි.......!!!!!!
ඔබේ යෝජනා සහ අදහස් පළකිරීම අගය කරමි.!!