මගේ ලෝකය................

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
මං ඉපදෙද්දී ලෝකේ හරිම සරලයි. පුංචි මගේ ඇස් ඇරලා බලද්දී මගේ වටේ හිටියේ අම්මයි තාත්තායි විතරයි.පස්සේ මං ගෙදර ආවම මගේ අයියව දැක්ක.හරිම සරලයි. නැගිට්ටම කිරි ටිකක් බොනවා අයි ගොඩ වෙලා නිදාගන්නවා. අයි එහෙරුනම කිරි ටිකක් බොනවා අයි නිදාගන්නවා. අම්ම තාත්ත අයිය මට හරිම ආදරයි . ඔහොම ඉද්දි මගේ නෑයෝ කියල කට්ටියක එනවා මාව බලන්න. ලොකු අම්ම, ලොකු තාත්ත, එයාලගේ ළමයි, මාමා, පුංචි, එයාලගේ ළමයි, සිය, ආච්චි, ඔය විදියට මගේ ලෝකේ ටිකක් ලොකු වෙනවා. කිරි විතරක බීපු මට පොඩි පොඩි කෑම හොදට දියර කරලා කන්න දෙනවා. ඒ අතරේ ලෝකෙට එනවා මල්ලි කෙනෙක්. කොහෙන් අවදා කියන්න දන්නේ න. එත් අවට පස්සේ මගේ ආදරේ අඩු වෙනවා, මට තිබ්බ සැලකිල්ල අඩු වෙනවා, මට කිරි දෙන එක නතරම වෙනවා. එත් ලෝකේ සරලයි.( මන් මේ පෘතුවිය ගැන නෙමේ ලෝකේ කියන්නේ. අපි හැමෝට තියෙනවා තමන්ගේ කියල ලෝකයක්. අන්න ඒ ලෝකේ. ). වටේ කිහිප දෙනෙක් ඉන්නවා. මගේ ජිවිතේ මන් පනින ලොකුම පිම්ම තම ඇවිදින්න පුළුවන් වෙන එක. මං මගේ පලවෙනි අඩිය තියද්දි මට වඩා අම්මයි තාත්තයි සතුටු උනා. ඔහොම ඉද්දි මගේ වටේ අසල්වැසියෝ කියල ජාතියක් හම්බෙනවා. සමහරු හොදට කතා කරනවා. එත් සමහරු මුනවත් නොබලා යනවා. මටත් නොතේරෙන්න මගේ ලෝකේ ලොකු වෙනවා. ජිවිතේ කාටවත් උදුරගන්න බැරි අ, ආ,ඇ, ඈ කියවන්නේ ඔය අතරේ. එදා අම්ම දිහා බලන් අම්මේ කියපු මට අම්ම කියල ලියන්න ප්‍රකාශනයක් හම්බෙනවා. ලෝකේ ලොකුම වෙන දවස තම මං පාසලට යන එක. මේ තරම් සෙනගක්....අම්මෝ...අම්මල තාත්තල, අයියල අක්කල, එක වයසේ කට්ටිය, ටිචේර්ල, මර සෙනගක්. ගේ අස්සට වෙලා අම්මගේ තාත්තගේ උණුසුමට වෙලා ඉදපු මව පාසැල විසින් සමාජගත කරනවා. අවසාන ප්‍රතිපල තම හොද යාලුවෝ, නරක යාලුවෝ, තරහකාරයෝ, රණ්ඩු සරුවල්, සිගරට් අරක්කු, කෙල්ලෝ, වැදගත්ම දේ ප්‍රේමවන්තියෝ සහ අධ්‍යාපනය.අම්මයි තාත්තයි එක්ක හිටපු ලෝකේ විශාල වෙලා. ඔහොම ඉද්දි ජිවිතේ අමාරුම කඩයිම් දෙකක් පනිනවා. ඒ තම අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ. සාමන්‍ය පෙලින් පැරදුනු යාලුවෝ රැකියාවක් කරන්න යනවා. එයාල අපේ ලෝකෙන් ගොඩක් දුර යනවා. හොදටම සාමාන්‍ය පෙළ දිනපු අයව එයාලගේ අම්මල තාත්තල ලොකු ඉස්කෝල වලට දානවා. මං වගේ සාමන්‍ය විදිය දිනපු උන් ඒ ඉස්කෝලෙම ඉන්නවා. ඊළගට උසස් පෙළ පිම්ම පනිනවා. එක ගොඩ දාගන්න බැරි උන අය සාමන්‍ය පෙළ ගොඩ දාගන්න බැරි උන අයගේ සෙට් එකටවෙටෙනවා . සාමාන්යෙන් ගොඩ දාගත්ත අය රැකියා වෙළදපොලට යනවා ඉතා අඩු පඩියට.මං යනවා ඉතාම සුළු පිරිසක් එක්ක විශ්ව විද්‍යාලයට.
විශ්ව විද්‍යාලය...දැන්නම් මගේ ලෝකේ සහෙන්නම ලොකුයි. ගෙදර අම්මගේ තන පුඩුවෙන් කිරි උරන් බිල අම්ම තාත්ත අතරේ ඉදපු මං කොළඹට එනවා. සරලව තිබ්බ මගේ ලෝකේ මහා අමුතුම විදියට සංකීර්ණ වෙනවා. දැන් මගේ ලෝකේ මං දන්නා පිරිස බොහොම වැඩි. ඔහොම ඉද්දි කවමදාවත් හිතපු නැති නගර වලින්, හිතපු නැති රටවල් වලින් මට යාලුවෝ හම්බෙනවා. ඒ face book , twiiter , blogspot අරවයින් මේවයින්. ලෝකේ සැහෙන්න සංකිරනයි. විශ්ව විද්‍යාලේ උප සංස්කෘතියක් ඇතුලේ හැදෙන මං එකෙන් එළියට එන්නේ උපාධිධාරී කියන විශේශිකරන පදේකුත් හදාගෙන. හැමදේම ගගක් වගේ ගලන් ගියපු මගේ ලෝකෙට එක පරම වැටෙනවා ලොකු බාදකයක්. ඒ තම රැකියාව. අම්මා අයන්න උගන්නල පාසලට දැම්ම. සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරලා යනවා විශ්ව විද්‍යාලයට. එත් වගකීමක් හිත අහලකවත් නැති මට එක පරම වගකීමක් පැවෙරෙනවා . ඒ තම දැන් ඉතින් රැකියාවක් කරලා හම්බ කරන්න ඕනේ. රජයේ රැකියා කොහොමත් එපා කියන මම පෞද්ගලික ආයතනයක සාමාන්‍ය හොද රැකියාවකට යනවා. මගේ සරල සුකොමල ලෝකෙට එක පරම වගකීම් කියල දෙයක් එනවා. දැන් සරල කියන වචනෙත් නෑ. ඔහොම ඉද්දි මගේ තියෙන හැකියාවත් එක්ක මං රැකියාවේ හොද තැනක් ලබා ගන්නවා.
කෙල්ලෝ හතර පස් දෙනෙක් එක්ක යාලු වෙලා රවුම් ගහපු මට කසාදයක් කරගන්න ඕන කියල හිතෙනවා. මෙච්චර කල් එකතු කරපු හැම සේසතම වියදම් කරලා කසාදෙත් කරනවා. දැන් වගකීම් පිරිච්ච ලෝකයක්.වෙනදට වඩා මහන්සි වෙලා වැඩ කරනවා. බිරිදත් එක්ක සතුටින් කල් ගෙවනවා. දවසක් බිරිදගේ බඩෙන් පොඩි පා පහරක් මට වදිනවා. ඒ තම මගේ ලෝකේ උරුමක් කරය. අපේ තාත්ත එදා මං ඉපදුනාම ලබන සතුට අද මං ලබනවා. ඔහොම ඉද්දි මගේ ලෝකේ සල්ලි හොදට එන හොද කාලයක් වෙනවා. ගෙවල් දොරවල් හදාගෙන, කාර් බර අරන් ලස්සනට සංකිර්ණව ගලන යනවා. කොලු පොඩ්ඩා ලොකු වෙද්දී කෙලි පොඩ්ඩකුත් මගේ ලෝකෙට එනවා. වෙනදට වඩා සැහෙන්න මහන්සි වෙන්න වෙනවා.
ලොකුම ලොකු වගකීම් ලෝකයක්.දවසක් මගේ ලෝකේ ගොඩ නගපු මගේ තාත්තා නැති උනා කියන ආරංචිය මට එනවා. ඇස් දෙක වැහුවම තාත්තගේ ඒ උණුසුම තවමත් දැනෙනවා . එදා මං අඩනවා. එත් ලෝක සත්‍යට අපි මුණ දෙන්න ඕනනේ. වැඩි දවසක් යන්න කලින් මාව මේ ලෝකෙට ගෙනාපු අම්මත් තාත්තගේ ලෝකෙට යනවා. ඒ ඒ දෙන්න පතා ගෙන අපු ලෝකේ.
දැන් මගේ ලෝකේ මහම මහා විකාරයක්. ළමයි ලොකු වෙනවා. උන්ට කන්න බොන්න උගන්නන්න සල්ලි ඕනේ වෙනදට වඩ ගොඩක් මහනසිවෙනවා. facebook , twiiter කියන දේවල මගේ ලෝකෙන් හැලිලා යනවා. මගේ ලෝකේ ඒ යාලුවෝ මට නැතිවෙනවා.. දවසක මගේ ලොකු ළමය කියනවා තාත්තේ මං විශ්ව විද්‍යාලයට තේරුණා කියල. මං එදා ලබපු සතුට ඒ කොල්ල අද ලබනවා.අපේ තාත්තගේ හිතේ එදා මං එහෙම කියද්දී ඇති උන ආඩම්බරය අද මං ලබනවා. මේ වෙනකොට රැකියාවේ උපරිම තැනකට මං ඇවිල්ල. ලොකු ගෙයක්, වාහන ඕන තරම්. කෙල්ලට හොදම හොද තැනකින් යෝජනාවක් එන්නේ ඔය අතරේ. ඉති කෙල්ලගේත් කැමැත්ත පිට ඒක කරලා දෙනවා. අවුරුදු ගානක් මගේ තුරුලේ ඉදපු කෙල්ල මාව දාල යනවා එදා. මගේ ලෝකේ වගකීම් මටත් නොදනිම අඩු වෙනවා. කොල්ලටත් හොද රැකියාවක් හම්බවෙනවා .
ඉතින් ඔහොම ඉද්දි වෙනද නැති ඇගේ අමාරු මට එනවා. කොන්ද රිදෙනවා. අග රිදෙනවා. අන්තිමට body checkup එකක් කරනවා. එතකොට හොයාගන්නවා මට දියවඩියවා කියල.ඉතින් හැම දේම කපු බීපු මට කෑම සීමාවක් වැටෙනවා. දැන් මගේ ලෝකේ වගකීම් ඇත්තෙම න. හොද වගකීම් ඉටු කරපු මනුස්සයෙක් විදියට මං ඇස් වහල හොද හුස්මක් අරන් මගේ රැකියාවට ආයුබෝවන් කියනවා. මං විශ්‍රාම දිවියට යනවා. තියෙන සල්ලි මටත් මගේ නෝනටත් හොදටම ඇති. සංකීර්ණ ලෝකේ ආයි සරල වෙනවා. වගකීමක් ඇත්තෙම නෑ. මං නෝනත් එක්ක ගෙදර සතුටු ජිවිතයක් ගත කරනවා.
දවසක් මන් උදේ එහෙරිලා බලද්දී.................වෙනද උදෙන්ම එහෙරෙන මගේ නෝනා හොදටම නිදි. බැදපු දවසේ වගේම ලස්සනට එය ඉන්නවා. එත් හොදටම සිතල වෙලා. විශ්වාස කරන්න පුලුවන්ද අවරුදු හතළිහක් එකට ඉදපු, ඔබ වැඩියෙන්ම ආදරය කරපු ඔබේ බිරිද ඔබව දාල යයි කියල. ඔව් මගේ නෝනා මාව සදහටම දාල යනවා. මට කන්න හිතෙන්නේ නෑ. මගේ ලෝකෙම මට නැති වෙනවා වගේ දැනෙනවා . මං ගෙදර තනි වෙනවා.
ඔහොම දවස්යද්දී...එක දවසක් උදේ මං එහෙරිලා නැගිටින්න හදද්දී...මගේ කකුල් පන නැති වෙනවා. මගේ පුතා ඇවිත් මාව දොස්තර කෙනෙක් ගාවට එක්කම් ගියාම දොස්තර තීරණය කරනවා මන් අන්සබග රෝගියෙක් කියල. කදුළු පිරිච්ච්චා මගේ ඇස් වලින් මං මගේ ලෝකේ ආපස්සට ගිය. දැන් ලෝකේ හරිම සරලයි. එදා අම්මගේ තාත්තගේ උණුසුම සැලකිල්ලට අද පුතාගේ දුවගේ උණුසුම සැලකිල්ල....එදා කිරි විතරක් බීපු මට අද කැද....හරිම සරලයි...එදා වගේම අදත් ඇවිදින්න බැරුව ඇදට වෙලා බලන් ඉන්නවා මං ජීවිතය දිහා...
දවසක් මං එහෙරෙද්දී....මගේ නෝනා මගේ ලග....අම්මයි තාත්තයි මන් දිහා බලන් ඉන්නවා...අම්ම පොඩි කලේ වගේ මාව වඩ ගත්ත....වඩාගෙන මාව අහස උඩට එක්කරගෙන ගිය.....ඒ අතරේ මගේ දුවයි පුතයි මගේ ඇද වටේ ඉදන් මගේ සිරුර අල්ලන් අඩනවා දැක්ක........ඉතින්....අවරුදු හැත්තෑ නවයක් මාත් එක්ක ඉදපු ඒ සිරුරට අත වනල මං අහසට අම්මගෙයි තාත්තගෙයි, අයියගෙයි මල්ලිගෙයි නොනැගෙයි අතින් අල්ලන් පියබල ගිය..................................................
 

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
kalekin dakapu deyak hithanna puluwan thread ekak machan thnxs 4 sharin with us :D ++rep

picture_product_life_cycle.gif
 
  • Like
Reactions: ruff2000

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචන් ඇත්තමයි කියන්නේ, ඇස වලට කඳුළු අවා :(:(:(:(, මේක තමයි ජීවිතය කියන්නේ, හිඟන්නෙක් වෙලා ඉපදුනත් රජෙක් වෙලා ඉපදුනත් අවසානය මරණය
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බැලු බැල්මට කෙනෙක්ගේ ජීවිත කතාවක් වගේ පෙනුනට හොඳ ගැඹුරක් තියෙනව.අපි ඉන්නෙ කොහෙද> කරන්නෙ මොනවද? අපිට වෙන්නෙ මොනවද? ජීවිතේ කියන්නෙ මොකද්ද? ඔය හැම ප්‍රශ්නයක් එක්කම උත්තරත් මේ ලිපියේම තියෙනවා