කටට රහට උයමු.....!!! (HOT) Buttered Cuttlefish - EK Cookery class 15'

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටට රහට උයමු.....!!! (HOT) Buttered Cuttlefish - EK Cookery class 15'

    (HOT) Buttered Cuttlefish

    Thief, Mr.Perera, Tharinda76 ආදී මෙකී නොකී සියළු සාමාජිකයන් ගේ කෑදර ඉල්ලීම පිට මෙන්න මෙවර Hot Buttered Cuttlefish සාදන ආකාරය.

    මුලින් ම කිව යුතු දෙයක් සහ ඉල්ලීමක් තියෙනවා.
    ඉල්ලීම-
    මචංලා, දැල්ලො කියන්නේ අම්බානකට කොලෙස්ටරෝල් තියන ආහාරයක්. ඒ මදිවාට මේක දෙපාරක් තෙලෙන් බැදෙනවා. ඒ නිසා මේක කොතරම් රසවත් වුණත් නිතර හදාගෙන කන්න යන්න එපා! උඹලට කොලෙස්ටරෝල් වැඩිවෙලා හාට් ඇටෑක් ආවෙත් මම ආනන්තර්ය පාපකර්මයක් කලා වෙනවා!!!!

    කිව යුතු දේ -
    “තාත්ති උයන දේවල්” කෑමට මගේ පුත්‍ර රත්නය දක්වන්නේ ලොකු කෑදර කමක්. එනිසා මේ හදපු එක HOT නැහැ. එනිසයි “(HOT)” කියා දමා ඇත්තේ. මොකද පොඩි එකාට “දයියා කන්න” තාම බැරි නිසා. මේක HOT කරන ආකාරය එනිසා වෙනම ම රතු අකුරින් දමා ඇති. පුත්‍රස්නේහය පිළිබද ව ඔබතුමන් ලා දන්නවා ඇතැයි සිතමි.


    අවශ්‍ය දේ.

    cf1f.jpg


    1. කඩල පිටි මේස හැදි 5ක්
    2. බැදීමට කොලෙස්ටරෝල් රහිත තෙල්
    3. ඔයිස්ටර් සෝස් මේස හැදි 1ක්
    4. මාළු සෝස මේස හැදි 1ක්
    5. වූස්ටර්ෂයර් සෝස් මේස හැදි 1ක්
    6. බඩ ඉරිගු පිටි මේස හැදි 4ක්
    7. ඇට ඉවත් කර කැබළි කැපූ මාළු මිරිස් කරල් 2ක්
    8. අගල් 2ක් පමණ දිගට කැපූ ළූණු කොල ග්රෑiම් 50ක්
    9. දිගට කැපූ කැරට් අලයක්
    10. පෙති කැපූ ලොකු ළූණු ගෙඩියක්
    11. හතරට පැලූ ළූණු කොල වල ළූණු බල්බ
    12. මාගරීන් හෝ බටර් ග්‍රෑම් 50ක්
    13. පෙති කැපූ සුදු ළූණු
    14. පෙති කැපූ ඉගුරු
    15. බිත්තරයක්
    16. මිරිස් කුඩු ස්වල්පයක්
    17. කහ කුඩු ස්වල්පයක්
    18. ලුණු තේ හැන්දක්
    19. ලියා ගත් ඉගුරු, කුරුදු, එනසාල් 2ක්, කරාබු නැටි 2ක් සහ උළුහාල් ස්වල්පයක්
    20. සුදු ලූණු බික් දෙකක්
    21. රම්පෙ
    22. කරපිංචා
    23. අබ කුඩු ස්වල්පයක්


    මෙන්න හොට් කරගන්න ඕන දේවල්........හැබැයි ෆොටෝ එකේ නෑ........
    24. චිලී පේස්ට් මේස හැදි 2ක්
    25. මිරිස් සොස් හෝ තක්කාලි සෝස් මේස හැදි 6ක්


    හෝව්.......ඕනම දේ නෑනේ...............දැල්ලෝ......??????:shocked:

    දැල්ලෝ ජාති දෙකක් තියනවා.
    එකක් රතු දැල්ලන් (Red cuttlefish)

    cf2h.jpg


    අනික පොතු දැල්ලන් (Squids)

    cf3r.jpg


    මේ වර්ග දෙක ම මේයට භාවිතා කළ හැකි වුවත් වඩාත් රසවත් වන්නේ රතු දැල්ලන්.


    දැල්ලන් සකස් කිරීම.

    හුග දෙනෙක් මේ දැල්ලො බිස්නස් එකට කැමති නැත්තේ උන් සුද්ද කරගන්න දන්නේ නැති නිසා. මාළු කඩ වල උන් කරන්නේ දැල්ලා ගේ ඔළුව ගලවලා විසි කරලා හම ගහල දෙන එක.:angry::angry: අන්තිමට ග්‍රෑම් 500ක් කින් ග්‍රෑම් 200ක් අපතේ.....:angry::angry:හැබැයි අපි ඒකට ගෙවන්න ඕන.:angry::angry: ඒ නිසා මෙන්න දැල්ලන් සුද්ධ කරන විදිය.

    cf4e.jpg
    cf5z.jpg


    A. දැල්ලෙක් ගේ ශරීරය කොටස් දෙකකට බෙදෙනවා. හිස සහිත ජල පිහිර සහ අන්තරංග සහිත කද කොටස ලෙස. මේ කද කොටසේ මාංශමය වරල පිහිටනවා.

    B. හිස කොටසින් අල්ලා පරිස්සමෙන් එළියට අදින්න. එවිට හිස සමග තීන්ත සහිත කදුක සහ අන්ත්‍රයට සම්බන්ධ වූ ගොජුර එළියට එනවා.

    C. තීන්ත මඩිය හසු නොවන සේ ඇගිලි දෙකින් අල්ලා පහලට තෙරපමින් අදින්න. මෙවිට කදුක සහ අන්ත්‍රය වෙන් වී යයි. කදුක පොඩි කරගන්න එපා! එවිට හත් පොලේ කළු පාට තීන්ත ගා ගෙන, ගද ගස්සගෙන වැඩේ ඇනට් වෙනවා!

    D. දැල්ලා ගේ ශරිරය උඩ කොටසේ තද යමක් දැනේවි. මේය “දැලි පොත්ත” ලෙස හදුන්වන අභ්‍යන්තර කවචය. මෙහි කෙළවර නිය තුඩින් අල්ලා අදින්න.

    E. එවිට දැලි පොත්ත මෙලෙස පහසුවෙන් වෙන් වී එයි.

    F. දැල්ලා ගේ සම ඉවත් කිරීමට ඇගිළි තුඩින් අල්ලා සම තදින් අදින්න. සියුම් සම ගැල වී එන අතර,

    G. පහලට දිගට ම ඇදී මෙන් සම්පූර්න ලෙස සම ඉවත් කර ගත හැකිය.

    H. ආහාරය සදහා ගනු ලබන ශුද්ධ කල දැල්ලා සහ හිස වම් පසින් ද ඉවත් කල සම, කදුක, අන්ත්ර්ය සහ දැලි පොත්ත දකුනු පසින් ද දක්වා ඇත.

    මෙසේ සකස් කර ගත් දැල්ලන් පිරිසිදු ජලයෙන් අවම ලෙස තෙවරක් හොදින සෝදා ගන්න. ශරීරය තුළට ජලය දමා සොලවා හොදින් සෝදා ගන්න. ආහාරය සදහා දැල්ලන් සහ එම හිස් ගනු ලැබේ.


    දැල්ලන් කුළුබඩු යොදා පදම් කර ගැනීම පිස ගැනීම

    cf6o.jpg
    cf7j.jpg


    I. මාංශ වරල වෙන් කර ගන්න.

    J. ශරීරය දෙකට පලා ගන්න.

    K. දැන් හරස් අතට අගල් බාගයක පමණ පළලට කොටස් කපා ගන්න.

    L. මේ හැම කොටසකට ම රූපයේ පරිදි වෙන් නොවන සේ කැපුම් යොදා ගන්න. මෙම ආකාරයට කැපුම් යොදා ගැනීම මෙම ආහාරයට ලාක්ෂණික බව තමා අපේ ගුරුවරුන් ඉගැන්වූයේ.

    M. ලියා ගත් ඉගුරු, කුරුදු, එනසාල් 2ක්, කරාබු නැටි 2ක් සහ උළුහාල් ස්වල්පයක්,සුදු ලූණු බික් දෙකක්,රම්පෙ,කරපිංචා යන මේවා මන්චරයක ආධාරයෙන් අඹරා ගන්න.

    N. මෙසේ අඹරා ගත් දේවල් සහ මිරිස් කුඩු,කහ කුඩු,ලුණු, අබ කුඩු, රූපයේ දක්වා ඇති සෝස් වර්ග සහ බිත්තරය සමග කපා ගත් දැල්ලන් සහ හිස් හොදින් මිශ්‍ර කර ගන්න. මිශ්‍ර කරගත් මේ දැල්ලන් පදම් වීම පිණිස ශිතකරණයක පහල කොටසේ පැය 4ක් පමණ තබන්න.

    O. දැන් මේ පදම් කළ දැල්ලන් ට කඩල පිටි සහ කෝන් පිටි එක්කර හොදින් මිශ්‍ර කර ගන්න.

    P. මෙසේ බැටරයේ දවටා ගත් දැල්ලන් ගැඹුරු තෙලේ මද රන්වන් පාට වන තෙක් බැද ගන්න.
    (අවවාදයයි! දැල්ලන් ගැඹුරු තෙලේ බැදීමේ දී පුපුරන බැවින් ලිපළගට ම වි බැදීමෙන් වළකින්න!!)

    cf8s.jpg


    Q. බදුනකට මාගරීන් හෝ බටර් දමා රත් කරන්න.

    R. මෙයට සුදු ළූණු පෙති සහ ඉගුරු පෙති දමා බැදෙන්නට හරින්න.(HOT කිරීමට දැන් මේකට චිලී පේස්ට් එක් කළ යුතුයි!)

    S. මෙයට බැදගත් දැල්ලන් කැබලි සහ කැරට් දමා බටර් සහ චිලි පේස්ට්, බැදුණු බැටරයට උරා ගන්නා තෙක් මදක් වේලා බැදෙන්නට හරින්න.

    T. මෙයට දැන් මාළු මිරිස්, ළූණු කොළ සහ පලා ගත් ළූණු බල්බ සහ ළූණු පෙති එක්කර ගන්න.
    විනාඩියක් පමන බැදීමට ඉඩ දී HOT කර ගැනීමට අවශ්‍ය අනෙක් කළමනා ව වන චිලී සෝස්/තක්කලි සෝස් එක්කර ගන්න. මිශ්‍ර කර වහා ලිපෙන් බා ගන්න.

    මෙන්න සදා ගත් (HOT) BUTTERED CUTTLEFISH එක.............!!!!

    cf9.jpg


    මේන්න මේ දෙන්නා නම් පරණ යාළුවො ලු.................!!!හුග කාලෙකින් සෙට් වුණාලු.......!!!!!!!!!:P:P:P

    cf91.jpg


    දැනට බම්ප් එකක් දමා යන්න. සාදා ෆොටෝ එකක් පෝස්ට් කරන්න මගේ චිත්ත ප්‍රීතිය සහ ලෝ වැඩ පිණිස......!!!!!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    affa mei thiyenne badu :P maxxa widiyata dala thiyenawa godak ma watinne sudda karana widiha dala thiyena eka gena...malu karayata den deka wenna ona na sudda karanna kiyala :rofl:

    Anthima pinthoore diha balannama ba affa .. duke baa :P thanks alot machan ! 7+
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචන් දතා වැඩේ නම් ගින්දර ,මම දැන් ගෙදර යන වෙලාව.බුක් මාර්ක කර ගත්ත.හෙට හොඳට බලල කමෙන්ට් එකක් දාන්නම් හොඳේ.ජය වේවා...
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    affa mei thiyenne badu :P maxxa widiyata dala thiyenawa godak ma watinne sudda karana widiha dala thiyena eka gena...malu karayata den deka wenna ona na sudda karanna kiyala :rofl:

    Anthima pinthoore diha balannama ba affa .. duke baa :P thanks alot machan ! 7+

    අම්ම දැන් ඔය උඹ දැල්ලෝ සුද්ද කරන්නද හදන්නේ.ගෙදර අය දැල්ලෝ කාල හමාරයි...:shocked::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැල්ලෝ කන්න නම් ආසයි...... නමුත් මේ සුද්ධ කරන විදිහ තමා කරන්න පුලුවන් වෙයිද දන්නේ නැත්තේ.... අපි ඉතින් කරන්නේ, මාළු කඩේ පොරටම කියලා සුද්ධ කරගන්න එකනේ...... :P කටට කෙල උනනවා මේක දැකලා.......!! :D :)


    කෝ අර වයින් එක හදන හැටි දාන්නේ නැද්ද.....?? :rolleyes: ඒත් ඉතින් මේ දවස් ටිකේ, මට මධ‍යසාර තහනම් නේද....?? :rolleyes: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    affa mei thiyenne badu :P maxxa widiyata dala thiyenawa godak ma watinne sudda karana widiha dala thiyena eka gena...malu karayata den deka wenna ona na sudda karanna kiyala :rofl:

    Anthima pinthoore diha balannama ba affa .. duke baa :P thanks alot machan ! 7+

    :(:( අන්තිම පින්තූරේ දිහා නම් බලලා....... :rofl::rofl: මේ දවස් ටිකේ, ගෙදර ඉතුරු වෙච්ච කොට කෑල්ලක් තියෙනවා ඒකටවත් වැඩේ දෙන්න විදිහක් නෑ.... මේ කිඹුලා දතක් ගලවලා මගේ.....!! :angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැල්ලෝ කන්න නම් ආසයි...... නමුත් මේ සුද්ධ කරන විදිහ තමා කරන්න පුලුවන් වෙයිද දන්නේ නැත්තේ.... අපි ඉතින් කරන්නේ, මාළු කඩේ පොරටම කියලා සුද්ධ කරගන්න එකනේ...... :P කටට කෙල උනනවා මේක දැකලා.......!! :D :)


    කෝ අර වයින් එක හදන හැටි දාන්නේ නැද්ද.....?? :rolleyes: ඒත් ඉතින් මේ දවස් ටිකේ, මට මධ‍යසාර තහනම් නේද....?? :rolleyes: :P
    ඔය අන්තිම පික් එකේ තියන J&B එක තාම unopened.............!!!!!!!:P:P:P:cool::shocked:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    eththatama ban kauda me 4to elluwe? uba dello sudda kara kara cam eka alluwada ban?

    any how rasata athi mekanam, hadanna wela nha ban, heduwa ekek image ekak daapalla
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    eththatama ban kauda me 4to elluwe? uba dello sudda kara kara cam eka alluwada ban?

    any how rasata athi mekanam, hadanna wela nha ban, heduwa ekek image ekak daapalla
    සමහර ඒව මම ම ගත්තා. නැත්නම් ට්‍රයිපොඩ් එක තියලා කැමරාව මවුන්ට් කරලා, ඩිලේ එක දාල තමා ගන්නේ.......!!!!!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :(:( අන්තිම පින්තූරේ දිහා නම් බලලා....... :rofl::rofl: මේ දවස් ටිකේ, ගෙදර ඉතුරු වෙච්ච කොට කෑල්ලක් තියෙනවා ඒකටවත් වැඩේ දෙන්න විදිහක් නෑ.... මේ කිඹුලා දතක් ගලවලා මගේ.....!! :angry::angry:

    kota kaali diha balagena inna epo :P mei umba kimbuata baninne ou gedarata ewilla umbe datha galawwada ? :frown: ane yako wili lajjai dan umbe dathuth helenawada ? :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ethakota eke label eka pathuru gahuwe ube puthra rathnayada?

    නෑ බං...ඕක හම්බ වෙලා දැන් අවුරුදු 5ක් විතර...........!!!පැන්ට්‍රි කබඩ් එකේ තාම විදවනවා.....!!!!
    කැම්පස් එකෙන් ආවේ ඒ බිස්නස් එක අතෑරලා......!!!:D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සමහර ඒව මම ම ගත්තා. නැත්නම් ට්‍රයිපොඩ් එක තියලා කැමරාව මවුන්ට් කරලා, ඩිලේ එක දාල තමා ගන්නේ.......!!!!!!

    ela ela obage sewaya anupameyayi kollo, eka amila karaganna oya kadapu natho bothale share karapan machan