ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ගාල්ලෙන් මතු වූ මහමොළකාරයා
 
 
Thread Tools Display Modes
Prev Previous Post   Next Post Next
(#1)
Old
prashan3000's Avatar
prashan3000 prashan3000 is offline
Senior Member
prashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of lightprashan3000 is a glorious beacon of light
 
Posts: 2,116
Join Date: Apr 2011
ගාල්ලෙන් මතු වූ මහමොළකාරයා - 05-27-2012, 02:07 AM

ගාල්ලෙන් මතු වූ මහමොළකාරයා


PHOTOGRAPH: රෝගී පියා

වැඩ බැරි වුණත් ගම ගාල්ලේ, යෑයි කියමනක්‌ තිබේ. එහෙත් වැඩත් හැකි ගමත් ගාල්ලේ වන අය බොහොමයක්‌ සිටිති. එහෙව් අය අතරට එකතු වූ අලුත්ම ගාල්ලේ මිනිසා නුවන් චතුරංගය.

පසුගිය දාක පැවැත්වුණු සිරස වැඩසටහනක්‌ වූ "ඔබද ලක්‌ෂපති මමද ලක්‌ෂපති" ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනෙන් රුපි දස ලක්‌ෂයක්‌ දිනා ගත්තකු ලෙස ප්‍රථම වාර්තාව තැබුවේ වැඩත් හැකි ගමත් ගාල්ලේ වන ඒ ළාබාල තරුණයාය.

මෙයින් වසරකට පමණ පෙර තිරගත වූ ස්‌ලම් ඩෝග් මිලියනර් චිත්‍රපටයේ කතා තේමාව වූයේ ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහනකින් ඉන්දියානු රුපියල් කෝටියක්‌ දිනාගත් කිසිදු උගත්කමක්‌ නැති ළමයකුගේ කතාවකි. ඔහු සියලු ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ සිය ජීවිතයෙන් උගත් පාඩම්වලිනි. එම චරිතය නිරූපණය කළ ළමයාට ඔස්‌කාර් සම්මානයක්‌ද හිමි විය. එහෙත් ඉන්දියාවේ බෝයි මෙන් නොව ශ්‍රී ලංකාවේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකදී නුවන් චතුරංග නමැති තරුණ දරුවා රුපියල් දස ලක්‌ෂය දිනා ගැනීම තුළ අනුවේදනීය කතාවක්‌ ද තිබේ.

නුවන් චතුරංගගේ පියා ධීවරයෙකි. මහ මුහුදු ගොස්‌ ආපසු ගොඩට ආ පියා මහ පාරේදී වේගයෙන් හඹාගිය රථයකට යට විය. පියා මත්පැන් හෝ දුම්වැටි නොබොන යහපත් මිනිසෙකි.

එම අනතුරින් චතුරංගගේ පියාගේ මොළයට බරපතළ හානි සිදු විය. ඔහුගේ අත් පා නිසි ලෙස ක්‍රියා නොවුණු අතර නැඟිට හිඳ ගැනීමට හෝ ඇවිදීමට නොහැකි විය. එදා සිට පස්‌ වසරක්‌ ගත වන මේ වනතුරුත් පියා සිටින්නේ ඇඳක්‌ මතය. ඔහු සදාකාලික රෝගියෙකි.

මේ සිදු වීම වූයේ නුවන් චතුරංග කුඩා කලය. එහෙත් පියා ඇඳ මත වැතිරුණු අත පය සෙලවිය නොහැකි රෝගියකු බව ඔහුට තේරුම් ගොස්‌ තිබිණි.

තාත්තා ගොඩ ගන්නේ කෙසේදැයි යන ගැටලුව පුංචි සන්දියේ නුවන් චතුරංග තුළ තිබිණි.

චතුරංග මූලික අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ සුධර්ම මහා විද්‍යාලයෙනි. අනතුරුව ඔහුට ගාල්ලේ ප්‍රසිද්ධ ඉස්‌කෝලයක්‌ වූ මහින්ද විද්‍යාලයට යැමට අවස්‌ථාව ලැබිණි.

ඒ අවස්‌ථාව ලැබුණු අයුරු චතුරංග අප සමග නොපැකිළව කීවේය. නුවන්ගේ අම්මා ගාල්ලේ වජිර අබේවර්ධන මන්ත්‍රීතුමාගේ ගජ මිතුරියකි. නුවන් චතුරංග මහින්දයට ඇතුළු වන්නේ වජිර අබේවර්ධන (එ.ජා.ප.) මන්ත්‍රීතුමාගේ ආධාරයෙනි.

මහින්දයේදී චතුරංග බොහෝ දස්‌කම් පෑ ශිෂ්‍යයෙකි. ඔහු එහි නාට්‍ය හා රංග කලා ශිල්පියකු විය. 2008 වසරේ සමස්‌ත ලංකා පාසල් නාට්‍ය තරගයේදී ඔහු නාට්‍ය ගායනා වෙනුවෙන් විශිෂ්ටයා ලෙස සම්මාන ලැබීය. ගායනා අංශයේ පමණක්‌ නොව සංගීත අංශයේද ඔහු නිපුණතාව පළ කළේය.

මේ ආකාරයෙන් විද්‍යාලයීය සංවත්සර සමරුවලදී හොඳම සමරු සටහන් ලීවේ ඔහුය. එකී කියෑවීම හා රසාස්‌වාදනය යටතේ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් පිරිනමනු ලැබු ගාලු දිස්‌ත්‍රික්‌ සහතිකය දිනා ගැනීමට නුවන් චතුරංග ශිෂ්‍යයා සමත් විය.

නමුත් ඔහු ඉගෙන ගත්තේ මහින්ද විද්‍යාලයෙන් ලැබුණු ශිෂ්‍යත්ව මුදලේ ආධාරයෙනි.

ඔහු උසස්‌ පෙළ ලීවේය. විෂයන් තුනම සමත් වූ නමුදු ඔහුට විශ්වවිද්‍යාල ප්‍රවේශයට ලකුණු මදි විය.

ඉනික්‌බිති ඔහු ගමේ පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින ළමුන් වෙනුවෙන් පංති ඇරඹීය. පහේ ශිෂ්‍යත්ව බුද්ධි පරීක්‌ෂණය ඔහුගේ සිත් ගත් විෂයක්‌ විය. එබැවින් බොහෝ සිද්ධීන් කාල වකවානු සහිතව මතක තබාගත යුතු විය.

එමෙන්ම ඔහුගේ විනෝදාංශය වූයේ රූපවාහිනියේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් නැරඹීමය. නරඹන අතරේ ගෙදර සිට ප්‍රශ්නවලට පිළිතුරු දීමත් ඔහුගේ සිරිත විය.

ලොකු අක්‌කාත්, ඔහුගේ පංතියේ ළමයිනුත්, නිතර කීවේ නුවන් චතුරංග රූපවාහිනි ප්‍රශ්නෝත්තර වැඩසටහනකට "නියම" තරගකරුවකු බවය.

තාත්තා ඇඳෙන් නැඟිටුවා ගැනීමට අඩු තරමින් එක්‌ ලක්‌ෂ විසිපන් දහසක්‌ දිනා ගැනීම ඔහුගේ එකම අරමුණ විය. ඔහු සිරසට කතා කළේය. සංවිධායකයෝ ඔහුගෙන් ප්‍රශ්නයක්‌ ඇසූහ. පිළිතුර නිවැරදි විය. අනතුරුව ලිඛිත පරීක්‌ෂණයක්‌ පැවැත්විණි. එයින්ද ඔහු සමත් විය.

තරගයට ඔහු තේරුණි. ලොකු අක්‌කාත් අයියලාත් ගමේ කිහිප දෙනකුත් සමග ඔහු තරගයට ගියේය.

පළමුවැනි ප්‍රශ්න තුනම ඔහුට ඉතා පහසු විය. හතරවැනි ප්‍රශ්නයේ සිට ප්‍රශ්න ගැඹුරු විය. කවර ජගතෙකු වුවද පස්‌වැනි ප්‍රශ්නයෙන් එහාට නොයයි.

මනමේ නාටකයට පාදක වන්නේ කුමන ජාතක කතාවද? ධනුද්දර. ඔහු ක්‍ෂණිකව පිළිතුරු දුන්නේය. දෙදාහේ නෝට්‌ටුවේ නැති රූපය කුමක්‌ද? උත්තර සතරක්‌ තිරයේ දිස්‌විණි. මෙය කාගේ වුවද ඔලුව අවුල් කරවන ප්‍රශ්නයකි. ඉලක්‌කම මිස නෝට්‌ටුවල රූප බලන සිරිතක්‌ අප තුළ නැත. එහෙත් චතුරංගට දෙදාහේ නෝට්‌ටුව ගැන මතක තිබිණි. නෝට්‌ටුවේ නැති රූපය දළදා මාලිගාවයි. දැන් නුවන් චතුරංග පස්‌වැනි ප්‍රශ්නය පැන ඉදිරියට ගොස්‌ය. අපු සංස්‌සාර් චිත්‍රපටයේ අධ්‍යක්‌ෂවරයා කවුදැයි ඇසූ විට සත්‍යජිත් රායි යෑයි ඔහු පිළිතුරු දුන්නේ ඒ චිත්‍රපටය නරඹා නොව ඒ පොත කියවා තිබූ නිසාය. මේ අයුරින් ඔහු 14 වැනි ප්‍රශ්නය දක්‌වා ඉදිරියට ගියේය. 14 වැනි ප්‍රශ්නය වූයේ චීන මහා ප්‍රාකාරයේ දිග කොපමණද යන්නය. දැන් ඔහු අතේ රුපියල් දශ ලක්‌ෂයක්‌ තිබේ. මේ ප්‍රශ්නයට දෙන පිළිතුර වැරදුනහොත් තෑගි මුදල ආපසු එක්‌ ලක්‌ෂ විසිපන් දහස දක්‌වා බසී.

මේ අමාරු ප්‍රශ්නය අතහැර දැමූ ගාල්ලේ මහ මොළකාරයා රුපියල් දස ලක්‌ෂය අතෙහි ඉතුරු කරගෙන තරගයෙන් ඉවත්වීමට බුද්ධිමත් විය. නොකඩවා සභාවේ අත්පොළසන් නැඟිණි.

ඔහු තරගයට සහභාගි වෙමින් ප්‍රථමයෙන් කීවේ තමා පැමිණියේ තාත්තා සනීප කර ගැනීමට මුදලක්‌ සොයා ගැනීමට බවය. එහෙත් මෙම තරගයෙන් මෙතෙක්‌ දාහතර වැනි ප්‍රශ්නය දක්‌වා පැමිණි ප්‍රථමයාද තරගයෙන් රුපියල් දශ ලක්‌ෂයක්‌ දිනාගත් ප්‍රථමයා බවටද ඔහු පත්ව සිටියේය.

මේ නිහතමානී 22 හැවිරිදි තරුණයා කීවේ රුපියල් දස ලක්‌ෂය තමාට ලොකු මුදලක්‌ බවය. එකම අරමුණ තාත්තා සුවපත් කර ගැනීම බවත්ය.

"පිරිසිදු ෙච්තනා - ගෙන දෙයි වාසනා" ධර්මතාව සනාථ කරමින් චතුරංග දශ ලක්‌ෂපතියෙක්‌ විය.

ලොතරැයි පතක්‌ ගැනීමෙන් කෙනකුට දශ ලක්‌ෂපතියෙක්‌ විය හැක. එහෙත් චතුරංග දශ ලක්‌ෂයක්‌ සොයා ගත්තේ සිය දැනුමෙනි උගතමනා ශිල්පය මයි මතු රැකෙනා, සත්‍යයක්‌ වූ මොහොතකය.

අන්තිමේදී ගාල්ලේ දෙවැට ගම්වාසීහු චතුරංගට උපහාර පිණිස තොරණ ගසා පෙරහැරක්‌ද පැවැත්වූහ.

සිරස රූපවාහිනියටත්, ගාලු වරාය පොලිසියටත්, දෙවැට මුස්‌ලිම් ජනතාව ඇතුළු ගම්වැසියන්ටත් අවසන් වශයෙන් ස්‌තුති කරන්නට ඔහු අමතක කළේ නැත.

චන්ද්‍රසිරි දොඩන්ගොඩ
ඡායාරූප කේ. කේ. කළුආරච්චි
Reply With Quote
 

Bookmarks

Tags
!buddhist cleaners dubai, no sex = monks suicide, thambi ගඳයි

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.09657 seconds with 9 queries