'LOFT' Movie අනුරාගික_රාත්‍රියක

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඇන්ටි-මුස්ලිම් කියලා ඇවිත් ඔරිජිනල් එක බෑන් කර ගෙන අඬ අඳ ඊමේල් ගැහුවෙ මමද නැත්තම් උඹද බන්?
යකෝ මේක මගේ ඔර්ජිනල් එක, මේක කවදාවත් බෑන් වෙලා නෑ.:lol::lol:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එලස් මචං.. මම ඕක බැලුවා.. පට්ට සිරා.. දෙතුන් වතාවක්ම බැලුවා.. :yes: මේ ගැන සරසවිය පුවත්පතේ ආටිකල් එකක් දාලා තිබුණා.. මම ඒක සේව් කරලා තියාගත්තෙ ත්‍රේඩ් එකක් දාන්න කියලා.. උඹ මට කලින් දාලනේ.. අවුලක් නෑ.. මේ විස්තර ටික සරසවිට පින් සිද්ධ වෙන්න මගේ ගානේ එහෙනම්.. :D

    අනුරාගික රාත්‍රියක අන්සතු සිහිනයක් මරා දැමීම

    වංචාකාරී රසයක් සොයන්නට රහසිගත නවාතැනක් තිබීම කෙතරම් ලොකු උපකාරයක් වනු ඇතිද? යතුරු පහකින් අගුල් දැමුණු මේ සුවපහසු උඩුමහල විවාහක මැදිවියේ මිනිසුන් පස් දෙනෙකුගේ රහසිගත ආශාවන් සන්තෘප්ත කිරීම කෙරෙහි දිවි හිමියෙන් බැදී සිටියි.

    හාත්පස ලෝකයට ප්‍රීතිමත් කුටුම්භ තුළ සිනාවෙන් කල් ගෙවන මිනිසුන් එක්තරා අඳුරු මොහොතක තම ලලාසාවන් මුදා හරින්නට නන්නාදුනන ගැහැනුන් යොදා ගනී.මේ අය ආදරය අහිමි සාමාන්‍ය ගැහැනුන් විය හැකි අතර වෛශ්‍යාවන් ද විය හැකිය.වඩා වැදගත් මේ බව රහසිගතව තබා ගැනීමය.සාමාන්‍ය සමාජය තුළ ශුද්ධෝත්තමයන් සේ පෙනී සිටීමය.

    එහෙත් සිහිනය පුපුරා ගොස් මිතුරන් පස් දෙනා උභතෝකෝටියකයකට පත් වේ.එක් අනුරාගික රාත්‍රියක සියල්ල වෙනස් වේ.රහසිගත නවාතැනේ සුවපහසු සිරියහන මත කාන්තාවක මරා දමා ඇත. බැලූ බැල්මට මේ මිනීමැරුමකි.දැන් මිතුරන් පස් දෙනා සමඟ ම ප්‍රේක්ෂකයාවද සිනමාපටය විසින් උස්සා පොළොවේ ගසා තිබේ.

    සිනමාපටය විසින් දැඩි පීඩනයක් අපට යොමු කරයි. දැන් ප්‍රේක්ෂකයා විසින් මිනීමරුවන් සොයා ගත යුතුය.සැකකාර පිරිමින් පස් දෙනාට වෙන් වෙන්ව ද්වේශ කළ යුතුය.ඉනික්බිති ඉතිරිව ඇති සාක්ෂි අනුව යමින් සිදු වූයේ කුමක්දැයි සොයා යුතුය.සැබැවින්ම සිදු වූයේ කුමක්දැයි අප දැන සිටීම එතරම් වැදගත් නැත.සිදු විය යුතු දෙය ප්‍රේක්ෂකයා දනී.අප දකින්නට බලාපොරොත්තු වන නරුම කතාන්දරය අප විසින්ම එවිට ගොතාගෙන අවසන්ය.

    සිනමාපටයේ අධ්‍යක්ෂවරයා පෙනී සිටින්නේ එවිටය.ඔහු අපේ පූර්ව නිගමනශීලී මනස කළඹවාලයි.වැරදි දිශාවන් වෙත යොමු කරවයි.දැන් මොහොතකට පෙර මේ වැරදිකාර මිනිසුන්ට ද්වේශ කළ සත් ගුණවත් ප්‍රේක්ෂකයා ස්වකීය වැරදිකාර ජීවිතය අනෙකෙකුගේ ඇසින් දකින්නට පටන් ගනී.

    එරික් වෑන් ලෝයි අධ්‍යක්ෂණය කළ 'ලොෆ්ට්' සාමන්‍ය කතා සම්ප්‍රධායෙන් පිට පාරක යන කතාවකි.බාර්ට් ඩි පෝව් තිර නාටකය ලියූ 'ලොෆ්ට්' හි රංගනයෙන් කොයීන් ඩි බොයූ, ෆිලිප් පීටර්ස්,මැතියාස් ෂොනේර්ට්ස්,බෲනෝ වැන්ඩන් බෲකේ,කොඊන් ඩි ග්‍රේව්,වීර්ලේ බීට්න්ස් දායක වී ඇත.බෙල්ජියම් සිනමාපටයක් වූ 'ලොෆ්ට්' තිරගත වූයේ 2008 ඔක්තොම්බරයේදීය.යුරෝ 3,200,000 ක ඇස්තමේන්තුවක් අනුව තැනුණු මේ සිනමාපටය බෙල්ජියමේදී පමණක් උපයා ගත් ආදායම ඩොලර් 7,075,161 කි.

    ස්වකීය බිරින්දෑවරු හුදෙකලා කොට රූපශ්‍රීයෙන් අගතැන් වෛශ්‍යාවන් සහ ළාබාල තරුණියන් තම නවාතැන වෙත ගෙන යන මොවුන් විවිධාකාර චරිත ලක්ෂණයන්ගෙන් හෙබි පුද්ගලයන්ය.එක් අයෙකු වෛද්‍යවරයෙකි.ඔහුගේ බිරිය සුව කළ නොහැකි රෝගාබාධයකින් පීඩා විදින අතර අන් ගැහැනුන් ඇසුරු කිරීම යන මාතෘකාවට අදාල නොවන තැනක ඔහු සිටගෙන සිටියි.එහෙත් සාදයකදී ඇස ගැටෙන වසඟකාරී වෛශ්‍යාවක කෙරෙහි බැදෙන ඔහු සීමා ඉරි ඉක්මවා යයි.නවාතැන හිමි මැදිවියේ පුද්ගලයා වඩාත් වංචාකාරී ලෙස ගැහැනු ඇසුර පවත්වාගෙන යන්නෙකි.

    ඔහු වඩාත් රහසිගතය.අන් අය ඉදිරිපිට හෙළි නොවෙයි.සැඟවුම්කාරකයකි. අන් අය වරදට පෙළඹවීම කෙරෙහි දැඩි උවමනාවකින් පෙළෙන්නෙකි.පෙළඹවීම යන්නට වඩා ආසන්න වචනය යටි හිතේ සැඟව තිබෙන,එහෙත් ඉටු කර ගැනීමට ධෛර්යය නොමැති දෑ ඉටු කර ගැනීමට අත් උදව් දෙන ලෙස වෙනස් කළ හැකිය.

    ක්‍රිස්,වින්සන්ට්,ලූක්,ෆිලිප් සහ මානික්ස් ගැටෙන්නේ ලලාසවක් සමඟය.සුරූපී තරුණියකගේ මළ සිරුර ඒ ලලාසාවේ වැලැක්විය නොහැකි ගොදුර බවට පත්ව ඇති. ෆිලිප් පාදඩ ගති ලක්ෂණ පෙන්නුම් කරන වෛශ්‍යාවක පවා දූෂ්‍ය කළ ගණයේ අයෙකි.එහෙත් ඔහු සිය නැගණිය දිවි හිමියෙන් සුරකියි.ඈ දෙස තම මිතුරෙකු වූ මානික්ස් කැත බැලුම් හෙළනු දුටුයෙන් ණයෙකු සේ කිපෙයි.වින්සන්ට් ඇසින් සියලු දේ නරඹමින් අඳුරේ පව් කරයි.

    ෆිලිප් ගේ නැගණිය සමඟ නවාතැනේ නිතිපතා කම්සැප ලබන්නේ ඔහුය.ක්‍රිස් නම් යහපත් කුටුම්භ හිමියාට වෛශ්‍යාවක පහස ලබාදෙනු පිණිස මුදල් ගෙවන්නේ ඔහුය.නැරඹුම් ප්‍රීතිය විදින්නා ලූක්ය.ඔහු මිතුරන්ට හොර රහසේ උඩුමහල් සයනාගාරයේ සිදුවන දෑ පටිගත කරයි.

    නමුත් ඔහු වින්සන්ට් නිතිපතා කැදවාගෙන එන එක් ගැහැනියක කෙරෙහි බැදී ගිය සිත් ඇතිව වෙසෙයි.එක් තීරණාත්මක දිනෙක නොසිතුව ලෙස ගැහැනිය වෙතින් ඔහු ප්‍රතික්ශේප වෙයි.ඈ කියන්නේ 'මේ ආත්මෙ නම් නෙවෙයි,සමහර විට වෙන ආත්මෙක අපි හම්බවෙමු' කියාය.
    මිතුරන් තව දුරටත් මිතුරන්ම නොවන්නේ එහෙයිනි.හොඳීන් දැන සිටිනවා යයි සිතූ මිතුරන්ගේ ඇතුළු සිත ඔවුනොවුන් නොදන්නා බව ඔවුන්ටම පසක් කරන්නේ නිරුවත් කර මරා දැමූ ගැහැනියගේ මළ සිරුරයි.

    එහෙත් තව දුරටත් ඔවුන් සොයා ගන්නේ ඈ වින්සන්ට් විසින් මරා නොදැමුණු බවයි.වින්සන්ට් යහපත සඳහා ඇයව අත් හැර දැමුණු බවයි.සාරා නම් ඈ වෙත බැදුණු සිත් ඇති ලූක් ඈ නිද්‍රාවට පත් කරන්නේත්,එන්නතක් මඟින් සිරුරට බෙහෙත් අධික මාත්‍රාවෙන් ඇතුළත් කර ඈ මරා දමන බවයි.ලූක් විසින්ම සාරා ලියන්නා සේ සමුගැනීමේ ලිපියක් වින්සන්ට් වෙත ලියන්නේ උහුලාගත නොහැකි ලිංගික ඉරිසියාව හේතුවෙනි.එකිනෙකා කෙරෙහි සැක සහිත සිත් ඇති මිතුරන් තම තමන්ගේ වෛරය පිරිමසා ගන්නේ ගැහැනුන් කෙරෙහි වඩා සාර්ථක පිරිමියෙකු වූ වින්සන්ට්ගෙන් පළි ගැනීමටය.

    ෆිලිප් සාරාගේ අතේ මැණික් කටුව අසල මාරාන්තික කැපුමක් ඇති කර ඈ සයනයට තබා මාංචුලන්නේ මරණය තව තවත් නාටකීය කිරීමටය.එහෙත් ෆිලිප් විසින් මැණික් කටුව අසල අත තුවාල කරන්නේ ජීවතුන් අතර සිටින සාරාව බව ක්‍රිස් සොයා ගන්නේ අවසාන මොහොතේය.එනම් සාරා මරා දමන්නේ ෆිලිප් විසිනි.ඒ තම කුඩා නැගණියව දූෂ්‍ය කිරීමේ වරදට වින්සන්ට් හට දෙන දඩුවමක් ලෙසිනි.

    සාරා නම් ගැහැනිය මේ නාටකීය මොහොත සරසන ගොඳුර වන්නේ ඈ වෛශ්‍යාවක නිසා විය හැකිය.එසේත් නැත්නම් ඈ ලිංගික භාණ්ඩයක් පමණක් නිසා විය හැකිය.මැදිවියේ මිතුරන් පස් දෙනාගේ රහසිගත වූත් අනුරාගී වූත් වින්දනය එළිදරව් වීමේ ලැජ්ජාව වැසී යන්නේ ඇගේ මරණයෙනි.

    'ලොෆ්ට්'පෙන්වන්නේ අනෙකාගේ රහසිගත ජීවිතයයි.ප්‍රේක්ෂකයා දකින්නේත් අනෙකාගේ අපවිත්‍ර ජීවිතයයි.එහෙත් සිනමාපටය ඔබට ඇත්තටම පෙන්වන්නේ අනෙකාව නොව ඔබවමය.මේ ඔබේ අවිඥානික ආශාවයි.

    සතෘප්ත කර ගත නුහුණු මායාකාරී සිහිනයයි.ඒ සිහිනයෙන් ප්‍රේක්ෂකයා අවදි වන්නේ ඇගේ මරණයේ තියුණු වේදනාවකිනි.සිනමාපටය අපූරු වන්නේ එහෙයිනි.ඔබට පෙන්වන කතාවෙන් පරිභාහිර වෙනත් කතාවක් ඉන් උකහා ගත හැකි නිසාවෙනි.මේ රඟන්නේ වෙනත් කතාවකි.'ලොෆ්ට්' නරඹන්නට මා ඔබ පොළඹවන්නේ එහෙයිනි.

    කාංචනා අමිලානි.
     
    • Like
    Reactions: Honest-killer

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එලස් මචං.. මම ඕක බැලුවා.. පට්ට සිරා.. දෙතුන් වතාවක්ම බැලුවා.. :yes: මේ ගැන සරසවිය පුවත්පතේ ආටිකල් එකක් දාලා තිබුණා.. මම ඒක සේව් කරලා තියාගත්තෙ ත්‍රේඩ් එකක් දාන්න කියලා.. උඹ මට කලින් දාලනේ.. අවුලක් නෑ.. මේ විස්තර ටික සරසවිට පින් සිද්ධ වෙන්න මගේ ගානේ එහෙනම්.. :D


    +++reps macho
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එලස් මචං.. මම ඕක බැලුවා.. පට්ට සිරා.. දෙතුන් වතාවක්ම බැලුවා.. :yes: මේ ගැන සරසවිය පුවත්පතේ ආටිකල් එකක් දාලා තිබුණා.. මම ඒක සේව් කරලා තියාගත්තෙ ත්‍රේඩ් එකක් දාන්න කියලා.. උඹ මට කලින් දාලනේ.. අවුලක් නෑ.. මේ විස්තර ටික සරසවිට පින් සිද්ධ වෙන්න මගේ ගානේ එහෙනම්.. :D

    ඔන්න ෆිල්ම එක බලපු එකෙක් ගත්ත තැනත් එකකම දාලා තියනවා, බොරු ශෝ නැතුව.
    slbacknightත් ඔන්න ඔහොම ආවානං මෙ කිසි දෙයක් නෑනෙ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න ෆිල්ම එක බලපු එකෙක් ගත්ත තැනත් එකකම දාලා තියනවා, බොරු ශෝ නැතුව.
    slbacknightත් ඔන්න ඔහොම ආවානං මෙ කිසි දෙයක් නෑනෙ.
    මෙයා ත්‍රේඩ් එකේ මුකුත් දාලා තිබුණෙ නෑනෙ බං.. Thread Closed කියලා විතරයි දාලා තිබුණෙ.. :oo: ඒකයි මම ඩවුන්ලෝඩ් කරන අයට උදව්වක් විදියට දැම්මෙ.. එලස්..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙයා ත්‍රේඩ් එකේ මුකුත් දාලා තිබුණෙ නෑනෙ බං.. Thread Closed කියලා විතරයි දාලා තිබුණෙ.. :oo: ඒකයි මම ඩවුන්ලෝඩ් කරන අයට උදව්වක් විදියට දැම්මෙ.. එලස්..
    ඉතුරු පිටු ටිකත් කියවපං, එතකොට තෙරෙයි මොකද ඌ thread closed කියලා පෝස්ට් එක edit කරලා තියෙන්නෙ කියලා. :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉතුරු පිටු ටිකත් කියවපං, එතකොට තෙරෙයි මොකද ඌ thread closed කියලා පෝස්ට් එක edit කරලා තියෙන්නෙ කියලා. :D
    හරි මචං මම කියවලා බලන්නම්.. එලස්