 |
Senior Member
|
|
Posts: 3,083
Join Date: Oct 2010
Location: |~ Lovers Avenue ~|
|
|
|
|~ ආයෙත් කිඹුල්ලු ~| -
07-04-2012, 11:57 AM

ඔන්න අදත් ආවේ සතෙක් ගැන කියන්න තමා....
මං කලිනුත් සත්ව විශේෂ කිහිපයක් ගැන විස්තර කිව්වනේ...
බැලුවේ නැත්නම් බලන්නකෝ...
|~ කැස්බෑවෝ ~|
|~ කැස්බෑ විශේෂ ~|
|~ ලංකාවේ ජාතික සමනලයා ~|
|~ බස්සන් ~|
|~ හිපපොටේමස් ~|
|~ සමනලයින් ~|
කිඹුලා ගැන පහුගිය කාලේ ගොඩාක් කතා උනානේ...
අලි මිනිස් ගැටුම් වගේ කිඹුල් ප්‍රහාරත් නිතරම අහන්න ලැබුනානේ පහුගිය කාලේ...

අපේ එළකිරියෙත් ඉන්නවා කිඹුලෙක්...
එයා තමා අපේ දත් කිඹුලා...
මේ කිඹුලා අනිත් කිඹුල්ලු වගේ අත අපය නෙමේ ගලවල ගන්නේ....
මෙයා ගලවන්නේ දත් තමා....

හරි හරි වෙන කතා නවත්තලා කියන්න ආපු කතාව කියන්නම්කෝ...
මං අද කිඹුල්ලු ගැනයි කතා කරන්න හදන්නේ...

කිඹුලා කියන්නේ ඩයිනසෝර් යුගයේ සිටින් පැවත එන සතෙකුයි...
ලෝකයේ කිඹුල් විශේෂ 23ක් හඳුනාගෙන ඇති අතර එයින් විශේෂ 8ක් මිනිසාට පහරදෙන මට්ටමේ සිටිනවා...

ඇමරිකාවෙයි, චීනයෙයි ජීවත් වෙන කිඹුල් විශේෂ දෙක හැර අනෙක් සියලුම කිඹුලන් ජීවත් වන්නේ ඝර්ම කලාපීය රටවලයි...
ඝර්ම කලාපීය රටවල කිඹුලන් දිය ගොඩ දෙකෙහිම ජීවත් වුවත් වැඩි ප්‍රියතාවයක් දක්වන්නේ ජලයේ සිටීමටයි...
එම නිසාම දවසෙන් වැඩි කොටසක් ඔවුන් ගෙවන්නේ ජලයේදීයි....


කිඹුලන්ට ජලයේ කැලඹිමක් නොවනසේ තම වල්ගය දෙපසට රිද්මයානුකූලව වැනීම මඟින් පිහිනායාමේ හැකියාවක් පවතී...
එමනිසා ගොඳුරට නොතේරෙන පරිදි ලංවී එක්වර කඩා පැනීමේ හැකියාවක් මේ සතාට තියනවා...
පසුගිය කාලයේ අපේ මිනිස්සුන්ට කිඹුලා ළඟට එනකන් තේරුනේ නැත්තේ මෙන්න මේ නිසයි...
තවද පිහිනන ගමන් පතුල දිශාවට වල්ගය දමා ජලය කැළබීම මඟින් මත්ස්‍යන් දඩයම් කිරීමක්ද කිඹුලා කරනවා...

ජලයේ ගමන් කිරීමේදී ශරීරය සම්පූර්ණයෙන් ගිලී පවතින අතර ගොදුරකට ලංවනවිට පමණක් ඇස් හා නාස්පුඩු පමණක් පෙනෙන පරිදි ජලයේ මතුපිටට පැමින ගමන් කරයි...
ජලය යටදී හුස්ම නොගෙන වැඩි වෙලාවක් සිටීමේ හැකියාවද කිඹුලන්ට තිබෙනවා...


කටු සහිත ඉතා ශක්තිමත් කොරපොතුක ආවර්නයක් සහිත සතාගේ මුඛයේ එක ඇන්දක පමණක් දත් 30ක් පමණ පවතී...
ඇමරිකානු කිඹූලා හැරෙන්න අනෙක් සියළු කිඹුලන්ගේ යට ඇන්දේ පිටතට නෙරූ විශාල දත් දෙකක් පවතී...
මොවුන්ට සතුන්ගේ අස්ථි කැබලි කරගැනීමට සමත් මුඛයක් හිමියි...

මෙම සත්වයා විවිධ අවස්ථාවන්ට විවිධාකාරී ශබ්ද නගයි...
"ශූ" ශබ්දය, තප්පුලෑම මෙන්ම විවිධ රෞද්‍ර ශබ්දත් කිඹුලන් කරනවා...

මුලදී ගොඩබිම ජීවත් වූ කුඩා සත්වයෙක් වන මෙම කිඹුලා පසුව උභය ජීවියෙකු ලෙස පරිවර්ථනය වීමෙන් පසුව ශරීරයෙන්ද විශාල වී තිබෙනවා...
ගොඩබිමට වඩා ජලයේදී හොඳින් ගොදුරු ලැබීම මෙයට හේතුව ලෙස සැලකෙනවා...

පිහිනීමට අමතරව ගොඩබිමද සංචරනය කරන මෙම සත්වයාට පාද හතරෙන් භාවිතා කොට සෙමින් ඇවිදීමට මෙන්ම වේගයෙන් බඩගා යාමටත් සමත්කමක් දක්වනවා...


අවුරුදු දයක් පමණ වනවිට කිඹුලා ලිංගික වශයෙන් පරිනත වෙනවා...
ඉන්පසු විරුද්ධ ලිංගිකයෙකු සොයායන ගමන් නිතරම තප්පුලෑම කරනවා...
එයින් තමා ලිංගික සංසර්ගයට සූදානම් බව විරුද්ධ ලිංගිකයන්ට දැන්වීමක් කරනවා...

එසේ වූවත් සංසර්ගය හමුවන ඕනෑමක් විරුද්ධ ලිංගිකයෙකු සමඟ එක්වීමක් මෙම සතුන් කරන්නේ නෑ...
ඒ සඳහා තෝරා ගැනීමක් වනවා...
එහිදී තමා අකමැති විරුද්ධ ලිංගිකයෙකු සංසර්ගය ක්‍රියාවලියට ඉදිරිපත්වුවහොත් ඈනුම් ඇරීමෙන්, "ශූ" ශබ්දය කිරීමෙන් හෝ එක්වර ඉදිරියට පැන පහරදීමෙන් ප්‍රතික්ශේප කිරීමක් සිදුකරනවා...

නමුත් මොවුන් ඒ සඳහා ඉල්ලුම් කරන්නේ එනම් විරුද්ධ ලිංගිකයාට තමාට සංසර්ගය ක්‍රියාවලිය කිරීමට අවශ්‍ය බව පෙන්වන්නේ ඉතා සංසුන් ලෙස විරුද්ධ ලිංගිකයාට ලංවීමෙනි...


සංසර්ග ක්‍රියාවලියෙන් පසු පිරිමි සතා තමන්ගේ බල ප්‍රදේශය වෙත පැමිනෙන අතර ගැහැණු සතා එම ප්‍රදේශයේ ජලය අසල සුදුසු ස්ථානයක් බලා ශා කොටස් හා මඩ එක කර කැදැල්ලක් නිර්මාණය කරනු ලබනවා...
එම කැදැල්ල ගංඟාවේ හෝ වැවේ පිටාර මට්ටම ඉහලින් තැනීමට ඇය කටයුතු කරනවා...

කිඹුල් වර්ගය අනුව වරකට දමන බිත්තර ප්‍රමාණය වෙනස් වන අතර එය 20ත් 90ත් අතර ප්‍රමාණයක් වෙනවා...
කිඹුලිය බිත්තර රැකීමක් සිදු නොකරන අතර බිත්තර මෝරන්නේ සූර්ය රශ්මියෙනි...

බිත්තර වල ආරක්ශාවට බිත්තර අවටම සිටින මව් කිඹුලිය ඉවතට යන්නේ ගොදුරු දඩයම් කරගැනීම සඳහා පමණි...
නමුත් ඒ කුඩා කාලය තුල කබරයින් වැනි සතුන් මෙම බිත්තර අහාරයට ගන්නවා...
එය කිඹුල් ගහනය සීමාවීමට බලපානවා...

බිත්තර පුපුරා පැටව් පැමිණෙන තුරු බලා සිටින කිඹුල් මව පැටවුන් පැමිණි පසු එම පැටවුන් සමඟ ජලයට පිටත් වී යයි...
පැටවුන් රැගෙන යන ආකාරය කිඹුල් වර්ගය අනුව වෙනස් වේ....
එය පැටවුන් තම පිට මත තබාගෙන යාම, තම මුව තුල තබාගෙන යාම , පැටවුන් ඉස්සර කරගෙන පිහිනා යාම වැනි අකාර වේ...


ඝර්ම කලාපයේ ජීවත් නොවන කිඹුලන් වන ඇමරිකනු හා චීන කිඹුලන් ඇලිගේටර් (Alligator) ලෙස හදුන්වයි...
මෙයින් චීන ඇලිගේටර් ඇමරිකානු ඇලිගේටර්ට වඩා කුඩා වන අතර චීන ඇලිගේටර් ඇමරිකානු ඇලිගේටර් තරම් දරුණු නොවේ...
චීන ඇලිගේටර්ගෙන් මනුෂ්‍යන්ට ප්‍රහාර එල්ල වූ අවස්ථා අල්පය නමුත් ප්‍රචන්ඩකාරී ඇමරිකානු ඇලිගේටර් මනුෂ්‍යන්ටද පහර දීමට මැලි නොවේ...


චීන ඇලිගේටර් (විද්‍යාත්මක නාමය : Alligator sinensis)
චීන ඇලිගේටර් 1.5m එනම් අඩි 5ක් පමණ දිගුවන අතර දක්නට ලැබෙන්නේ Yangtze (යැංසි) ගංඟාවේ පමණයි...


ඇමරිකනු ඇලිගේටර් (විද්‍යාත්මක නාමය : Alligator mississippiensis)
ඇමරිකනු ඇලිගේටර් පිරිසුදු ජලය ඇති වැව, කලපු, ගංඟා ආශ්‍රිතව ජීවත් වේ...
මොවුන් විශාලත්වය අතින් විවිධ වෙන අතර 2m සිට 6m එනම් අඩි 6 සිට අඩි 20 දක්වා වූ විශාලත්වයන්ගෙන් සිටී...
දඩයම නිසා ඇමරිකානු ඇලිගේටර් දඩයම නිසා වඳවී යන තත්වයට පත්වූ අතර එම නිසා ඔවුන්ගේ ගහනය වේගයෙන ඉහල ගිය අතර මිනිසුන්ට තිබෙන බය නොමැතිවී පහර දෙන තත්වයට මෙම කිඹුලන් පත්විය...
පසුව නැවත කිඹුල් දඩයම සඳහා අවසර දී ඇත....


නයිල් කිඹුලා (විද්‍යාත්මක නාමය : Crocodylus niloticus)
පුරාන ඊජිප්තුවේ පූජනීය සත්වයෙකු වූ කිඹුලා දේවත්වයෙන් සැලකීමට එකල ඊජිප්තු මිනිසුන් පුරුදුවී සිටියද වර්ථමානය වන විට දඩයම නිසා දැඩි ලෙස වඳවීමේ තර්ජනයට හසු වී නයිල ගංඟාවේ පහලට වන්නට කුඩා ප්‍රාමණයක් ජීවත් වේ...
එසේ වුවද නිල් ගංඟාවේ ඉහලට වන්නට සහ දකුණු අප්‍රිකාවේ අධික කිඹුළ ගහනයක් පවතී...


දකුණු ඇමරිකානු කිඹුලා (විද්‍යාත්මක නාමය : Crocodylus intermedius)
කියුබාව, වෙනිසුලාව ඇතුළු මධ්‍යම ඇමෙරිකානු රටවලට ආවේණීක කුඩා කිඹුල විශේෂයක් ජීවත් වන අතර මොවුන් සුරතලයට ඇති කිරීමටද ගනී...


ලංකාවේ දැනට කිඹුල් විශේෂ දෙකක් වාර්ථා වන අතර උතුරු නැගෙනහිර අශ්‍රිතව අතීතයේ සිටි කිඹුල් විශේෂයක් වඳවී ඇත....
ලංකාවේ කිඹුල් විශේෂ දෙක වන්නේ හැල කිඹුලා සහ ගැට කිඹුලා ය....


හැල කිඹුලා (විද්‍යාත්මක නාමය : crocodylus palustris)
ගැට කිඹුලා (විද්‍යාත්මක නාමය : Crocodylus porosus)
හැල කිඹුලා වියලි කලාපයේ ජීවත් වන අතර ගැට කිඹුලා ජීවත් වන්නේ පහතරට තෙත් කලාපයෙයි...
මෙම විශේෂ දෙකෙන් මිනිසාට පහරදීම් කර ඇත්තේ ගැට කිඹුලාය....
දරුණු සතෙකු වන මෙම කිඹුලා මිනිසාට පහරදීම අතින් ගත් කල දෙවෙනි වන්නේ ඊජිප්තුවේ සිටින කිඹුලාට පමණි...
ගැට කිඹුලා තනිවම ජීවත් ඉමට ප්‍රිය කරන නමුත් හැල කිඹුලා රංචු වශයෙන් ජීවත් වේ...

නිල්වලා ගඟ ආශ්‍රිතව ගැට කිඹුලාද, යාල කැලයේ හැල කිඹුලාද දැකිය හැක...
අපේ දත් කිඹුලාව ඔහුගේ Dental එකේදී දැකගන්න පුළුවන්...


කෙතරම් විශාල හා දරුණු සතෙක් වුවද මෙම සතාට සිටින දරුණුම සතුරා තමා මිනිසා...
විනෝදයට, ක්‍රීඩාවට මෙන්ම සම් ලබා ගැනීමටද මෙම සතුන් විශාල වශයෙන් දඩයමට ලක් වෙනවා...
ඔබ ගන්නා මිල අධික Leather පාවහන්, Hand Bag වැනි දේ නිපදවීමට බහුලව යොදාගන්නේ කිඹුල් සමයි....
කිඹුලාගේ ග්‍රන්ථියක් මිල අධික සුවඳ විලවුන් නිපදවීමටද යොදාගන්නවා...

තවද ගංඟා අපවිත්‍ර වීම, ඉවුරු සේදීයාම, ගං ඉවුරු ආශ්‍රිත කැළෑ එලි කිරීමද මෙම සතුන්ගේ ගහනයට විශාල බාධාවක් වී තිබෙනවා...
මේවා නිසාම කිඹුලන්ගේ පහර දීම් හා මිනිස් ජනාවාස කරා ඇදී යාම් ඉහල යාම නිතැතින්ම සිදු වෙනවා...

සතුන් බොහෝමයකටම මරු කැඳවන Leather නිෂ්පාදන ගැනීමෙන් වැළකී සතෙකුගේ ජීවිතය දවසකින් හෝ වැඩි කිරීමට දායක වන්න...
මන්ද ඔබ Leather නිෂ්පාදන ගැනීමෙන් ඒවාට ලැබෙන ඉල්ලුම වැඩි වනවිට මෙවැනි සතුන්ගේ මිය යන ප්‍රමාණය දිනෙන් දිනම වැඩිවීමය....

පරිසරයේ සමබරතාවය රැකගැනීමට මෙන්ම ජෛව විවිධතවය ඔප් නැංවීමටද කටයුතු කරන මෙම සතුන් රැක ගැනීම අපගේ වගකීමක් වන්නේය...

 
Last edited by Fire Eye; 07-04-2012 at 03:49 PM.
Reason: Writing Mistakes
|