සිතට එන ආවේග පාලනය කරගමු
යාළුවනේ, මම මේ ලිපිය ලියන්න හිතුවෙ nnccbb සහෝදරයාගෙ ඉල්ලීමක් නිසා,
මනෝ විද්‍යාව පිළිබඳව මගෙ ලොකු දැනීමක් නෑ. ඒත් මගෙ ජීවිතේ අත්දැකීම් වලින් ඉගන ගත්ත දේවල් වලින් තමයි මේ ලිපිය සකස් කරන්නෙ. ජීවිතය ගැන හැමෝම මැරෙනකන්ම ඉගන ගන්නවනෙ, ඉතින් වැරදි අඩුපාඩු තියනවා නම් කාරුණිකව පෙන්නල දෙන්න.
මේ ලෝකෙ ජීවත් වෙන හැම මිනිහෙක්ටම ප්‍රශ්න තියනවා. ප්‍රශ්න නිසා මානසිකත්වය බින්දුවටම වැටෙන වෙලාවල් තියනවා. ඒ වගේ වෙලාවට ගොඩක් දෙනාට තමාගෙ ජීවිතය නැති කරගන්න හිතෙනවා. ඔයාලටත් එහෙම හිතිල ඇති. ඒක සාමාන්‍ය දෙයක්. ඒක හිතට එන්නෙ ආවේගයක් විදිහට. ගොඩක් මිනිස්සුන්ට තමාගෙ හිතට එන ආවේග පාලනය කරගන්න පුලුවන්. ඒත් සමහර අය ආවේග වලට යටත් වෙලා ජීවිතය නැති කරගන්න උත්සහ කරනවා. ඒ වෙලාවෙ ඒ අයට හිතෙන්නෙ තමා කරන දේ හරි දෙයක් කියලා. ඒත් ඒක ප්‍රශ්නෙන් පැනල යාමක්.
හිතට එන ඒ වගේ ආවේග පාලනය කරගන්න පුලුවන් සරල ක්‍රියාකාරකම් ටිකක් පහතින් දක්වල තියනවා. නමුත් මේවා ඔක්කොම තාවකාලිකයි. මෙයින් ප්‍රශ්න විසඳෙන්නෙ නෑ. ආවේගය මේ ක්‍රියාකාරකම් වලින් යටපත් වුනත්, තමාගේ ප්‍රශ්න විසඳෙන තෙක් නැවත නැතවත් ආවේග ඇතිවිය හැකියි.
කිසිම දෙයක් නොකර සිටීම.
කිසිම දෙයක් නොකර ආවේගය හිතෙන් ඉවත් වෙලා යනකන් කොහෙට හරි වෙලා ඉන්න පුලුවන් කමක් තියනව නම් ඔබේ සිත ගොඩක් ශක්තිමත්.
උණුසුම් හෝ සීත දෙයක් පානය කිරීම.
මේක විද්‍යානුකූලව නම් සනාථ වෙලා තියනවද දන්නෙ නෑ. හැබැයි මට ආවේග පාලනය කරන්න මේ ක්‍රමය උදව් වෙලා තියනවා.
ඇවිදීම සහ දිවීම
හොඳට දාඩිය දානකන්, හති වැටෙනකන් දිව්වම හෝ ඇවිද්දමත් ආවේග ක්‍රමයෙන් නැති වෙලා යනවා. අධි රුධිර පීඩනය තියන අය නම් මේ ක්‍රමය අත්හදා බලන්න එපා.
සීතල වතුරෙන් ස්නානය කිරීම
විනාඩි 10ක් පමණ සීතල වතුරට ඔලුව අල්ලගෙන සිටීමෙන් ආවේග පාලනය වෙනවා. මේක නම් සාර්ථක ක්‍රමයක්, නමුත් ඇදුම/සෙම රෝගීන් රාත්‍රී කාලයේ ස්නානය කිරීම නම් නොකල යුතුයි.
නර්තනය සහ ගායනය
වේග රිද්ම ගීතයකට නර්තනය හෝ ගීතයක් ගායනා කිරීම මගින් ආවේග පාලනය කරගැනීමේ හැකියාවක් තියනවා.
ව්‍යායාම කිරීම
හොඳින් දාඩිය දාන තෙක් ව්‍යායාම කිරීම මගිනුත් ආවේග යටපත් කරගත හැකි වෙනවා.
මීට අමතරව ආවේගය ඔබේ මනසින් ඉවත් කිරීමට හැකි ඕනෑම වැඩක නිරත වන්න.
ඔබට යම් පුද්ගලයෙකු පිළිබඳව ආවේගයක් ඇති විට හැකි තාක් එම පුද්ගලයා මග හැර සිටින්න.
ආවේග සිතට ආවිට හැකිතාක් තියුණු ආයුධ, උස් ස්ථාන මගහැර සිටින්න.
ආවේග සිතේ ඇති කිසි විටෙක මත්ද්‍රව්‍ය භාවිතා කරන්න එපා. ආවේග ඇතිවිට ඔබේ සිත පාලනය කිරීමට අපහසු වේ. මත්ද්‍රව්‍ය භාවිතා කලහොත් තත්වය තවත් දරුණු වේ.
මීට අමතරව, සැහැල්ලු ජීවිතයක් ගත කරන්න. කිසිම දෙයක් ගැන ඕනෑවට වැඩිය හිතන්න එපා. ඔබේ සිතේ ඇති සියලු දේ පැවසිය හැකි යහලුවන් කිහිප දෙනක් ඇති කරගන්න. සාමකාමීව ජීවත් වන්න. ප්‍රශ්න සෑමදෙනාටම ඇති නිසා එය සාමාන්‍ය දෙයක් බව වටහා ගන්න.ඔබට ජය!

'ආවේග පාලනය කරගන්න හැටි' කියල thread එකක් දාපං මේකෙ මැරෙන්න හදන එවුන්ට ඒක ගොඩක් වැදගත් වෙයි![]()