රගර් ගහන කොලුවාගේ කතාව.....

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    මේ පරණ ග්‍රාමසේවකගේ කථාවස්තුවය.....

    (කෙටියෙන්)

    උන්නැහේ කළකදී ලැවරියා වික්කේය.
    පරණ පිනකට ග්‍රාමසේවක පට්ටම උන්නැහේටද ලැබිණ.
    උන්නැහේට එක පුතෙකු සිටියේය.
    ඌ ඔලමොට්ටලයෙක් විය.
    අද්දියාපනයක් තියා කිසිදු කර්මාන්තයක් නොදත්තේය.
    ඔහේ බිම හාරමින් කාලය ගත කලේය.
    මේ ගැන සිතූ ග්‍රාමසේවක උන්නැහේ ඌට පුරාවිද්දියා අංශය භාර කලේය.
    මුගේ හෑරීමේ කවුසල්ලිය මනාවට එතැනදී විදහා දක්වන්නට විය.
    ග්‍රාම සේවක තෙමේ ප්‍රීතියෙන් පිනාගියේය.

    මේ අතර සාරී හැට්ට ඇන්ද ග්‍රාමසේවක අර්යාවන්ට ගවුමක් ඇදීමට දොල උපන්නාහ.
    අර්යාවෝ කොට සායක් ඇදින ටෙනිස් ක්‍රීඩාව තෝරා ගත්තාහ.

    අහෝ දුකකි. ඉරකි තිතකි.

    ටෙනිස් ක්‍රීඩාව ජාතික කිරීඩාව කොරන්ට ඔන්න මෙන්න තිබියදී අරක්කැමිතෙමේ ග්‍රාමසේවක උන්නැහේ හත්කඩකට කෑලි කොරන්ට යෙදුනාහ.

    එදා බිම් මට්ටමේ කැනීම් රාජකාරියේ හිටි පුත්‍රතෙමේ අදත් ගම්මට්ටමේ බිම්ම්ට්ටමේ රාජකාරියේම ඉන්නාහ.


     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ආ මේ අරයා ගැනනේ කියලා තියෙන්නේ. අපේ හිටපු ග්‍රාමසේවකගේ පුත්‍ර රත්නයනේ ;)