සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
Happy2.gif
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Victor Rathnayake.........

~දිනෙක හිරු~

boy-guitar-photography-255563.jpg


~
දිනෙක හිරු බැස යන වෙලාවක~
..සයුරු වෙරලක හුදකලාවෙක..
~කල්පනාවේ සිටිය මොහොතක~
..මතක් විය සිතුවිලි අතීතෙක..

~සයුර මා විය අහස ‍ඔබ විය~
..දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය..
~ඒ වෙලාවේ මට මතක් විය~
..කලක් ලොව අප ගැන සිතූ හැටි..

~සයුර මා විය අහස ‍ඔබ විය~
..දෙනෙත රැවටූ ක්ෂිතිජයක් විය..
~කී කථා‍වේ අරුත වැටහින~
..අහස සමුදුර එකතු වී යයි..
 
  • Like
Reactions: maheshsenadheera

BMW_M3

Active member
  • Apr 7, 2013
    246
    75
    28
    ශ්‍රී ලංකාව....
    අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ
    බොඳවී නෑ සිතුවම්
    ඉස්සර වාගේ තාමත් මතකයි
    හෝඩි පොතේ පාඩම්

    මේ ඊරී බිම සීරී කුණ්ඩුමනී හිස පීරී
    දීසිය පුරවා දෝසි දමා කුමුදුමතී හිනැහේවී

    අපි දුවමු අපි පනිමු ගී කියමු අපි නටමු
    ඇත් පොරයට අපි ඇහැ යවමු බාලවියට පා නඟමු


    Artist- Edward Jayakodi
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Eranda Pathum..........

    විඳගන්න සඳ සිසිල සිත් සේ~
    නුඹ එන්න සිහිනයට රහසේ..
    මේ පාලු රෑ මට පාලු නොදැනේ~
    නුඹ ඒවි නම් සඳසාවී පායා..
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රන් ඇටපොර රිදී හවඩි කොහෙන් ගෙනෙන්නේ

    රන් ඇටපොර රිදී හවඩි කොහෙන් ගෙනෙන්නේ
    මල් වැල් ඉහිරුන චීත්ත කොහෙන් හොයන්නේ
    රෑන් රෑන් දිගට හවඩි කොහෙන් ලබන්නේ
    ආදරයක් පොදි බැදගන මොටද උපන්නේ
    ...............

    ඈත එපිට ලන්දේ ඉදන් මුකුලු කරනවා
    ඈගේ රුවට දෙවැට දිගේ කැකුලු පිපෙනවා
    මා තනිවම ඈ තනිවම දෙතැන තැවෙනවා
    ඈගෙ මුව හසරෙලි බලන්න යන්න හිතෙනවා
    ...................
    නියර දිගේ නිතබ සලන රුවක් පෙනෙනවා
    ගියම් කරල් ලැජ්ජාවෙන් බිමට හැරෙනවා
    දියට ගොසින් දිය නාගන අහක බලනවා
    ආදරයක් ඉවසන හැටි පුදුම හිතෙනවා
    ...................

    ඕවිට ලග කෙකටිය මල් පියර හලනවා
    ඇගේ පැලට සමීරයෙන් සුවද ගෙනෙන්වා
    තනිකඩ ජීවිතය මගේ සිහින මවනවා
    අත් වැල් නැති ආදරයක් මට හිමි වෙනවා

    H.R ජෝතිපාල:love:
     
    • Like
    Reactions: DAMER

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිවිතුරුය පළමු පෙම
    බිහිසුණුය බිඳුනු දින
    ලෙන්ගතුය සුවඳ ඔබ
    සුදු හාමිනේ.....
    තනිකඩය තවම මම

    වස්සාන කාලයක හිත දවා
    අකුණු සැර නෙත් කෙවෙනි බොඳ කලා
    මල් යාය බඹර ගී හඬතලා
    කැකුළු පෙම මල් න‍ටුව හැර ගියා

    කප් තුරට යදම් බැඳි ත‍ටු සලා
    සක්මනට නුහුරු සිත තනි කලා
    අවරගිර තරු වැටෙන් ගිලිහිලා
    සුභ නැකත රන් හුයක පැටලුනා

    -කරුණරත්න දිවුල්ගනේ-

    Repostද දන්නේ නෑ......:baffled::baffled::baffled:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    නෙතු දැහැන් - එඩ්වඩ් ජයකොඩි

    නෙතු දැහැන් බිඳී හද විමන් වදී.,
    සුරඟනක් වගේ කුමරී..
    සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී.,
    පෙම් කවක් ලියයි මිහිරී..

    ගණදුරෙන් මිදී තරු රැහැන් ඇදී.,
    සිහිනයෙන් වඩී කුමරී..
    මීදුමෙන් ඇදී සිහිලසින් එතී.,
    නෙතු අගින් බලයි කුමරී..

    නෙතු දැහැන්....

    හසඟනන් පිරී පෙති පියුම් ඇරී.,
    කළඹවයි විලේ වැතිරී..
    සඳ කැලුම් රිදී තොල් අගින් මිදී.,
    නෙක දසුන් මවයි කිඳුරී..

    නෙතු දැහැන් බිඳී හද විමන් වදී.,
    සුරඟනක් වගේ කුමරී..
    සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවී.,
    පෙම් කවක් ලියයි මිහිරී..
     
    • Like
    Reactions: DAMER

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    හෙමින් සැරේ පියා විදා - ටී.එම් ජයරත්න & සුනි&#35

    හෙමින් සැරේ පියා විදා
    සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
    පලා ඇවිත් සිතුම් සියොතුන්

    මලක් නම් එය මලක් වුව මැන
    සිනිඳු සුකුමල රුවෙන් සරසන
    විලක් නම් එය විලක් වුව මැන
    නීල ඉවඳුර දියෙන් උපදින

    නැවුම් වත්සුනු රොනින් මත්වී
    සීන නිම්නය සුපුෂ්පිත වෙයි
    සිහින් හඬකින් මහද අමතයි
    මුදා හැර දා පවුරු සිරි යහනේ
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    තරු අරුන්දතී - ඩබ්ලියු.ඞී අමරදේව

    තරු අරුන්දතී නෙතු පහන් නිවා
    දුර නිසොල්මනේ හිඳිනා
    මඟ වනස්පතී ලිය ළදල්ලකින්
    පිනි පොදක් සෙමෙන් සලනා

    ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
    කඳුළක පැල්ලම් ඉරි ඇඳුණා
    අලූත් මලින් පිරි වනෝද්‍යානේ
    සැඳෑ බොල් හුළෙඟ්
    මට තනියක් දැනුණා

    වැලපෙන මා හද කැටපත් පවුරේ
    හංස ගීතය ලියැවෙන දා
    පළමු අරුණු රන් රේඛාවක් සේ
    ප‍්‍රාර්ථනා සුවඳේ ඔබ එතැයි සිතුණා

    පිපි මලින් මලේ රොන්සුනු විසිරී
    හද රිදී සුසුම් නඟනා
    ඔබ කවුළු පියන් හැර පාන්දරින්
    කොහි ගියේ ද මට සිතුණා