පාවෙන සුළං විදුලි බලාගාරය
පාවෙන සුළං විදුලි බලාගාරය
සුලඟ මගින් විදුලිය නිපදවීම ගැන අපි අසා ඇත්තෙමු. කුළුණක සවිකල විශාල අවර පෙත්තක ආධාරයෙන් ඩයිනමෝවක් කරකැවීම සුළං බලාගාරයකින් විදුලිය නිපදවීමේ සරළ සිද්ධාන්තයයි. ශ්‍රි ලංකාවේද සුළං විදුලි බලාගාරයක් පිහිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කල බව පසුගිය 2010 වසරේ මැයි මාසයේදී නිවේදනය කෙරුණි. පුත්තලම දිස්ත්‍රික්කයේ කළ්පිටිය ප්‍රදේශයේ මෙම බලාගාරය පිහිටුවා ඇත. සේගුවනතිව් සුළං බල ව්‍යාපෘතිය ලෙස හැඳින්වෙන මෙය කිලෝවොට් 800ක් ජනනය කල හැකි සුළං බල ජනක යන්ත්‍ර විසිපහකින් සමන්විත ව්‍යාපෘතියකි. තවත් ව්‍යාපෘති ගණනාවක් ආරම්භ වී ඇත.
සේගුවනතිව් සුළං බල ව්‍යාපෘතිය, කළ්පිටිය කුළුණක සවිකරන ලද අවර පෙත්තක් කරකැවීමෙන් විදුලිය ජනනය කිරීමේ එක් අවාසියක් ලෙස සැළකෙන්නේ එය වෙනත් තැනකට ගෙනයාමේ අපහසුවයි. මේ අවාසිය නැතිකොට තැන තැන ගෙනයා හැකි පාවෙන සුළං විදුලි බලාගාරයක් අමෙරිකාවේ සමාගමක් මගින් නිපදවා තිබෙනවා. High Altitude Wind Turbine ලෙස මෙම නිමැවුම නම් කොට ඇති අතර එය අහසට යැවීම, අහසේ රඳවාගෙන සිටීම හා පහතට ගැනීම යන සම්පූර්ණ ක්‍රියාකාරිත්වය ස්ව්‍යංක්‍රීයව සිදුවේ.
පාවෙන සුළං විදුලි බලාගාරය හීලියම් පිරවිය හැකි බැලූන ලෙස නිමවා ඇති මෙහි සැකිල්ල ඕනෑම තැනකට ට්‍රක් රථයක ආධාරයෙන් ප්‍රවාහනය කල හැකි අතර හීලියම් පුරවා අඩි 1000ක් දක්වා උසකට ජනක යන්ත්‍රය යවා විදුලිය නිපදවා ගත හැකිය. මෙවැනි සැකසුමක ඇති වාසි නම්;
අමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හා Massachusetts Institute of Technology (MIT) විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් වන මෙහි නිර්මාපකයින් මෙවැනි පාවෙන විදුලි බලාගාර සඳහා ඈත දුශ්කර පලාත්වල කැනීම් කටයුතු කරන ඛණිජ හා තෙල් ගවේශණ සමාගම්, ස්වාභාවික විපත් වලින් විදුලිබල පද්ධතිය විනාශවුනු ප්‍රදේශවලට සහන සැලසීමට ඉදිරිපත්වෙන රජයේ හා රාජ්‍ය නොවන ආයතන, ආරක්ශක හමුදා වැනි ආයතන මගින් ඉහල ඉල්ලුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරති.
මෙම පාවෙන බලාගාරයේ ක්‍රියාකාරිත්වය පෙන්වන යූ-ටියුබ් විඩියෝව නරඹන්න
පාවෙන සුළං විදුලි බලාගාරය
සුලඟ මගින් විදුලිය නිපදවීම ගැන අපි අසා ඇත්තෙමු. කුළුණක සවිකල විශාල අවර පෙත්තක ආධාරයෙන් ඩයිනමෝවක් කරකැවීම සුළං බලාගාරයකින් විදුලිය නිපදවීමේ සරළ සිද්ධාන්තයයි. ශ්‍රි ලංකාවේද සුළං විදුලි බලාගාරයක් පිහිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කල බව පසුගිය 2010 වසරේ මැයි මාසයේදී නිවේදනය කෙරුණි. පුත්තලම දිස්ත්‍රික්කයේ කළ්පිටිය ප්‍රදේශයේ මෙම බලාගාරය පිහිටුවා ඇත. සේගුවනතිව් සුළං බල ව්‍යාපෘතිය ලෙස හැඳින්වෙන මෙය කිලෝවොට් 800ක් ජනනය කල හැකි සුළං බල ජනක යන්ත්‍ර විසිපහකින් සමන්විත ව්‍යාපෘතියකි. තවත් ව්‍යාපෘති ගණනාවක් ආරම්භ වී ඇත.
සේගුවනතිව් සුළං බල ව්‍යාපෘතිය, කළ්පිටිය කුළුණක සවිකරන ලද අවර පෙත්තක් කරකැවීමෙන් විදුලිය ජනනය කිරීමේ එක් අවාසියක් ලෙස සැළකෙන්නේ එය වෙනත් තැනකට ගෙනයාමේ අපහසුවයි. මේ අවාසිය නැතිකොට තැන තැන ගෙනයා හැකි පාවෙන සුළං විදුලි බලාගාරයක් අමෙරිකාවේ සමාගමක් මගින් නිපදවා තිබෙනවා. High Altitude Wind Turbine ලෙස මෙම නිමැවුම නම් කොට ඇති අතර එය අහසට යැවීම, අහසේ රඳවාගෙන සිටීම හා පහතට ගැනීම යන සම්පූර්ණ ක්‍රියාකාරිත්වය ස්ව්‍යංක්‍රීයව සිදුවේ.
පාවෙන සුළං විදුලි බලාගාරය හීලියම් පිරවිය හැකි බැලූන ලෙස නිමවා ඇති මෙහි සැකිල්ල ඕනෑම තැනකට ට්‍රක් රථයක ආධාරයෙන් ප්‍රවාහනය කල හැකි අතර හීලියම් පුරවා අඩි 1000ක් දක්වා උසකට ජනක යන්ත්‍රය යවා විදුලිය නිපදවා ගත හැකිය. මෙවැනි සැකසුමක ඇති වාසි නම්;- අවශ්‍ය තැනකට ගෙනගොස් විදුලිය නිපදවා ගැනීමේ හැකියාව
- වේගයෙන්ම සුලං හමන උසට ජනක යන්ත්‍රය යවා විදුලිය නිපැදවීම කාර්යක්ශම කර ගැනීමේ හැකියාව
- නිපදවන විදුලිය පරිසරය දූශණය නොකරන ප්‍රති-ජනනය වන ප්‍රභවයක් (renewable energy source) වන සුලං මගින් වීම