ආතර් සී. ක්ලාර්ක් ශ්‍රීමතාණන් 1974දී අන්තර්ජ&#

lasperera444

Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    ආතර් සී. ක්ලාර්ක් ශ්‍රීමතාණන් 1974දී අන්තර්ජ&#

    කාළය - 1974
    ස්ථානය - යුනික්ස් (UNIX) වර්ගයේ මෙහෙයුම් පද්ධති මගින් දිවෙන දැවැන්ත පරිගණක මධ්‍යස්ථානයකි.
    පුද්ගලයින් - ආතර් සී. ක්ලාර්ක් ශ්‍රීමතාණන්, ඔස්ට්‍රේලියානු පුවත්වාර්තාකාරුවෙකු හා එම වාර්තාකරුගේ 5හැවිරිදි පුත්‍රයා.

    ABC-TV ඔස්ට්‍රේලියානු රූපවාහිනී සේවය මගින් 1973-1974 වසරවල විකාශණය කල විද්‍යා සඟරාමය වැඩසටහනක් වූ "Perspectives" වැඩසටහන වෙනුවෙන්, විශිෂ්ඨ විද්‍යාප්‍රබන්ධ රචකයෙකු හා අනාගත වක්තෘකෙනෙකු ලෙස එවකටත් ප්‍රකටව සිටි ආතර්.සී.ක්ලාර්ක් මහතා සමග පරිගණක තාක්ශණයේ අනාගත දියුණුව පිලිබඳ සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී අන්තර්ජාලය වැනි ලෝකව්‍යාප්ත පරිගණක ජාලයක් පිලිබඳව අනාවැකියක් පලකෙරුනි.

    සිය 5හැවිරිදි පුත්‍රයා සමගින් ක්ලාර්ක් විද්වතාණන් සමග සම්මුඛ සාකච්ඡාව ආරම්භකල ඔස්ට්‍රේලියානු මාධ්‍යවේදියා, සිය පුත්‍රයාව දක්වමින්, 2001 වසරේදී සිය පුත්‍රයා ජීවත්වන ලෝකයේ පරිගණක තාක්ශණය කෙබඳුවේදැයි අසා සිටියේය.

    මෙම පැනයට පිලිතුරු දුන් ක්ලාර්ක් ශ්‍රීමතාණන්...

    " මෙම දරුවාගේ නිවසේ පරිගණක කොන්සෝලයක් තිබෙණු ඇත...මේ ස්ථානයේ තිබෙනවා වගේ අතිවිශාල පරිගණක නොවෙයි....ඔහුගේ නිවසේ තිබෙණුයේ ඉතා කුඩා එහෙත් බලසම්පන්න පරිගණකයකි...මෙම පරිගණකය මගින් ඔහුගේ ජීවිතයේ බොහෝ කාර්යයන් පහසු කරනු ඇත. ඔහුට අවශ්‍ය සියලුම තොරතුරු මෙම පරිගණකය හරහා ලැබෙනු ඇත...ඔහුගේ බැංකු ගිණුම් තොරතුරු, ඔහු කැමති චිත්‍රපට සඳහා ටිකට්පත් පවා මෙම පරිගණකය හරහා ඔහුට ලබාගත හැකි වනු ඇත...."

    " මෙවැනි කුඩා පරිගණක මගින් ඕනෑම කෙනෙකුට ලෝකයේ ඕනෑම ස්ථානයක සිට සිය රැකියාව හෝ ව්‍යාපාරික කටයුතු කරගත හැකිවනු ඇත..."
    "අන්තර්ජාලය" යන නම ආතර් සී.ක්ලාර්ක් භාවිතා නොකලත් ඔහු මේ කියන්නේ අද අපට නැතුවම බැරි, අපට ඕනෑ සියලුම තොරතුරු සොයාදෙන, අපගේ බැංකු ගණුදෙනු සිදුකල හැකි, චිත්‍රපට ටිකට්, ගුවන් ටිකට්පත් හා තවත් දහසකුත් එකක් මිලදීගත හැකි අන්තර්ජාලය ගැන නොවේද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. එයා කියපු ගොඩක් අනාවැකි ඇත්ත උනා

    තව එකක්
    අද වගේ කාලෙක නම් ආර්තර් ශ්‍රී ක්ලාර්ක් මහතා ලංකාවට ඇවිත් මෙහෙ ජිවත් වන්නෙ නැත.
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. එයා කියපු ගොඩක් අනාවැකි ඇත්ත උනා

    තව එකක්
    අද වගේ කාලෙක නම් ආර්තර් ශ්‍රී ක්ලාර්ක් මහතා ලංකාවට ඇවිත් මෙහෙ ජිවත් වන්නෙ නැත.

    Hats off :yes::yes::yes:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    hhhva.png