මහමෙව්නාව හා ඇමෙරිකානු රාජ්ය ත්රස්තවාදය

srisadaham

Member
Mar 3, 2013
5
2
0
බුද්ධ භාෂිතය යටපත් කරන මහමෙව්නාවේ මහාමේඝ

560559_419919424760430_210746419_n.jpg

මෙය කියවා ඔබටත් එකගවිය හැකි නම් හැකි තරම් share කර ධර්මයේ නාමයෙන් අධර්මය පතුරවන්නන්ට එරෙහිව නියම බෞද්ධයෙක් ලෙස ඔබේ යුතුකම ඉටු කරන්න...!

මහමෙව්නාව හරහා හමා එන මහාමේඝයට
උතුම් වූ බුද්ධ භාෂිතය යටපත් කළ හැකි වේද?

බුදුරජාණන් වහන්සේ විසින් සසරේ බැඳී දුක් විඳින සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන්, සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරා තමන් වහන්සේ විසින් අවබෝධ කල උතුම් වූ ධර්මය දේශනා කල සේක. ඒ නිර්මල දහම, මහ රහතන් වහන්සේලා විසින් සංගායනා කිරීමෙන් අනතුරුව මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආරක්ෂාකර ගෙන ඒමෙන් නිර්මල ථේරවාද ත්‍රිපිටක ධර්මය ලෙස අද අප වෙත ලැබී ඇත. විනය, සුත්‍ර, අභිධර්මය ලෙස පිටක තුනක් වශයෙන් මේ දක්වා පවත්වාගෙන ආ උතුම් සද්ධර්මයට එරෙහිව කාලයෙන් කාලයට නොයෙක් අභියෝග, උවදුරු එල්ල විය. එහෙත් මහා සංඝරත්නයේ විනයධර, ධර්මධර භික්ෂූන් වහන්සේලා විසින් ඒ පරවාද මැඩ තවදුරටත් පිරිසිදු ථේරවාදී බුදුදහම අද දක්වාම රැකගෙන ඒමට කටයුතු කරන ලදී.

මේ අතරිනුත් වැඩිපුරම චෝදනා එල්ලවූයේ බුදු හිමියන්ගේ විශිෂ්ටතම පරමාර්ථ දේශනාව වූ අභිධර්මයටය. බොහෝ විට මේ ධර්මය ඔවුන්ට තේරුම්ගැනීමට අපහසුවීම එසේ සැක කිරීමට හේතුවක් වූ බව පෙනේ. අනුවණයින්ට නොව ප්‍රඥාවන්තයිනට දෙසූ දහමක් වන බුදු දහමේ අගය නොදත් ඇතැම් පිරිස් තමන්ගේ චින්තනයන්ට අනුව සිතමින් දැනුවත්ව හෝ නොදැනුවත්ව ශාසනයේ විනාශයට පාර කපමින් සිටී. මෙවැනි අදහස් ඇත්තෝ අතීතයේ ද සිටි බවට ශාසන ඉතිහාසය පුරාවට ශාක්ෂි ඇත. මෑත කාලයේ පමණක් නොව තුන්වන සංගායනාවේ මුලසුන ගත් මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ පවා එකල පැවති අභිධර්ම විරෝධී මත ඇතුළු තවත් පරවාද මැඩීමට කටයුතු කරන ලදී. මෑත කාලයේදී යුරෝපීය පඩිවරුන් කිහිප දෙනෙකුගේ මතයන් ඔස්සේ කල්පනා කල අපේ රටේ කිහිප දෙනෙකු විසින් ද නැවතත් අභිධර්ම පිටකය ගැන සැක මතු කරන ලදී. ඒ අතරින් හේන්පිටගෙදර ඥානසීහ හිමියන් මුල්තැනක් ගනී. උන්වහන්සේ තමන් තුල තිබූ පණ්ඩිතමානී බව උපයෝගී කරගෙන අභිධර්මය සංස්කරණය කිරීමට ගත් උත්සාහයෙන් ‘අභිධර්ම පරීක්ෂණය‘ නැමති ග්‍රන්ථයක් සකස් කරන ලදී.

වර්තමානයේදී මහමෙව්නාවේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ද තම අසපු තුල අභිධර්මය භාවිතා නොකිරීමට කටයුතු කර ඇත. එයට පැහැදිලි හේතුවක් තමන් අනුගමනය කරන ශ්‍රාවක පිරිසට පවසා නැතත්, එසේ කරන්නේ තමන් තුල අභිධර්මය ගැන ඇති සැකය නිසා බවත්, ඒ සැකය උපන්නේ ‘අභිධර්මය පරීක්ෂණය‘ පොත කියවීමෙන් පසුව බවත් උන්වහන්සේ විසින් සිළුමිණ පුවත් පතේ පළ කල ලිපියකින් පවසා ඇත. මේ ලිපියේ මාතෘකාවෙන්ම උන්වහන්සේ ඇඟවීමට උත්සාහ කරන්නේ අභිධර්ම පිටකය බුදුන් වදාල ධර්මයක් නොවන බවයි.

http://dharmanidhaana.files.wordpress.com/2011/05/ven-kiribathgodas-article-highlighted.jpg

උන්වහන්සේ වැනි ධර්මධර භික්ෂුවක්, යම් එක් ස්වාමීන් වහන්සේ නමකගේ පොතක් කියවා උතුම් බුද්ධ වචනය සැකයට ලක් කිරීම තරම් නොවන්නකි. ඥානසීහ හිමියන් යනු තම දැනුම තුලින් ධර්මය තව දුරටත් සැක කළ හිමි නමකි. උන්වහන්සේ විසින් තමන්ගේ ‘ශුන්‍යතා දර්ශනය හා මහරහතන් වහන්සේ‘ යන ග්‍රන්ථයෙන් දක්වන්නේ රහතන් වහන්සේලා තම රහත් බවින්ද නැවතත් පිරිහීමට හැකි බවයි. ඒ අනුව අපට විමසීමට ඇත්තේ කිරිබත්ගොඩ හිමියන් විසින්ද ඥානසීහ හිමියන්ගේ මේ මතය අනුව අර්හත්වය, රහතන් වහන්සේලා සැක කරන්නේද යන්නයි. තවද ඥානසීහ හිමියන් පිලිගත් අන්තරාභවය උන්වහන්සේ පිලිගන්නේද යන්නද විමසිය යුත්තකි.

ඉහත ලිපියේ දක්වා ඇති පරිදි උන්වහන්සේ තවත් පිරිසකගේ මතයට අනුව අභිධර්මය තුන්වෙනි සංගායනාවේදී එක් වූ බවට සැක කරයි. ඒ අනුව උන්වහන්සේ සැක කරන්නේ මහරහතන් වහන්සේලා 1000 නමක් විසින් තුන්වන සංගායනාවේදී සංගායනා කරන ලද ධර්මයකි. රහතන් වහන්සේලා බුද්ධ භාෂිතය යැයි කිසිවෙක් විසින් ගොතන ලද යමක් ධර්මයට එක් කලා යැයි පිලිගත හැකිද? එසේ පිලිගන්නේ නම් රහතන් වහන්සේලාවද සැක කලා වෙයි. එනයින් ගත්කල සංඝරත්නයේ සරණ යෑමක් කොහින්ද? බුද්ධ භාෂිතය, අබුද්ධ දේශිතයකැයි කියා ධර්මය සැක කරන්නන්, අඩුම තරමේ තෙරුවන් සරණවත් යන්නේ කෙසේද? තෙරුවන් සරණ නොගොස් අවම වශයෙන් වත් බෞද්ධයෙක් වන්නේ කෙසේද?

තව දුරටත් දක්වන්නේ නම්, ‘මහමෙව්නාවේ බෝධි ඥාන සභාව‘ නම් ග්‍රන්ථයේ දැක්වෙන පරිදිද කිරිබත්ගොඩ හිමියන් ශුද්ධවූ ධර්ම කොටස් ලෙස පිලිගන්නේ ත්‍රිපිටකයේ, සූත්‍ර හා විනය කොටස් පමණක් බවයි. එයින්ද ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථ 15 න් කිහිපයක් උන්වහන්සේ විසින් අශුද්ධ වූ ධර්ම කොටසක් ලෙස සලකා ඉවත් කොට ඇත. සම්පූර්ණ අභිධර්ම පිටකයම එසේ අශුද්ධ යැයි සලකා භාවිතයෙන් ඉවත්කොට ඇත. පහත දැක්වෙන එම ව්‍යවස්ථාවේ 95, 96 පිටුව බලන්න...!

http://www.slideshare.net/dharmaparyeshanalaya/ss-10701882?from=embed

අවාසනාවන්ත කරුණ වනුයේ, උන්වහන්සේගේ මේ මතවාද නිසා මහමෙව්නාවට සම්බන්ධ විශාල පිරිසකට අනර්ථයක් සිද්ධ වීමයි. කිරිබත්ගොඩ හිමියන් තුල අභිධර්මය ගැන සැකයක් ඇති බව අසපුවට සම්බන්ධ බොහෝ දෙනෙක් දන්නේ නැත. ඒ අසපුව තුල අභිධර්මය යනු තහනම් වචනයක් නිසාය. ඉහත ව්‍යවස්ථාවේද අභිධර්මය ගැන වචනයක්වත් සඳහන් කොට නැත. එහිදී අභිධර්මය ප්‍රතික්ෂේප කර ඇති බව එය කියවන මහමෙව්නාවට ලැදි ජනතාව නොදනී. ඒ බව විමසූ විටද හරි ආකාර පිලිතුරක් නොලැබේ. ‘ඕව දෙවියන්ට දේශනා කල ධර්මය, මිනිසුන්ට දෙසූවක් නොවේ‘ ‘අභිධර්මය නිවනට අවශ්‍ය නොවේ‘ ‘ඉස්සෙල්ලා සූත්‍ර පිටකය ඉගෙන ගෙන ඉන්න ඕන‘ වැනි විවිධ අදහස් මහමෙව්නාව තුලින් විමසීමේදී ලැබේ. අභිධර්මය සම්බන්ධව ලියැවුනු වෙනත් පොත් පත් පවා පරිශීලනය නොකල යුතුබව ඔවුන්ට පවසයි. ඒ සම්බන්ධ ප්‍රශ්න කිරීම් වලට මහමෙව්නාවට සම්බන්ධ facebook pages වල හෝ මහමෙව්නාව web අඩවියේ හෝ ඉඩක් නැත. අභිධර්මය ගැන ඔවුන්ගේ මතය විමසූ විට ලැබෙන පිලිතුර block කිරීම පමණි. එසේ කරනුයේ තමන් වටා එක් වී සිටින අනුගාමිකයින් සත්‍ය වටහාගෙන තමන්ගෙන් දුරස්වේ යැයි ඔවුන් සිතන නිසා විය හැක. තෙරුවන් සරණ යනවා වෙනුවට කිරිබත්ගොඩ හිමියන් සරණ ගිය විශාල පිරිසකට සිදුව ඇත්තේ මහත් අලාභයකි.

මේ ආකාරයට ධර්මය ප්‍රතික්ෂේප කිරීම යනු ශාසනය විනාශය කරා රැගෙන යාමකි. මෙවැනි මගපෙන්වීම් යටතේ අනාගතයේදී තවත් පිරිසක් විසින් තමන්ට රකිනු බැරි නිසා විනය පිටකය ප්‍රතික්ෂේප කරනු ඇත. තවත් පිරිසක් සූත්‍ර පිටකයේ තමන්ට නොවැටහෙන තැන්ද ප්‍රතික්ෂේප කරනු ඇත. දහම නැති තැන ශාසනයක් කෙසේ පවතින්නද? ශාසන අන්තර්දහනය යනු මෙයම නොවේද? බුදුහිමියන් වදාලේ, මේ ශාසනය බාහිර සතර මහ භූතයන්ගේ බලපෑමෙන් විනාශ නොවන බවයි. මේ ශාසනයේම සිටින හිස් පුරුෂයින්ගේ ක්‍රියාවලින්ම ඒ විනාශය සිදුවන බවයි. වර්තමානයේ මෛත්‍රී බුදුන් යැයි කියාගන්නා සිරිවර්ධන, සකදාගාමී වූවා යැයි කියන සිරිධම්ම හිමියන්, බුදුහිමි ලංකාවේ උපන්නා යැයි කියන මීවනපලානේ හිමි වැනි පිරිස් ශාසනයට, ධර්මයට කරන හානියට ඔබ අප කවුරුත් දන්නා දේ ය. තම තමන්ට වැටහෙන පරිදි දහම දේශනා කරන්නට යෑමෙන් මේ හානිය සිදුවී ඇති බව පැහැදිලිය. කිරිබත්ගොඩ හිමි හා මහමෙව්නාවට සම්බන්ධ විශාල සැදැහැවත් පිරිස ඒ තත්වයට වැටිය යුතු නොවේ. ශාසනයේ හානියට හවුල්කරුවන් විය යුතු නොවේ.

කෙසේ වෙතත් පැවසිය යුත්තේ සත්‍යය සැමදාම බලයෙන් යටපත් කර තැබිය නොහැකි බවයි. ඉතා ඉක්මනින් වැඩි දෙනෙක් සත්‍යය තෙරුම්ගන්නවා ඇත. සත්‍යය සැඟවීමට මහමෙව්නාවෙන් ගන්නා උත්සාහය නිසාම තව තවත් ඉක්මනින් සත්‍යයේ මතුවීම සිදුවන බව පෙනේ.

ධර්මය අවලංගු කිරීම බලවත් පාපයකි. එහි බරපතල බව බුදුහිමියන් විසින් දේශනා කර ඇත්තේ මෙසේය.

“මහණෙනි, යම් ඒ භික්ෂූහු තථාගතයන් වහන්සේ විසින් දේශනය කළ ධර්මයක් තථාගතයන් වහන්සේ විසින් නො දෙසන ලද්දේ ය යි කියත් ද, ඒ භික්ෂූහු බොහෝ ජනයාට අහිත පිණිස පිළිපන්නෝ ය. බොහෝ ජනයාට දුක පිණිස බොහෝ ජනයාට අනර්ථය පිණිස පිළිපන්නෝ ය. දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නෝය. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ අකුසල් රැස් කර ගන්නාහ. ඔවුහු මේ සද්ධර්මය නසන්නෝ ය.“

බුදුහිමියන් නොයෙක් අවස්ථාවල දක්වා ඇත්තේ නියම ධර්ම කථිකයා නම් ආභිධම්මිකයා බවයි. අභිධර්මය නොදන්නා භික්ෂුව ධර්මය අවුල්කර දේශනා කරන බව දම්සඟුණු අටුවාවෙහි දක්වා ඇත. ඒ කරුණ මැනවින් තහවුරු කරමින් කිරිබත්ගොඩ හිමියන් විසින් රචිත ග්‍රන්ථ වලද නොයෙක් ගැටලු සහිත තැන් දක්නට ඇත. උන්වහන්සේගේ දේශනා වලත් මහමෙව්නාවේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලොගේ දේශනා වලත් මෙවැනි අර්බුදකාරී තැන් දැකිය හැක. ‘විස්මිත අවබෝධය“ නම් වූ පටිච්ච සමුප්පාදය විවරණය කිරීමට උත්සාහ කරමින් කිරිබත්ගොඩ හිමියන් රචනාකොට ඇති ග්‍රන්ථය පුරාම අවුල් තැන් රැසකි. එහිදී පංචස්කන්ධය විස්තර කරන්නේ ද අමුතුම ආකාරයකටය. තමන් දන්නා සූත්‍ර ධර්මයන්ට ගැලපීමට උත්සාහ කරමින් උන්වහන්සේ විසින් ගැඹුරු පටිච්ච සමුප්පාද ධර්මය විකෘති කරයි. මෙවැනි අවුල්සහගත තැන් උන්වහන්සේගේ ග්‍රන්ථ වලින් සෑහෙන සොයාගත හැක. අවාසනාව වන්නේ මේ පොත් පත් පමණක් පරිශීලනය කරන පිරිසට මේ බව තේරුම්ගැනීමට අවස්ථාවක් නැතිවීම හා ඒ සමහරුන්ගේ අන්ධ භක්තිය හා අමූලික ශ්‍රද්ධාව විසින් සියලු සත්‍යයන් යටපත් කිරීමයි.

ආභිධම්මික අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහනාහිමියන් විසින්, අභිධර්මය අබුද්ධ දේශතයකැයි කියන්නවුන්ට දුන් පිලිතුරු පහත දැක්වේ. සියල්ලෝ මෙය කියවා බලා තම ගැටළු නිරාකරණය කරගැනීමට උත්සාහවත් වෙත්වා...!

https://docs.google.com/viewer?url=..._Deshanawak_Nowe_Kiyannanta.pdf&embedded=true

තවදුරටත් පැහැදිලි කිරීම් අවශ්‍ය අය පහත link එකට ගොස් රේරුකානේ මානාහිමියන් විසින් රචිත ‘පටිච්ච සමුප්පාද විවරණය‘ ග්‍රන්ථයේ 253 පිටුවේ සිට කියවන්න.

http://www.ogatharana.org/

අතිපූජනීය නාඋයනේ අරියධම්ම හිමිපාණන් විසින් සිදුකරන ලද පහත දේශනාවෙන්ද අභිධර්මය ගැන පැහැදිලි විස්තරයක් දක්වා ඇත.

http://www.dhammikaweb.com/?p=6520

ශාසනයේ මේ දක්වා පහල වූ මහ රහතන් වහන්සේලාත් විනයධර, ධර්මධර මහා තෙරවරුනුත් විසින් පිලිගත් ත්‍රිපිටක ධර්මය තවදුරටත් ප්‍රතික්ෂේප කරන අය මෙම කාරණා සඳහා වහාම පිලිතුරු දිය යුතුය. නොඑසේ නම් තමන් විසින් දැන හෝ නොදැන සිදුකරන ශාසන හානිය පිලිගෙන එය ඉදිරියටවත් නිවැරදි කල යුතුය. මෙහි දක්වා ඇති කාරණා නොදැන සිටීම නිසා වැරදි අවබෝධයකින් කටයුතු කල සියලු දෙනාටම දැන් නිවැරදි වීමට අවස්ථාවයි. ඔබටත් එසේ දහම විමසා බැලීමට නුවණක් තිබෙනම් සිතන්න. එක් ස්වාමීන් වහන්සේ නමක් සරණ යනවාද, නැතිනම් නිවැරදිව තෙරුවන් සරණ යනවාද කියා...!

අවසානයට සදහන් කළ යුත්තේ මේ සියළු කරුනු ඔබ හමුවේ පැහැදිලි කිරීමට ගත් උත්සාහය කිසිවෙකුටවත් අපහාස කිරීමේ අරමුණින් සිදුකරන ලද්දක් නොවන බවයි. බුද්ධ භාෂිතය අබුද්ධ දේශිතයකැයි පවසා තමන්ට හා අනුන්ට අනර්ථයක් කරගනිමින්, දැන හෝ නොදැන සද්ධර්මයේද විනාශයට පාර කපන කිරිබත්ගොඩ හිමියන් හට හා උන්වහන්සේ අනුව යන හිමිවරුන්ටත් මහමෙව්නාවට සම්බන්ධ සියලු දෙනාටත් සත්‍යය පෙන්වා දීමේ අරමුණින් මේ කරුණු දක්වන ලදී. කිසිවෙකුට හෝ පරිභ්‍රව කිරීමට මෙතැන හෝ මේ අදහස් යොදානොගන්නා ලෙස සෑම දෙනාගෙන්ම ඉල්ලා සිටින අතර මෙහි දැක්වූ අදහස් වලින් කිසිවකුගේ හෝ සිත් බිඳීමක් සිදුවූයේ නම් සමාව ඉල්ලා සිටිමි...! ඉදිරියේදී වත් නිවැරදි මගට පිවිස මහමෙව්නාවෙන් සිදුකරගෙන යන කටයුතු සියලු දෙනාගේම යහපත පිණිසත්, සද්ධර්මයේ උන්නතිය පිණිසත් යෙදවීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි....!
 

chathurakalugal

Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    """• පැවිදි ශිෂ්යයන් බඳවා ගැනීමේදී විශේෂයෙන් විශ්ව විද්යාල අධ්යාපනය ලබන, උපාධි අපේක්ෂක, රැකියාභිමුඛ ශිෂ්යයන් කෙරහි විශේෂ අවධානයක් යොමු කරනු ලබයි. සරසවි සිසුන් ඉලක්ක කරගනිමින් විශේෂ පූජාවන් පවත්වනු ලබන්නේද ඔවුන් වැඩි වැඩියෙන් ආකර්ශනය කර ගැනීම සඳහාය. අසපුවේ යථා ස්වරූපය බාහිර වශයෙන් නොදකින ඔවුහු මුලාවේ වැටී අවසානයේදී කිරිබත්ගොඩ හිමිගේ ශිෂ්ය හිමිනමක වශයෙන් පැවිදි දිවියට ඇතුළු වෙති. නමුත් එසේ පැවිදි වී බොහෝ කල් ඉක්ම යන විට තමන්ට කායික හා මානසික වහයෙන් එල්ල වන බලපෑම් හමුවේ සැබෑ යථාර්ථය කුමක්දැයි ඔවුහු හඳුනාගනු ඇත. අතලොස්සක් පමණක් මේ මර උගුලෙන් මිදී පළා යනු ලබන අතර ඉතිරි පිරිස ලැජ්ජාවට කිසිවක් කරකියා ගත නොහැකිව එහිම පැළපදියම් වෙති. අවසානයේදී එම තරුණයන්ගේ අධ්යාපනය කඩාකප්පල් වී ඇත. උපාධිය අහිමි වී ඇත. ප්රේම සම්බන්ධතා බිඳ වැටී ජීවිතය අකල් විනාශයකට ගොදුරු වී ඇත. අධ්යාපනය කඩාකප්පල් වූයෙන් රැකියාවක් සොයා ගත නොහැකිව මහමඟ අසරණ වෙති. මෙවන් වාතාවරණයක් යටතේ ඉතා දැඩි මානසික කම්පනයකට හා ආතතියකට පත්වන ඔවුහු උන්මන්තකයින්ගේ ත්ත්වයට ඇද වැටේ. වහාම නිවැරදි මාවතකට යොමු ව ප්රතිකාර නොලැබුවහොත් මේ අසරණයින්ගේ අනාගතයට අත්වන ඉරණමට කිරිබත්ගොඩ හිමියන් වගකියන්නේ නැත. මේ වු කලී හිතාමතාම රටේ ජවසම්පන්න රැකියාභිමුඛ තාරුණ්යය විනාශාභිමුඛය කරා රැගෙන යන්නකි. අවසානයේදී ඔවුන් සමග ප්රේම සබඳතා පැවැත්වූ යුවතියන් සිංහල බෞද්ධ තරුණයින්ව පිළිකෙව් කරති. ඔවුහු බොහෝ දෙනෙක් මුස්ලිම් තරුණයන් සරණ යති. අන්යාගමිකයින් හොඳ අධ්යාපනයක් ලබා උසස් රැකියාවන් හිමිකරගනිද්දී සිංහල බෞද්ධයා අසරණ වනු ඇත. පැවිදි කරනවා නම් ඒ ශිෂ්යයන්ගේ පූර්ණ වගකීම බාරගත යුතුය. එහෙත් මෙතැන එසේ විනාශ වන තාරුණ්ය‍යේ වගකීම බාරගැනීමට කිසිවෙකුත් නැත. කිරිබත්ගොඩ හිමියන් මැනැවින් වාග් විද්යාන හදාරා තිබිය යුතුය. හොඳින් වාග් විද්යාව හැදැරූවෙකුට වචන හසුරුවා තවෙකෙකු අකල් මෝහනයට පත්කරගත හැකිය. කිරිබත්ගොඩ හිමියන්ට හා එහිමියන්ගේ විකෘති ධර්ම දේශනාවන්ට බොහෝ තරුණ පිරිස් මුලා වන්නේ මේ නිසාය.""

    මේක තනිකරම ඇත්ත , මෙඩිකල් college ගිය මගේ යාලුවෙක් මේ හොර ගණයාගේ බන අහල මහන වෙලා ඉඳල, අයෙත් සිවුරු ඇරලා , ජීවිතේම චාටර් වෙලා අන්තිමේ සියදිවි හානි කරගත්ත
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    """• පැවිදි ශිෂ්යයන් බඳවා ගැනීමේදී විශේෂයෙන් විශ්ව විද්යාල අධ්යාපනය ලබන, උපාධි අපේක්ෂක, රැකියාභිමුඛ ශිෂ්යයන් කෙරහි විශේෂ අවධානයක් යොමු කරනු ලබයි. සරසවි සිසුන් ඉලක්ක කරගනිමින් විශේෂ පූජාවන් පවත්වනු ලබන්නේද ඔවුන් වැඩි වැඩියෙන් ආකර්ශනය කර ගැනීම සඳහාය. අසපුවේ යථා ස්වරූපය බාහිර වශයෙන් නොදකින ඔවුහු මුලාවේ වැටී අවසානයේදී කිරිබත්ගොඩ හිමිගේ ශිෂ්ය හිමිනමක වශයෙන් පැවිදි දිවියට ඇතුළු වෙති. නමුත් එසේ පැවිදි වී බොහෝ කල් ඉක්ම යන විට තමන්ට කායික හා මානසික වහයෙන් එල්ල වන බලපෑම් හමුවේ සැබෑ යථාර්ථය කුමක්දැයි ඔවුහු හඳුනාගනු ඇත. අතලොස්සක් පමණක් මේ මර උගුලෙන් මිදී පළා යනු ලබන අතර ඉතිරි පිරිස ලැජ්ජාවට කිසිවක් කරකියා ගත නොහැකිව එහිම පැළපදියම් වෙති. අවසානයේදී එම තරුණයන්ගේ අධ්යාපනය කඩාකප්පල් වී ඇත. උපාධිය අහිමි වී ඇත. ප්රේම සම්බන්ධතා බිඳ වැටී ජීවිතය අකල් විනාශයකට ගොදුරු වී ඇත. අධ්යාපනය කඩාකප්පල් වූයෙන් රැකියාවක් සොයා ගත නොහැකිව මහමඟ අසරණ වෙති. මෙවන් වාතාවරණයක් යටතේ ඉතා දැඩි මානසික කම්පනයකට හා ආතතියකට පත්වන ඔවුහු උන්මන්තකයින්ගේ ත්ත්වයට ඇද වැටේ. වහාම නිවැරදි මාවතකට යොමු ව ප්රතිකාර නොලැබුවහොත් මේ අසරණයින්ගේ අනාගතයට අත්වන ඉරණමට කිරිබත්ගොඩ හිමියන් වගකියන්නේ නැත. මේ වු කලී හිතාමතාම රටේ ජවසම්පන්න රැකියාභිමුඛ තාරුණ්යය විනාශාභිමුඛය කරා රැගෙන යන්නකි. අවසානයේදී ඔවුන් සමග ප්රේම සබඳතා පැවැත්වූ යුවතියන් සිංහල බෞද්ධ තරුණයින්ව පිළිකෙව් කරති. ඔවුහු බොහෝ දෙනෙක් මුස්ලිම් තරුණයන් සරණ යති. අන්යාගමිකයින් හොඳ අධ්යාපනයක් ලබා උසස් රැකියාවන් හිමිකරගනිද්දී සිංහල බෞද්ධයා අසරණ වනු ඇත. පැවිදි කරනවා නම් ඒ ශිෂ්යයන්ගේ පූර්ණ වගකීම බාරගත යුතුය. එහෙත් මෙතැන එසේ විනාශ වන තාරුණ්ය‍යේ වගකීම බාරගැනීමට කිසිවෙකුත් නැත. කිරිබත්ගොඩ හිමියන් මැනැවින් වාග් විද්යාන හදාරා තිබිය යුතුය. හොඳින් වාග් විද්යාව හැදැරූවෙකුට වචන හසුරුවා තවෙකෙකු අකල් මෝහනයට පත්කරගත හැකිය. කිරිබත්ගොඩ හිමියන්ට හා එහිමියන්ගේ විකෘති ධර්ම දේශනාවන්ට බොහෝ තරුණ පිරිස් මුලා වන්නේ මේ නිසාය.""

    මේක තනිකරම ඇත්ත , මෙඩිකල් college ගිය මගේ යාලුවෙක් මේ හොර ගණයාගේ බන අහල මහන වෙලා ඉඳල, අයෙත් සිවුරු ඇරලා , ජීවිතේම චාටර් වෙලා අන්තිමේ සියදිවි හානි කරගත්ත

    tharunaya aya godak pewidi wenwa me mahamewnawe ..mokadda machan me kathawa :) danna kenek poddak kiyanna balanna
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,978
    31,762
    113
    luxury අසපු concept එකේ නිර්මාපකයා "කිරිබත්ගොඩ, ඤාණානන්ද" තමා, ඊට පස්සෙ රටේම පැතිරුනා.........
     

    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    asatpurushaya hata , sathpurushaya hadunagatha nohaka, asathpurushayada hadunagatha nohaka.

    sathpurushaya hata, sathpurushaya hadunagatha haka. asathpurushayada hadunagatha haka. ( budu wadanaki ).

    rahathun wani usas purushayangen harunu wita an ayagen 100% honda balaporotthu wiya nohaka. adu padu sahithawa wuwada ita wada yahapathak ohugen siduwenam eya agaya kala yuthuya.