Sathara Sathipattana සතරසතිඵට්ඨානය

netlife008

Active member
  • Mar 5, 2012
    145
    84
    43
    Sathara Sathipattana සතරසතිඵට්ඨානය

    සතර සතිඵට්ඨානය


    කායානුපස්සනාව - කය අනුව සිහිය පිහිටවීම

    • ආනාපානසතිය
    • සති සම්පජන්නය (සිහිනුවන පැවත්වීම)
    • ඉරියාඵත (අත පය හසුරවන ඉරියව්ව ගැන සිහිය පිහිටවීම)
    • අසුභය
    • ධාතුමනසීකාරය
    • නවසීවතිකය (මැරුන සිරුරක් අවස්ථා 9යකදී සිදුවනදේ දැකීම)

    වේදනානුපස්සනාව - සැප, දුක හා මද්‍යස්ථ විදීම ගැන සිහිය පැවැත්වීම

    චිත්තානුපස්සනාව - සීතේ ඇතිවන විවිද වෙනස්කම් ගැන සිහිය පැවැත්වීම.

    • සිත විසිරීලානම් දන්නවා
    • සිත කලබලනම් දන්නවා
    • සිත අලසනම් දන්නවා
    • සිත දියුනු නැත්නම් දන්නවා
    • සිත පිරිහිලානම් දන්නවා
    • සිත එකග වෙනවානම් දන්නවා
    • සිතේ කෙලෙස් තියනවානම් දන්නවා

    ධම්මානුපස්සනාව - ජීවිතය අවබෝද කරණ කොනය (දෙය) පිලිබදව සිහිය පිහිටවීම

    1 නීවරණ ධර්ම ගැන බලන්න

    1. කාමත්ඡන්දය
    2. ව්‍යාපාදය
    3. තීනමිද්‍ය
    4. උද්දච්ච කුක්කුච්ච
    5. විචිකිච්චා
    2 පන්ච උපාදානස්කන්දය හටගන්න, පවතින හා නැතිවන ආකාරය ගැන නුවනින් විමස විමසා බලන්න.
    3 ආයතන භාවනාව
    4 බොජ්ජන්ග භාවනාව (චතුරාර්ය සත්‍ය අවබෝධ කීරීමේ අන්ග 7

    1. සති සම්බෝජ්ජන්ගය
    2. ධම්ම විචය සම්බෝජ්ජන්ගය (නුවනින් විමසීම )
    3. වීරීය සම්බෝජ්ජන්ගය
    4. ප්‍රිති සම්බෝජ්ජන්ගය
    5. පස්සද්ධී සම්බෝජ්ජන්ගය (කායික මානසික සැහැල්ලුබව )
    6. සාමාදි සම්බෝජ්ජන්ගය
    7. උපෙක්ෂා සම්බෝජ්ජන්ගය
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    එළ මචන්. නිඝණ්ඨ ධර්මය අදහන උන්ට නම් මේවායින් ප්‍රයෝජනයක් නැතිවෙයිනෙ. අපිට ප්‍රයෝජනවත්. පස්සේ කියවන්නම්.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    • නීවරණ ධර්ම \
    • නිවාරණ ධර්ම යනු සාර්ථකත්වයට බාධා කරනු ලබන හා නිර්වාණයට මඟ අවුරණ ඍණාත්මක මානසික තත්ත්වයන්ය. මේ තත්ත්වයන් නම්,
    • කාමච්ඡන්ද :- පංචේන්ද්‍රයන් පිනවීමට දැඩි සේ ආශා කිරීම.
    • ව්‍යාපාද :- අනෙක් අය පිළිබඳව ඇති ද්වේශ සහගත හැඟීම
    • තීනමිද්ධ :- මානසික ඒකාග්‍රතාවක් නොමැති වීම හෙවත් අලසබව
    • උද්ධච්ඡ කුක්කුච්ඡ :- මනස සංසුන් කර ගැනීමේ නොහැකියාව හෙවත් නොසංසුන් බව
    • විචිකිච්ඡා :- විශ්වාසය අඩුකම හෙවත් සැකය
    • පාලි ධර්ම ග්‍රන්ථවල සංයුක්ත නිකායේ මෙම පංච නීවරණ ධර්ම සමීපයෙන්ම නිර්වාණය ළඟා කර ගැනීමද උපකාරී වන සප්ත භොජ්ජංග දේශනා කර ඇත. උදා: ලෙස සංයුක්ත නිකායේ මෙලෙස සඳහන් කර ඇත.
    • “භික්ෂුණී මනස දූෂණය කරන හා ප්‍රඥාව ළඟා කර ගැනීමට බාධා පමුණුවන නීවරණයන් හෙව් බාධකයන් 5ක් පවතී.ඒවා නම් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ,උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා වේ.එසේම භික්ෂුණි නිර්වාණය ළඟා කර ගැනීමට හේතු වන සාධක 7 ක් පවතී. මේවා මනස දූෂණය නොකරයි. බාධාකාරී නොවේ. මේවා දියුණු කළ විට සත්‍ය අවබෝධ කර ගැනීමට මාර්ගය පෙන්වනු ලබයි.එම හත නම්, සති, ධම්මවිජය, වීර්යය, ප්‍රීති, පස්සද්ධි, සමාධි හා උපේක්ඛා යන්නයි.”
    • සතිපට්ඨාන සූත්‍රයට අනුව ඉහත පංච නීවරණ ප්‍රහීණය කරමින් ධ්‍යාන වැඩීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත. ‍
    • “මේ අන්දමට භික්ෂුව පංචනීවරණ ධර්මයන්හි නුවණින් බලමින් වාසය කරයි. ඔහු තමා තුළ කාමච්ඡන්දය ඇත්තේ යැයි තමා තුල ඇති කාමච්ඡන්දය දැනගනී. ඔහු තමා තුල කාමච්ඡන්දය නැත්තේ යැයි තමා තුල නැති කාමච්ඡන්දය දැනගනී. නූපන් කාමච්ඡන්දයන්ගේ ඉපදීමද උපන් කාමච්ඡන්දයන්ගේ ප්‍රහාණයද, ප්‍රහීන වූ කාමච්ඡන්දයන්හි නැවත නොඉපදීමද ඔහු දැන ගනී.”
    • ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා යන නීවරණ සම්බන්ධයෙන්ද ඒ ආකාරයටම පසු ඡේදයන්හි සඳහන් කර ඇත.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    Table11.JPG
     
    • Like
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    බුදුදහමේ තියරිය මුල සිට පිලිවෙලින් සරල සිංහලෙන් ඉගෙන ගන්න පුලුවන් සයිට් එකක් / යූටියුබ් චැනල් එකක් තියනවද?
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    දැන් පෝරිසාදයයි විජේසේකරයි ඇවිත් අටුවා ටීකා එකතු කරයි :love: :rofl: