පද පේලි .....

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිතුවක්කාරේ ඔහේ පි‍යඹලා
    හීන හතම ගි‍ය සැනින් දි‍යවෙලා//
    මගේ හිතූ ලොව කොනින් හිනැහිලා
    අහෝ දුකකි ගි‍ය හැටි මා නොබලා


    ඔබ පමණ‍යි මා දුටුවේ
    මා ඔබ පමණ‍යි දුටුවේ
    ඔබ‍යි මගේ ලොව ඇහුවේ
    මගේ හිත හෙමින් නිවුවේ


    තඹෙන් තඹේ සිරුරට අමුණාලා
    හැදූ මන්දිරේ හිස මත වැටිලා
    දෙමංසලේ මට පාර වැරදිලා
    ගි‍ය විට හැම හිටි හැටි ගොලුවීලා


    ඔබ පමණ‍යි මා දුටුවේ
    මා ඔබ පමණ‍යි දුටුවේ
    ඔබ‍යි මගේ ලොව ඇහුවේ
    මගේ හිත හෙමින් නිවුවේ


    තණ්හා ආශා මා හිත වෙළලා
    මේ හැම මගෙම‍යි මට පෙන්නාලා
    දුකෙහි දැවී ගි‍ය මසිත දෙස බලා
    බුදුනි ඔබ මගේ දිවි‍ය සුව කලා

    බුදු සරණ‍යි මට ඇත්තේ
    දම් සරණ‍යි මට ඇත්තේ
    සඟ සරණ‍යි මට ඇත්තේ
    වසන තුරා ලොව මත්තේ///

    -Dushyanth Weeraman-

    Download Link
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ ආදරෙ හිමිකාරී
    නෙත් මානේ මනමාලී
    ඔබෙ ආදරෙ හිමිකාරී
    අද ඔහුගේ මනමාලී

    සුපෙම් නෙතගින් බලාලා
    ඔයා නෑ ඉඟී කළේ
    මගේ සෙනෙහේ පතාලා
    ඔයා නෑ ඇමතුවේ

    මගෙ ආදරෙ හිමිකාරී ............

    ළංවෙලා පෙම් කළා
    සිහිනයේ රෑ පුරා
    මුදු දමා අතැඟිලී
    මා ඔබව සැරසුවා

    මගෙ ආදරෙ හිමිකාරී ............

    රෑට සඳ සේ උදාවී
    ආදරෙන් ළංවුණා
    මාගෙ සෙනෙහේ සියුම් තැන්
    නොම වැටහී ගියා

    මගෙ ආදරෙ හිමිකාරී
    අද මාගේ මනමාලී
    ඔබෙ ආදරේ මනමාලී


    ගායනය :- ඉන්ෆාස් නූර්ධීන්, ඉරාජ් වීරරත්න හා ජනනි කරුණාරත්න
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගෙ ආදරෙ හිමිකාරී
    නෙත් මානේ මනමාලී
    ඔබෙ ආදරෙ හිමිකාරී
    අද ඔහුගේ මනමාලී

    .........


    ගායනය :- ඉන්ෆාස් නූර්ධීන්, ඉරාජ් වීරරත්න හා ජනනි කරුණාරත්න
    :lol::lol::lol:

    ඉරාජ්ගේ ලණුව....:rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳවාගෙ සුදු මූණ දෝතින් වසා
    කඳුළැල් ගලා සීතලේ
    මා දෑස මානේ පාවී ගියේ
    රහසින් මැවූ ආදරේ
    ඔබ නේද මගෙ ජීවිතේ

    විඳවූ අතීතේ සැමරුම් මකා
    විඳිමින් මැවූ ජීවිතේ
    සඳපානෙ හිටියාම අපි ළංවෙලා
    සිහිනේ මැවේ ආදරේ
    ඔබ නේද මගෙ ජීවිතේ

    පෙරුමන් පුරා කී නුඹෙ කල්පනා
    පෙර මතක රැඳිලා නොවේ
    හැමදාම ඉන්නම් හදේ ළංවෙලා
    සොඳුරුයි ‍සුපෙම් මාරුතේ
    ඔබ නේද මගෙ ජීවිතේ

    සඳවාගෙ සුදු මූණ .............


    ගායනය :- නලින්ද රණසිංහ









    :lol::lol::lol:

    ඉරාජ්ගේ ලණුව....:rofl::rofl::rofl:

    :yes::yes: ලණු සිංදුව තමයි :rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ අහසින් වැටෙනා

    රෑ අහසින් වැටෙනා
    බින්දු බින්දු පිණි බින්දු
    නොපිපි මල සොයනවා
    මුවා වී ඉන්න එපා
    හරි සීතලයි
    සීතලයි පින්න

    සිප ගන්න බයෙන් මහ පොළොව
    පිණි බින්දු හඬනවා
    නිම්නාද දී
    දෙතොලතර ඉඩ දෙන්න
    නවාතැන්පල වෙන්න
    හරි සීතලයි පින්න

    අනෝරා පිණි යටින්
    තෙමි තෙමී ඇවිදින්න
    ගිනි නැගෙනා ආත්මය
    පිණි දියෙන් දෝවන්න
    සිරුරතර ඉඩ දෙන්න
    නවාතැන්පල වෙන්න
    හරි සීතලයි පින්න

    ගායනය - කසුන් කල්හාර
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔබෙ සිත මා සිත වෙන් කළ

    ඔබෙ සිත මා සිත වෙන් කළ
    සිතුවිලි සංගිලි පාලම
    ඒ මේ අත වැනෙනා
    චකිතය සිත තනනා

    ඇඟ සමබර කර එන්නෙ කොහොමද
    හමනා විට ආදරේ කුණාටුව
    ඇඳගෙන වැටුනත් හිතට දුකක්නම් නෑ
    ඔබගේ සෙනෙහස දිය සුළියේ සිරවී
    මා මියදුනත් කමක් නෑ

    කීරි ගැහෙන කන් අයා සිටින්නද
    බිදෙනා විට පාළමේ රැහැන්පට
    දෑස පියාගෙන මං පියවර මැන්නා
    ඔබ මා අතැඟිළි හමුවූ විගසකිනා
    අප සිත් වෙන් කළ පාලම බිඳුණා

    ගායනය - කසුන් කල්හාර
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එන වස්‌සානෙක තව හැන්දෑවක

    එන වස්‌සානෙක තව හැන්දෑවක
    මට කියාදෙන්න ඔබ ගැන තව

    හිත හදගන්න නොහැකිව මම
    තව කියාගන්න ඇත හිත යට තව
    තව ටික දොහයි අප හමුවන
    හිත හදගන්න නොහැකිව මම
    තව කියාගන්න ඇත හිත යට තව
    නින්ද නොයයි ඒ බව දැන

    එන වස්‌සානෙක ..

    හඩා වැටෙන සිතුවිලි යට
    නුඹ දුරස්‌ උනත් සදහට මට
    තව ටික දොහයි අප හමුවන
    හඩා වැටෙන සිතුවිලි යට
    නුඹ දුරස්‌ උනත් සදහට මට
    නින්ද නොයයි ඒ බව දැන

    එන වස්‌සානෙක ..

    ගායනය : කසුන් කල්හාර
     
    • Like
    Reactions: amila_90210

    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    "දිවයුරු සැගවෙන මොහොතක තනිවී
    ඉකිබිදිනෙමි වියරු වී පාලුවෙන්
    ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
    නෙතු වෙහෙසමි යලි දකින තුරු දුරින්.."
     
    • Like
    Reactions: amila_90210

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කුමරාණනේ නැතිදෝ දන්නේ
    මාගේ සුපෙම් සිහිනේ
    මල් යායට හිනැහෙන්නේ
    මල් යායම නැහැ දන්නේ
    ඔබේ ඇසගින් බලා
    සනසන්න මගේ සිහිනේ

    සඳුටත් කියලා
    හිරුටත් කියාලා
    ඔබ තරුවෙන් අරන් ගියා
    සුවඳ සදා පෙති විහිදා
    සුමුදු සිනා විඳි සිහිනේ
    කඳුළින්ද ගිණි බින්නේ

    සුසුමක් තියලා
    සුවඳත් තියලා
    ඔබ සුවඳ අරන් ගියා
    මගේ කියා දෑස පියා
    මම ඔබේ ලඟින් හිටියා
    ඔබ ගව් සිය දුර ඇදුනා

    කුමරාණනේ නැතිදෝ දන්නේ
    මාගේ සුපෙම් සිහිනේ
    මල් යායට හිනැහෙන්නේ
    මල් යායම නැහැ දන්නේ
    ඔබේ ඇසගින් බලා
    සනසන් මගේ සිහිනේ

    -මරියසෙල් ගුණතිලක-
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව්:yes: කසුන්ගේ ගොඩක් සින්ද ලස්සනයි:D

    :rolleyes:

    එක ලග සිංදු ගොඩක් පොස්ට් කරාම මගෙ ඔලුව විකාර වෙනවා:frown:
    මගෙ සිංදු කොල ටික නැති වෙලා:dull:

    ඉර හඳට වඩා.. අපි ඈත බව දන්නවා
    ඒ වුනත් අහම්බෙන්, එකම එක මොහොතකට.. ඔබට මා හමුවෙලා
    දැන් ඉතින් වෙන කුමක් කරන්න ද දැන් ඉතින් වෙන කුමක් කරන්න ද
    ආ..ආ.දරය කරනු මිස ආ..ආ..ආදරය කරනු මිස ලා ලා. ලා
    මහා පතරන්ගෙටත් වඩා දිග කතාවක
    කොම්බුවක් තරම් නැති අපේ ලව් සින්දුවේ
    අන්තරා පේලියක.. සමන්ති.... මා ඔබව ඉම්බා.....

    පැයකටුව කුමකට ද ඔරලෝසු මූනකට ඔරලෝසු මූනකට
    කල්පයක් කියන්නෙ තප්පරෙන් බිඳක් නම්, කල්පයක් කියන්නේ තප්පරෙන් බිඳක් නම්
    සාර සංඛ්යි කල්ප ලක්ෂයක්, මා ඔබට තුරුලු වී නිදි බරව උන්නා,සමන්තී... සමන්තී...
    ඔබේ තොල් පෙති වැදි, මගෙ නලලේ කොනකට,
    කේශ නාලිකාවක් පිපුරුනා.. කේශ නාලිකාවක් පිපුරුනා..
    දැන් ඉතින් වෙන කුමක් කරන්න ද දැන් ඉතින් වෙන කුමක් කරන්න ද
    ආ..ආ.දරය කරනු මිස ආ..ආ..ආදරය කරනු මිස

    අතුල අදිකාරී
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කුමරාණනේ නැතිදෝ දන්නේ
    මාගේ සුපෙම් සිහිනේ
    මල් යායට හිනැහෙන්නේ
    මල් යායම නැහැ දන්නේ
    ඔබේ ඇසගින් බලා
    සනසන්න මගේ සිහිනේ

    සඳුටත් කියලා
    හිරුටත් කියාලා
    ඔබ තරුවෙන් අරන් ගියා
    සුවඳ සදා පෙති විහිදා
    සුමුදු සිනා විඳි සිහිනේ
    කඳුළින්ද ගිණි බින්නේ

    සුසුමක් තියලා
    සුවඳත් තියලා
    ඔබ සුවඳ අරන් ගියා
    මගේ කියා දෑස පියා
    මම ඔබේ ලඟින් හිටියා
    ඔබ ගව් සිය දුර ඇදුනා

    කුමරාණනේ නැතිදෝ දන්නේ
    මාගේ සුපෙම් සිහිනේ
    මල් යායට හිනැහෙන්නේ
    මල් යායම නැහැ දන්නේ
    ඔබේ ඇසගින් බලා
    සනසන් මගේ සිහිනේ

    -මරියසෙල් ගුණතිලක-
    :cool:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඈත ඉදන් හිනැහුනාට අටවක සඳ
    මල් නැතිවුණාට තනියක් නැ මේ ගහ යට
    දුර කන්ද නඟින පෙම්වතුනේ අත්වැල් බැද
    දුක හිතන්නෙපා ගහ ගැන මල් නොදුන්නාට..
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දුකේ දී හැඬුමට සැපේ දී
    සිනාසෙන්නට ළඟ ඉඳන්...
    තවත් අම්මා කෙනෙකු ඇත්නම්
    නුඹයි ඒ අම්මා...:love:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
    අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්..
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...

    Let me be your hero

    Would you dance
    If I asked you to dance?
    Would you run
    And never look back?
    Would you cry
    If you saw me crying?
    And would you save my soul, tonight?

    Would you tremble
    If I touched your lips?
    Would you laugh?
    Oh please tell me this.
    Now would you die
    For the one you loved?
    Hold me in your arms, tonight.

    Would you swear
    That you'll always be mine?
    Or would you lie?
    Would you run and hide?
    Am I in too deep?
    Have I lost my mind?
    I don't care...
    You're here tonight.

    Oh, I just want to hold you.
    I just want to hold you, oh, yeah.
    Am I in too deep?
    Have I lost my mind?
    Well, I don't care...
    You're here tonight.

    I can be your hero, baby.
    I can kiss away the pain,
    oh, yeah.
    I will stand by you forever.
    You can take my breath away.


    I can be your hero.
    I can kiss away the pain.
    And I will stand by you forever.
    You can take my breath away.
    You can take my breath away.


    I can be your hero.

     
    Last edited:
    Status
    Not open for further replies.