අධික ලිංගික ආශාව ඇතැම් විට මානසික රෝගයක් &#352

funyboyy

Member
Jun 22, 2011
396
163
0
nugegoda
අධික ලිංගික ආශාව ඇතැම් විට මානසික රෝගයක් &#352

lens20872678_1364324288a_a_a_a____.jpg


ලිංගික ආශාව කියන්නෙ මනුෂ්‍යයන්ට වගේම සතුන්ටත් ‍පොදු දෙයක්. හේතුව පරම්පරාව පවත්වාගෙන යාමට එය අත්‍යවශ්‍ය සාධකයක් වීමයි.
නමුත් අසාමාන්‍ය වූ අධික ලිංගික ආශාව ඇතැම් විට රෝගයක් විය හැකිය. මෙසේ දිනකට පිරිමින් ගණනාවක් සමග හැසිරෙන්නට යම් කාන්තාවක් තුළ තදබල ආශාවක් ඇතිවීම හෝ එවැනි ආශාවක් යම් පිරිමියකු තුළ ඇතිවීම රෝගයක් වීමට අවකාශ තිඛෙනවා. අප මෙමගින් අදහස් කරන්නේ වෘත්තියක් වශයෙන් දිනකට පිරිමින් කිහිප දෙනකු සමග වුවද ලිංගිකව එක්වන ලිංගික සේවා සපයන්නියන් පිළිබඳව නොවෙයි.


හෝමෝනවල වෙනස්කම් අධික ලිංගික හැසිරීම් පළවීම හෝමෝනවල වෙනස්කම් නිසාද හට ගැනීමට පුළුවන්. ලිංගික හෝමෝන ස්‍රාවය වන්නේ පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිත ප්‍රදේශයෙන්. මෙහි ගෙඩියක්, පිළිකාවක් වැනි දෙයක් හට ගත් විට ද අධික ලිංගික ආශාවන් ඇතිවීමට අවකාශ තිඛෙනවා. ඒ අනුව පෙර නොවූ ලෙස අධික අනුරාගී හැසිරීම් පළවන කෙනකු එය කායික හේතුවක් මත ඇති වන්නේද යන්න සොයා බැලීමට අන්තරාසර්ග ග්‍රන්ථි විශේෂඥ වෛද්‍යවරයකු වෙත මුලින්ම යොමු වීම වඩා සුදුසුය. එහිදී හෝමෝන පරීක්ෂණය මගින් ඉහත කී ආකාරයේ රෝග තත්ත්වයන් තිබේද යන්න සොයා බැලිය හැකියි. එවැනි කායික හේතුන් නැත්නම් ඊළගට මනෝ වෛද්‍ය විශේෂඥයකු වෙත යොමු විය යුතුයි.

කාන්තාවන් තුළ අධික ලෙස ලිංගික හැසිරීම් පළවීම නිම්ෆොමේනියා ලෙසිනුත් පිරිමින් තුළ එවැනි තත්ත්වයක් හට ගැනීම සැටරයිසිස් ලෙසිනුත් හඳුන්වනවා.
දැන් අපි අධික ලිංගික හැසිරීම් පළ කිරීමට බලපාන මානසික හේතු විමසා බලමු.
මනෝ වෛද්‍ය විද්‍යාවේ ද්වී ධ්‍රැවීය ආබාධය නමින් මානසික රෝග තත්ත්වයක් තිඛෙනවා. ද්වී ධ්‍රැවීය යනු අන්ත දෙකක් පැවතීමයි. මේ රෝගයේ ද 1 සහ 2 ලෙසින් කොටස් දෙකක් තිඛෙනවා.
මේ අනුව ද්වී ධ්‍රැවීය අංක 1 හි අන්ත දෙක නම් විශාදය සහ මේනියා රෝගයයි. මේ හේතුව මත ද්වී ධ්‍රැවීය අංක 1 වැළඳුනු රෝගියකු සමහර කාලවලදී විශාද රෝග ලක්ෂණ පළ කරන අතර තවත් සමහර කාලවලදී මේනියා රෝග ලක්ෂණ පළ කරනවා.

ද්වී ද්‍රවීය අංක 2 ආබාධයෙහි එක් අන්තයක් විශාදය වන අතර අනෙක් අන්තය වන්නේ හයි‍පොමේනියාවයි. මේ අනුව රෝගියා විශාද රෝග ලක්ෂණ පළ කරන කාලවලට තදබල දුකකින් නොසංසුන්කමකින් කාලය ගත කරන අතර ඒ කාලයට ලිංගික ආශාවද හීන වී යනවා. ඒ හේතුව මත ලිංගික හැසිරීම් පිළිබඳ කිසිදු උනන්දුවක් ඇති වන්නෙ නෑ.
නමුත් මේ රෝගීනට හයි‍පොමේනියා තත්ත්වය ඇති වූ විට දැකිය හැක්කේ එහි අනික් පැත්තයි. ඒ අනුව සතුට අධිකයි. ලිංගික හැසිරීම් කෙරෙහි දැඩි කැමැත්තක් ඇති වෙනවා. නමුත් විශේෂය වන්නේ රෝගියාට තමන්ගේ ආශාවන් පාලනය කර ගත හැකිවීමයි. ඒ අනුව හයි‍පොමේනියා යනු මානසික රෝග වාට්ටුවක නතර කර ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් නොවෙයි. මේ රෝගීනට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්.
ද්වී ධ්‍රැවීය අංක 1හි එක් අන්තයක් වන්නේ මේනියා රෝගය බව ඉහත සඳහන් කළා. මෙය සාමාන්‍යයෙන් තනි රෝගයක් වශයෙන් නොවැළඬෙන අතර එය ද්වී ධ්‍රැවීය රෝගයේ එක් අන්තයක් ලෙස පවතිනවා.

මෙසේ ද්වී ධ්‍රැවීය රෝගීන්ට මේනියා රෝගය තිඛෙන කාලවලට අධික ලිංගික ආශාවන් සහ හැසිරීම් පළ කරනු ලබනවා. විශේෂයෙන් කාන්තාවන් තුළ මේ තත්ත්වය වැඩියි. සාමාන්‍ය කෙනෙකුට තදබල ලිංගික ආශාවක් ඇති වූ විටෙක වූවත් එය අවස්ථානුකූලව පාලනය කර ගන්න හැකියාව තිඛෙනවා. නමුත් මේනියා රෝගීන්ට එය අපහසුයි. ඕනෑම කෙනෙකු ඉදිරියේ වුවද ලිංගික හැසිරීමක යෙදීමේ හැකියාව එම රෝගය වැළඳුනු කාන්තාවන් තුළ විශේෂයෙන් දක්නට ලැඛෙනවා. ඕනෑම තැනක ඕනෑම විටෙක කිසිදු අපහසුවක් නැතිව තම නිරුවත දැක්වීමට මේ කාන්තාවන්ට පුළුවන්. නමුත් අප මේ කියන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් ගැන නොවෙයි. මේනිසා රෝගය හේතුවෙන් ඔවුනට ලිංගික ආශාවන් පාලනය කර ගත නොහැකිවීම මේ තත්ත්වය හට ගැනීමට බලපානවා. නමුත් අධික ලිංගික හැසිරීම් හා ආශාවන් තිඛෙන හැම කෙනෙක්ම මේනියා රෝගීන් නොවන බවත් ඔබ වටහා ගත යුතුය.

මත්පෙති ගැනීම

නීති විරෝධී ලෙස අලෙවි කරන මත්පෙති වර්ගවලට ඇබ්බැහි වූ තරුණ තරුණියන් අතරත් ලිංගික ආශාව අධිකයි. මේවායින් ශරීරය තුළ උත්තේජනයක් ඇති වන අතර දිගින් දිගටම ගැනීම තුළින් උත්තේජනය වැඩි කලක් රඳා පවත්වා ගත හැකි නිසා මේවාට ඇබ්බැහි වූ තරුණියන් කිසිදු ලජ්ජා බයකින් තොරව අධික ලෙස ලිංගික සේවනයෙහි යෙදීම සිදු වෙනවා.

පෞරුෂ දුබලතා

අධික ලිංගික හැසිරීම් පළ කරන තරුණියන් තුළ ඇතැම් විට පෞරුෂ දුබලතා ද තිබිය හැකියි. ළමා වියේදී මව්පියන්ගේ නිසි ආදරයක් රැකවරණයක් හිමි නොවීම හෝ කුඩා කල අතවරවලට ලක්වීම මත නව යොවුන් වයසට එළඹුණු පසු ළමා වියේදී හිමි නොවූ ආදරය රැකවරණය වෙනත් පිරිමියෙකුගෙන් ලබා ගැනීමට උත්සාහ කළ හැකියි. මෙවැනි තරුණියන් තුළ හටගත හැකි පෞරුෂ විෂමතාවයක් වන්නේ මායිම් පෞරුෂ ආබාධයයි.මෙවැනි යුවතියන් තමාට මුණ ගැහෙන පෙම්වතාගේ චාටු බස්වලට ඉක්මනින්ම රැවටෙන අතර ඒ නිසාම පෙම්වතා වෙතින් අමාරුවේ වැටෙනවා. අන්තිමේ තමන්ට අහිමි වූ ආදරය සොයා විවිධාකාර පෙම්වතුන්ගේ ඇසුරට පත්වී ඔවුන් කෙරෙහි විශ්වාසය තබා වැඩි පිරිමින් සංඛ්‍යාවක් සමග ලිංගිකව එකතු විය හැකියි. අනතුරු මගින් මොළයට හානි සිදුවීම කිසිදු මානසික ආබාධයක් නැතිව වුවත් හදිසි අනතුරක් වැටීමක් වැනි දෙයක් මගින් මොළයේ ඉදිරිපස පිහිටි කොටස්වලට හානියක් වුණොත් කිසිදු ලජ්ජාවක් බයක් නැතිව ඕනෑම කෙනකු හා ලිංගිකව එකතු විය හැකියි. අපගේ ලිංගිකත්වය පිළිබඳ හැගීම් පාලනය කරන්නේ මොළයේ ඉහත කී කොටස්වලින්. මේවාට හානිවීම මත ලිංගික හැගීම් පාලනය කිරීමට මොළයට නොහැකි වෙනවා.
අසාමාන්‍ය අන්දමේ දැඩි ලිංගික ආශාවක් පළ කිරීමට හේතු බොහෝ විටම මේවායි. ඒ අනුව එබඳු කෙනකුට කායික හේතුවකින් තොරව එවැනි ලක්ෂණ ඇති වන්නේ නම් මනෝ වෛද්‍යවරයකු හමුවීම සුදුසුයි.
උපුටා ගැනීමකි.


ඳයි නම් සලකල යන්න............