අභිධර්මය ඉගෙන ගන්න කැමති අයට

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,522
    23,077
    113
    අභිධර්මය ඉගෙන ගන්න කැමති අයට

    -ධර්ම දානය පිණිසයි-

    එලකිරියෙත් බුදුදහම හරියට ඉගෙන ගන්න කැමති අය ඉන්න බව දැක්ක නිසයි මේක දාන්නෙ.
    මම මේ කියන්න හදන්නෙ ඔයාලට ඔන්ලයින්ම අභිධර්මය නිවැරදිව ඉගෙන ගන්න ක්‍රමයක්. ඇත්තටම මේක කළුතර බෝධියෙ සතිපතා පැවැත්වෙන පන්තියක්. ඒකෙ වීඩියෝ ගත කරලා ඉන්ටර්නෙට් එකට දාලා තියෙනවා.(කවුද කියලනම් දන්නෙ නෑ) මේකෙ ඉතාමත් සරලව,ඒ වගේම ඉතාමත් නිවැරදිව කියා දෙනවා.මේ පන්තියෙ උගන්වන සර් කිසිම මුදලක් අය කරගන්නෙවත් ත්‍යාගයක් ලබාගන්නෙවත් නෑ.:yes: නොමිලේම තමා මේකට මහන්සි වෙන්නෙ.මේක ඉන්ටර්නෙට් එක හරහා විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයිනුත් නරඹනවා.මේ වීඩියෝ එකේ 1:20:17 ඉදන් 1:30:20 වෙනකන් බලන්නකො.(අනිවා බලන්න)



    කලුතර හරියෙනම් සහභාගි වෙන්නත් පුලුවන් හැකියාවක් තියෙන කෙනෙක්ට.

    මේ තියෙන්නෙ පලවෙනි වීඩියෝ එක:-



    ඕක ටිකක් වෙලා බැලුවොත් ඔයාලට තේරෙයි මේක කොච්චර හොදද කියන එක.ප්‍රොජෙක්ටර් එකකුත් භාවිතා කරමින් විවිධ දර්ශන පෙන්වන නිසා තේරුම් ගන්නත් පහසුයි.

    මෙන්න මේ යූටියුබ් චැනල් එකට ගියාම මෙතෙක් පැවැත්වූ සියලුම පන්තිවල වීඩියෝ ලබාගන්න පුලුවන්. https://www.youtube.com/channel/UC63kf7W9KLLCj0jK6HF5PdA

    ටිකක් සයිස් එකනම් විශාල තමා.ඒත් ඉතින් අපිට සල්ලි වියදම් කරගෙන ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් නම් ඇයි මේක බැරි?

    කාට හරි වැදගත් වෙයි කියලයි දැම්මෙ.ඇත්තෙන්ම මේ ගැඹුරු දහම තේරුම් ගන්න හැකිනම් අපිටත් නිවන් මගට යොමුවිය හැකියි.ඉතින් මේ වීඩියෝ පෙල නරඹලා ඒකට අඩි තාලමක් දමාගන්න ඔබටත් හැකිවේවි.

    මට රෙප් එපා.තව කෙනෙක්ට බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්නනැය ඔබටත් පිනක් වේවි.:yes:
     
    Last edited: