බෙල්ලන ඤාණවිමල මහ නාහිමියෝ
සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අග්ගමහා පණ්ඩිත සාහිත්‍යසූරී අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල නාහිමියන්ගේ අදාහන පූජෝත්සවය අදට (07) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ධර්මශෝක රජතුමාගේ මෙහෙයවීම මත මේ සිංහල ද්වීපයට බුදු දහම ලැබුණි. එහිදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළේ මිහිඳු මහරහතන්වහන්සේය. එම සංඝ පරපුර නියෝජනය කරමින් ශාසනික දියුණුවට අතිවිශාල මෙහෙයක් ඉටුකළ සංඝ පීතෘෘන්වහන්සේ නමක් ලෙස අපට අතිපූජ්‍ය බෙල්ලන මහනාහිමියන් හැඳින්විය හැකිය. අපගේ ගරු කටයුතු කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක, අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහනාහිමියන් රටට, ජාතියට, සසුනට තම මෙහෙවර ඉටුකර ලෝක ධර්මතාවය සනාථ කරමින් තම සසුන් දිවිය අවසන් කර ඇත. උන්වහන්සේ අයත් වන්නේ මෙරට වැඩසිටි සම්භාවනීය ධර්මධර, විනයධර මහයතිවරුන්ගේ පරපුරටයි.
උන්වහන්සේ ඒ යති පරපුරට අභිමානයකි. මෙරට ථෙරවාද බුදුසසුන දෙස බලන කළ සසුනටත්, ජාතියටත්, ලෝකයටත් මහ සෙවණක් වූ වනස්පතින් බඳු යතිවරු රැසක් වැඩසිටි අතර එවැනි මහා තෙරුන්වහන්සේලා අතර අපේ අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛතේරය නාහිමි රේරුකානේ චන්දවිමල නාහිමි, අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසිහ නාහිමි, මහාචාර්ය වල්‍පොල රාහුල නාහිමි, අග්ගමහා පණ්ඩිත වැලිගම ඥානරත්න නාහිමි වැනි තෙරුන් වහන්සේලා දැකිය හැකිය. මෙම තෙරුන් වහන්සේලා බිහිවූයේ ධර්මවිනය, ශික්ෂණයට, බහුශ්‍රතභාවයට දැනුමට මුල්තැන දුන්නේ අපේ ආරාමීය අධ්‍යාපනයෙනි. බෙල්ලන ඤාණවිමල නාහිමිපාණන් වහන්සේ ද එකී ආරාමීය අධ්‍යාපනයේ නවීන සම්ප්‍රදායේ සුසංයෝගයකි. ප්‍රතිඵලයකි.
සිංහල, පාලි, සංස්කෘත, හින්දි මෙන්ම ඉංග්‍රීසි භාෂාවන්හි හසළ නිපුණත්වයක් තිබූ උන්වහන්සේ ධර්මධර, විනයධර යතිවරයන් වහන්සේ නමක් ලෙස පූජෝපහාරයට පාත්‍ර අනගාරික ධර්මපාලතුමන් වූහ. ආරම්භ කළ ධර්මදූත සේවාවට සහාය වෙමින් 1947 සිට 1950 දක්වා උතුරු ඉන්දියාවේ ධර්මදූත සේවාවේ නිරත වූ බෙල්ලන මහනාහිමියෝ දෙස් විදෙස් පතළ කීර්තිමත් මහනාහිමි නමකි. විශිෂ්ට ගණයේ ගත්කතුවරයකු වූ මහනාහිමියෝ ඡන්දස් අලංකාර, ඉතිහාසය, ජ්‍යෙතිෂය හා තර්ක ශාස්ත්‍රය ආදීවිෂය ක්ෂේත්‍ර ගණනාවක කුසලතා සතුවූහ.
ග්‍රන්ථ රැසක් රචනා කර ඇති බෙල්ලන නාහිමියන්ගේ කෘති දෙස් විදෙස් ප්‍රබුද්ධ සමාජය ඉමහත් ආදරයෙන් වැලඳ ගත්හ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ඉමහත් සේවාවක් සිදු කළ බෙල්ලන මහානාහිමයන්ගේ අපවත් වීම පිරිමැසිය නොහැකි පාඩුවකි. ශ්‍රී ලංකාව කුඩා රටක් වුවත් ලෝකය පුරා දැන හැඳිනගත්තේ ථෙරවාදී දහම පිළිගන්නා රටක් ලෙසය. අපගේ ථෙරවාදී බුදු දහම පෝෂණය කිරීමට අප නාහිමියන්ගෙන් සිදුවූ සේවය අපමණය. බුදු දහම හා නවීන විද්‍යාව ඇති සම්බන්ධතාව සිංහල බෞද්ධයන් පමණක් නොව ලෝක බෞද්ධයන්ට අවබෝධ කර දීමට උන්වහන්සේ තම ජීවිතය කැප කළහ. එහිදී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ධර්ම ග්‍රන්ථ රචනා කරමින් ද සිංහල හා ඉංග්‍රීසි පුවත් පත්වලට ලිපි සපයමින්ද බෞද්ධ ලෝකයාට ධර්ම අවබෝධය ලබාදීමට කටයුතු කළහ.
1990 දශකයේ දී උන්වහන්සේ ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය මගින් බෞද්ධ ලෝකයාට ලිහිල් බසින් ධර්මාවබෝධය ලබාදීමට කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය වේ. අපට සිහිවන්නේ එම ධර්ම සාකච්ඡාවලට සවන් දෙමින් අපගේ තරුණ ජීවිතය ඒ අනුව හැඩගස්වා ගැනීමට හැකිවීමයි. අපගේ නාහිමියන් තම සසුන් ජීවිතය නිකාය භේදයකින් තොරව සියලු ස්වාමින්වහන්සේලාට ගරු කටයුතුව කතා කරමින් ද කුඩා ස්වාමීන්වහන්සේලා දරුවන් ලෙස සලකමින් ද අනාගතයේ මේ සසුන බබළවන්නට සිටින්නේ උන්වහන්සේලා බැවින් උන්වහන්සේලාට ආදරයෙන් කරුණාවෙන් සැලකූ ආකාරය අපට සිහිවන්නේ හදබැති ළෙන්ගතුකමකින්ය.
රටට අවශ්‍ය මොහොතක ගෞතම බුදු පියාණන් වහන්සේ දේශනා කළ පරිදි සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව යන සනාථන ධර්මතාව පසක් කරමින් අවුරුදු 95ක් පමණ වූ ශාසනික මෙහෙවර හමාර කර දැයෙන් සමුගෙන යන මහානායක, අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහනාහිමියන්ගේ අපවත්වීමෙන් අපේ රටට ජාතියට හා සසුනට මහා වනස්පතියක් බඳු සෙවණක් අහිමි වූ බව අතිශය සංවේග පූර්වකව සඳහන් කරමු.
ගුණ නැණ සුවඳ දසත විහිදූ බෙල්ලන ඤාණවිමල මහ නාහිමියෝ

පූජ්‍ය බුදුගල ජිනවංස හිමි
සභාපති - හෙළ බොදු සවිය
සභාපති - හෙළ බොදු සවිය
Last edited: