ජීවිතයේ Plan B

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ජීවිත රක්ෂණය ගැන ත්‍රෙඩ් එකක් දාන්න කියල අපේ Mr.Tom ගේ විශේෂ ඉල්ලේම වෙනුවෙන් මේ ත්‍රෙඩ් එක දාන්නේ.. හැමෝටම මේ කාරනාව වැදගත් වෙයි කියල හිතනවා..

    අපිට ජීවිත රක්ෂණයක් අවශ්‍ය වන්නේ ඇයි ...

    අසිරිමත් සිරිලංකාව ඇතුළු ආසියාතික රටවල මිනිසුන්ගේ ආයු අපේක්ෂාව ගැන කතා කරනවානම් ගමේ ගොඩේ බාසාවෙන් කිව්වොත් බහුතරයක් උදවිය කියන්නේ අවුරුදු හැත්තෑවක් ජීවත් උනා කියන්නේ හොඳටෝම ඇති කියලයි... වයස අවුරුදු පනහක් ජීවත් උන මනුස්සයෙක් හිතන්නේ මම දැන් ජීවිතෙන් තුනෙන් දෙකක් ගෙවල ඉවරයි කියන හැගීමෙන් ... එත් ජීවිතය කියන්නේ ඊට වඩා හුඟක් වටිනා කියන දෙයක්...ඒ හින්ද තමයි රටක දියුණුව මනින්න එක සාධකයක් විදිහට ආයු අපේක්ෂාව කියන කාරණය ඇතුලත් කරලා තියෙන්නේ.. ලෝකේ දියුණු රටවල මිනිස්සු වයස 50 කියන්නේ බොහොම තරුණ අවස්තාවක් හැටියට ගණන් ගැනෙන්නේ එයාලගේ ආයු අපේක්ෂාව අවුරුදු 100ක් ආසන්නයට යන නිසයි...

    බහුතරයක් අපේ රටේ උදවියට ජීවිතේ පිළිඹඳ හෝ අනාගතය ගැන plan B එකක් නැහැ.. ඒ හින්ද එදිනෙදා ජීවිතයේ සිද්දවෙන සමහරක් දේවල් වලින් බහුතරයක් දෙනාගේ අනාගතය උඩු යටුකුරු වෙන්න ගතවෙන්නේ සුළු වෙලාවයි... පීතෘ මුලික සමාජයක ජීවත්වෙන අපේ රටේ බහුතරයක් පවුල් එම පවුලේ පියාන්නන්ගේ අභාවය හෝ වෙනයම් අනතුරක් නිසාවෙන් හෙට දවසක් නැතිවෙන්නම අනාත වෙලා යන එක බොහොම සුලභ සිදුවීමක්...

    විශ්‍රාම වැටුපක් හිමි බොහොම සුලුතරක් දෙනා ඇරුනාම අනෙකුත් උදවියගෙන් බහුතරයකට හෙට දවසේ සිදුවන ව්‍යසනයකට සාර්ථකව මුහුණදෙන්න plan B එකක් නැහැ... ඒ නිසා අපේ රටේ බහුතරයක් පවුල් ඊළඟ තත්පරයේ සිදුවිය හැකි ව්‍යසනයක් නිසාවෙන් අනාත වීමේ භයානක අවදාම්නමෙන් ජීවත්වෙන පිරිසක්.. එත් නොදන්නාකමට හෝ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම සහ හෙට දවසේ වැදගත්කම නොදන්නාකම නිසාවෙන් අද දවසේ සන්තෝසෙන් ජීවත් වෙන්න බහුතරයක් දෙනා පුරුදු වෙලා.. එත් එම සන්තෝසය නැතිවෙන්න ගතවන්නේ කොයිතරම් සුළු කාලයක් වෙන්න පුලුවනිද ???

    ජීවිතයේ වටිනාකමක් නොමැතියි කියා උපකල්පනය කරන පුද්ගලයෙකුට දීර්ගායු අපේක්ෂාවක් නොමැති උනත් තමුන් විසින් ලොවට දායාද කල දරුමල්ලන්ගේ හෙට දවස කුමක් වියහැකිදැයි නොදැන සතුටින් මැරිලා යන්න පුලුවනිද ??? දරුමල්ලන් නොමැතිනම් තමුන්විසින් නඩත්තු කල මහලු දෙමාපියන් හෙට දවසේ යැපෙන්නේ කොහොමදැයි නොදැන සන්තෝසයෙන් මැරිලා යන්න පුලුවනිද...

    ඒක එහෙමනම් වගකිවයුතු පියෙක්, මවක්, දරුවෙක් විදිහට තමුන්ගෙන් යැපෙන්නන් සුරක්ෂිත කිරීමට අපි හැමදෙනාටම වගකීමක් තියෙනවා කියල මම හිතනවා... ඒ වගකීම අපේ ආර්ථික මට්ටමේ හැටියට දරන්න බැරි අවදානමක් නම් අපි අනිවාර්යෙන්ම අපේ නික්මයාමෙන් පසු අපගේ යැපෙන්නන්ගේ සුභසිද්දිය උදෙසා ජීවිත රක්ෂණයකට වගකීම පවරන එක තමයි හොඳම දේ...

    අපේ රටේ රක්ෂණ නියෝජිතයෙක් ගෙදරට එනවා කියන්නේ හිඟන්නෙක් ගෙදරට ආව හා සමානව දකින්නයි මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ... බහුතරයක් දෙනා එහෙම හිතන එක ගැන එක අතකින් වරදක් නැහැ... මොකද අපේ මිනිස්සු "මම හෙට මිය යා හැකියි " කියල හිතන්න අකමැතියි...තවත් විදිහකට මිනිස්සුන්ගේ ඔලු ඇතුලේ plan B එකක් නැහැ...මිනිස්සුන්ට මහා ලොකු ආයු අපේක්ෂාවක් නැහැ.... තවත් විදිහකට මිනිස්සු රක්ෂණ සමාගම් විශ්වාස කරන්නෙත් නැහැ... ඔය කාරනා කිහිපය නිසා මිනිස්සු ගෙදරට එන රක්ෂණ නියෝජිතයා ගෙදරින් එලවගන්නකම් ඉන්නේ බොහොම නොසන්සුන්ව... එත් හෙට දවසේ රැකියාවට යද්දී අනතුරක් වෙලා හුස්ම ටික ගියොත්... යැපෙන්නන්ට මොකද වෙන්නේ????

    ඒ හින්ද තමයි වගකීමක් තියෙන මවක්, පියෙක්, දරුවෙක් විදිහට ජීවිත රක්ෂණයක් මිලදීගත යුතුව තියෙන්නේ... ජීවිත රක්ෂණයක් තියන පුද්ගලයෙකුට

    හෙට දවසේ යැපෙන්නන් ගැන ඔලුවට බරක් නැහැ...

    රක්ෂණය කල් පිරුනාම ලැබෙන ලොකු මුදල ආයෝජනයක් විදිහට වයසට ගියාම පාවිච්චි කරන්න පුළුවන් නිසා විශ්‍රාම කාලයට යම් අස්වැසිල්ලක්...

    මේ ටික ලියල මට පැහැදිලි කරන්න ඕන උනේ උඹල පවුල් පන්සල් වෙලානම්,,, දරු මල්ලෝ ඉන්නවනම්... යැපෙන්නන් විදිහට දෙමාපියන් ඉන්නවනම් ... උඹලාගේ ජීවිතය හෙට දවසේ නැති උනොත් plan B එකක් තිබිය යුතුයි නේද.... අනාගතයේ පරිභෝජනය පිණිස ලක්ස පනහක් , සීයක් බැංකුවක ස්ථිර තැන්පතු දාන්න වත්කමක් තියන කෙනෙකුට plan B එක වෙනුවෙන් එහෙම මුදලක් තැන්පත් කරන්න පුළුවනි.. එත් එහෙම බැරි කෙනෙකුට තියන හොඳම දේ තමයි යැපෙන්නන් ආරක්ෂණය කිරීම...

    දෙපැත්තට එකම පාරේ වාහන යන පාරවල් වල වාහන එලවන, බයිසිකල් පදින, බස්වල යන බහුතරයක් දෙනා මහපාරේදී විශේෂයෙන් ඉන්නේ තදබල ජීවිත අවදානමක.... ඒ අවදානමෙන් මිදෙන්න අපිට බැහැ ජීවත් වෙන්න රැකියාවක් කරන්න ඕන නිසා සහ දයිනික කටයුතු කරගන්න ඕන නිසා.. එත් යැපෙන්නන් ඒ අවදානමෙන් ඉවත් කිරීම අපේ වගකීමක්... ඒ හින්ද පුළුවන් උදවිය ආරක්ෂණයක් විදිහට සහ අනාගත ඉතුරුමක් විදිහට ජීවිත රක්ෂණයක් ගත්තොත් හොඳයි නේද....

    දැන් මගෙන් අහන්න එපා කොයි රක්ෂණ සමාගමද කියල වැඩිය හොඳ... මම රක්ෂණ නියෝජිතයෙක් නෙවෙයි....

    එත් රක්ෂණ සමාගමක් තොරගනිද්දී ඒ රක්ෂණ සමාගමේ ඉතිහාසය, වටපිටාව, ලැබෙන ප්‍රතිලාභ සහ ප්‍රතිලාභ ලැබුවන්ගෙන් ලැබෙන තොරතුරු සලකල බලල හරි සමගාම තෝරාගන්න එක තමයි හොඳ....

    රක්ෂණ ඔප්පුවක් තොරාගනිද්දී තමුන්ට අවශ්‍ය රැකවරණය රුපියල් වලින් කීයක්ද කියල තීරණය කරලා ඒ රැකවරණය ලබාදෙන්න තරඟකාරී තෝරාගත් සියලුම රක්ෂණ සමාගම් වලින් මිල ඉල්ලලා අපිට වාසියි කියල හිතෙන සමාගමට වගකීම පවරන එක තමයි මගේ ක්‍රමවේදය...

    මේ පොස්ට් එක ලියල ඉවරවෙද්දි මම මලත් මගේ යැපෙන්නන් සුරක්ෂිතයි.... ඒ හින්ද බයක් නැහැ... උඹට ඊළඟ තත්පරේ මැරෙන්න පුළුවන් කියල කිව්වට මා එක්ක අමනාප වෙන්න එපා... ඒත් එය විය නොහැක්කක් නෙවෙයි... හොඳින් හිතන්න...

    හැටෙන් හැත්තෑවෙන් මැරෙන්න හිතන්නේ නැතුව පරමායුෂ විඳින්න පින්දහම් කරන්න අධිෂ්ඨාන කරගන්න... පනහ පනිනකොට ජීවිතේ අහවරයි කියල හිතපු මානසික මට්ටම තවදුරටත් වලංගු නැහැ... හැමදෙනාම දීර්ගායු වේවා...මේ මනුෂ්‍ය ජීවිතේ හුඟක් වටිනා දෙයක්...

    එත් අමතක කරන්න එපා...
    පනනම් තණ අග පිනිබිඳු වන්නේ.... ඒ හින්ද තරුණ කාලෙදිම ජීවිතයට Plan B එකක් හදල තියමු...

    එළකිරියේ ඉන්න ජීවිත රක්ෂණ නියෝජිතයින් අපේ කට්ටියට අවදානම පැහැදිලි කරන්න පහලින් තව කරුණු එකතු කරන්න කියල ඉල්ලා හිටිනවා..

    (සංවාදයට විවුර්තයි..)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Ceylinco ද හොඳ Sri Lanka Insurance ද බන්?

    කොතලවලගේ සීන් එක්ක සෙලන්කෝ ගැන මිනිස්සුන්ගේ තියන විශ්වාසය ටිකක් වෙනස් උනා නේද මචන්... ශ්‍රී ලංකා ඉන්සුරන්ස් එක්ක මම ගනිදෙනු කරලා නැහැ මචන්.. පොලිසි දාපු උදවිය කව්රුහරි හොයල අහල බලන එක තමයි හොඳ...එළකිරි උදවිය ඇති ගනුදෙනු කරන ...ටික හොයල බලමු..
     
    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    ela thread ekak rep..
    mata nam thawama insurance ekak na.ape insurence thiyena kollo puluwan nam kiyanna koi koi ewada Honda aluthen insurance ekak gannawa nam kiyalaa...
    aluthen insurance ekak ganna inna ayata useful wei...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    PLAN B ekak tibunoth hondayi thamayi. eth risk eka kiyana de 0 karanna beane kisima deka. INSURANCE kiyanne minissunge oluwata daapu anawasya barak kiyaayi hithenne... wiwechanathmakayi thamayi meka.. hungak ayage jeewana margayak nisa.

    Ayojanayakin labana risk eka meeta wada sadaranayi kiyala hitenne..
    INSURANCE kiyana de dan habai ayojanaya karapu detath karanawa.

    mata nam e unata hitennema ooka ara SAUKYAMATH JEEWITAYAKATA MAS KANNA OONE< KIRI BONNA OONE wage balendapu concept ekak..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොඳ ත්‍රෙඩ් එකක්.:) රක්ෂණ ගැන නම් කිසිම පැහැදීමක් නැත.:dull:
     
    ඔයාගේ තර්කය සාධාරණයි ... එත් මම උදාහරණයක් දෙන්නම්...

    මගේ යාලුවෙක් හිටිය.. එයාගේ තාත්ත කරේ නගරයේ ලොකු හෝටලයක්... ඒ කාලේ හැටියට හොඳ සල්ලියක් හොයපු නගරේ තිබ්බ අංක එකේ හෝටලය.. එත් 88/89 භීෂණයත් එක්ක මගේ යාළුවගේ තාත්ත JVP ලිස්ට් එකට දාල ඝාතනය කරා (අතුරුදහන්).. ( පුද්ගලික පලිගැනීමක් පසුව අනාවරණය වූ පරිදි ) . එත් ඒ තාත්තගේ අභාවය එක්ක තනිවෙච්ච මගේ යාළුවගේ අම්මට හෝටලය පවත්වාගෙන යන්න හැකියාවක් තිබ්බේ නැහැ.. අපි ඒ කාලේ 5-6 වසරවල ඉස්කෝලේ යන පොඩි උන්.. ඒ හින්ද යාලුවටත් හෝටලය කරන්න වයසක් නෙවෙයි.. අන්තිමේ අම්මට කරගන්න බැරුව හෝටලය වහල දැම්ම... පසුකාලීනව ගොඩනැගිල්ල කුනුකොල්ලෙට විකිණුව.... මරුන මනුස්සය රක්ෂණය වෙලා හිටියත් රක්ෂණ වන්දි ලැබුනේ නැහැ මරණ සහතිකයක් නැති නිසා..

    එවකට හිටපු රජයන් වලින් වසර හතකට පස්සේ තමයි අතුරුදහ උන උදවියට මරණ සහතික නිකුත් කරේ.. ඒ වෙද්දී මගේ යාළුවගේ කඩේ විකිණිලා ඉවරයි...

    මගේ යාළුවගේ තාත්තගේ ව්‍යාපාර ආයෝජන යැපෙන්නන්නට පවත්වාගෙන යා හැකි මට්ටමේ එව්වා උනානම් ඒ ආයෝජන වලින් ප්‍රයෝජනයක් ගන්න තිබුන.. එත් කුඩා දරු දෙදෙනෙක් එක්ක තනි උන කාන්තාවකට පවත්වාගෙන යාහැකි ව්‍යාපාර නෙවෙයි එව්ව්. දවසට හාලෝ කිලෝ 50 ක් උයන හෝටලයක් ගෑනියෙකුට ඉදිරියට පවත්වාගෙන යන්න අමාරුයි.. ඒ අම්ම ඒ ව්‍යාපාර එක්ක හැපපෙද්දී මගේ යාළුවා OL ෆේල් උනා.. ඒ අම්මට තනියම ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන් ආයෝජන උනානම් තත්වය ඊට වෙනස් වෙන්න තිබ්බ...

    ආයෝජන හොඳයි... එත් යැපෙන්නන්ට ඉදිරියට පවත්වාගෙන යා හැකි විය යුතුයි... එහෙම තත්වයකදී රක්ෂණය ඊට වඩා වාසිදායකයි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හොඳ ත්‍රෙඩ් එකක්.:) රක්ෂණ ගැන නම් කිසිම පැහැදීමක් නැත.:dull:

    අදහසට ස්තුතියි.. එත් දරුමල්ලෝ ඇති උන දවසක එයාලගේ අනාගතය සුරක්ෂිත කරන්න plan B එකක් තිබිය යුතුයි... විකල්ප අදහසක් තියෙනවනම් අපිටත් කියමු ...
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    thx පොලා:)
    මමනම් මටයි වයිෆ්ටයි පුතාටයි රක්ෂණයක් අරන් තියෙන්නේ. පොඩි එකට ලගදී ගන්න ඉන්නේ.
    මේ ගැන expert ල අනිවා එළකිරියේ ඇති පුළුවන් අය දැනුවත් කරන්න.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අදහසට ස්තුතියි.. එත් දරුමල්ලෝ ඇති උන දවසක එයාලගේ අනාගතය සුරක්ෂිත කරන්න plan B එකක් තිබිය යුතුයි... විකල්ප අදහසක් තියෙනවනම් අපිටත් කියමු ...

    කරන වියාපාරයක් කරගෙන යන්න පුලුවන් විදියට කටයුතු සලස්වල තියන එක හරි ස්ථිරව රස්සවක් කරගෙන යන්න පුලුවන් මට්ටමෙන් ඉන්නවනම් හරි ඉන්න ඒක ඔයිට වඩා වටිනව කියල හිතෙනව මටනම්. මං කිව්වෙ අයියේ එක්කෙනෙක් මුලු බරම අදින්නෙ නැතුව දෙන්නටම ස්ථිර ආදායමක් තියනව නම්. ඒ වගේම දෙන්නටම වගකීම බෙදාගන්න පුලුවන්නම්. හැමෝටම මේක හරියන්නෙ නෑ හැබැයි. රක්ෂණ පාවිච්චියක් නෑ අපේ ගෙදර නම්.:dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කරන වියාපාරයක් කරගෙන යන්න පුලුවන් විදියට කටයුතු සලස්වල තියන එක හරි ස්ථිරව රස්සවක් කරගෙන යන්න පුලුවන් මට්ටමෙන් ඉන්නවනම් හරි ඉන්න ඒක ඔයිට වඩා වටිනව කියල හිතෙනව මටනම්. මං කිව්වෙ අයියේ එක්කෙනෙක් මුලු බරම අදින්නෙ නැතුව දෙන්නටම ස්ථිර ආදායමක් තියනව නම්. ඒ වගේම දෙන්නටම වගකීම බෙදාගන්න පුලුවන්නම්. හැමෝටම මේක හරියන්නෙ නෑ හැබැයි. රක්ෂණ පාවිච්චියක් නෑ අපේ ගෙදර නම්.:dull:

    මගේ දෙමවුපියොත් රක්ෂණ පාවිච්චි කරේ නැහැ බන්.. අපි පුංචි කාලේ අපේ දෙමාපියන්ට තිබ්බ ජීවිත ආරක්ෂාව, හෙට දවසේ අනාගතය ඒ තරම් අවදානම් තත්වෙක තිබ්බේ නැහැ.. එත් වර්තමානයේ ඒ ආවදානම වැඩයි කියල මට හිතෙනවා....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයාගේ තර්කය සාධාරණයි ... එත් මම උදාහරණයක් දෙන්නම්...

    මගේ යාලුවෙක් හිටිය.. එයාගේ තාත්ත කරේ නගරයේ ලොකු හෝටලයක්... ඒ කාලේ හැටියට හොඳ සල්ලියක් හොයපු නගරේ තිබ්බ අංක එකේ හෝටලය.. එත් 88/89 භීෂණයත් එක්ක මගේ යාළුවගේ තාත්ත JVP ලිස්ට් එකට දාල ඝාතනය කරා (අතුරුදහන්).. ( පුද්ගලික පලිගැනීමක් පසුව අනාවරණය වූ පරිදි ) . එත් ඒ තාත්තගේ අභාවය එක්ක තනිවෙච්ච මගේ යාළුවගේ අම්මට හෝටලය පවත්වාගෙන යන්න හැකියාවක් තිබ්බේ නැහැ.. අපි ඒ කාලේ 5-6 වසරවල ඉස්කෝලේ යන පොඩි උන්.. ඒ හින්ද යාලුවටත් හෝටලය කරන්න වයසක් නෙවෙයි.. අන්තිමේ අම්මට කරගන්න බැරුව හෝටලය වහල දැම්ම... පසුකාලීනව ගොඩනැගිල්ල කුනුකොල්ලෙට විකිණුව.... මරුන මනුස්සය රක්ෂණය වෙලා හිටියත් රක්ෂණ වන්දි ලැබුනේ නැහැ මරණ සහතිකයක් නැති නිසා..

    එවකට හිටපු රජයන් වලින් වසර හතකට පස්සේ තමයි අතුරුදහ උන උදවියට මරණ සහතික නිකුත් කරේ.. ඒ වෙද්දී මගේ යාළුවගේ කඩේ විකිණිලා ඉවරයි...

    මගේ යාළුවගේ තාත්තගේ ව්‍යාපාර ආයෝජන යැපෙන්නන්නට පවත්වාගෙන යා හැකි මට්ටමේ එව්වා උනානම් ඒ ආයෝජන වලින් ප්‍රයෝජනයක් ගන්න තිබුන.. එත් කුඩා දරු දෙදෙනෙක් එක්ක තනි උන කාන්තාවකට පවත්වාගෙන යාහැකි ව්‍යාපාර නෙවෙයි එව්ව්. දවසට හාලෝ කිලෝ 50 ක් උයන හෝටලයක් ගෑනියෙකුට ඉදිරියට පවත්වාගෙන යන්න අමාරුයි.. ඒ අම්ම ඒ ව්‍යාපාර එක්ක හැපපෙද්දී මගේ යාළුවා OL ෆේල් උනා.. ඒ අම්මට තනියම ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන් ආයෝජන උනානම් තත්වය ඊට වෙනස් වෙන්න තිබ්බ...

    ආයෝජන හොඳයි... එත් යැපෙන්නන්ට ඉදිරියට පවත්වාගෙන යා හැකි විය යුතුයි... එහෙම තත්වයකදී රක්ෂණය ඊට වඩා වාසිදායකයි..

    ඔව්. එක හරි. හැබැයි රක්ෂණය කරන්නන්ගෙන් 99% විතරම එක්ස්පීරියන්ස් ලබන්නේ හාත්පසින්ම වෙනස් දෙයක් නේද? මාසේ හම්බ කරන දෙයින් යම් සැලකිය මුදලක් රක්ෂණයට ගෙවනවා. කල් පිරුණම ලැබෙන මුදල බොහොම අඩුයි. ඒ මේ සල්ලි ඩිරෙක්ට් ආයෝජනය නොකරන නිසානේ...
    මට හිතෙන/තේරෙන විදියට ලික්විදිබිලිටි වැඩි ආයෝජනයන පවත්වාගෙන යාම වාසි දායකයි. සල්ලි බැංකුවේ ඉතුරු කරන එක විතරක් නෙවෙයිනේ ඉතිරි කිරීමේ ක්‍රම තියෙන්නේ...

    ප්ලැන් කරලාම වැඩ කරනවා නම්, රිස්ක් වලට කැමතිම නැත්නම්, රක්ෂණය සහ ආරක්ෂණයට අමතරව ගැනියෙක් මිනිහෙක් එහෙම දරුවොන්ට අම්මෙක් තාත්තෙක් විදියට බැකප් කල හැකිනේ..

    සල්ලි වලට වැඩිය වටිනවනේ ඒ ආරක්ෂණය... :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ දෙමවුපියොත් රක්ෂණ පාවිච්චි කරේ නැහැ බන්.. අපි පුංචි කාලේ අපේ දෙමාපියන්ට තිබ්බ ජීවිත ආරක්ෂාව, හෙට දවසේ අනාගතය ඒ තරම් අවදානම් තත්වෙක තිබ්බේ නැහැ.. එත් වර්තමානයේ ඒ ආවදානම වැඩයි කියල මට හිතෙනවා....

    ඇත්ත. ඔය ගැන ගොඩක් කතාකරන්න තරම් අත්දැකීමක් නෑ මට. පොලයියා විස්තර ටිකක් දාන්නකො හිමීට.:)

    අපේ නම් තියන එකම දේ ඉගෙන ගෙන ඉවර කරන්න පුලුවන් විදියට පාර හදල දීල තියනවා අම්මයි තාත්තයි. අපේ තාත්තා බොහොම පිලිවෙලට ප්ලෑන් කරගෙන වැඩ කරන කෙනෙක්. ඒ නිසා රක්ෂණ පස්සෙ දිව්වෙ නැති වුනාට ඉස්සරහට ප්ලෑන් එකක් දීල තියනව. :)

    ඉන්ෂුවරන්ස් ගැන පැහැදීමක් නෑ ඇත්තටම. නෑදෑ වෙන එකෙක් ඉන්නවා උගෙ වැඩ දැක්කම තවත් එපා වෙනවා.:dull: