ආදරේ සුන්දරයි...!!!

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    happa..affair eka nawattala 1 month wagene nam umbata pissu wage ati...:sorry::sorry::sorry: korathota pansalda giye umba...?
    dan nam tikak shape ban..... eeth mathak weddi awul.. eth hithalama hitha hada gannawa dawasaka hodama kella mata lebei kiyala....

    ow Korathota pansal ban giye... Sil gatte Panagoda Camp eke pansale... :(
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    dan nam tikak shape ban..... eeth mathak weddi awul.. eth hithalama hitha hada gannawa dawasaka hodama kella mata lebei kiyala....

    ow Korathota pansal ban giye... Sil gatte Panagoda Camp eke pansale... :(

    matak wenakota nam parana seen aul tamai ban:sorry::sorry::sorry: hoda kellek labunama oka maga arila yawi...korathota pansale lagadi budu pilimayak haduwa neda machan....open karapu dawase mama awa balanna...
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    PARAT 05
    සදමාලිම ඔය සිම් තියෙන තැනක් හොයාගෙන තිබ්බා ..නෙට් එකෙන්

    "මට තැනක් හම්බ උනා සිම් තියෙන ..ඔයා පොඩ්ඩක් කතා කරලා අහන්නකො විස්තර "
    "කොහෙද තැන ..?"
    "මාසයක් බලගෙන්න ඉන්න බැහැ අනේ ...මමත් ඉතින් හෙවුවා සිම් විකුණන තැන් ගැන ..නෙට් එකේ search කරන කොට තැනක් හම්බ උනා ...ඔයා පොඩ්ඩක් කතා කරලා බලන්නකෝ .."
    "හ්ම්ම් ..එහෙනම් මට එවන්නකො ලින්ක් එක ..මම බලන්නම් ..."

    සදමාලි මට එවපු ලින්ක් එක මම බැලුවා ...ලින්ක් එකේ තිබ්බ no එකට කතා කරලා විස්තරත් ඇහුවා ...එතකොටයි මට තරු පෙනුනේ ...සිම් දෙක පෝස්ට් කරන්න බැහැ කිවුවා ..ඇවිත්ම අර ගන්න කියලයි කිවුවේ..ඒ මදිවට යන්න ඕනි කෑගල්ල කිට්ටුවටම ....සිම් දෙකත් අස්ප ගානක් ...මම එවලේම call කලා සදමලිට ...

    "මම කතා කලා අර no එකට සිම් එක ගැන අහන්න ..."
    "ඉතින් මොකද උනේ ..?"
    "ඒක හරියන්නේ නැහැ...සිම් දෙකේ ගානත් වැඩියි ..ඒ මදිවට සිම් දෙක ගන්න කෑගල්ලට යන්නත් ඕනි ..සිම් දෙක active වෙන්නත් දවසක් දෙකක් යනවලු ..අනික අපි දන්නේ නැහැනේ ඒ මිනිහ ගැන ..කවුද දන්නේ හොරෙක්ද කියලා ...? ඔයාලගේ කැම්පස් එකේ අර කොල්ලගෙන් සිම් දෙක ගනිමු ..මාසෙකින් වගේ සිම් හම්බ වෙනවා කිවුවනේ ...අනික මිනිහ අපිට sure නේ ..සිම් හම්බ උන ගමන් අපිට සිම් දෙන්නම් කියලත් පොරොන්දු උනානේ ..."
    "අනේ ඒයි ..කවුද දන්නේ මසේකින්ම සිම් හම්බ වෙයිද කියල ..ඒ වෙනකොට සිම් දෙන එක නතර කරලා තිබුනොත් ...අපි කෑගල්ලේ එක්කෙනගේනම් ගමු සිම් ..බොහොම අමාරුවෙන් මම ඒ මනුස්සය ගැන විස්තර හොයා ගත්තෙත් ..කොහෙද ඉතින් ඔයාට කිසි උවමනාවක් තිබුනේ නැනේ ...මට විතරනේ වුවමනාව ...ඒ මනුස්සය කලිනුත් සිම් විකුනපු add තියෙනවා ...ඒ කියන්නේ එයා එහෙම හොරෙක් කියල හිතන්න බැහැනේ ..මේ සිම් දෙක ගත්තොත් අපිට ගොඩක් ලාබයි ..ඒකයි මම ඔච්චරටම ඔයාට කියන්නේ අනේ ..."

    සදමාලි කෙලෙස කීවත් මට නම් සිතෙන්නෙම මේ කරන්න යන්නේ මහා මෝඩ වැඩක් කියල...

    "ඔයාට පිස්සුද අනේ ජිව්තෙට දැකල නැති කෙනෙක්ගෙන් සිම් ගන්න හදන්නේ ..ඒ මදිවට ඒකා ඉන්නේ හැතැප්ම ගානක් දුර...මොකක් හරි උනොත් ආයේ හොයන්න කියලද ..?"

    "ඔයාට කිසිම උවමනාවක් නැහැ මේ වැඩේට ...බොහොම අමාරුවෙන් මේ කෙනා ගැනත් විස්තර හොයා ගත්තේ ...ඒ ඔක්කොම කරලත් ඔයාට බැහැනේ ගිහින් සිම් දෙක අරන් එන්න ..ඔයාට තනියම යන්න බැරි නම් මමත් එන්නම් යන්න .."

    "බලමුකෝ ..බලමුකෝ "

    එදා ඉදන් සදමාලි ගෙන් බේරුමක් තිබුනේ නැහැ කෑගල්ලේ ගිහින් අර සිම් දෙක අර ගන්න ...නිතරම චුරු චුරු ගගා හිටියා ...ඒත් දවසක් උදෙක ඕක නිසා අපි දෙන්න පලවෙනි වතාවට දරුණු විදියට රණ්ඩු වුණා ..ඒකේ කෙන්තියටම මම කිවුවා අදම ගිහින් සිම් දෙකක් අරන් එනවා කියලා ...එවලේම කතා කරලා කිවුවා කෑගල්ලේ එකාට සිම් ගන්න එනවා කියල අද...එන්න ඕනි පාරත් අහ ගත්තා ...එවලේ මගේ අතේ සල්ලිත් තිබුණා සිම් ගන්න ..ඒක නිසා අවුලක් නැහැ ..පස්සේ මගේ යාළුවෙකුටත් කතා කලා කෑගල්ලේ යන්න ...මිනිහ ගාව bike එකක් තිබුණා ..

    "හලෝ මචන්...සුරේෂ් ..මොකද අද උඹ කරන්නේ ..? "

    "මුකුත් නැහැ බන් ...ඔහේ ඉන්නවා...මොකද හදිසියේම කතා කලේ ... "

    "පොඩි ගමනක් යන්න බන් ...හදිස්සියකට කගල්ලට යන්න ඕනි බන්..උඹට වැඩක් නැත්නම් යමුද මචන් ...මම තෙල් ගහන්නම් bike එකට ..."

    "අඩෝ ...bike එක කැඩිලා හදන්න දාලා බන් ..කොහොමත් වැඩේට දවසක් දෙකක් විතර යයි ...week end එකේ යමන් ..එතකොට නම් bike එකත් ok වෙලා තියේවි ..මොකක්ද ඔච්චර හදිස්සි වැඩේ "

    "බැහැ බන් අදම යන්න ඕනි ...මම bus එකේවත් යනවා ..පුළුවන් නම් වරෙන්කො උඹත්..මම යන ගමන් සීන් එක කියන්නම් ... "

    "හරි මචන් මම එන්නම් ..."

    හිතපු විදියටම කෑගල්ලට යන්න bus එකට නැග්ග ....සදමාලි දිගටම මට cll කරනවා ...එය දන්නවා මම තරහින් ඉන්නේ කියල ...මම phone එකත් off කර ගත්තා ...කොහොම හරි කෑගල්ලට ගිහින් අරු කියපු place එකට ඇවිත් සිම් දෙක අර ගත්තා ..එතකොටත් හවස 6ට විතර ඇති..මගේ යාළුවව මග ඇරලා ගත්තා call එකක් සදමලිට ..

    "ඔන්න ගත්ත සිම් දෙක ...දැන් හරිනේ ...ඕකනේ ඕනි වෙලා දැගලුවේ "

    සදමලිට වචනයක්වත් කතා කරන්න නොදී මම phone එක cut කරලා off කර ගත්තා ...


    part 06

     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    matak wenakota nam parana seen aul tamai ban:sorry::sorry::sorry: hoda kellek labunama oka maga arila yawi...korathota pansale lagadi budu pilimayak haduwa neda machan....open karapu dawase mama awa balanna...

    ලොල්... මතක් කරන්න එපා බොල...:rofl: ඔව් ගල උඩ.. ඒකිගේ අත අල්ලන් මම නැග්ගුවේ.. හිඳි පිළිමයක් තියෙන්නේ.. ඒක ඉස්සරහා ඉඳගෙන තමයි බන් අපි දෙන්නා ගාථා කිව්වේ.. එදා කවුරුත් නෑ අපි දෙන්න විතරයි.. උඩ හුලං පාරත් එක්ක කෙල්ල ගාථා කියපු හැටි මතක් වෙනවා බන්... මල් පූජා කරලා පහන් පත්තු කරලා ගාථා කියලා හිටපු කෙල්ල අද වෙද්දි නෑ.. හ්ම්ම්ම්... ඔන්න ඕකයි ජීවිතේ...
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    ලොල්... මතක් කරන්න එපා බොල...:rofl: ඔව් ගල උඩ.. ඒකිගේ අත අල්ලන් මම නැග්ගුවේ.. හිඳි පිළිමයක් තියෙන්නේ.. ඒක ඉස්සරහා ඉඳගෙන තමයි බන් අපි දෙන්නා ගාථා කිව්වේ.. එදා කවුරුත් නෑ අපි දෙන්න විතරයි.. උඩ හුලං පාරත් එක්ක කෙල්ල ගාථා කියපු හැටි මතක් වෙනවා බන්... මල් පූජා කරලා පහන් පත්තු කරලා ගාථා කියලා හිටපු කෙල්ල අද වෙද්දි නෑ.. හ්ම්ම්ම්... ඔන්න ඕකයි ජීවිතේ...


    :sorry::sorry::sorry::sorry:

    Ela ela. Ee langa kellath daapan ikmanata :)
    dannam machan
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,810
    113

    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී...

    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    ඔබට ආදරේ කියනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ...

    සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
    රඟහල කෙළවර අඳුරු නිමේෂක
    අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
    පෙර දවසක මා තුරුළට වී හිඳ
    මටද ආදරේ කියා තිබේ...

    සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
    දොඩමළු පෙම්බස්‌ ගොළුවී යද්දී
    මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
    සනහස සඟවා දෙනෙත නුරාවෙන්
    මටද ආදරේ කියා තිබේ...

    පද රචනය - සුනිල් ආර්. ගමගේ
    ගායනය/තනුව - විශාරද ගුණදාස කපුගේ

    ආදරය... කොතරම් මිහිරිද... ඒත්... ඒත් ඒ මිහිර උපරිමයෙන් විඳින්න වාසනාව ලැබෙන්නේ පෙම්වතුන් කීයෙන් කී දෙනාටද... විරහවත් එක්‌ක ඒ මිහිර පළා යනවා... ඉන් පස්‌සේ සාගරය බඳු වේදනාවක්‌ අබියස මේ පෙම්වතුන්ට තනිවෙන්න සිද්ධ වෙනවා...

    වෙන්ව ගිය පෙම්වතා හෝ පෙම්වතිය යළි දිවි ඇතිතුරාවට දකින්න නොලැබෙනවා නම්... ඒක හිතට එක්‌තරා සහනයක්‌... ඒත්... කාලයක්‌ ප්‍රේමයෙන් වෙලී සිටි ආදරවන්තිය... තවකෙකු සමඟ අතිනත බැඳන් යන ආකාරය දකින පරාජිත පෙම්වතාට.... ඇතිවන හැඟුම... වේදනාව... වචනයට හරවන්න පුලුවන්ද...

    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    ඔබට ආදරේ කියනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ

    මේ එවැනි අවාසනාවන්ත පෙම්වතෙක්‌... "හිතවත... ඔබ ආදරය කරන පෙම්වතිය, පෙම් රජදහනේ ඔබේ කුමරිය... ඔබේ හිස පිරිමදිමින් ඔබට ආදරෙයි කියා කියන ඇයට කාලයක්‌ මමත් පෙම්කළා... එදාත් ඇය අද වගේමයි... ඔබට ආදරෙයි කියා කියන ඈ. එදා මටත් ආදරෙයි කියා දිව්රා සිටියා...." පෑරුනු පෙම්වතා... මේ අමතන්නේ පැරණි පෙම්වතියට නොවේ... ඈ සමඟ එක්‌ව සිටින අලුත් පෙම්වතාටයි...

    සුනිල් ආර්. ගමගේ.... මේ ගීය ලියුවේ මීට වසර ගණනාවකට කළින්... තරුණ කාලේ... කපුගේට තමයි ලියුවේ.

    මේක සත්‍ය අත්දැකීමක්‌.... පාසල් කාලයේ සිටම පෙම්කළ දෙදෙනෙක්‌... අවසනයේ තේරුණේ විශ්වවිද්‍යාල දෙකකට... මේ පෙම්වතා මගේ ළඟම යහළුවෙක්‌... ඔවුන් පෙම්කළ කාලයේ පටන්ම මා සමීපව ඇසුරු කළා... ඒත්... විශ්වවිද්‍යාලයට ගියාට පස්‌සේ... තරුණිය වෙනස්‌ වුණා.. ඈ වෙනත් කෙනෙකු සමඟ පෙම්කරන්න පටන් ගත්තා.

    ඇය ඔහුට තුරුළුවෙලා පෙම්කරන අයුරු මගේ මිතුරා දැක්‌කා... ඔහු සමඟ ඒ අත්දැකීම ලබන්න මටත් සිද්ධ වුණා. අපි දෙන්නට නිතරම දකින්න ලැබුණා. ඔවුන් දෙන්නා පෙමින් වෙලී සිටින හැටි... මගේ මිත්‍රයා විඳින වේදනාව මට හොඳින් දැනුනා... ඒ වේදනාව තමයි මේ විදිහට පද පෙළකට ඇමිණුවේ... සුනිල් ආර්. ගමගේ සහෘදයා ප්‍රකාශ කළා.

    සාගර වෙරළේ සොඳුරු සැඳෑවක
    රඟහල කෙළවර අඳුරු නිමේෂෙක
    අද ඔබ ළඟ ඔබ සනහාලන ඈ
    පෙර දවසක මා තුරුළට වී හිඳ
    මටද ආදරේ කියා තිබේ...

    හිරු බැස යන සුන්දර සැන්දැවෙ මුහුදු වෙරළේ විතරක්‌ නොවේ... අඳුර රජයන රඟහලක කෙළවරේ... අසුනක ඔබට ලංවෙලා... ඔබව සනසන ඇය ඔය ආකාරයටම පෙර දිනයක මගේ තුරුළට වෙලා හිටියා... පෙම් බස්‌ මුමුනමින් මම ඔයාට ආදරෙයි කියා කිව්වා...

    බලන්න.... අවංකවම ආදරය කළ පෙම්වතෙකුට මේ දසුන බලා ඉන්න පුළුවන්ද... තමන් සමඟ ආ ගිය තැන්වල තව කෙනෙකු සමගින් සැරිසරමින් ආදරය කරන ඇය... නෙත ගැටෙද්දී... පිවිතුරු පෙම්වතෙක්‌ හදවතින් කොතරම් හඬා වැටෙනවද...

    සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
    දොඩමළු පෙම්බස්‌ ගොළු වී යද්දී
    මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
    සනහස සඟවා දෙනෙත නුරාවෙන්
    මටද ආදරේ කියා තිබේ...

    දෙපා ගෙවෙනතුරු අපි ඇවිද්දා... අපි දෙන්නා... තේරුමක්‌ නැති දේ.... ඔහේ කතා කළා... පෙම්බස්‌ දෙඩුවා... ඒත් ඒ පෙම්බස්‌ ගොළු වුණා.... මගෙන් සමුගත් ඔබ වෙත සමීප ඇය... ආදරය.. සෙනෙහස සඟවමින් නුරාවෙන් පිරි දෙනෙතින් මටත් ආදරෙයි කියා කිව්වා...

    වසර ගණනාවක්‌ ගත වුණත් මේ ගීය අපිට අදත් අලුත්... නැවුම්... කපුගේ ගේ හඬ ගැන කිව යුතු නැහැ... ඒත් මේ ගීය... ශුංගාරාත්මක සාහිත්‍ය රසයෙන් යුතු ගීයත්... පදමාලාව ඒ රසයට බොහෝ සේ ඉවහල්ව තිබෙනවා... ගීයේ රසභාවයන්ට සංගීත රස රාගයන් එක්‌ව තිබෙන නිසා ඉතාමත් හොඳින් රස විඳිය හැකි... පදමාලාවෙන් පමණක්‌ නොවේ ගී තනු නිර්මාණය ඔස්‌සේද විරහ වේදනාව හොඳින් වින්දනය කළ හැකි ගීයක්‌.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    :D ඉක්මනට දාපං ඉතිං. අද කොටස් කීයක් දානවද
    :cool: PARAT 05 ඉදලා කතාව ලියන රටාව නියම ට්‍රැක් එකට වැටිලා.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    මළ පනිනව තමයි බන් සමහර වෙලාවට කෙල්ලත් එක්ක.
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    :D ඉක්මනට දාපං ඉතිං. අද කොටස් කීයක් දානවද
    :cool: PARAT 05 ඉදලා කතාව ලියන රටාව නියම ට්‍රැක් එකට වැටිලා.

    kathawa ehema danna kota nam lassanai..liyanna giyamai ban epa wenne...balamu...oya widiyatama mama dannamm itiuruwat...
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    PART 06
    සිම් දෙක ගත්තට මොකද සතියක් විතර යනකම් ඒක active උනේ නැහැ ...මාසයක් විතර කෑගල්ලේ එකා පස්සෙන්ම ඉන්න උනා ...ටික දවසක් යනකොට තේරුණා ඒක තනිකරම හොර කමක් කියල ...කෑගල්ලේ එකාගේ no වැඩ කරන්නේ නැතුව ගියා .. සිම් දෙක ගැන තියෙන ආශාව ත් මම අත ඇරලා දැම්මා ...හැබැයි සදමාලි මගෙන් ලුණු ඇඹුල් ඇතුවම අහ ගත්තා ...ආයේ සිම් ගැන කතා කලේ නැහැ .....ඔය අතරේ සදමාලිට line කරපු කොල්ල පොඩි partiyak ලෑස්ති කරලා තිබුණා මිනිහගේ ගෙදර...batch එකේ අයට තමයි එන්න කියල තිබ්බේ ..මිනිහත් එක්ක ෆිට් එකට ඉන්න සෙට් එකට ...සදමාලි ත් මට කතා කල එයාලගේ ගෙදර යන්න...ටිකක් දුර ගමක් ...මුලින් මම ආදී මදි කලත් ඒ කොල්ල දවසක් මට කැම්පස් එකේ හම්බ වෙච්ච් වෙලාවක් කිවුව අනිවාර්යෙන්ම එන්න කියල ..මට තේරුණා සදමාලි ත් ගොඩක් අසාවෙන් ඉන්නවා වගේ කියල ඒ ගමන යන්න ..එයාගෙත් හිත රිද්දන්න අකමැති නිසා මමත් join උනා අර කොල්ලගේ ගමේ යන්න ...අපිට හොදට සැලකුවා ...සදමලිගේ batch එකේ අයත් ගොඩක් ෆිට් වුණා ...කට්ටියම සෙට් වෙලා ගෙවල් පැත්තේ තිබ්බ කන්දකුත් නැග්ගා ...එදා දවස හරිම සුන්දර විදියට ගෙවිල ගියා ..ඔය විදියටම අපේ ආදරෙත් සුන්දරව ගලාගෙන ගියා ...අද වගේ මතකයි එයයි මමයි වෙරළේ තනි උන හැටි ..අත් අල්ලාගෙන ඇවිද්ද හැටි ..රැල්ල පාගපු හැටි ...දවසක් මහා වැස්සකට කොටු වෙලා කුඩේ යට වැස්සෙන් බේරෙන්න තුරුල් වෙලා හිටපු හැටි...beach එකේ ගස් ගල් වලට කතා කරන්න පුළුවන් නම් කියාවි අපේ ආදරේ ....ඔය අතරේ සදමාලී අපි දෙන්න ගැන එයලගේ ගෙදරට කියලා තිබුණා ...එයත් මට බල කලා ඉක්මනටම මේ ගැන අපේ ගෙදරට කියන්න කියල ...ඒත් මම ගෙදරට කියන එක දවසෙන් දවස පරක්කු කලා ...ඔය අතරේ මටත් කැම්පස් එකේ වැඩ වැඩි උනා ..assignment , presentation , course work ඉවරයක් නැහැ ..ඒක නිසා කලින් වගේ සදමාලිව හම්බ වෙන්න ලැබුනෙත් නැහැ ....ඒක සදමාලි තේරුම් ගත්තේ වැරදි විදියට ...ඒක නිසා ආයෙමත් අපි රණ්ඩු වුණා ...මේ වැඩ අස්සේ සදමාලිගේ මුණ බලලා කතා කරලා යන්න පැයකට දෙකකට හරි එන්න හැදුවත් එයා කැමති උනෙම නැහැ ..එයට ඕනි උනේ ඉස්සර වගේ මුළු දවසම එයත් එක්ක ගත කරන්න ...එයා තේරුම් ගත්තේ නැහැ මට තිබ්බ වැඩ ...එයාහිතුවේ මට මොන වැඩක් තිබ්බත් එයාව හම්බ වෙලා දවසක්ම ඉන්න ඕනි කියලා ...සමහර විට ඒක එයාගේ ආදරේ වැඩි කම නිසා වෙන්න ඇති ....දවසක් එයාව මීට් වෙන්න ගියා මේ තිබ්බ වැඩ අස්සේ ..උදේ වරුවම එය එක්ක ඉදල හවස 1ට විතර යන්න හැදුවා විතරයි ආයේ පටන් ගත්ත චුරු චුරුව ....

    "ඔයා දැන් ඉස්සර වගේ නෙමෙයි ..ගොඩක් වෙනස් වෙලා ..මට ආදරේ නැහැ ...ඔයාට මට වඩා වෙන වැඩ ලොකු වෙලා .."

    "පිස්සුද ඔයාට ...ඉස්සර වගේම මම ආදරෙයි ඔයාට ..pls තේරුම් ගන්න ..මම මේ යන්න හදන්නේ වෙන කෙල්ලෙක් එක්ක රවුම් ගහන්න නෙමෙයිනේ ..හෙට reasearch paper submit කරන්න ඕනි ..අනිද්දා presenation තියෙනවා ..මේවට ලෑස්ති වෙන්න ඕනි ..හවස අපේ ග්‍රොඋප් එකේ අය සෙට් වෙනවා ..ඒක නිසා තේරුම් ගන්න ..මම අනිවාර්යෙන්ම යන්න ඕනි ...ඔයාටත් දවසක තේරේවි කැම්පස් එකේ වැඩ වැඩි උන දවසට ..."

    "ඔයා යනවා නම් යන්න ..මට ඔයාව ඕනිම නැහැ ..ඔයා ඉස්සර වගේ මම ගැන හොයන්නෙත් නැහැ ...වැඩ වැඩ කිය කිය යනවා ..කවුද දන්නේ කොහෙද යන්නේ කියල ..එහෙත් කෙල්ලෙක් ඉන්නවද දන්නේ නැහැ මම නොදන්නවා වුනාට ...දැන් ගියොත් ආයේ මගේ එක්ක නම් කතා කරන්න එපා ..මම නැහැ කියල හිතාගන්න .."

    "මේ මොන මගුලක්ද ...කියන සිංහල තේරෙන්නේ නැද්ද ..මම යන්නේ කෙල්ලෙක් හමබ් වෙන්න නෙමෙයි ...research paper එකේ වැඩ වලට ..ඔයාට මාව ඔච්චරටම සැක නම් අපේ කම්පසේ එකේ ඉන්න ඔයාගේ යාලුවට කියන්න මම ගැන හොයන්න කියල ...මම දැන් ගිහින් doc හදල complete කලේ නැත්නම් ඔයාද මේවා හෙට submit කරන්නේ ...මේක repeat උනොත් තව අවුරුද්දක් තපින්න වෙන්නේ මට ..ඔයාට නෙමෙයිනේ ..."

    දැන් නම් රන්ඩුවේ උපරිම සීමාවට පැමිණ ඇත ....මේ වනතුරු කිසිම දවසක කොතරම් කේන්ති ගියත් මම සදමාලිට තමුසේ කියා බැන නැත ..නමුත් සදමාලි ....?මට හිතා ගන්න බැරි වුණා මේ ඉන්නේ සදමලිමද කියල..

    "තමුසේ යනවා..දැන් යනවා ...මෙතැන් තත්පරයක්වට් ඉන්න එපා....තමුසෙට මාව හම්බ වෙන්න වෙලාවක් නැහැ ..සතියට එක දවසක් එන්න බැරිද ..ආපු වෙලාවේ ඉදන් යන්න කුලප්ප්වුව ...මම එහෙමද exam තියෙද්දී එන්නේ හම්බ වෙන්න ..දැන් තමුසෙට ඒවා මතක නැහැ . ..යන්න තදියම "

    සදමාලි හඩමින් ආවේගයෙන් මට බැනගෙන බැනගෙන යයි ....මේ සිද්දිය උනේ පාර්ක් එකේදී ...අපි හිටියේ බංකුවක wadi වෙලා ...මට හිතාගන්න බැරි වුණා ....එයා බැනගෙන ගිය විදිය ...කවදාකවත් නැතුව මට තමුසේ කියල බැන්න ...මට ආපු කේන්තිය පාලනය කරන් හිටියේ වෙන මොනවත් නිසා නෙවෙයි අපි දෙන්නගේ රණ්ඩුව වටේ ඉන්න අයට meter වෙලා තිබුනේ ...සමහරු අපි දිහා බලාගෙන හිටියා ..මට පොලොව පාලන යන්න හිතුනා ..හැබැයි සදමලිට ගානක්වත් නැහැ ...වටේ පිටවේ මිනිස්සු ඉන්නවා කෑ ගහන්න එපා කියල මම හෙමිට එයාට කිට්ටු කරලා කිවුවා ...සදමාලි ට ගානක්වත් නැහැ ..එක පාරටම නැගිටලා ගිහින් එහා පැත්තේ තිබ්බ බංකුවේ wadi වුණා ...ඒ කරපු වැඩේට මට තවත් මල ...අ මදිවට ලැජ්ජාව ..වටේම ඉන්න අනෙක් කපල් වලට සීන් එක තේරිලා...මම ඉක්මනටම නැගිටලා ගිහින් එහා පැත්තේ එයා wadi වෙච්ච බංකුවේ wadi වුණා ...ඒත් සදමාලිගේ කටේ සැර බිදක් අඩු වෙලා තිබුනේ නැහැ ..

    "මොකද ඒ ගමන මගේ ලගට ආවේ ...යනවා යනවා ...දැන් යන්න ඕනි කියලනේ කිවුවේ ..යනවා ඉතින් මට වද නොදී .."

    "කෑගහන්න එපා .වටේ ඉන්න අයට ඇහෙයි ..."

    "ඉතින් ඇහිච්චවේ ..මට මොකද ...පින් සිද්ද වෙයි යන්න මෙතනින්...මට මෙතැන් තනියම පාඩුවේ ඉන්න ඕනි "

    මම ජීවිතේට එහෙම අපහසුතාවයකට මුණ දීලා නැහැ ..මගේ ග්‍රොඋප් එකේ යාලුවෝ cll කරනවා මම පරක්කු නිසා ...අනික් පැත්තෙන් සදමාලිගේ බැනුම් ඉවරයක් නැහැ..එයා මාව තේරුම් ගන්නෙත් නැහැ ..මගේ හිතේ තියෙන කේන්තියට බනින්නත් බැහැ ...එතනින් නැගිටලා යන්නත් බැහැ ..වටේ ඉන්න අයට සීන් එක meter නිසා ...කරන්න දෙයක් නැතිම තැන කට පියාගෙන ගෙන හිටිය සදමලිගේ කේන්තිය අඩු වෙලා බනින එක නතර වෙනකම් ....අන්තිමට තවත් පයක් දෙකක් විතර ඉදල තමයි කැම්පස් එකට යන්න පුළුවන් උනේ ...ඔය සිද්දිය මගේ හිතට ගොඩක් වැදුනා ...එදා රැ වෙනකම්ම ඔය සිද්දිය මගේ හිතේ හොල්මන් කලා ..කොච්චර call කලත් මම answer කලේ නැහැ ..සමාව ඉල්ලලා msg හෝ ගාලා එනවා ..බැරිම තැන off කරලා දැම්ම phone එක ...මට හිතාගන්න බැරි උනා සදමාලි කොහොමද එහෙම මට කතා කලේ කියලා ...

    part 07
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හ්ම්ම්ම්... තමුසේ කියලා කියපු එක නම් වැරදී හැබැයි.... උඹ නම් ෆෝන් ඕෆ් කරලා දානවා... මට එහෙම පුරුදු නෑ බන්.. වලියක් ගියත් මං නිදා ගන්න කලින් ක්ලියර් කර ගන්නවා.. නැත්නම් මට අවුල්...

    එහෙම තේරුම් ගැනීමක් නැති උනාම නම් පට්ටම අවුල් තමයි බන්.... පුදුමයි උඹ ඉවසුවා... මම නම් මූණටම ෆක් යූ බිච් කියලා එනවා.....:rofl: උඹ දන්නේ නෑ මම බීපු දවස් වලට කෙල්ලට බයින හැටි..... ලොල්.... :baffled: