සිංහල උන්ට වැඩ බැරිද?
මෙන්න මේකයි කතන්දරේ.. අපි මිට මාස දෙකකට කලින් පරිප්පු වගයක් පිටරටින් ආනයනය කළා. ගෙනාපු ප්‍රමාණය පරිප්පු කන්ටේනර් 8ක් ඒ කියන්නේ පරිප්පු කිලෝ ලක්ෂ දෙකක්. අපි කිලෝ එකක් දෙන්නේ රුපියල් 98ට ඒක සෑහෙන්න හොඳ මිලක්. මුලින්ම අපි සුපුරුදු විදිහට සිංහල තරුණයෝ කීපදෙනෙක්ට අවස්තාව දුන්නා. නමුත් ප්‍රතිපලය ඉතාම අඩුයි. ඔවුන් හරියටම හවස 5 වෙනකොට වැඩ නවත්තනවා. දුරකතනයට ප්‍රතිචාර දක්වන්නේ නෑ ඊට පස්සේ. අව්වේ යන්න කම්මැලියි. සෙනසුරාදා ඉරිදා දෙකම වැඩ නෑ. අපි ඔවුන්ට 98 දුන්නට විකුණන ගාන තීරණය කරන්නත් ඔවුන්ට නිදහස දුන්නා. සමහරු කිලෝ එක රුපියල් 120 ට 115ට විකුනන්න උත්සහ කරලා තිබ්බ.
අවසානයේ පෙරේදා (21දා) මුස්ලිම් තරුණයක්ව මට අඳුන්වලා දුන්නා මගේ මිත්‍රයෙක්. මම ඔහුට කිව්වේ කලින් අයට කිව්ව කතාවමයි. අපි කිලෝ එක 98ට දෙන්නම් ඔයා කැමති ගානකට විකුනන්න. ඊයේ රෑ 10.30 ට මට ඇමතුමක් දෙනවා ඒ වෙනකොට ඔහු කිලෝ ලක්ෂ දෙකටම ගැනුම් කරුවෙක් හොයාගෙන. ගැනුම් කරුවා ළඟ ඉඳගෙනමයි ඔහු මට කතා කලේ. (තාම ගනුදෙනුව සිද්ධ වුනේ නැ. නමුත් ඔහුගේ උනන්දුව මාව පුදුම කළා) ඒ විතරක් නෙමෙයි අපේ සිංහල අය 120ට 115ට කිලෝ එක විකුනන්න යද්දී ඔහු පරිප්පු කිලෝ එක රුපියල් 99ට තමයි විකුනන්නේ. රුපියලක ලාබයක් තියාගෙන. මේ ගනුදෙනුව හරිගියොත් ඒ මුස්ලිම් තරුණයා දවස් හතරක් පහක් ඇතුලත රුපියල් ලක්ෂ දෙකක් උපයනවා.
ටිකක් හිතලා බලන්න ඒ වෙනස ගැන. ඔවුන් දියුණු වෙන්නේ අන්න ඒ වගේ දැඩි උත්සාහය නිසා. උන්ටමයි හරියන්නේ උන් කපටියි කියලා බැන බැන ඉන්න වෙලාවේ, එහෙම නැත්තන් වෙන එකෙක්ගේ අඩුපාඩු හොය හොයා ඉන්න වෙලාවේ. නැත්තන් ගොර ඇද ඇද නිදාගන්න වෙලාවේ තමන්ගේ දියුණුවට යමක් කරගන්න අපේ සිංහල කොල්ලොන්ට හිතෙන්නේ නැත්තේ ඇයි කියලා මට හිතාගන්න බෑ.
මට හිතුනා මේ වෙච්ච සිද්ධිය අපේ සිංහල සහෝදරයන්ට ආදර්ශයක් වෙයි කියලා. මතකතියාගන්න ජිවිතේ කියන්නේ සල්ලි නෙමෙයි නමුත් සතුටින් ඉන්න නම් සල්ලි කියන්නේ අවශ්‍යම දෙයක්. අපි උත්සහවන්ත නොවී අනෙක් මිනිස්සුන්ට බැන්නට ඉරිසියා කලාට වැඩක් නෑ.
ජය වේවා!

Last edited: