වතු සුද්ද කරන මිනීමරුවා
වතු සුද්ද කරන මිනීමරුවා
අපේ පැත්තේ වතු සුද්ද කරන මිනිහෙක් හිටියා. මිනිහට හැමෝම කැමැත්තෙන් හිටියෙ. මොකද මෑන් වත්තක් සුද්ද කලොත් ආයේ තණකොළ මැෂින් එකෙන් කපලා වගේ ගාණට, හැම ගහකම වේලුනු අතු කපලා, කුණු රොඩු ටික පිළිවෙලකට අස් කරලා. හවස් වෙද්දි බලන්න ආසයි.
ඒත් ටික කාලෙකට පස්සේ මිනිස්සුන්ට තේරුනා මෑන් ලස්සනට වතු සුද්ද කලාට මෑන් වැඩ කලයින් පස්සේ ගෙදර හරි වත්තේ හරි බඩු මොනව හරි මිසිංග් වෙනව කියල. උදලු, කොසු වල ඉඳන් ගෙවල් ඇතුළෙ තිබ්බ වටිනා බඩු භාණ්ඩත් මිසිංග් වෙනවලු.
පස්සෙ ඔක්කොමල්ලට තේරුනා මුගේ වැඩ හොඳ වුනාට මූ පල් හොරෙක් කියල. එදා ඉඳන් කොච්චර ලස්සනට සුද්ද කරන මිනිහෙක් වුනත් ගමේ මිනිස්සු මෑන්ස් ව ගෙවල් වලට වද්ද ගන්නෙ නෑ. එළෝලම දානවා.
පස්සේ දැනගත්ත විදිහට මෑන්ස්ට හරියට තරහත් යනවලු. කා එක්ක හරි කොක්කක් දාගත්තොත් බාවලා තමයිලු නවතින්නේ. ගිය අවුරුද්දේ හන්දියේ මිනිහෙක් එක්ක වලියක් දාගෙන අදටත් ඒ මනුස්සයාව හොයා ගන්න නෑලු. අතුරුදන් ලු. අන්තිමට ඒ මනුස්සයාව කට්ටිය දැකලා තියෙන්නේ සුදුපාට බස් එකකට නඟිද්දිලු. එදයින් පස්සෙ ආගිය අතක් නෑලු.
ඒ මනුස්සයා ගැන අහද්දි වතු සුද්ද කරන මෑන්ස්ට කේන්ති ගනවලු අම්බානට. මෙච්චර මිනිස්සු අතුරුදන් වන රටේ ඇයි ඌ ගැනම අහන්නේ කියල කෑගහනවලු.
තැනින් තැන කතාවක් ගියා ගමේ එක ගෙදරක මුගෙ හොරකම ගණන් නොගෙන වත්ත සුද්ද කරගන්නව කියල. මොකද මෑන්ගෙ වැඩ හොඳ නිසා. ඒ ගෙදර ඉන්නෙ ටිකක් මෝඩ පහේ පවුලක්.
වෙන උන් ගැන නම් මම දන්නෙ නෑ. අපේ ගෙදරට හෙම ආයේ ඕකා ආවොත් හෙම සලකන්නේ ආයෙ මේ පැත්ත පලාතේ නොඑන්න.
කොච්චර හොඳට වතු සුද්ද කලත් හොරා හොරාමයි නොවැ. මිනීමරුවා මිනීමරුවාමයි.
නැද්ද මං අහන්නේ?
උපුටා ගැනීමකි
http://magewalpal.blogspot.com/2016/12/blog-post_7.html?spref=fb