අපි දේවල් අපේ පැත්තෙන් විතරක් නෙවෙයි අනිත් මනුස්සයගෙ පැත්තෙනුත් බලන්න ඕන.
උදාහරණයක් හැටියට අර ප්‍රසන්න කියන මිරිස් කුඩු ගහපු හාදය ගන්නකො. මිනිහ ඉගෙනගෙන තියෙන්නෙ හතට. පෙර රැකියාව බස් ඩ්‍රයිවර්. ඉතින් ඔය පාර්ලිමේන්තුවට දවස ගානෙ ගිහිල්ල විවාද අහන් ඉන්න එක මිනිහගෙ 'ගංකබර' මොලේට මොනතරම් පීඩාකාරී ඇතිද? පණත් කෙටුම්පත්, අයවැය වගේ ඒව අණ්ඩරදෙමල වගේ ඇති. කොටින්ම සංකල්පයක් විදියට 'පාර්ලිමේන්තුව' කියන එක ඒ මිනිහගෙ ඔලුව ඇතුලෙ ලොකු බිල්ඩිමකින් එහාට ගිය එකක් වෙන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදය ගැන මිනිහගෙ දැනුම හෝ ආකල්පය ස්ට්‍රින්ග් තියරි එක ගැන මගේ දැනුමට සහ ආකල්පයට සමාන ඇති. එහෙම එකක් තියෙනව කියල දන්නව. එපමණයි.
ඉතින් එහෙව් මිනිහට පාර්ලිමේන්තුව ඇතුලෙ වලියක් කියන්නෙ ඉහේ මල් පිපුන වගේ ඇති. නිකං බලං ඉඳල ඉඳල අන්තිමට යාන්තම් මිනිහ දන්න, මිනිහට තේරෙන, මිනිහටත් සහභාගි වෙන්න පුලුවන් දෙයක් පාර්ලිම්වෙන්තුවෙ උනා. ඉතින් මිනිහ තමුන් දන්න එකම විදියෙන් ඒකට සහභාගි උනා. එච්චරයි. ඒකට ලොකු වැරැද්දක් කියන්න බෑ.
මම ඒ වැඩේ හරි කියනව නෙවෙයි. ඒත් මීහරකෙක් උස්සං ගිහිල්ල දළදා මාලිගාවෙ පත්තිරිප්පුවෙ තියනව වගේ ඒකව දැන් උඹල පාර්ලිමේන්තු යවල ඉවරනෙ. දැන් මිනිහගෙ බුද්ධි ප්‍රමාණයෙන් සහභාගී වෙන්න පුලුවන් 'ඇක්ටිවිටීස්' පාර්ලිමේන්තුවෙ පවත්වන එක කාගෙත් වගකීමක්.
මහින්දට ඒක තේරෙනව. තමන්ගෙ එකාට පොඩ්ඩක් සෙල්ලම් කරන්න මිරිස් කුඩු ටිකක් හරි ගෙනත් දුන්නෙ මිනිහ විතරයි. අන්න ඒකයි මහින්දට අප්පච්චි කියන්නෙ...
උපුටා ගැනුමකි