ආරම්භය(පළමු හා දෙවන ආර්ය සත්‍ය).
[FONT="]පළමු හා දෙවන ආර්ය සත්‍යය.
[/FONT]
[FONT="]කුමක්ද දුක්ඛාර්ය සත්‍යය නම් වූ පළමුවන ආර්ය සත්‍යය? [/FONT]
[FONT="]ධම්මචක්කපවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ආකාරයට , [/FONT]
[FONT="] "මහණෙනි කුමක්ද මේ දුක්ඛ ආර්ය සත්‍යය, [/FONT]
[FONT="]
ජාතිය දුක් වන්නේය. ජරාව දුකකි. ව්‍යාධීන්ගේ පහල වීම දුකකි. ජීවිත නසන මරණයද දුක් වන්නේය. අප්‍රියයන් සමග විසීම දුක් වන්නේය. ප්‍රියයන්ගන් වෙන් වීම දුකකි. කැමති දෙයක් නොලැබීමද දුකකි. කෙටියෙන් කියන්නේ නම් පඤ්ච උපාදානස්කන්ධයෝ දුක් වන්නේය. මෙය දුක්ඛ ආර්ය සත්‍යය නම් වන්නේය. " (ධම්මචක්කපවත්තන සූත්‍රය - සං.නි.5) [/FONT]
[FONT="]
බුදුරජාණන් වහන්සේ විසින් දුක්ඛ සත්‍යය අපිට උගන්වද්දී පංච උපාදානස්කන්ධය උගන්වන්නේය. එය දැන ගැනීමට හා දැක ගැනීමට උගන්වන්නේය. අපගේ මනුෂ්‍ය ලෝකය පංච උපාදානස්කන්ධයන්ගේ උප්පත්තියයි. මේ බව අප නොදන්නාතාක් හා නොදකින තාක් අපට බුදුරංජාණන් වහන්සේගේ ඉගැන්වීමෙන් පලක් ගත නොහැක. මෙසේ පුප්ඵ සූත්‍රයේදී උන්වහන්සේ මෙසේ දේශනා කරන ලදි. [/FONT]
[FONT="]
"තථාගතයන් වහන්සේ විසින් මැනවින් අවබෝධ කරගන් හා මැනවින් දැනගත් ලොව පවත්නා ලෝක ධර්මය කුමක්ද? මහණෙනි, රූප,වේදනා,සංඥා,සංඛාර හා විඤ්ඤාණ ලොව ලෝකධර්මයි. [/FONT]
[FONT="]
එසේ දැන ගැනීමෙන් පසු ඔහු එය පැහැදිලි කරයි, උගන්වයි, පිහිටුවයි, පනවයි, බෙදා දෙයි, උඩුකුරු කෙරෙයි. තථාගතයන් විසින් එසේ කරද්දීත් කෙනෙක් එය නොදැන හෝ නොදැක සිටී නම් එවන් අන්ධ නොපෙනෙන අඥාණ පුරුෂයකුත් සමග මන් කුමක් කරන්නම්ද?" (පුප්ඵ සූත්‍රය - සං.නි. 3) [/FONT]
[FONT="]
දුක්ඛ හා සමුදය සත්‍යය වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ විස්තර කරනු ලෝකයේ පරමාර්ථ වශයෙන් පවතිනු ලබන පංච උපාදානස්කන්ධයයි. එබැවිනි බඹයක් පමණ වු මේ කුණු ශරීරය තුල ලෝකය පවතින්නේ යැයි අපි කියනු ලබන්නේ. මහාසතිපට්ඨාන සූත්‍රයේදී ඒ බව මෙසේ දේශනා කරනු ලබයි. [/FONT]
[FONT="]
"මහණෙනි කෙටියෙන් පංච උපාදානස්කන්ධයන් යනු කවුරුහුද? ඔවුහු කවරේද යත්, [/FONT]
[FONT="]
රූප උපාදානස්කන්ධයයි, වේදනා උපාදානස්කන්ධයයි, සංඥා උපාදානස්කන්ධයයි, සංඛාර උපාදානස්කන්ධය හා විඤ්ඤාණ උපාදානස්කන්ධය යි." (මහා සතිපට්ඨාන සූත්‍රය - දී.නි.3) [/FONT]
[FONT="]
කන්ධ සූත්‍රයේදී උන්වහන්සේ තවදුරටත් ආකාර එකෙළෙහකින් පංච උපාදානස්කන්ධට විස්තර කරනු ලබයි. [/FONT]
[FONT="]
"මහණෙනි පංචස්කන්ධය කවරහුද යත්,[/FONT]
[FONT="]
අතීත, අනාගත, වර්තමාන, ආධ්‍යාත්මික, බාහිර, ඖදාරික, සූක්ෂම, හීන, ප්‍රණීත, ලඟ හෝ දුර වන්නාවූ ඕනාම රූපයක් වේද ඊට රූපස්කන්ධය යයි කියයි. " ( අනෙක් පසත් මේ ආකාරයෙන්ම බලා ගන්න. කන්ධ සූත්‍රය - සං.නි.3) [/FONT]
[FONT="]
බුදුරජාණන් වහන්සේ විසින් එකළොස් ආකාරයකට විස්තර කර දෙන ප්‍රථම ආර්ය සත්‍යය එනම් දුක්ඛාර්ය සත්‍යය වන්නේ මෙම පංච උපාදානස්කන්ධයයි. මින් අර්‍ථ ගන්වන්නේ පංචස්කන්ධයන් දකීම හා දැනීම යනු මේ එකොළොස් ආකාරයෙන් එක් එක් උපාදානස්කන්ධයන්ගේ දැනීම හා දැකීමයි.[/FONT]
[FONT="]
මින් පළමු උපාදානස්කන්ධය වන රූපය, රූප ලෙසටම හඳුන්වන අතර අනෙකුත් උපාදානස්කන්ධයන් හතර නාම ලෙසට හඳුන්වයි. එලෙසට මේ පංච උපාදානස්කන්ධයන් නාම රූප ලෙස හඳුන්වයි.[/FONT]
මතු සම්බන්ධයි.