 |
|
 |
Senior Member
|
|
Posts: 869
Join Date: Apr 2015
|
|
අතට හිතට සරිලන මුදලක් හොයාගන්න . කියවන්න -
05-24-2016, 05:17 PM
රැකියාවක් නැද්ද රැකියාවක් සොයනවාද? රස්සානම් ලංකාවේ කොච්චර තියනවද?
සියලු දෙනාට තෙරැවන් සරණයි !
එව්වා ඇති වැඩේට බහිමු අංක 1 ට කියන්නේ මම ලියන්නේ ලංකාවේ රැකියා ගැන ..ඒ නිසා මේ පෝස්ට් එකට ලයික් නොවැටුනා කමක් නැත... හැබැයි සියලු දෙනාගෙන් මම ඉල්ලන්නේ මේක ෂෙයාර් කරන්න කියලා . මොකෝ අලුතින් ආව විශ්ව විද්‍යාල ළමයි ඉන්නවා ..දුප්පත් අපි වගේ ගමෙන් ආපු අය ඉතින් එයාලට මේවා කරන්න පුලුවන් කීයක් හරි හොයගෙන දෙමව්පියන් බරක් නොවී ජීවත් වෙන්න පුලුවන්.තමන්ගේ පාඨාමාලා කාලය අවසන් වන තුරැ ..
ඉතින් නොදන්න කෙනෙක්ට මේක කියවලා අදහසක් ගන්නවා ..ඒකෙන් වෙන්නේ මනුස්සයා ගොඩ යන එකනේ ..ඉතින් ඒක ලොකු පිනක් ඒක නිසා මේක වෙන අයට අරන් යන්න මේක ෂෙයාර් කරන්න එතකොට තමා අපේ රට ශක්තිමත් වෙනවා වගේම මගේ මේ වෑයමත් සාර්ථක වෙන්නේ ...
** විශේෂයෙන් කියන්න ඕනි තමන්ට කැමති රැකියාවක් කරන්න ..කවදාවත් මේක හොඳයි කියලා අකමැති රැකියාවක් කරන්න එපා .. එහෙම උනොත් ඔබ අතෘප්තිමත් ..ඒ නිසා තෘප්තිමත්කම ධෛර්යක් කරගෙන රැකියාව කරන්න ..
ඔබ ආසයි නම් ගොවියෙක් වෙන්න ඔබ ගුරැවරයෙක් වෙන්න එපා .. හොඳට කෘෂි කර්මය ඉගෙන ගෙන බෝග වගා කරන්න .. දන්නවනේ ලංකාවේ කාලෙකට එලවලු වැඩි කාලෙකට එලවලු අඩුයි ..ඉතින් අවුරැදු ගානක එලවලු වල මිල ගැන දත්තයන් හොයලා වැඩි කාලෙකට එලවලු ගන්න මොකක් හෝ පාලිත තත්ව යටතේ කෘෂිකර්මයකට යෙදෙන්න ... සල්ලි අතේ නිවහල් සිතේ !!!!!
අපේ සීයා හොඳ ව්‍යාපාරිකයෙක් දැන් නම් සාසනයට ඇතුලු වෙලා ඉන්නේ මට කියන්නේ මේ ලොකේ නිවහල් රැකියා 3
1.ගොවිතැන
2.ව්‍යාපාරය
3.හස්ත කර්මාන්තය
දැන් ලංකාවේ සල්ලි තියන අය බිස්නස් කරන අය නේද .. එයාලා වැඩ කරන්නේ කාටවත් යටත්ව නෙවේනේ .. ඉතින් අන්න ඒකයි නිවහල් කියන්නේ ...
නමුත් අනිත් රැකියා වහල් මොකෝ අපි ඉහලින් දෙන උපදෙස් පිලිපදින්න වෙන්නේ ....
ඒ නිසා තමන් කැමති රැකියාවේ නිරත වෙන්න අකමැති නම් අයින් වෙන්න ලංකාවේ කරන්න දේවල් කොච්චර තියනවද ?
කම්මැලිද රස්සා කරන්න . ලේසියෙන් සල්ලි හොයන්න ආසා .. ලේසියෙන් සල්ලි හොයන්න නම් බෑ.. හැබැයි මුලින් මහන්සිවෙලා පටන්ගත්තොත් පස්සේ ලේසියෙන්ම සල්ලි හම්බවෙනවා ...
එහෙනම් මම මේක ලියන්න හිතුවේ අපේ සමාජයේ සමහරක් අයගේ සෘණාත්මක ආකල්ප ධනාත්මකව වර්ධනය කරන්නයි ..මගේ ජීවිතයේ යම් කිසි සත්‍ය සිදුවීමුත් ඇතුලත් කරලා මේක ප්‍රයෝගිකව ලියන්න ඕනි යැයි සිතුනා .. ඉස්සර වගේ කාල සීමාව අඩු නිසා ගොඩක් කාලෙකින් මේ වගේ දෙයක් ලියන්න බැරි වුනු නිසා මේ අවස්ථාව හමුවුන එක ගැන මම සතුටු වෙනවා .
මේක වෙනත් කෙනෙකුවට වැදගත් වෙනවා වගේ සිතනාවානම්, අනිවා ෂෙයාර් කරන්න ..
මේක ලියන්න හේතු වුනේ ගොඩක් අය මගෙන් අහනවා අන්තර්ජාලය තුල සාර්ථකව මුදල් හොයන්නේ කේසේද? කියලා..
අනික නිකම් ඉදන් සල්ලි නම් ලැබෙන්නේ නැ අපි වගේ දුප්පත් අයට මහන්සි වෙන්න ඕනි නැත්නම් රැ 20 දීලා ස්විප් එකක් අරන් ඇදුනොත් තමා .. හැබැයි සල්ලි තියන අය නම් එයාලගේ ආයෝජන වලින් සල්ලි ලබා ගන්නවා ඇති .. ඔන්න ඉතින් අපිට කොයින්දෑ සල්ලි ... එහෙනම් වැඩේට බහිමු .... එක එක ඒවා කියන්නේ නැතුව ආ...... මම අහගෙන මේ ළගදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක් කියනවා නම මතක නම් නැ ..උපාධිය කියන්නේ ඔබට රැකියා ලබා ගැනීමට සුදුසුකමක් විතරයි ....නැතුව උපාධිය ගත්තා තියලා රජයෙන් ඔයාලට රස්සා දෙනවා කියලානම් පොරොන්දු වෙලා නැ කියලා.. ඇත්ත නේද කතාව ..හැබැයි සම හරක් යන අය උපාධීයක් අරන් රස්සා නැ කියලා පිකටින් කරනවා ඒ මොන බොරු වැඩද අෆ්ෆා ...තමන් ස්මාට් නම් තමන්ට ලංකාවේ මෙන්ම පිටරටද රැකියා ඕනි තරම් තියනවා ..හ්ම් හැබැයි ඉතින් තමන් ස්මාට් වෙන්න ඕනි ෆේස් කරන්න ...
1 වෙනි මාතෘකාව
ඇයි අපේ මිනිස්සුන්ට අලුතින් හිතන්න බැරි?
මුලින්ම අපි බලමු මේ ව්‍යාපාර කියන්නේ මොනවද ඒවැන්නක් ආරම්භ කිරිමට අව්ශ්ය සාධක මොනවද ...
මුලික සාධක 4යිනේ භුමිය ශ්‍රමය ප්‍රග්ධනය ව්යවසායකත්වයනේ ඕකෙන් පළවෙනි 3 දන්නවා ඇතිනේ .... එත් ඕකෙන් භුමිය ප්‍රග්ධනය නම් විශේෂයෙන් සලකන්න ඕනි නෑ... හැබැයි ශ්‍රමය ඕනි මොකද අපි මහන්සි වෙන තරමටනේ ප්‍රතිඵල තියෙන්නේ නේද... අනික ප්‍රධාන තොතේරෙන කරැණ ව්‍යවසායකත්වය.. ඒ කියන්නේ ව්‍යාපාරයක් ගොඩ නගා ගැනීමට තමන්ට ඇති හැකියාව .. මුලික කරැණ නම් ව්‍යපාරයක් යනු ලාභ අලාභ යන කොටස් 2 තියෙනවා නමුත් අලාභ වන විට අලාභය අඩු කරගන්න උත්සහ කරගන්න ඔ්නි තියන පාඩු අවම වෙනවා කියන්නේ කීයක් හරි ලාභ වෙනවා කියන එක ...නේ..... අනික ධර්මයේ සඳහන් පරිදි නොකළ යුතු වෙළදාම් කරන්න එපා ..අසාධාරණ විදිහට හම්බකරන්න එපා .. බොරු නැතුව ප්ර්රයෝග යෙදීමෙන් ව්‍යාපාරය අරන් යාම(රෝල ගහනවා කියන්නේ) තමයි ව්‍යවසායකත්වය..මමත් මුලින්ම අනුන්ගේ සල්ලි ඉල්ලගෙන තමා ව්‍යාපාරය පටන් ගත්තේ ..ගෙදර තියාගෙන විකුන්නේ මම හිතනවා භුමිය ප්‍රග්ධනය එතරම් බලපාන්නේ නෑ කියලා ....ඔය ටික තියනවනම් මොකෝ බිස්නස් කරන්න බැරි නේද ? පුලුවන් හැබැයි ස්මාට් වෙන්න ඕනි ...... අනික සමාජයේ සම්මතයක් තියනවනේ රජයේ රැකියාවක් තියවනම් ..පෙන්ෂන් එකක් තියවනම් හොදයි කියලා ..දැන් ඔය ටීවි එකේ ඇඩ් දාන්නේ පඩියෙන් කැපුනම ..පෙන්ෂන් දෙනවා කියලා ... එක එක බැංකු වලට අවුරැදු ගනනක් වාරික ගෙවලා ..අන්තිමේට පෙන්ෂන් එකක් දෙනවා කියන්නේ ...මොකටද රජයේ රැකියා ... ඔන්න ඔය වගේ පෙන්ෂන් ප්ලැන් එකකට යන්න එතකොට ඔයාලටත් පෙන්ෂන් එකක් හම්බවෙයි ..
අනික ගොඩක් දෙමව්පියෝ කැමති නැ ළමයි අලුත් දේවල් කරනවට ... එකක් එයාලා ඒ ගැන නොදැනුවත්කම ...අනික එයාලට ඒවා කරලා ගොඩ යන්න පුලුවන්ද කියලා බය . අද අලුත් දේවල් හිතුවොත් අනිවාර්යයෙන් කරන්න පුලුවන් ..ඒවගේම ලාභ ගන්නත් පුලුවන් .
අනේ කව්රැහරි මේ ලිපිය කියවනම් තමන්ගේ දරැවෙන් හරි මේකට යොමු කරවන්න ..රැකියා නැති අයට මේක ගොඩක් ප්‍රයෝජන වෙයි
එහෙනම් බලමු අපිට තියන බිස්නස් මොනවද කියලා ... හැ..හැ අපි කොරන හැම රස්සාවක් බිස්නස් එකක් නොවෑ..සල්ලිනේ හොයන්නේ .. සල්ලි හොයන්න නීත්‍යානුකුල .කාලයට තාලයට ගැලපෙන උචිත රැකියා කිහිපයක විස්තර මම දාන්නම් ඔන්න ඒවා ටිකක් කියවනකොට ඔයාලට අලුතින් අලුත් රැකියා ගැන හිතෙයි .. එහෙම ඒවා හිතුනොත් අපිටත් කියන්ට ඕනැ ඈ..
2.වෙනි මාතෘකාව
අලුත් රැකියා වර්ග
එතනට යන්න කලින් මේ ටික මම කියන්නම්කෝ ..දුප්පත් අපිට ලොකු මුදලක් ආයෝජනය කරලා ලොකු ව්‍යාපාර කරන්න හයියක් නැ තියෙන්නේ මේදේ කරන්න ඕනි කියලා හිතේ හයිය විතරනේ .. නේද
මුලින්ම සාමාන්‍ය කෙනෙක් පටන් ගන්නවා සිල්ලර භාණ්ඩ විකුනන කඩයක් .. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒවා යල් පැනපු ක්‍රම හැම තැනම තියනවා එ්වගේම අපේ ඒවා සුපර් මාකට් නෙවේනේ ණයටත් අරන් යනවා අන්තිමේට වෙන්නේ
මුදලත් මිතුරාත් දෙන්නම නැතිවෙන එක ... ඒ වගේ දේකට යන්න එපා අලුත් දෙයක් බලමු ....
ඔයා දානවා කියමු හාඩ්වෙයාර් අයිතම තියන කඩයක් ප්‍රශ්නේ මොකක්ද දාන්න ලොකු මුදලක් ඕනි හැබැයි වැඩේ ලාභ සහිතයි නමුත් සිල්ලර කඩයක් දාන්න මුදල් ගොඩක් අවශ්‍ය වෙන්නේ නැ ... සාමාන්‍ය කෙනෙකුට ඒක ලේසියි හැබැයි කරදරයිසාමාන්ය ව්‍යාපාරික ලෝකය බලපුවාම තනියම උත්සහ කරන කරන කෙනෙකුට නැගිටින්න අමාරැයි .. ඉතින් ඒ පැත්තට නොගොස් අලුත් දේවල් ටිකක් බලමු ..
1.උපකාරක පංති පැවැත්වීම
තමන්ට උපාධියක් තියනවනම් උගන්නන්න පුලුවන් නම් පැය 2 වැනි කණ්ඩායම් පංති අාරම්භ කරන්න වියදමක් නැතුව අාදායමක් ගන්න පුලුවන් මාර්ගයක් මේ ..නමුත් අධ්‍යාපන සුදුසුකම් අඩු අයට මේ ක්‍රමය ගැලපෙන්නේ නෑ...හොද ආදායමක් උපයාගන්නට පුලුවනි ..
2. ගරාජ් සේල්
මේක හොඳ ව්‍යපාරයක් මම දැකලා තියනවා රජයේ ගැසට් පත්‍රයේ ඒවගේම සිකුරාදා දිනමිණ පත්‍රයේ රජයේ ආයතනවල මෙන්ම පෞද්ගලික ආයතන වල පාවිච්චි කරන ලද භාණ්ඩ අඩුවට විකුනනවා .. http://tenders.lk/
වගේ වෙබ් සයිට් වල ගිහින් තොරතුරැ හොයගෙන වෙළදපලේ මිලට වඩා ගොඩක් අඩුවෙන් තමා වෙන්දේසි වෙන්නේ
උදා- පොස්පේට් එකේ ලගදි වෙන්දේසියක් තිබුනා .. ඒකේ යුපිඑස් එකක් ගිහින් තිබුනේ රු 200-300 විතර කඩේ රැ 4500 වෙනවා ඉතින් ගෙනල්ලා මෙහේ විකුන්නත් මොකද රැ 1500 විතර ..
ඒ වගේම ගරාජ් භාණ්ඩ පුටු කට්ටල ලැප්ටොප් එක එක දේවල් මිලදි අරන් අඩුවට වැඩියෙන් විකුනන්න පුලුවන් නම් හොද ආදායමක් ගන්න පුලුවන් දේවල්
මේ ලංකාවේ වෙන්දේසිකරැවෙක් වන ෂොක්මන් ඇන්ඩ් සමරවික්‍රම ලගේ වෙබ්ලිපිනයේ මේවා ගැන දානවා
http://www.sandslanka.com/
වාහන වෙන්දේසිවලට යන්න එපා ..දන්නවනේ වාහනයක් ගන්න ලොකු මුදලක් යටකරන්න ඕනි කියලා ..වේවා කරලා දියුනු උනාම වාහනවලටත් යන්න පුලුවන් වේවි ..අනිවාර්යයෙන්ම
අනිත් ප්රශ්නය තමා ගෙනාපු මේවා කොහොමද විකුනන්නේ කියලා එතන මුලින්ම යන කෙනෙකුට ප්‍රශ්නයක් තමා?
පුලුවන්
ikman.lk හා වෙනත් වෙබ් ලිපින වල ඇඩ් දාන්න
තමන්ගේ යාලුවෝ මාර්ගයෙන් ..
නැත්නම් ගෙදර තියන'
මාස 3ක් ඇද්දනම්, බිස්නස් එක හැදෙනවා ඊට පස්සේ එහෙ මෙහෙ යන්න ඕනි නෑ....අතටම බිස්නස් වෙනවා
රැකියාවට යනවා වගේ ඇදුම් ගන්න ඕනි නැ ... ගමන්ගාස්තු නැ ...අරවා මේවා වලට වියදම් නැ ..කන්න බොන්න විතරයි වියදම ගෙදර ඉදන් කරගෙන යන්න පුලුවන් ...මාසෙකට බිස්නස් 10 විතර අවුලක් නැ රැ 30000 විතර ගොඩ ...
3.රේගුවේ තියන වෙන්දේසිවලට සහභාගි වීම
http://www.customs.gov.lk/ඔය ලිපිනයේ ටෙන්ඩර්ස් සේල් කියලා දාලා තියනවා .....
ඔන්න ඕකේ තියනවා හැබැයි ටිකක් සල්ලි තියන කෙනෙකුට වගේ තමා හොද මොකද භාණ්ඩ නම් 1-2 අඩුවෙන් යන්නේ ....එකපාර ලොකු ගානක් හොයගන්න පුලුවන් ..
4.දළ දේශිය නිෂ්පාදිතයට එකතු වෙන ආකාරයට ව්‍යාපාර කිරීම
අලුත් නිෂ්පාදන එලි දැක්වී..ඔයාලට හිතෙනවනම් අලුත් නිෂ්පාදන මට හදන්න පුලුවන් කියලා .. බලන්නේ නැතුව අදම වැඩේට බහින්න ...
උදා- ළගදී මගේ යාලුවෙක් කතා කරා පස්යාල පැත්තෙන් මිනිහා මල්පෝච්චි හදනවලු 1ට 1ක් ලාභ තියනවලු මොනවද ටයිටේනියම් ඩයොක්සයිඩ්ද මන්දා (ඒක විරංජනයක්ලු) දාලා මල් පෝච්චි ලස්සනට ෆිනිෂින් කරනවාලු පස්සේ විකුනනවලුඔය වගේ අලුත් අදහස් .. තියනවනම් ඒවත් වටිනවා
5.වාහන නැවැත්වීම සඳහා පාර්කින් එකක්
තමන්ට ඉඩමක් තියනවනම් ප්‍රධාන මංසන්ධියක කිසිදු වියදමක් යන්නේ නැ ..මේ සදහා වාහන පාර්ක් කරන්න දීලා දවසකට ගාස්තුවක් ගන්න ...
නොමිලේ සල්ලි හම්බෙනවා කියන්නේ මේවාට ..
අමුතු අමුතු දේවල් කරන්න එතකොට වැඩිලාභයක් ගන්න පුලුවන් ....
තව තව ඒවා කිව්වොත් වෙලාව යනවනේ ..පොස්ට් එක දිග වැඩි වෙනවනේ අන්තිමේට
6.අන්තරජාලයෙන් මුදල් ඉපයීම
මේක ලංකාවේ දැනට සාර්ථකව කරගෙන යනවා හැබැයි තියන ප්රශ්නය ...ගොඩක් දෙනෙකුට මේක අල්ලගෙන යන්න බැරි එක ..ටික කාලෙකින් වැටෙනවා ...
එහෙම නැතුව ක්‍රමයක් ඇතුව කරනවා නම් මේක හොද බිස්නස් එකක්අපේ එවුන්ගේ තියන මතයනේ සල්ලි හම්බෙනකොට බල්ලෝ මරලා හරි සල්ලි හොයන යාන්ත්‍රණය අන්න එතෙන්ට ගියාම හොර වැඩ කරලා රටේ නමත් කාලා පස්සේ යන එවුන්ටත් කෙලවලා තමන්ගේ ඒවටත් කෙලවා ගන්නවා .... අන්න ඒ අයට තමා පැවැත්මක් නැත්තේ ......
අන්තර්ජාලය හරහා මුදල් හොයන ක්‍රම ගොඩක් තියනවා මම කියන්නේ මුලික කරැණු ගැන විතරයි
1. ගුගල් ඇඩ් සෙන්ස් සහ යුටියුබ් විඩියෝ වල ඇඩ් දැම්ම
2.දැන්වීම නරඹා මුදල් සෙවීම
3.අන්තර්ජාලය හරහා විකිණිම හා මිලදී ගැනීම
4.ෆොරෙක්ස්
5.ෆ්රිලාන්සර්
විශේෂයෙන්ම ඔය පත්තර වල දාන ඇඩ් වලට සල්ලි ගෙවලා එක එක පාඨමාලා හදාරපු අය නම් ගොඩ ගිහින් නැ.. තමන්ටම තනියෙන් පුලුවන් මේ ගැන අධ්‍යනය කරන්න අපරාදේ සල්ලි ඕවට මගෙන් අහන්න මම දන්න දේ කියලා දෙන්නම් ...
ප්‍රධාන වශයෙන් ඕවා තමා කොටස් වෙන්නේ ..බලමු මේ කොටස් ගැන පැහැදිලිව
1.ඇඩ්සෙන්ස්
රෑපවාහිනි ආයතනයක මොකද වෙන්නේ බලමු එයාලා තමන්ගේ වැඩසටහනක් ඇතුලත දැන්වීම් දාලා දැන්වීම දෙන ආයතනයෙන් මුදල් අයකරගන්නවා ... ඉතින් අපිත් අපේ රෑපවාහිනි ආයතනයක් පටන් ගත්තනම් අපිටත් දැන්වීම් අරන් සල්ලි හොයගන්න පුලුවන්
අන්න ඒ වගේ අපිත් හදන්න වෙනවා අපේම කියලා වෙබ්සයිට් හෝ යුටියුබ් චැනල් එකක් ඉතින් එ්ක හැදුවා කියලා වැඩක් නැ ..ඒක ජනප්‍රිය වෙබ් සයිට් එකක් කරන්න වෙනවා .. උදා- ෆේස්බුක් වගේ
ඒ වගේ නම් නෙවේ තරමක් දුරට ජනප්‍රිය කරගන්න ඕනි ..ඒක තමන්ගේ හැකියාව
එක එක වර්ගයේ ලිපි අවම සතියකට සැරයක් වත් යාවත්කාලීන කරන්න ..
ප්‍රේක්ෂකයන්ගේ සිත ඇඳ බැද ගත් තොරතුරැ ඉදිරිපත් කරන්න..
මම හිතන්නේ අදටත් සිංහලෙන් ලියන බ්ලොග් නැත්නම් වෙබ් සයිට් වලට ගුගල් ඇඩ්සෙන්ස් ලබා දෙන්නේ නැ ..නමුත් www.bidvertiser.com වැනි ඒවගෙන් ඇඩ් ලබාගන්න පුලුවන් නමුත් මුදල් ලැබීම අඩුයි ඒ නිසා හොඳම වැඩේ කොහේ හරි තියන ඒවා කොපි පේස්ට් පාරක්වත් දාලා දන්න ඉංග්‍රිසියෙන් වැඩේ පටන් ගන්න එක ... පස්සේ SEO යොදා වෙබ්ලිපිනයට එන අය වැඩි කරගන්න(ට්‍රැෆික්) ගන්න එක එක දේවල් කරගන්න පුලුවන් .. ඒවා කියනවනම් වෙනම ඇඩ්සෙන්ස් ගැන කියන්න වෙනවා
ඒ වගේම යුටියුබ් වැනල් පටන් අරගෙන ඒකට තමන්ගාව ඇති ජනප්‍රිය වීඩියෝ ඇතුලත් කරලා ඒවට ලයින් කමෙන්ට් වැටි ප්‍රශස්ථ මට්ටමක තියනවනම් ඒ වීඩීයෝ යන අතර අපට ඇඩ් දාලා ඒවගෙන් මුදල් උපයන්න පුලුවන් උදා- මම දැක්කා ලගදී දාලා තියනවා ලංකාවේ කෙනෙක් තෙල් බවුසරයක් යු ටර්න් එකක් ගන්නවා ...ඒක ගොඩක් ජනප්‍රිය උනා ඉතින් ඒ වගේ අලුත් දේවල් දැම්මොත් කල්ල මරේ ..
අවසාන වශයෙන් මේ ඇඩ්සෙන්ස් කියන්නේ තමන්ගේ වෙබ්සයිට් එක හෝ චැනල් එක ජනප්‍රිය උනාම නිකන්ම සල්ලි ලබාදෙන උල්පතක්. නිකන් රැපවාහිනි චැනල් එකක් ජනප්‍රිය උනාම නිකන්ම ඇඩ් එනවා වගේ .. තියන ප්රශ්නය මුල් කාලේ මේක ජනප්‍රිය කරගන්න වෙහෙසෙන්න වෙනවා යාලුවනේ
සැලකිය යුතුයි- ඇඩ් දැම්මා කියලා සල්ලි හම්බවෙන්නේ නැ ඒ ඇඩ් යන අතරේ කාගෙන හරි ක්ල්ක් වෙන්න ඕනි අන්න ඒ ඇඩ් එක ක්ලික් වෙන තරමට අපිට සල්ලි හම්බවෙනවා .. ඒ අතරේ මෙහෙම කතන්දරයකුත් තියනවා ඇමරිකාවේ කෙනෙක් ඇඩ් එකක් ක්ලික් කරොත් ඒ ක්ලික් එකට වැඩි මුදලක් හම්බවෙනවා ලංකාවේ කෙනෙක් ඒකම කරොත් අඩු මුදලක් ලැබෙනවා .. එක එක රටවල් වල ඇති ආර්ථික තත්වයන්ට හා මිනිස්සු වැඩ වසන ප්‍රතිශතය අනුව තමා වෙනස් වන්නේ .
ඔන්න අපේ කෙනෙකුට හිතෙන්න ඇති ඇඩ්අපිම දාලා අපිම ක්ලික් කරමු කියලා එහෙම කරොත් අහුවෙනවා පස්සේ ඇඩ්සෙන්ස් ගිණුමත් සස්පෙන්ඩ්(අක්‍රිය) කර ගන්න පුලුවන් .
2.දැන්වීම නරඹා මුදල් සෙවීම
මේකට තවත් නමක් කියනවා බක්ස් කියලා ..
සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් කැමතිනේ නිකං ඉදන් සල්ලි හොයන්න අන්න ඒ අයට මේක හොදයි, ඇඩ් බැලුවා සල්ලි හෙව්වා .. නමුත් තියන අවුල හම්බවෙන්නේ ඉතා සුලු මුදලක් .. ඒ නිසා සමහර අය කියනවා මේකෙන් සල්ලි හොයන්න බැ කියලා .. හොයන්න පුලුවන් නමුත් සෙමින් . ඒ නිසා පුරැදු වෙන කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්ට මේක කාලෝචිත නැතැයි මගේ හැගීම .
උදා- NEO BUX වැනි වෙබ් සයිට් වලින්
3.හුවමාරැ(SHARE)කිරීමෙන් මුදල් සෙවීම
දන්නවනේ සමහර වෙබ් අඩවි තියනවා තමන්ගේ වෙබ් අඩවිය සතු තොරතුරැ අපගේ ෆෙස්බුක් ට්විටර් ගුගල් ප්ලස් ...තවත්
එවැනි සමාජ ජාල වෙබ් අඩවි වල අපේ ඇති ගිණුම් වලින් ප්‍රචාරණය කිරීම වෙනුවෙන් මුදල් හෝ තෑගි නොමිලේ ලබා ගැනීම
.උදා-tomtop.com මවුස් පෑඩ් එකක් ගෙන්න ගන්න පුලුවන් ..
www.solrepublic.com එකෙන් අදලා පොයින්ට් ලබාගෙන ටීෂර්ට් ,හෙඩ්සෙට්,වයර්ලස් හෙඩ්සෙට් වැනි ඉතා වටිනා උපකරණ නොමිලේ ගෙන්නවා ගත හැක ..
තවත් ඔය වගේ සයිට් නම් තියෙනවා මම හැන්ඩ්ෆ්‍රි සෙට් එකක් ගෙනාවා ඔය වගේ වෙබ් සයිට් එකකින් .. ඒ පිලිබද විස්තර දැම්මා 2012 10 මාසේ විතර දැන්නම් මතක නැ
මම මුලින් කිව්ව සයිට් 2න් මට භාණ්ඩ ලැබිලා තියනවා ඒ නිසා කිසිම අවිශ්වාසයක් තියාගන්න එපා ඕවා කරාට එයිද නැද්ද කියලා.
තවත් සයිට් තියනවා එයාලගේ තියන ඒවා ප්‍රමෝෂන් කරාම කූපන් කෝඩ් දෙනවා .. තව එයාලගේ සයිට් එකෙන් භාණ්ඩ ලබාගැනීම සඳහා මුදල් ලබා දෙනවා ..තව අලුත් අය ඒ සයිට් එකට අපි එක්කරාම(refferal ) ,ලැබෙන මුදලින් භාණ්ඩ ලබා ගන්න පුලුවන්
උදා-buyincoins.com
මට හිතෙන්නේ ලිපිය දුරදිග යනවද කොහේද කොහින්ද නවත්තන්නේ කියලා හිතාගන්න බැ ඔක්කොම කියන්නත් වෙනවා නැත්නම් කියවන කෙනාට නොතේරෙන නිසා .. ඒ නිසා මේ ලිපිය හැම කෙනාගෙම අතට යවන්න ..අලුතින් ෆේස්බුක් එකතු වුනු අයට උසස්පෙළ කරලා හා සාමාන්‍ය පෙළ කරලා ගෙදර වෙලා ඉන්න නංගිලා මල්ලිලාට මේවා දැනගෙන අපේ රටට විනිමය කීයක් හරි ගේනවනම් තොච්චර දෙයක්ද ..ඔවුන් වෙත මේ දැනුම ලබා දීම කොච්චර පිනක්ද නේද ....
ඊලගට තියෙන්නේ ලකෂපතියෝ කෝටිපතියෝ බිහිකරන ඊ මනි සෙල්ලමේ මාතෘකා 3 න ඊට අමතරව පොඩි විස්තරයක් දෙන්නම් ඔන්ලයින් බැංකු ගිණුම් හා කාඩ් ගැන .
4.ෆොරෙක්ස් (FOREX)
FOREX අර්ථය FOREIGN EXCHANGE විදේශය විනිමය
සරළව කිව්වොත් විදේශ විනිමය හුවමාරැ වන අකාරයට අපි මුදල් යොදවා ලාභ ලබාගැනීම (ඒක තමා අරමුණ නමුත් පාඩු වෙන්නත් පුලුවන්) තේරෙන්න නැතුව ඇති උදාහරණයක් බලමු
දන්නවනේ ලංකාවේ තියනවා මුදල් ජාතියක් රැපියල් කියලා .. අන්න ඒ වගේ අැමරිකාවේ තියනවා ඇමරිකානු ඩොලර් කියලා එකක් නේද? ඔන්න ඕක හැමදාම එක විදිහට තියෙන්නේ නැනේ එහා මෙහා වෙනවනේ නේද දැන් ඔය ඩොලර් කියන එක අඩුවෙන වෙලාවට අපිගන්නවා ඩොලර් 10000ක් හරි ඊට පස්සේ අපි වැඩිවුනු වෙලාවකට 3% වුනා කියමුකෝ ඔන්න ඔය වෙලාවට වික්කා එතකොට ලාභය නිකන් ඉදන් ඩොලර් 300යි නේද... රැපියල් 40000 විතර ... ඔන්න ඕකයි
ඔබද කෝටිපත් මමද කෝටිපත් කියන්නේ .. හැබැයි ඕක අනිත් පැත්තට ගියොත්
ඔබද හිගන්නා මමද හිගන්නා විය හැක .. ඕකෙන් එකක් හරි මොකද ලියන මම හිගන්නෙක් නිසා ... ඕක තමා සරළව මේකේ වෙන සංසිද්ධිය .. මේකත් කොටස් වෙළද පල වගේ තමා .. ඒක ගැනත් මම වෙනම කියන්නම් මේ විෂයට යන්න ඕනි හොඳට ඉගෙන ගෙන තමා ..නැත්නම් අර පරණ කියමනක් තියෙන්නේ දැනගෙන ගියොත් කතරගමනොදැන ගියොත් අතරමග කියලා
කොළඹ කොටස්වෙළද පල ..
කොටස් වෙළදපල කියන්නේ මේ සංසිද්ධියම තමා ..
යම් කිසි ආයතනයක් තමාගේ ඉදිරි වැඩකටයුතු සපුරාගන්නට ප්‍රග්ධනය සොයා ගන්න තමන්ගේ ආයතනයේ යම් කිසි ප්‍රමාණයක් ඉතා කුඩා කොටස් වලට කඩා විකුනනවා .. ඉතින් ඒ කොටසකට ලාභාංග ගෙවනවා ..
ඒක නෙවේ මේකේ වැඩිපුර ලාභ ලබන්න පුලුවන් ඒ ආයතනයට තියන ඉල්ලුමත් එක්ක කොටස්වල මිල ඉහල යනවා ..ඒවගේම පහල යනවා පහල යනකොට මිලදී අරන් වැඩිවෙනකොට වික්කනම් සල්ලි තමයි ...මේකටත් කොටස් තැරව්කරැවෙක් හරහා යන්න ඕනි ..කැමති කට්ටියට බහින්නපුලුවන් වැඩේට ...
ඉතුරු ටික පහල
Last edited by sha34; 05-24-2016 at 05:23 PM.
|
 |
Senior Member
|
|
Posts: 869
Join Date: Apr 2015
|
|
05-24-2016, 05:18 PM
5.ෆ්‍රි ලාන්සර්(freelancer)
ලංකාවේ වැඩි දෙනෙකේ මුදල් හොයන ප්‍රධාන ක්‍රමයක් තමයි මේ. සරළව කිව්වොත්
උදා- කව්රැහරි කෙනෙක් කිව්වොත් මට බැනර් එකක් හදලා දෙන්න කියලා ඔයාලා මොකක් හරි මෘදුකාංගයක් එක්කෝ අඩෝබේ මොකක්හරි එකක් කොරල්ඩො එකක් වගේ පාවිච්චි කරලා හදලා දීලා එයාගෙන් මුදල් ගන්නවා .. අන්න ඒ වගේ වැඩක් වෙන්නේ
කව්රැහරි පිටරටක කෙනෙක් අපිට කියනවා මට මෙන්න මේ වගේ අවශයයි බැනර් එකක් හදන්න ඒක හදලා දෙන්න කියලා . ඉතින් අපි කිව්වවගේ මොකක් හරි මෘදුකාංගයක් පාවිච්චි කරලා හදලා දීලා එයාගෙන් මුදලක් ගන්නවා .ඔච්චරයි කතන්දරේ ..
ෆ්‍රි ලාන්සර් වෙබ් සයිට්
ඔඩෙක්ස් ෆයිවර් ඩියසින්ක්රවුඩ් එස්සීඕ ක්ලාක් තවත් ආදී....
මේ වගේආයතන වල විවිධ ආකාරයට මුදල් හොයන ක්‍රම තියනවා ..
තමන්ට කරන්න පුලුවන් මොකක් හරි වැඩක් තියනවානම් දිගටම කරගෙන යන්න පුලුවන් ..
මේකෙන් ජනප්‍රිය සයිට් එක ෆයිවර් මොකද ඒකේ කෙරෙන්නේ අපි මොකක් හරි කරන්න පුලුවන් දෙයක් දාපුවාම .. ඒවා අවශ්‍ය අය අපිට ඇණවුම් එවීමයි ..
උදා- මට පුලුවන් ආකර්ශණීය බැනරයක් හදන්න .. ඉතින් බැනර් එකක් හදාගන්න අවශ්‍ය කෙනෙක් අපිට ඇණවුමක් දෙනවා පසුව අපි එයාට අවශ්‍ය විදිහට කරලා දෙනවා ...පසුව එයා අපිට මුදල් ගෙවනවා අපි ඒක ගන්නවා .. අද ලංකාවේ ගොඩක් ඉන්නවා මේකේ ටොප් රේටඩ් අය ..
මොනවද මේවාගේ කරන්න පුලුවන් වැඩ
1.බැනර්, ලොගේ ,කටවුට්, පින්තුර වැනි දේවල් හදලා දෙන්න හෝ එඩිට් කරලා දෙන්න පුලුවන්
2.වීඩියෝ ක්ලිප් එකක් හදන්න කොපි රයිටින් කරන්න
3.මෘදුකාංගයක් හදාගන්න ඇනිමේෂන් හදාගන්න පුලුවන්
4.කාටුන් අදින්න පුලුවන් නම් හොදට ඩාන්ස් කරන්න සින්දු කියන්න පුලුවන් මේකේ විකුනන්න පුලුවන්
5.අය වේබ් සයිට් අවල අවශය ට්‍රැෆික් දෙන්න (එස් ඊ ඕ) කරන්න ඒවට අවශය ලයික් අරන් දෙන්න පුලුවන් නම් තවත් වටිනවා
අන්තිමේට කියනවනම් තමන්ට පුලුවන් මොනවහරි හැකියාවක් තියනවනම් විකුනාපල්ලා සල්ලි තමා මල්ලි ...
නමුත් ඔඩෙක්ස් වගේ ඒවගේ වෙන්නේ ඕඩර් දාලා තියනවා අපිට කරන්න පුලුවන් ගානත් එක්ක ඔඩර් එක අයිති කරැට විස්තරය මැසේජ් කිරීම ...
ඉතින් එහෙම ඇණවුමක් ගන්න ඒකේ තියන විභාග (ඔන්ලයින්) පාස් වෙන්න ඕනි ... ඒක කරදර නිසා අපේ අලුත් අය අර වගේ ක්‍රමයකට යනවා ..මොකද එතකොට වෙන්න අපිනේ කරන්න පුලුවන් වැඩේ දාලා තියෙන්නේ එතකොට එක්සෑම් ඕනි නෑ ..
ෆ්‍රි ලාන්සර් වලින් කොහොමද මුදල් ලංකාවට ගේන්නේ?
ඔබට පේ පැල්(ජාත්‍යන්තර බැංකු ගිණුමක්) හරහා මුදල් ගෙන්වා ගන්න පුලුවන් නැත්නම් පේඕනිර් කාඩ් එකෙන් සල්ලි ගන්න පුලුවන් ... නැත්නම් ස්ක්රිල් වලින් සල්ලි ගන්න පුලුවන් (මනි බ්රැකස්)
ඒවා ගැන තොරතුරැ ඕනි නම් මේ මේ වෙබ් සයිට් එකට ගිහින් බලන්න ..
http://udithagealwanguwa.blogspot.com/
ඒකේ ගිණුම් හදාගන්න විදිහ දාලා තියනවා ..
6.අන්තර්ජාලය හරහා මිලදී ගැනීම් විකිණීම් කිරීම
දන්නවනේ අද ගොඩක් අය භාණ්ඩ ගේනවනේ එක එක වෙබ් සයිට් වලින්
1.ඇමේසන් .ඊබේ .බයිඉන්කොයින්ස්,ටී මාර්ට්,අලි බබා,අලිඑක්ස්ප්‍රස්,ඩිඑක්ස්,ඩිඑච් ගේට්
ඔන්න ඔය වගේ වෙබ් සයිට් වලින් අඩුවට අරන් මෙහේ ගෙනල්ලා(අදාල රේගුබදු මුදල් ගෙවලා) වැඩියෙන් විකුනන්න පුලුවන් ...
2.නැත්නම් ලංකාවේ තියන ඒවා පිටරට යවලා ලාභ ගන්න පුලුවන්
උදා- කුළු භාණ්ඩ .කිතුල් හකුරැ
3. නැත්නම් ගාන අඩු වෙබ් සයිට් එකකින් අරන් ගාන වැඩි එකක ඒක දාලා විකුනන්න පුලුවන් ... ඔය මොන එක කරලා හරි සල්ලි හොයන්න පුලුවන් දෙයියනේ .. ඇයි දෙයියනේ අපි බෑ කියලා කම්මැලි වෙලා ගෙවල් අස්සට ගුලි වෙලා ඉන්නේ නැතුව පටාන් ගන්නකෝ මේ වගේ වැඩාක් ..
මේ ගැන වැඩි විස්තර දැන ගන්න මේ වෙබ් සයිට් එකට යන්න
udithagealwanguwa.blogspot.com
එහෙනම් අදට ඇති ..
අවසානයට කියන්නම් මෙහෙම ...
යාලුවෙක් මගෙන් අහනවා මචන් මම ඊමනී කරන්නේ මට බැරිද බන් ලකෂ 02 ලොන් එකක් ගන්න බැංකුවෙන් මට සල්ලි ආපු ස්ටේට්මන්ට් මම පෙන්නනම් ... දෙයිද?
නැ දෙන්නේ නැ... බැංකුව බලන්නේ ස්ථීර ආදායමක් සහිත පුද්ගලයෙක් එතන මේ ඉන්ටර්නෙට් හරහා මුදල් හොයන අය අතරේ පිලිගැනීම කියන්න එක කොස්සක් .. නමුත් මම හිතනවා
2020 වෙන කොට ලංකාවේ වැඩිම ආර්ථික විනිමය ගේන්නේ මේ හරහා බව ..අද කී දෙනෙක් දවසට ඩොලර් ලංකාවට ගේනවද දන්නවද? පිටරටක ඉඳන් වැඩකරලා එනකෙනාට තීර බදු රහිතව තමන්ගේ පාවිච්චි කරපු වාහනය ගේන්න දෙනවා ?
එක එක බැංකු වලින් රටින් සල්ලි එවන අයට තෑගි දෙනවා .. ඔවුන්ගේ ළමයින්ට විශේෂ ශිෂ්‍යත්ව දෙනවා .. විවිධ සුභසාධක දේවල් කරනවා ..
අම්මා තාත්තා රට ඉන්න කෙනෙක්ගේ ළමයින්ට ඉතුරැම් ගිණුම් වලට විශේෂ වරප්‍රසාද දෙනවා....
ඒ මන්ට රටෙන් 52% ක් විනිමය ගේන්නේ මේ රට ඉඳලා වැඩ කරන අය නිසා ...
*හැබැයි කට්ට කාලා මහන්සිවෙලා ජරා දුක් විඳලා ලංකාවේ ඉදලා දුක් මහන්සියෙන් ඉන්ටර්නෙට් බිල ගෙවාගන්න බැරි අපිට, මේවා නෙවෙයි පේ පැල් සහය වත් නෑ...
එතකොට අපි ගේන්නේ විනිමය නෙවේද? ප්‍රශ්නයක් නේද? ප්‍රශ්නයට විසදුම් ඉදිරියට ලැබෙයිද බලමු?
එහෙනම් අපි ගියා සියලු දෙනාට තෙරැවන් සරණයි ..
මමත් කාර් එකක් ගත්තා ලකෂ 19 දීලා සල්ලි දීලා මයි ගත්තේ අවු 2 කින් දැන් ගේ වැඩ ටිකක් තියනවා ඒක කරනවා ඒකට සල්ලිත් හරි ඔක්කොම කරගත්තේ ඊ මනී වලින් තමා ..
මම කරේ ජංගම දුරකථන ගේන එක තමා පස්සේ රෙපෙයාරිනුත් ටිකක් ඉගෙන ගත්තා පස්සේ සල්ලි හෙව්වා ඉස්සර දවස් 30 ගෙදරට වෙලා ආතල් එකේ කකා බිබි ඉන්නවා සතියකට හෝ සති 2 සැරයක් කුරැණැගල ගිහින් රෙපෙයාර් කරන ෆොන් වලට අවශය අයිතම ගේනවා මසෙකට හො මාස 2 සැරයක් රේගුවට යනවා .. අන්තිමේට රේගුවට ගියේ ගිය අවුරැද්දේ පෙබරවාරි වල පස්සේ ආය ගියේම නෑ..ළගදි යන්න වෙයි .. ඉතින් ඔන්න මම අවු දෙකකින් වාහනයකුයි ගේයි හදාගත්තා ඔයාලත් උත්සහ කරන්න ..
මගේ ක්‍රමය නෙවේ ඔයාලගේම ක්‍රමයක් හදාගන්න අනිවාර්යයෙන් ඔයාලා දියුණු වේවි..
තව වැදගත් දෙයක් මේ ලේඛකයා ගොඩක් මහන්සිවෙලා මේ ලිපිය ලියලා තියෙන්නෙ ඒකනිසා ඔහු දිරිමත් වෙන්න එක්ක බ්ලොග් එකේ ඔයාලා අදහස් දක්වලා යන්න යාලුවනේ
http://labukate.blogspot.com/2015/01/blog-post.html
ජයවේවා යාලුවනේ
Last edited by sha34; 05-24-2016 at 05:24 PM.
|
 |
Senior Member
|
|
Posts: 16,458
Join Date: Apr 2015
Location: මාතොට
|
|
05-24-2016, 05:31 PM
ela wadaath nulak
|
 |
Senior Member
|
|
Posts: 8,965
Join Date: Aug 2012
|
|
05-24-2016, 05:38 PM
ela. watina vistara tikak.
|
 |
Senior Member
|
|
Posts: 12,635
Join Date: May 2015
Location: 🅷🅴🅰V🅴🅽
|
|
05-24-2016, 05:41 PM
හස්ත කර්මාන්තය thama ithin apita hariyanne !
|
 |
Senior Member
|
|
Posts: 1,225
Join Date: Mar 2016
Location: හදවතේ...
|
|
05-24-2016, 05:43 PM
Good Thread.
|
Senior Member
|
|
Posts: 41,767
Join Date: Jun 2009
Location: Seeduwa
|
|
05-24-2016, 05:50 PM
bump
|
 |
Senior Member
|
|
Posts: 523
Join Date: Apr 2013
|
|
05-24-2016, 05:56 PM
watinama thread ekak!
rep+
|
 |
Senior Member
|
|
Posts: 1,027
Join Date: Oct 2011
|
|
05-24-2016, 05:56 PM
bump
|
 |
Senior Member
|
|
Posts: 32,556
Join Date: Jul 2010
Location: අදාල නෑනේ
|
|
05-24-2016, 06:04 PM
tfs
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
|