ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page බුදු_දහම
Reply
 
Thread Tools
(#21)
Old
KPZ's Avatar
KPZ KPZ is offline
Senior Member
KPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to behold
 
Posts: 17,683
Join Date: Apr 2011
Location: where I wanna be
05-06-2014, 11:57 PM

ධර්මදේශනාවකට ආරාධනා කිරීමේ කුසලය කල්ප 8 ක් ද
ධර්මදේශනාව ශ්‍රවනය කිරීමේ කුසලය කල්ප 9 ක් ද
ධර්මය දේශනා කිරීමෙන් සිමා රහිතව ද කුසලයන් හිමි වේ.
ධර්මදේශනාවක පින අනුමෝදන්වීමේ කුසලය කල්ප 1 ක් ද වෙයි.

යමෙක් තමන් රැස්කල පින දෙවියන් සහිත ලෝකයාට
අනුමෝදන් කිරීමෙන් ද පිනක් රැස් වේ.
Reply With Quote
(#22)
Old
KPZ's Avatar
KPZ KPZ is offline
Senior Member
KPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to behold
 
Posts: 17,683
Join Date: Apr 2011
Location: where I wanna be
05-07-2014, 12:02 AM

පේනවද?

මං කිව්වේ මෙන්න මේක ගැන තමා.

අන්‍යාගමික බැතිමතුන් එක්ක තර්ක විතර්ක වලට යනවට වඩා ධර්මය සාකච්චා කිරීම කොච්චර හිතට සහනයක්ද.
Reply With Quote
(#23)
Old
හෙළයෙක්'s Avatar
හෙළයෙක් හෙළයෙක් is offline
Senior Member
හෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of lightහෙළයෙක් is a glorious beacon of light
 
Posts: 3,551
Join Date: Apr 2014
05-07-2014, 12:04 AM

Quote:
Originally Posted by KPZ View Post
පේනවද?

මං කිව්වේ මෙන්න මේක ගැන තමා.

අන්‍යාගමික බැතිමතුන් එක්ක තර්ක විතර්ක වලට යනවට වඩා ධර්මය සාකච්චා කිරීම කොච්චර හිතට සහනයක්ද.
Reply With Quote
(#24)
Old
KPZ's Avatar
KPZ KPZ is offline
Senior Member
KPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to behold
 
Posts: 17,683
Join Date: Apr 2011
Location: where I wanna be
සක්කාය දිට්ඨියෙන් උපදින අනතුර… - 05-07-2014, 12:08 AM



පින්වත්නි,
බුදුරජාණන් වහන්සේගේ මේ දෙසුම් තුළින් අපි මෙය හොඳට තේරුම් ගත යුතුයි. අපට සංසුන් ඉඳුරන් ඇතිකර ගැනීමට ඇති ප‍්‍රධානම බාධාව අපි සසරේ පුරුදු කරන ලද වැඩපිළිවෙලයි. මේ ආකාරයට ඇතුළත බැඳීයාම, පිටත බැඳීයාම හේතුවෙන් අපි නැවත නැවත වැටෙන්නේ හිටි තැනටමයි. අපි නැවත නැවත ආ ගිය තැන්වලටම යැවෙනවා. මෙයට හේතු භූත වන ප‍්‍රධානම බැඳීම තමයි ‘සක්කාය දීට්ඨිය.’ සක්කාය දීට්ඨිය තුළ හැම තිස්සේම තමන්ට තැනක් හොයනවා. තමන්ට නමක් හොයනවා.
ඔන්න පුද්ගලයෙක් ධර්මය අහන්න එනවා. “අනේ මමත් බුදුරජුන්ගේ ධර්මය අසන්නෙමි. මමත් ඒ දහමට සිත පහදවා ගන්නෙමි. මමත් සිත පිනට නතු කර ගන්නෙමි” කියලා එනවා. නමුත් ඒ විදිහට පින හොයාගෙන ඇවිල්ලා පසුව බලන්නේ තමන්ට ඇති තැන කොතැනද කියලයි. ඒ නිසා හොඳට මතක තියාගන්න, පින හොයන්න එන කෙනා තමන්ට තැනක් හොයන්න ඕන නෑ. මොකද, තැනක් හොයන්න ගියොත් ‘මගේ නම කියවුණේ නැත. මෙතැන පින් කිරීමෙන් කම් නැත’ කියලා යන්න යනවා. බලන්න, ඔහු ආවේ පින සොයා ගෙනයි. නමුත් නොදැනීම නම සොයා ගියේය. ඔහු ආවේ දහමක් සොයා ගෙනයි. ඔහු නොදැනීම තැනක් සොයා ගියේය. මෙවැනි දේවල් ඕනතරම් වෙන්න පුළුවන්.
ඔන්න ධර්මය සොයාගෙන ආපු කෙනාට සමිතියක තනතුරක්, එක්කෝ මොකක් හරි ආයතනයක තනතුරක්, වගකීමක් ලැබෙනවා කියමු. ඊට පස්සේ එයා ඒකට පිළිගැනීමක් හොයනවා. මේවා ඔක්කොම හැදෙන්නේ සක්කාය දීට්ඨියෙන්. ඒ නිසා අපි තමාට පිළිගැනීමක් සොයන්න ගිය විට අහිමි වන දෑ බොහෝය. තමාට පිළිගැනීමක් සොයන්න ගිය විට නොවටිනා දෙයක් අහිමි වී ගියා නම් කම් නැත. නමුත් අහිමි වී යන්නේ ධර්මයයි.
පින්වත්නි, ධර්මය සොයාගෙන යන අයට හැම තිස්සේම ධර්මය අහිමි වී යාමේ අවදානමක් තියෙනවා. මේ අවදානම තියෙන්නේ බාහිර නෙවෙයි, අභ්‍යන්තරයේමයි. නමුත් අපව සුරකින යම්කිසි මෙවලමකුත් අප අභ්‍යන්තරයේ තියෙනවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරය. මේ අභ්‍යන්තර මෙවලම පාවිච්චි කරගන්න බැරි හැම තිස්සේම සක්කාය දිට්ඨිය පෙරට පනිනවා. එහෙම නම් සක්කාය දිට්ඨිය පෙරට පනින එක වළක්වා ගන්න තියෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. නැත්තම් එකම අරමුණකට ආ අපි සී සීකඩ යයි. මොකද, මේ අභ්‍යන්තරයේ තියෙන සක්කාය දිට්ඨිය අපට විවිධ මං පෙත් සලකුණු කරනවා. විවිධ පාරවල් පෙන්නා දෙනවා. ඒවා ඔක්කොම අපි සංසාරේ ගියපු පාරවල්.
නමුත් අපි ආශා කළ යුත්තේ සංසාරයේ නොගිය පාරේ යන්නයි. සසරේ අපි නොගිය මාවත ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න ආශාවෙන් ආවට සක්කාය දිට්ඨිය විසින් නැවත නැවත අපව කරකවලා පරණ පාරෙම ගෙනියනවා. අපි ගිය ඒ පරණ පාර තමයි, නම හොයාගෙන යෑම. තැන හොයාගෙන යෑම. කීර්තිය හොයාගෙන යෑම. පිළිගැනීම සොයාගෙන යෑම. සම්මාන සොයාගෙන යෑම. උපහාර සොයාගෙන යෑම. සිටි තැන සොයාගෙන යෑම.
වැඩිය ඕන නෑ අපි කියමු, ඔන්න ගිය වතාවේ භාවනා වැඩසටහනට ඇවිල්ලා ඉස්සරහා වාඩිවුණා. ඉතින් ඊළඟ වතාවේ ඇවිදින් රණ්ඩු අල්ලනවා. ”මම කලින් වතාවේ සිටියේ මෙතැනය. අද ඔබ එතැන සිටී. කරුණාකර යන්න ඔබ පස්සට…” මේ විදිහට කිපෙන්නේ අප තුළ තියෙන සක්කාය දිට්ඨියයි. එතකොට බලන්න, අපට නිරන්තරයෙන්ම සක්කාය දිට්ඨියෙන් පහරවදින්නේ නැද්ද? ඒ විදිහට සක්කාය දිට්ඨියෙන් නිරතුරු බැටකන අප කොතරම් නුවණ භාවිතා කළ යුතුද? මොකද, මේ සක්කාය දිට්ඨිය අපට කරන හානිය සුළු පටු නෑ. අනන්ත බරපතල හානියක් කරනවා. මේ සක්කාය දිට්ඨිය විසින් අපව නිරයට ගෙන ගියා.
ඒ විදිහට සක්කාය දිට්ඨිය මුල්වෙලා නිරයේ ගෙනියන්න පුළුවන් වුණා නම්, තිරිසන් අපායේ හිර කරන්න පුළුවන් වුණා නම්, පෙරේත ලෝකයේ ගෙනියන්න පුළුවන් වුණා නම්, ලැබෙන්න යන දහම අත්හරවන්න මේ සක්කාය දිට්ඨියට බැරි වේවිද…?
ඒ නිසා පින්වත්නි, දහමට පැමිණෙන කෙනාට අනතුර ඇත්තේ පිටතින් නොව, තමාගෙන්මය. මේ නිසා මේ දහමට පැමිණි කෙනා, දහමට පැමිණෙන්නට ආශා කෙනා තමන්ට තැනක් හෙව්වොත් එය සක්කාය දිට්ඨියට හේතුවක් වේවි. මොකද, සක්කාය දිට්ඨිය හැම තිස්සේම කරන්නේ තමන්ට තැනක් හොයන එකයි.
‘ඒ කියන්න ඇත්තේ මා ගැනය. එසේ කියද්දී මා දෙසද බැලූවේය. එසේ නම් ඒ කියන්නට ඇත්තේ මා ගැනයි.’ මේ වගේ මේ සිත අපිව පුදුම විදිහේ පටලැවිලිවලට, ප‍්‍රහේළිකාවලට ඇද දානවා. ඒ නිසා අපට කවදාවත් මේ සිතේ තියෙන විජ්ජාවෙන්, මායාවෙන් එකවර ගැලවෙන්න අවස්ථාවක් නෑ. ඒ නිසා පින්වත්නි, අපට තියෙන අනතුරෙහි දරුණු බව, බිහිසුණු බව, පවිටු බව අපි තේරුම් ගෙන සිටිය යුතුයි.
සමහර විට අපි අපට ශ‍්‍රද්ධාව තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. සමහර විට ශ‍්‍රද්ධාව හැටියටතිබිලා තියෙන්නේ සක්කාය දිට්ඨියෙන් හැදුණු එකක්. ඒ කියන්නේ, ධර්මයට පැමිණීමත් සමඟ අපි සමාජය තුළ යම්කිසි විශේෂ කෙනෙක් කියලා අල්ලා ගන්නවා. මොකද, බුද්ධ දේශනාවේ තියෙනවානේ, මේ ධර්ම මාර්ගයේ යන කොට එයා විශේෂ කෙනෙක් කියලා. ඉතින් අපිත් ඒක අල්ලගෙන ‘හා දැන් මමත් විශේෂයි’ කියලා අන් අය කෙරෙහි නිකම් බොරු සානුකම්පිත හැඟීමක් ඇති කර ගන්නවා. ‘මට අනිත් අය ගැන හරිම දුකයි. අපට නම් ශ‍්‍රද්ධාව තියෙනවා. අනේ අර ඇත්තන්ට නැහැ නෙව’ කියලා හැඟීමක් ඇතිකර ගන්නවා. ප‍්‍රශ්නයක් වෙලා බලන්න ඕන තමන්ගේ ශ‍්‍රද්ධාව කොහෙද තියෙන්නේ කියලා. ඒ වෙලාවට ශ‍්‍රද්ධාවට වුණු දෙයක් නෑ.
ඉතින් ඒ නිසා හැබෑ ලෙස බුදුරජාණන් වහන්සේගේ දහම සිහි කිරීම, ධර්මයට ගෞරව කිරීම, ධර්මයට සැලකීම, ප‍්‍රශංසා කිරීම අපට ශ‍්‍රද්ධාවට එන්න තියෙන මූලිකම කාරණාවක්.
මේ සක්කාය දිට්ඨියේ පහර කෑමෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ හොඳ දෙයක් පෙන්වා දී තිබෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාගෙන් අහනවා,
“පින්වත් මහණෙනි, මා ඔබට දෙසූ දහම ඔබ මතක තබාගෙන ඉන්නේ කොහොමද?”
“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළ දහම අප මතක තියාගෙන සිටින්නේ මේ අයුරින්. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ, ‘මහණෙනි, මේ සංසාරය අති දීර්ඝයි. මේ සංසාරයේ ආරම්භක කෙළවරක් නොපෙනේ. මහණෙනි, මේ සංසාරයේදී සතර අපායේ වැටි වැටී පැමිණි ගමනේදී ඔබේ සිරුරෙන් ගලා ගිය ලේ දහර සතර මහා සාගරයට වැඩියි. සතර අපායේ වැටි වැටී පැමිණි ගමනේදී ඔබ හෙලූ කඳුළු සතර මහා සාගරයට වැඩියි. ඒ නිසා මේ ගමන ගැන ඔබ කළකිරිය යුතුයි’ කියලයි. භාග්‍යවතුන් වහන්ස, මෙයයි අප දන්නා දහම.”
අපෙන් ඇහුවා නම් “භාග්‍යවතුන් වහන්ස, පටිච්ච සමුප්පාදයයි” කියලා කියයි. මොකද, අපි හැම තිස්සේම බලන්නේ අපි දන්නවා කියලා පෙන්වන්නයි. අපිට වැටහුණා කියලා පෙන්වන්නයි. නමුත් බලන්න, සක්කාය දිට්ඨියෙන් තොර ඒ ස්වාමීන් වහන්සේලා කොච්චර ලස්සන පිළිතුරක් දුන්නාද?
”සාදු! සාදු! මහණෙනි, මා දෙසූ දහම ඔබ මතක තබාගෙන සිටින අයුරු ඉතා අගනේය.”
ඒ නිසා අපි මේ යන ගමනේදී සක්කාය දිට්ඨියෙන් තිබෙන අනතුර වළක්වා ගන්න එක හරි වැදගත්. පින්වතුනි, අපි මේ යන්නේ සංසාර ගමනකයි. ඒ නිසා අපි සෙවිය යුත්තේ තමාට නමක්, තැනක්, පිළිගැනීමක්, සම්මානයක්, නෙවෙයි, අප සෙවිය යුත්තේ සතර අපායෙන් මිදෙන දහමෙන් පිළිසරණක්.
යමෙක් මේ ආකල්පයට ආවොත්, ඒ කෙනා නැවත නැවත ඒක සිහි කරනවා. එතකොට ඒ කෙනාට ද්වේෂයට කිපෙන ඉඳුරන් ඇතිවුණොත්, සැණෙකින් සිහිය උපදිනවා. ‘මං මේ එන්නේ සසර ගමනක. මේ සසර ගමනේදී මේ ද්වේෂය නිසා මං කොච්චර පව් රැස්කර ගන්න ඇද්ද? ඒ ද්වේෂය ආයෙමත් මතුවෙලා මාව අකුසලයට යොදවන්න හදනවා. ඒ ලෝභය ආයෙමත් මතුවෙලා මාව වරදට යොදවන්න හදනවා. මෝහය ආයෙමත් මතුවෙලා මාව නොමග යවන්න හදනවා. මේක මට විශාල අනතුරක්. මෙය මට හිතසුව පිණිස පවතින දෙයක් නෙවෙයි’ කියලා එයාගේ සිතට එනවා. ඒ විදිහට නිවැරදි කල්පනාවට පැමිණීම පිණිස තමන් සසර ගමනක පැටලී වෙලී සිටිනා කෙනෙක් වග නිතර නිතර සිහි කිරීම බොහෝ උපකාර වෙනවා….


පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්
සදහම් වැඩසටහන් වලදී පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කළ
‘මමත් සිත සමාහිත කරමි බුදු සමිඳුනේ…’ සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී

Last edited by KPZ; 05-07-2014 at 12:10 AM.
Reply With Quote
(#25)
Old
KPZ's Avatar
KPZ KPZ is offline
Senior Member
KPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to behold
 
Posts: 17,683
Join Date: Apr 2011
Location: where I wanna be
මේ රූපයේ ආශ්වාදය මොකක් ද? - 05-07-2014, 12:13 AM

පින්වත් මහණෙනි, මේ රූපයේ ආශ්වාදය මොකක් ද?
පින්වත් මහණෙනි, සිටු කුමාරියක් හෝ බ්රාරහ්මණ කුමාරියක් හෝ සාමාන්ය, පවුලක කුමාරියක් හෝ ඉන්නවා කියලා හිතන්න. ඇය වයස අවුරුදු පහළොවක දහසයක විතර දැරිවියක්. ඈ ගොඩාක් උසත් නෑ. ගොඩාක් මිටිත් නෑ. ගොඩාක් කෙට්ටුත් නෑ. ගොඩාක් මහතත් නෑ. ගොඩාක් කළුත් නෑ. ගොඩාක් සුදුත් නෑ. පින්වත් මහණෙනි, ඇත්තෙන්ම ඒ දැරිවි හැබෑටම ලස්සනයි කියලා කියන්න සුදුසුයි නේද?
“එහෙමයි ස්වාමීනි”
පින්වත් මහණෙනි, අන්න ඒ ලස්සන නිසා යම් කිසි සැපයක් සොම්නසක් ඇතිවෙනවා නම් ඒක තමයි රූපයේ ආශ්වාදය.

පින්වත් මහණෙනි, රූපයේ ආදීනවය මොකක් ද?
ඒ දැරිවිව පස්සෙ කාලෙක දකින්න ලැබෙනවා අවුරුදු අසූවක් වෙලා, අවුරුදු අනූවක් වෙලා, අවුරුදු සීයක් වෙලා, ජරා ජීර්ණ වෙලා, වකුටු වෙලා, හැරමිටි ගහගෙන වෙව්ල වෙව්ල යනවා. ඇත්තෙන් ම දැන් ඈ ලෙඩෙක්. අර ලස්සන ඉවරයි. දත් කැඩිලා, කෙස් ඉදිලා, කෙස් වැටිලා, ඇඟ රැලි වැටිලා, ඉන්නො වගේ කළු පාට ලප හැදිලා, පින්වත් මහණෙනි, දැන් මොකක් ද හිතන්නේ?
ඒ දැරිවිගේ අර පරණ ලස්සන නැතිවෙලා ගිහින් ඇදීනව මතු වුනා නේද?
“එහෙමයි ස්වාමීනි”

පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.
රූපයේ ආදීනව ගැන තවදුරටත් කියනවා නම්, පින්වත් මහණෙනි, දැන් ඒ දැරිවි ම දැක ගන්න ලැබෙනවා මේ විදියට හොඳට ම ලෙඩ වෙලා, දුකට පත් වෙලා. තමන්ගේම මළ මූත්රාහ ගොඩේ වැටිලා. දැන් ඉතින් කවුරු හරි කෙනෙක් නැගිට්ටුවන්න ඕන. කව්රු හරි කෙනෙක් වාඩි කරවන්න ඕන. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නේ?
අර දැරිවිගේ පරණ ලස්සන නැතිවෙලා ගිහින් ඇදීනව මතු වුනා නේද?
“එහෙමයි ස්වාමීනි”

පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.
රූපයේ ආදීනව ගැන තවත් කියනවා නම්, පින්වත් මහණෙනි, අර දැරිවි ම මැරිල අමු සොහොනෙ දාල ගිහින් තියනවා. දැන් ඒ මළ සිරුර එක දවසක් හෝ, දවස් දෙකක් හෝ, දවස් තුනක් හෝ කල් ගත වෙච්චි එකක්. ඉදිමිලා, නිල් වෙලා, සැරව හැදිල තියෙනවා. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නෙ? ඒ කාලෙ දැරිවියක් හැටියට සිටිද්දි ඇගේ තිබිච්ච රූප සෝභාව අතුරුදන් වෙලා ආදීනව මතු වුනා නේද?
“එහෙමයි ස්වාමීනි”

පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.
රූපයේ ආදීනව ගැන තවත් කියනවා නම්, පින්වත් මහණෙනි, දැන් ඒ දැරිවිම මැරිල අමු සොහොනෙ අත්හැර දාලා තියෙනවා. දැන් ඒ ශරීරය කාක්කො කන්න පටන් ගන්නවා. උකුස්සො කන්න පටන් ගන්නවා. ගිජුලිහිණියොත් කන්න පටන් ගන්නවා. බල්ලොත් කන්න පටන් ගන්නවා. හිවල්ලුත් කන්න පටන් ගන්නවා. එක එක ජාතියෙ සත්තුත් කන්න පටන් ගන්නවා. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නේ, ඒ කාලෙ දැරිවියක් හැටියට ඇගේ තිබිච්ච රූපසෝභාව අතුරුදහන් වෙලා ආදීනව මතු වුනා නේද?
“එහෙමයි ස්වාමීනි.”

පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.
රූපයේ ආදීනව ගැන තවත් කියනවා නම් පින්වත් මහණෙනි, දැන් ඒ දැරිවිම මැරිලා අමු සොහොනෙ අත්හැරලා දාලා තියෙනවා. දැන් ඒ ශරීරයේ නහර වලින් බැඳිච්ච මස් ලේ ඇතිව ඇට සැකිල්ලක් වෙලා. ...(පෙ)... මස් නැති, ලේ තැවරුන, නහර වැලින් බැඳුන ඇට සැකිල්ලක් වෙලා. ...(පෙ)... මස් ලේ කොහෙත්ම නැති නහර වැලින් බැඳුණු ඇටසැකිල්ලක් වෙලා. ...(පෙ)... ඒ ඇට සැකිල්ලේ ඇට හැම තැනම විසිරිලා. අත් ඇට එක පැත්තක. කොඳු ඇට තව පැත්තක, උකුල් ඇට තව පැත්තක, හිස් කබල තව පැත්තක. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක්ද හිතන්නේ? ඒ කාලෙ දැරිවියක් හැටියට ඇගේ තිබිච්ච රූප සොභාව අතුරුදන් වෙලා ඇදීනව මතු වුණා නේද?
“එහෙමයි ස්වාමීනි”

පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.
රූපයේ ආදීනව ගැන තවත් කියනවා නම්, පින්වත් මහණෙනි, දැන් ඒ දැරිවිම මැරිල අමු සොහොනෙ අත්හැරලා දාලා තියෙනවා. හක් ගෙඩියේ පාටට සුදුපාට වෙච්ච ඇට ගොඩක් විතරයි තියෙන්නේ. ...(පෙ)... ඒ ඇටත් අවුරුදු ගණනක් පරණ වෙලා කැඩිල ගිහිල්ල තියෙන්නෙ. ...(පෙ)... ඒ ඇටත් අන්තිමේ දී කුඩු වෙලා පිටි බවට පත් වෙලා යනවා. පින්වත් මහණෙනි, දැන් ඔබ මොකක් ද හිතන්නේ? ඒ කාලෙ දැරිවියක් හැටියට සිටිද්දි ඇගේ තිබිච්ච රූප සොභාව අතුරුදහන් වෙලා ආදීනව මතුවුනා නේද?
“එහෙමයි ස්වාමීනි”

පින්වත් මහණෙනි, මේකත් රූපයේ තියෙන ආදීනවයක්.
පින්වත් මහණෙනි, රූපයෙන් නිදහස් වීම කියන්නේ මොකක්ද?
පින්වත් මහණෙනි, මේ රූපය කෙරෙහි තියෙන ආශාව දුරු කර ගැනීම ම යි. ආශාව ප්රීහාණය කර ගැනීම ම යි. මේක තමයි රූපයෙන් නිදහස් වීම කියන්නෙ.


සාදු සාදු සාදු.!!!
උපුටා ගැනීම. මජ්ජිම නිකාය. 01. සීහනාද වර්ගය. චූල දුක්ඛක්ඛන්ද සූත්රනය. (පින්වත් අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේගේ පරිවර්තනයකි)
උතුම් ධර්ම දානය උදෙසා.
සියලු දෙනාට සංසාර දුකින් අතමිදීම පිණිස මේ ධර්ම දානමය පින් අනුමෝදන් කරමි, අනුමෝදන් වෙත්වා.
Reply With Quote
(#26)
Old
KPZ's Avatar
KPZ KPZ is offline
Senior Member
KPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to behold
 
Posts: 17,683
Join Date: Apr 2011
Location: where I wanna be
මෛත්‍රී භාවනාව - 05-07-2014, 12:14 AM

බුදුරජාණන් වහන්සේ දේශනා කලේ රහතන් වහන්සේලා සියක් නමකට දානය දෙනවට වඩා මහත් ඵලයි මහානිසංසයි එක පසේ බුදු නමකට දන් පැන් පූජා කිරීම.
පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දානය දෙනවට වඩා මහත් ඵලයි මහානිසංසයි එක පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් පැන් පූජා කිරීම.
බුදුරජාණන් වහෙන්සේට දන් පැන් පූජා කරනවට වඩා මහත් ඵලයි මහානිසංසයි බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කිරීම.
බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කිරීමට වඩා මහානිසංසයි සිව් දිගින් වඩින මහා සංඝ රත්නයට ආරාම, කුටි පූජා කිරීම.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊටත් වඩා මහත් ඵලයි මහානිසංසයි පැහැදුන සිතින් යුතුව බුදුරජාණන් වහන්සේ සරණ යෑම තුල, ශ්‍රී සද්ධර්මය සරණ යෑම තුල, ආර්ය මහා සංඝ රත්නය සරණ යෑම තුල. ඒ තුල මහා පුණ්‍ය ගංගාවන් තුනක් නිරන්තරයෙන් ජිවිතයට ගලාගෙන එන බව උන් වහන්සේ දේශනා කලා.
ඊටත් වඩා මහත් ඵලයි මහානිසංසයි පැහැදුන සිතින් යුතුව සිල් පද ආරක්ෂා කිරීම. ඒ තුල ජිවිතයට පුණ්‍ය ගංගාවන් පහක් නිරන්තරයෙන් ගලන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.
ඊටත් වඩා මහත් ඵලයි මහානිසංසයි කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරල තියෙනවා එළදෙනකගේ කිරි දොවන කාලයක් තරම් සුළු කාලයක් (විනාඩි 10ක් 20ක්) මෛත්‍රී භාවනාව කිරිම.

මෛත්‍රී භාවනාව කළ හැකි ආකාර දෙකක් ඇත. එනම්,
මහග්ගත චේතෝ විමුක්තිය වශයෙන් හා අප්පමාන චේතෝ විමුක්තිය වශයෙන්.

මහග්ගත චේතෝ විමුක්තිය ( ප්‍රදේශ වශයෙන් ගෙන මෛත්‍රිය පැතිරීම )

මම වෛර නැත්තෙක් වෙම්වා,
මම තරහා නැත්තෙක් වෙම්වා,
මම ඊර්ශයා නැත්තෙක් වෙම්වා,
දුක් පීඩා නැත්තෙක් වෙම්වා,
සුව සේ ජිවත් වෙම්වා,
ශාන්ත සුවයට පත් වෙම්වා.

මා මෙන්ම,
මෙම නිවසේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..
වෛර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩානැත්තෝ වෙත්වා,
සුව සේ ජිවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,
මේ ගමේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..
වෛර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩානැත්තෝ වෙත්වා,
සුව සේ ජිවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,
මේ නගරයේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..
වෛර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩානැත්තෝ වෙත්වා,
සුව සේ ජිවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,
මේ පළාතේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..
වෛර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩානැත්තෝ වෙත්වා,
සුව සේ ජිවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,
මේ රටේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..
වෛර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩානැත්තෝ වෙත්වා,
සුව සේ ජිවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,
මේ ලෝකයේ ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..
වෛර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩානැත්තෝ වෙත්වා,
සුව සේ ජිවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,
සියලුම ලෝකයන්හී ජිවත් වන්නා වූ සියලුම සත්වයෝ..
වෛර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩානැත්තෝ වෙත්වා,
සුව සේ ජිවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.


අප්පමාන චේතෝ විමුක්තිය (දිසාවන් වශයෙන් ගෙන මෛත්‍රිය පැතිරවීම.)

මම වෛර නැත්තෙක් වෙම්වා,
මම තරහා නැත්තෙක් වෙම්වා,
මම ඊර්ශයා නැත්තෙක් වෙම්වා,
දුක් පීඩා නැත්තෙක් වෙම්වා,
සුව සේ ජිවත් වෙම්වා,
ශාන්ත සුවයට පත් වෙම්වා.

මා මෙන්ම,
උතුරු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
වෛර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩානැත්තෝ වෙත්වා,
සුව සේ ජිවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,
උතුරු අනු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
වෛර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩානැත්තෝ වෙත්වා,
සුව සේ ජිවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,
නැගෙනහිර දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
වෛර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩානැත්තෝ වෙත්වා,
සුව සේ ජිවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,
නැගෙනහිර අනු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
වෛර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩානැත්තෝ වෙත්වා,
සුව සේ ජිවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,
දකුණු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
වෛර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩානැත්තෝ වෙත්වා,
සුව සේ ජිවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,
දකුණු අනු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
වෛර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩානැත්තෝ වෙත්වා,
සුව සේ ජිවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,
බටහිර දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
වෛර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩානැත්තෝ වෙත්වා,
සුව සේ ජිවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,
බටහිර අනු දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
වෛර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩානැත්තෝ වෙත්වා,
සුව සේ ජිවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,
උඩ දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
වෛර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩානැත්තෝ වෙත්වා,
සුව සේ ජිවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.

එමෙන්ම,
යට දිශාවේ ජිවත් වන්නා වූ අප්‍රමාණ වූ සත්වයෝ..
වෛර නැත්තෝ වෙත්වා,
තරහා නැත්තෝ වෙත්වා,
ඊර්ශයා නැත්තෝ වෙත්වා,
දුක් පීඩානැත්තෝ වෙත්වා,
සුව සේ ජිවත් වෙත්වා,
ශාන්ත සුවයට පත් වෙත්වා.
************************************************

ධර්මය සාකච්චාවෙන්, බෙදාගැනීමෙන් හා අනෙකුත් කුසලකර්මයන් කිරීමෙන් ඔබ මා කරගත්තා වූ යම් පිනක් වේද, යම් කුසලයක් වේද, මේ භාවයේදීම නිවන් අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා...

මේ සසරේ අප ගෙවූ දුක් අවබෝධ කරගෙන මේ අති බයංකාර වූ සංසාර ගමනෙන් මිදීමට සියලු සත්වයෝ උත්සහ ගනිත්වා.

මේ අපගේ පළමු ඉපදීම නොව...
මේ සසරේ අපි අනන්තවත් ඉපදී ඇත්තෙමු. අපගේ මව් මියගිය දුකට අපි හෙලූ කඳුළු එකතු කරේනම් මේ සාගරයටත් වඩා විශාලයි.
අපගේ පියා
මියගිය දුකට අපි හෙලූ කඳුළු එකතු කරේනම් මේ සාගරයටත් වඩා විශාලයි.
මේ සසරේ අපිව ගෙනයන එකම හේතුව අවිද්‍යාවයි...

මෙය කියවන සියලු දෙනා හට දහම් ඇස ලැබේවා.. අවිද්‍යාව විද්‍යාවෙන් දුරු කෙරෙත්වා.

මේ සසරින් මිදෙත්වා...
Reply With Quote
(#27)
Old
KPZ's Avatar
KPZ KPZ is offline
Senior Member
KPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to behold
 
Posts: 17,683
Join Date: Apr 2011
Location: where I wanna be
අප්‍රමාදය... - 05-07-2014, 12:15 AM

හොඳට කල්පනා කරන්න, අපි උපන් දා ඉඳන් මේ වෙනකල් ඇස පිනවන්ට, කණ පිනවන්ට, නාසය පිනවන්ට, දිව පිනවන්ට, කය පිනවන්ට, නොයෙකුත් දේවල් කළා. වෙහෙසුණා, මහන්සි වුණා. ඒ දේවල් වලින් අල්ප වූ සැපයකුත් තිබුණ. නමුත් ඒ අල්ප වූ සැපට වඩා දුක් ගොඩාක් ඒවායේ තිබුණ.
එතකොට මේ කාමයන්ගෙ පුංචි සැපක් තියෙනව. ඒ පුංචි සැප, පුංචි සැපක් විදිහට අපි තේරුම් ගත්තොත් ඒ සැපට ගිජු වෙන්නෙ නෑ. ඒ කාමයන්ගෙ මහා දුක් ගොඩක් තියෙනව කියල තේරුම් ගත්තොත් ඒ කාමයන්ගෙන් බේරෙන්ට පුළුවන් කමක් අපට තියෙනව. මේ විදිහට තේරුම් ගත්තොත් අපට පුලුවන්කම තියෙනව නිස්සාරවත් දේ, දුක් උපදවන දේ අතහැරගෙන, සුව පහසු ජිවිතයක් ඇතිකරගන්ට.



ඒ නිසා කල්පනා කරන්න, අපට බොහෝ කලක් ජීවත් වෙන්ට ලැබෙන්නෙ නෑ. ඉතා ටික කලයි අපි ජීවත් වෙන්නෙ. ඒ ජීවත් වෙන ටික කාලයේදී අපි කල්පනා කළ යුතුයි මේ දුක් ස්භාවය තේරුම් අරගෙන මේ දුකෙන් නිදහස් වෙන්ට. එහෙම නොවුණොත් අපිට, මේ දුකට යලිත් ගොදුරු වෙන්ට සිද්ධ වෙනව. ඒ නිසා අපට ධර්මය ඉගෙන ගන්ට ලැබුණ මේ කාලයේ මේ ධර්මය තුළ කියා දෙන විදිහට හොදට සිහිය, නුවණ උපදවාගෙන සිහි නුවණින් කල්පනා කරන්ට ඕන. එහෙම කල්පනා කළොත් මේ ජීවිතේ ගෙවී අවසන් වෙන්ට මත්තෙන් දුකෙන් නිදහස් වන මඟට පැමිණෙන්ට පුලුවන් කමක් තියෙනව.
දුකෙන් නිදහස් වන මඟට යම් කෙනෙක් පැමිනුණොත් එයාට ඒකාන්තයෙන් ම දුකෙන් නිදහස් වෙන්ට පුලුවන් කමක් තියෙනවා මයි.



නමුත් ඒ දුකෙන් නිදහස් වන මඟට පැමිණීම තමයි අමාරු ම දේ. දුකෙන් නිදහස් වන මඟට පැමිණුනොත් ඒ මඟ පුරුදු කරන්ට අපට පුළුවන්. ඒ නිසා ප්‍රමාදයට පත් වෙන්ට එපා. ඒකට ඔබ තාම ප්‍රමාද නෑ. නමුත් අපි මේ මොහොතේ හරි මේ ධර්මය තේරුම් ගන්ට උත්සාහ නොකළොත්, එන්ට එන්ට අපි ප්‍රමාදයට පත් වෙනව. ප්‍රමාද වෙනව කියල කියන්නෙ, ඇහැ පිනවන්ට, කණ පිනවන්ට, නාසය පිනවන්ට, දිව පිනවන්ට කය පිනවන්ට ම උත්සාහ කරමින් වාසය කිරීමට යි.



ඒ කියන්නෙ කාමයන් උදෙසාම ජීවිතය ගත කරනව කියන එකයි. එයා කාමයන් ම සොයමින් වාසය කරනව. එතකොට එයා ඉන්නෙ ප්‍රමාදය තුළයි. කාමයන් ගැන ම කල්පනා කරන කෙනාට සිහි නුවණක් නෑ. සිහියත් නෑ, නුවණත් නෑ. ඒ නිසා කාමයන් මත ම ජීවිතය ගත කරන්නැතුව, කාමයන් ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මය තේරුම් ගන්ට උත්සාහ කරන්න. ඒ ධර්මය තේරුම් ගත්තොත් එයාට සිහිය ඉපදෙනව. සිහිය ඉපදුණ කෙනාට හොඳට නුවණින් කල්පනා කරන්ට පුළුවන්කමක් තියෙනව.
ඒ විදිහට අපි නුවණින් කල්පනා කරනකොට "මේ තමයි දුක" කියල දුක ගැන තේරුම් ගන්ට අපට පුළුවන් කමක් තියෙනව. දුකේ හට ගැනීම ගැනත් තේරුම් ගන්ට පුළුවන් කමක් තියෙනව. දුකේ නැති වීම ගැනත් තේරුම් ගන්ට පුළුවන්කම ලැබෙනව. දුක නැති කරන මඟ තේරුම් ගන්ට පුළුවන් කම තියෙනව. මේ විදිහට දුක ගැනත්, දුකේ හටගැනීම ගැනත්, දුක නැතිවීම ගැනත්, දුක නැති වෙන මඟ ගැනත් අපිට තේරුම් ගන්ට පුළුවන් වුණොත්, අපි නිවන් මඟට පැමි‚ලා. ඒ නිවන් මඟට පැමිණෙන කෙනාට සම්පූර්ණයෙන් ඒ දුකෙන් නිදහස් වෙන්ට පුළුවන් කමක් ලැබෙනව.
Reply With Quote
(#28)
Old
B_i_n_g_o's Avatar
B_i_n_g_o B_i_n_g_o is offline
Senior Member
B_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to behold
 
Posts: 5,483
Join Date: Oct 2012
Location: Among Web Pages
05-07-2014, 12:16 AM

දන්කන්දේ ධම්මරතන හිමියන්ගේ "නිවන ඔබටත්" කෘතියෙනි



Reply With Quote
(#29)
Old
KPZ's Avatar
KPZ KPZ is offline
Senior Member
KPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to behold
 
Posts: 17,683
Join Date: Apr 2011
Location: where I wanna be
නිදහස් වියයුතු කාමයන්... - 05-07-2014, 12:16 AM

ධර්මය ඉගෙන ගන්න කෙනා ධර්මයේ හරය තේරුම් ගත යුතුයි. ධර්මය තුළ තිබෙන සැබෑ පණිවිඩය හඳූනාගත යුතුයි. ධර්මය තුළ පෙන්වාදෙන සැබෑ පණිවිඩය හඳූනා නොගන්නා තාක් ඒ ධර්මයෙන් ලබන පිළිසරණ අපට ලබන්ට බෑ.

මොකද්ද ඒ සැබෑ පණිවිඩය? තණ්හාව තියෙන තැන දුක තියෙනව. තණ්හාව නැති තැන දුක නෑ කියන කාරණයයි.

ඒ විදිහට ධර්මය හඳූනා ගන්න කෙනා යළි යළිත් දුකේ ඉන්ට කැමති ද? කැමති නෑ. එයා දුකෙන් නිදහස් වීමට කැමතියි. අන්න එයා තණ්හාව අතහැරීම පිණිස නිවන් මඟ වඩන්ට කැමති වෙනව. අන්න ඒ විදිහට අපි ධර්මය ඉගෙන ගනිද්දී, මේ ධර්මය තුළ පෙන්වා දෙන අර්ථය, සැබෑ පණිවිඩය හඳූනා ගත යුතුයි.
ඒ නිසා ඔබ ධර්මය ඉගෙන ගනිද්දී බලන්න භාග්‍යවතුන් වහන්සේ කුමක් ද අපට පෙන්වා දුන්නෙ කියල. කුමක්ද භාග්‍යවතුන් වහන්සේ අපට මේ ධර්මයෙන් පෙන්වා දෙන්නේ..? දුකෙන් නිදහස් වීම තමයි භාග්‍යවතුන් වහන්සේ අපට මේ ධර්මයෙන් පෙන්වා දෙන්නෙ.

භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනව, මේ ලෝකයේ යම් යම් පීඩාවන් හටගැනීමට කාමයන් මුල් වෙනවා කියල. මේ කාම ලෝකයේ තමයි අපි ඉන්නෙ. මේ මනුස්ස ලෝකය, දිව්‍ය ලෝකය, තිරිසන් ලෝකය.. මේ ලෝක කාම ලෝක විදිහටයි හඳූන්වන්නෙ. ඒ කියන්නෙ ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීම පිණිස වාසය කරන ලෝක, ප්‍රිය රූප, ශබ්ධ, ගඳ, රස, පහස කියන මේවායින් සතුටු වෙන ලෝක කාම ලෝක විදිහටයි හඳූන්වන්නෙ. ප්‍රිය රූප, ප්‍රිය ශබ්ධ, ප්‍රිය ගඳ සුවඳ, ප්‍රිය රස, ප්‍රිය පහස කියන මේවා මුල් වෙලා තමයි මේ ලෝකයේ යම් දුක් පීඩා තියෙනවා නම් අපට උපදින්නේ.

භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනව, අපිව මදුරුවො කනව, ඒ වාගේ ම අපට මැස්සන්ගෙන් කරදර තියෙනව. මේව පවා කාම ලෝකයේ උපන් නිසා කියල අපට පෙන්වා දෙනව. බලන්න අව්වෙන් කරදර තියෙනව, වැස්සෙන් කරදර තියෙනව, සුළඟින් කරදර තියෙනව. සීතලෙන් කරදර තියෙනව, උණුසුමෙන් කරදර තියෙනව. මේ ඔක්කොම කුමක් නිසා ද? කාම ලෝකයේ ඉපදුණු නිසා යි.

නමුත් බ්‍රහ්ම ලෝකයේ මැසි මදුරු උවදුරු තියෙනව ද? නෑ. වැස්සෙන් අව්වෙන් සුළෙඟන් පීඩා තියෙනව ද? ඒ ලෝකයේ ඒ පීඩා නෑ. මේ වගේ කාමයන් නිසා විඳින පීඩා අපි තේරුම් ගත්තොත්, මේ කාම ලෝකයට අපි කැමති වෙන්නේ නෑ. ඒ කාමයන්ගෙන් දුක් උපදවනවා කියල තේරුම් ගත්ත කෙනා ඒ ගැන අකමැත්ත උපදවා ගන්නව. එතකොට එයාට ඒ කාමයන්ගෙන් නිදහස් වෙන්ට පුළුවන් කමක් තියෙනව. අපි මේ කාමයන් ගැන තියෙන ඇල්ම බැහැර කරගන්ට කල්පනා කළොත්, මේ කාම ලෝකයේ විඳින අනේක ප්‍රකාර දුක් පීඩා දුරුකරගන්ට අපට පුළුවන් කමක් තියෙනව.

එහෙම නැතිනම් මේ ලෝකයේ කාමයන්ට ගිජු වෙලා කාමයන් ම සොය සොයා වාසය කළොත් යළි යළිත් අපට දුක් විඳින්ට සිදු වෙනව. ඒ නිසා හොඳට තේරුම් ගන්න, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසෙන කලක ඒ ධර්මයේ කියා තියෙන විදිහට මේ තමයි දුක කියල දුක ගැන හොඳට ඉගෙන ගන්න. දුකේ හටගැනීම ගැනත් හොඳට ඉගෙන ගන්න. ඒ වගේ ම දුකේ නැතිවීම ගැනත්, ඒ දුක නැතිවන විදිහත් ඉගෙන ගෙන මේ දුකින් නිදහස් වීමට කටයුතු කරන්න.



සියලු දෙනාටම තෙරුවන් සරණයි!


පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
Reply With Quote
(#30)
Old
KPZ's Avatar
KPZ KPZ is offline
Senior Member
KPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to behold
 
Posts: 17,683
Join Date: Apr 2011
Location: where I wanna be
සතර සතිඵට්ඨානය - 05-07-2014, 12:17 AM

කායානුපස්සනාව - කය අනුව සිහිය පිහිටවීම

  • ආනාපානසතිය
  • සති සම්පජන්නය (සිහිනුවන පැවත්වීම)
  • ඉරියාඵත (අත පය හසුරවන ඉරියව්ව ගැන සිහිය පිහිටවීම)
  • අසුභය
  • ධාතුමනසීකාරය
  • නවසීවතිකය (මැරුන සිරුරක් අවස්ථා 9යකදී සිදුවනදේ දැකීම)

වේදනානුපස්සනාව - සැප, දුක හා මද්‍යස්ථ විදීම ගැන සිහිය පැවැත්වීම

චිත්තානුපස්සනාව - සීතේ ඇතිවන විවිද වෙනස්කම් ගැන සිහිය පැවැත්වීම.
  • සිත විසිරීලානම් දන්නවා
  • සිත කලබලනම් දන්නවා
  • සිත අලසනම් දන්නවා
  • සිත දියුනු නැත්නම් දන්නවා
  • සිත පිරිහිලානම් දන්නවා
  • සිත එකග වෙනවානම් දන්නවා
  • සිතේ කෙලෙස් තියනවානම් දන්නවා

ධම්මානුපස්සනාව - ජීවිතය අවබෝද කරණ කොනය (දෙය) පිලිබදව සිහිය පිහිටවීම

1 නීවරණ ධර්ම ගැන බලන්න
  1. කාමත්ඡන්දය
  2. ව්‍යාපාදය
  3. තීනමිද්‍ය
  4. උද්දච්ච කුක්කුච්ච
  5. විචිකිච්චා
2 පන්ච උපාදානස්කන්දය හටගන්න, පවතින හා නැතිවන ආකාරය ගැන නුවනින් විමස විමසා බලන්න.
3 ආයතන භාවනාව
4 බොජ්ජන්ග භාවනාව (චතුරාර්ය සත්‍ය අවබෝධ කීරීමේ අන්ග 7
  1. සති සම්බෝජ්ජන්ගය
  2. ධම්ම විචය සම්බෝජ්ජන්ගය (නුවනින් විමසීම )
  3. වීරීය සම්බෝජ්ජන්ගය
  4. ප්‍රිති සම්බෝජ්ජන්ගය
  5. පස්සද්ධී සම්බෝජ්ජන්ගය (කායික මානසික සැහැල්ලුබව )
  6. සාමාදි සම්බෝජ්ජන්ගය
  7. උපෙක්ෂා සම්බෝජ්ජන්ගය


Reply With Quote
Reply

Bookmarks

Tags
ආර්ය ධර්මය, ධර්මයේ හැසිරෙමු, නිවන් මග, බුදු දහම, මෙත් වඩමු, booked_1, booked_2, buddhism, buddhism is the best, buddhist, helayek face account, heylayek fake fake, indian shit, lankawa budunge deshayai, nanasara nikaya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.10162 seconds with 10 queries